X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


අධ්‍යාපන බලධාරීන්ට නෙපෙනෙන ලෝකාන්තය පාමුල පාසල

(ප්‍රින්ස් රත්නායක)
හොඳම දේ දරුවන්ට යයි යන කියමනක් තිබේ . එහෙත්  එය එලෙසින්ම ඉටුවේදැයි සොයා බැලීම  ඉතාමත් අගනේය. කොළඹට කිරි ගමට කැකිරි යයි වෙන් කියමනක් නැතත් එවැනි කතාවක් වර්තමානයේදි බිහි විය. කැකිරි  තබා කැකිරි  ඇටයකදු නොලැබෙන දරුවන් වෙසෙන  ගමක්  පිළිබඳ  තොරතුරකි මේ.

වතු ජනාවාසිකයන් වු නග්රුක්, නනපේරියල්  ඉහළ හා පහළ කොටස් තුනක ජනතාව වෙසෙන ලංකාවේ ඉහළම ගම්මානයේ දරුවනට ලැබෙනුයේ ඉහළ සැලකිල්ලක් නම් නොවේ.

බළන්ගොඩ සිට කිලෝමීටර් 43 ක් පමණ දුරින් පිහිටි  කඳුශිකරවලින්‍  වටව ඇති  මෙම ප්‍රදේශයට  යාමට බළන්ගොඩ සිට කිලෝමීටර් 18ක් පමණ කොළඔ බදුල්ල  මාර්ගයේ  ගමන් ගත්විට ලෝකාන්තයට යන නන්පේරියල් මාර්ගය  ඔස්සේ යා යුතුය. 

එතැන් පටන් පටුවූ ,ගල් ගැලවී ගිය ඇතැම් තැන්හි මහා වලවල් සහිත දුර්ග මාර්ගයක් හමුවේ. එම කඳුවලින් ගහන  සොඳුරු පරිසරය ගතට දනවන සිසිල සිත නිවද්දී එහි ජීවන අරගලයෙ යෙදොන්නෝ මෙන්ම පුංදි දරුවෝද තමන් අත් විඳින අනේක දුක් ගැහැට හමුවේ විඳින පීඩාව ලඝුකර  තැකියහැකි නොවේ.  

බළන්ගොඩ ඩිපෝවට අයත් බසයක් මෙම දුෂ්කර මගේ දිනකට ගමන් වාර දෙකක් ගමනා ‍ගමනයේ යෙදෙන්නේ විවේකානන්ද පාසල දක්වා පමණි.එතැන් සිට තවත් කිලෝමීටර් 5 ක් පමණ නන්පේරියල් වතු කම්හල දක්වා ධාවනය වූ බසය දැන් ධාවනයෙහි නොයෙදෙන්නේ මාර්ගය පිළිසකර නොකිරීම නිසාය . 

මේ හේතුවෙන්ම  ගමේ එකම පාසල වන විවේකාන්නද විදුහලට දරුවන් ගමන් ගන්නේ පයිනි. නන්පේරියල් දක්වා එම දුරත් නග්රුක් දක්වා දුරත් මුළු දුර කිලෝමීටර් 12 ක පමණ දුරක් උදේ හවස මෙම දරුවෝ දෙපයින්ම යති. ලංකාදීප නියෝජිතයින්  එම විදුහලට යන විටත් විදුහල්පති පාසලේ ගේට්ටුව අසලට වී දරුවන් පයින් ගමන්ගන්නා අයුරු නිරීක්ෂණය කරමින් සිටින අයුරු දැකගත හැකිවිය. 

  සිසුන් නිවෙස්බලා යන අයුරු බලා සිටින්නේ මන්දැයි ඔහුගෙන් විමසු විට ඔහු “ මේ අය උදේ හවස යන්නේ පයින්. ඇතැම් විට වත්තේ ලොරිය හම්බවුනොත් නැගලා යනවා .මෙ අවට හැමතැනම තියෙන්නේ දියඇලි දිය පාරවල්.  මේ අය මේ දිය ඇලි වල බැහැලා නානවා. ළමයි කෙටි පාරවල් වලින් කිලෝමීටර් 8 ක් විතර  පයින්  යනවා. ඒ අය කන්දේ ඉහළට යනකම් බලා ඉන්න වෙනවා.ඉතින් ඒ ගැන නොබැලුවොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන් ” යැයි පැවසීය. 

නියමිත මාර්ගයේ කිලොමීටර්  අටක් පමණ  යාමට සිදුවුවත් ළඳු පඩිපෙළ ඔස්සේ කෙටිමාර්ග යළිත් මොවුන් කිලොමීටර් පහ බැගින් දිනකට කිලෝමීටර් 10 ක් පමණ පයින් ගමනේ යෙදෙති. 

 දරුවන් පැවසුයේ බස් එක තිබුණා නම් හොඳයි. ගොඩක් දුර හැමදාම පයින් ඉස්කෝලෙ යන්න ගියාම ඉගෙන ගන්න අමාරුයි. යනුවෙනි. මේ පිළිබඳව අදහස් දැක්වු  විවේකානන්ද දමිල විද්‍යාලයේ විදුහල්පති කේ. රමේෂ් මහතා.“ එක වසරේ සිට හත වසර දක්වා පන්ති පැවැත් වෙනවා. ගුරුවරු 05 ක් දෙනේක් සේවය කරනවා. ළමයි 105 ක් ඉගෙනුම ලබනවා.පන්තියක ළමයි 15 ක් 16 ක් අතර ඉන්නවා. මේ ඉස්කෝලෙ 7 පන්තියට ආවට පස්සේ එතනින් එහාට වෙන පාසලකට ළමයි යන්නෙ නෑ.

බස්එක නැති නිසා වත්තෙ රැදෙනවා. වෙනත් වෙනත් දේට යොමු වෙනව පාසල් යන්නෙ නැතිව.මේ පසාල 11 වසර දක්වා පැවැත්වීමට අනුමැතිය තිබෙනවා. ගුරුවරු දෙනවානම් මට එය 11 දක්වා පවත්වාගෙන යාමේ හැකියාව තිබෙණවා. ගුරුවරුන්ට රැ‍‍දෙන්න විදුහල්පති නිල නිවාස, විදුහල්පති නිල නිවාස එහෙම නෑ. නොවාසිකාගාරයක් හදලා තිබෙනවා . තවම පාලනයට කෙනෙක් පත්කර නෑ.එනිසා නව නේවාසිකාගාරය විවෘතකර නැහැ. සිසුන් 110 ට  එක ගොඩනැගිල්ලක් පමණක් තියනවා. තවත් ගොඩනැගිලි පහසුකම් ඇති කර දෙනවා නම් ගමේ ළමයින්ට ඉගෙනීමේ අවස්ථාව වැඩියෙන් ලබා ‍දෙන්න පුළුවන්. පාසල අසල ජනාවාසයක් නැහැ. කිලෝමීටර් 12 ක දුර මේ අය පයින් එනවා. මේ අයට නේවාසිකාගාරය හැදුවා. අවශ්‍ය පත්කිරිම කරන තුරු  විවෘකළ නොහැකියි. එනිසා ළමයි තවමත් කෙටිපාරවල් ඔස්සේ පාසල් පැමිණෙනවා. මේ දුර කිලෝමීටර් 8 ක් පමණ වෙනවා. කිලෝමීටර් 25 ක් ඇතුළත වෙන දෙමළ පාසලක් නැහැ පහසුකම් හොඳට දෙනවා නම් පාසල දියුණු කළ හැකියි.” යනුවෙන් පැවසීය.

 ගම්වාසීන් ද කීවේ තම ගමට එන මාර්ගය සකස්කර බසය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දෙන ලෙසත් අනෙක් ගම් කෙරෙහි දක්වන සැලකිල්ල තමන්ගේ ගමටත් සලසා දෙන ලෙසයි.



අදහස් (9)

අධ්‍යාපන බලධාරීන්ට නෙපෙනෙන ලෝකාන්තය පාමුල පාසල

Raveendra Sunday, 25 March 2018 12:01 PM

අකිල උන්නැහේ, ඔහේ "දෝෂාභියෝගයද මොකක්ද මගුලක් ගැන පුරසාරම් දෙඩුවා නේද? ඔහෙත් අනිත් අම්බරුවන් 224 දෙනා වගේ අපේ දුප්පත් මුදල්වලින් එකතු කරන බදුමුදල් වලින් තුන්වේලම යහමින් ගිලදමනවා නේද? පේනවා නේද මේ අහිංසක දරුවන් විඳින දුක? කතාව නම් "ටැබ්ද ලැප්ටොප්ද" මොනවද සෙල්ලම් බඩු ගැන... පිනට ගිලින බත් පතටවත් සේවයක් කරන්න. නැත්නම් ජාති ජාතිත් ඔය පිනට ගිලපුවා වමාරන්න වෙනවා. අනිත් 224 දෙනාත් මේක දැක්කොත් හොඳා... හරියැ...

:       631       1686

mahima Sunday, 25 March 2018 03:19 PM

. ඔය ඉස්කෝලෙට එන්නේ ඉහලින් ඇති නන්පෙරියල් වත්තේ ළමයි. එහෙම නැතුව අවට ඉන්න ඔක්කොම දෙමළ ළමයි ඔය පාසැලට එන්නේ නෑ. දැන් වෙනකොට වත්තෙ ක්‍රියාකාරකම් පවා අඩු වෙලා ශ්‍රමිකයො වෙනත් වැඩ හොයාගෙන යනවා. තව වසර කීපයකදි මේ ප්‍රදේශය ජනතාව අවම ප්‍රදේශයක් වෙනවා. මේ පාසැලට අවශ්‍ය ගොඩක් දේවල් පහුගිය කාලේදි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමි‍ටු මඟින් දුන්නා. දුන්න දේවල් මඟෑරලා ළමයි පයින් එන එකක් ගැන කියවනවා. ලංකාවේ ගොඩක් පාසැල්, ඒ කියන්නේ ඔය අවට තියෙන පාසැල් ගත්තත් දියුණු වෙන්නේ පාසැල් පරිපාලනය හා ආදි ශිෂ්‍යයන්ගේ එකමුතුවෙන්. එහෙම නැතුව රජය දිහා කට ඇරන් බලන් ඉඳලා නෙවෙයි.

:       211       144

Kamaniesa Monday, 26 March 2018 05:24 AM

හිටපු සහ සිටින සියලුම බලදරින් මේ ගෙන දෙන ගන්න ඕන නේද? හරිම සංවේදී කතාවක්. නේවාසිකගරය ඉකමනින් විවුර්ත කරලා දෙරුවන්ට දුන්නොත් හොදයි. ඒ විතරක් නොවෙයි. ගුරුවරුන්ටත් සියලුම පහසුකම් දීල පාසැල දියුණු කර ගන්න පුළුවන් නම්, ටැබ්ලට් දෙනවට වැඩ ලොකු පිනක්. මේවගේ තව පාසල් ඇති අපී රටේ. ඒවා ගැනත් බලන්න ඕන නේද ? අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන්. චන්දෙ ලැබේවි නිකන්ම. ස්තුති මේ පුවතට.

:       66       49

thilina Monday, 26 March 2018 07:38 AM

රවීන්ද්‍ර මයා. හා.. හා..කට..කට !!! යුෂ්මතා සහජීවන සංකල්පය අපහැරණයට ලක් කරනවා වත්ද?

:       2       116

PerakumWednesday, 28 March 2018 09:22 AM

අපේ අනාගත පරපුරේ වාසනාවට මේ වගේ ඇමතිවරු ලැබුනේ. අනිත් සැරෙත් අපි කොහොම හරි කතිරේ ගහලා දිනවමු.

:       0       13

Lawrence Perera Monday, 26 March 2018 10:00 PM

අපේ රටට ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ පාසල් හොයල ඒ ගැන ලෝකෙට කියන්න. පුලුවන්නම් කරලා පෙන්නන්න . මහා ලොකු පාසල් නෙමේ පුංචි ගම්වල දුප්පත් දරුවන් ඉන්න පාසල් .

:       0       6

Jude Tissera Wednesday, 28 March 2018 05:11 AM

මම කැමතියි උදවු කරන්න. කොහොමද විදුහල්පති තුමාව සම්බන්ධ කර ගන්නේ.

:       1       31

w. A. jayantha Friday, 30 March 2018 01:03 AM

අධ්‍යාපන ඇමතිතුමා සහ ලේකම් තුමා ඉන්නේ මේ ලෝකේ නෙවෙයි. දුප්පත් පවුලකින් පැමිනි ලේකම්තුමාට අද ඒ දේවල් අමතක වෙලා. එතුමාගේ බලාපොරොත්තුව විශ්‍රාම ගිහිල්ලා පෞද්ගලික පාසලක් ආරම්භ කිරිමයි. ඒ සඳහායි මේ පාර කපමින් සිටින්නේ. එතුමාට අවශ්‍ය දැන් තම අමාත්‍යාංශය සුපිරි විදියට හදා ගෙන අනවශ්‍ය දේවල් සඳහා ටෙන්ඩර් දමා අහින්සක මිනිසුන්ගේ මුදල් ගසා ගැනිමේන් තමාගේ පෞද්ගලික පාසල ආරම්භ කිරිමට මුදල් සොයමින් සිටි. පුදුමය මේ දේවල් වගකිව යුතු අයට සහ මාධ්‍ය වලට නොපෙනීමයි. අනේ මෙවැනි ළමුන්ට දෙවියන්ගේ පිහිටයි!

:       0       4

mkaheshika Saturday, 31 March 2018 02:45 PM

පාසලට හොඳ ගොඩනැගිල්ලක් නම් තිබෙන බව පෙනෙනවා. තවමත් පොල්අතු මඩුවල ඉගෙන ගන්න ළමයි ලංකාවේ ඉන්නවා. එහෙම බලනකොට මෙයාලට තියෙන්නේ පොඩ්ඩක් පයින් යන එක විතරයි. ළමයි ටිකක් ඇවිදින්න හුරු වෙන්න ඕනෑ. නැත්නම් ලෙඩ්ඩු වෙනවා.

:       0       23

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site