X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


අන්තරේ දෙන්නාගේ මරණයත් සැකයිලු

වසර තුනකට පෙර රිය අනතුරකට ලඝු කැරුණු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය මිනී මැරුමක් බවට සැක කරමින් පරීක්ෂණ නැවැත ඇරැඹී ඇත. ඒ වසරේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මිය ගිය බව කියන සිද්ධිය ද එකල මහත් ආන්දෝලනයකට තුඩු දුන් දුන්නේය.  සැප්තැම්බර 27 වැනිදාට එම සිද්ධියට තෙවසරක් සම්පූර්ණ වෙයි. අන්තරේ දෙදෙනාගේ මරණය ගැන ද නැවත විමර්ශන පවත්වන්නැයි විවධ පාර්ශ්ව සමාජය ජාල වෙබ් අඩවි ඔස්සේ රජයෙන් ඉල්ලීම් කරති.

දිනය 2012 සැප්තැම්බර 27 වැනිදාය.

ඒ දිනවල සමාජයේ වැඩි කතා බහකට ලක්වූ සහ ප්‍රවෘත්ති මැවූ මාතෘකාව වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයයි.  වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැති වර්ජනයට සෙසු සමාජ සංවිධානවල සහාය ද ලැබුණු අතර ඔවුහු ගාල්ලේ සිට කොළඹට පාගමනක් ඇරැඹූහ. සැප්තැම්බර 24 වැනිදා ඇරැඹූ පාගමන 28 වැනිදා දහවල් වන විට කොළඹට ළඟා වීමට සැලැසුම් කර තිබිණි.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුනට සහාය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් ද පාගමනක් සංවිධානය කළේ පේරාදෙනියේ සිට කොළඹටය. සැප්තැම්බර 24 දින ඇරැඹි පාගමන අධියර කිහිපයක් ඔස්සේ ගමන් කළේ 28 වැනිදා කොළඹට පැමිණ ආචාර්යවරුන්ගේ රැලියට එක් වීමටය.

අන්තරේ ක්‍රියාකාරීන් දෙදෙනාගේ මරණය සිදු වුණැයි කියන දිනට පෙර දින (27) එම පෙළපාලිය නිට්ටඹුව දක්වා ගමන් කර තිබූ අතර එදිනට නියමිතව තිබුණේ කැලණිය බලා ගමන් කිරීමය.

කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා ද එම පෙළපාලියේ මුල් පෙලේ සංවිධායකයෝ වූහ.

මාතලේ කඹරව පදිංචි ජානක බණ්ඩාර ඒකනායක කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර තිබූ අතර කා අතරත් ඔහු ප්‍රසිද්ධව සිටියේ ‘මාතලං‘ යන නමිනි.

විශ්ව විද්‍යාලයට පැමණ කෙටි කලක් වුවත් මෝදර පදිංචි සිසිත ප්‍රියංකර සිල්වා ද කැපීපෙනන චරිතයක් වූයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ සටන් වලදී පරෙමුණ ගෙන ක්‍රියා කිරීම නිසාය. රුහුණු සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිටි ඔහු ‘ටොක්කා‘ යන නමින් මිතුරන් අතර ප්‍රසිද්ධව සිටියේය.

ආචාර්යවරුනට සහාය පළ කරන පෙළපාලියේ සංවිධාකයන් වූ දෙදෙනා 2012  සැප්තැම්බර 27 වැනිදා අලුයම ගම්පහ බණ්ඩාරවත්තේ නවාතැම්පොලේ සිට අලුයම දෙකට තුනට පමණ පිටව ගියේ  මුද්‍රණයට දී තිබූ අත්පත්‍රිකාවගයක් ගෙන ඒමට දෙල්කඳට යාම සඳහාය.

දෙල්කඳට ගිය මිතුරන්ගෙන් තොරතුරක් නැති තැන සෙසු සගයන් පාන්දර පහට පමණ දුරකන ඇමතුම් දුන්නත් ඉන් ප්‍රතිචාරයක් නොලැබිණි. තම සගයන් දෙදෙනා අනතුරකින් මිය ගිය බව ඔවුනට ආරංචි වූයේ උදෑසන හතට අටට පමණය.

අනතුර සිදු වූ දින සවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිහු මාධ්‍ය හමුවක් කැදවූ අතර මෙය සාමාන්‍ය රිය අනතුරක් නොව හිතා මතා සැලසුම් සහගතව කළ අනතුරක් බවට චෝදනා කළහ.

පසුදින උදෑසන 9.30 සිට 2.00 දක්වා ගම්පහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැති අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය එස් පී ඒ හේවගේ මහතා නිගමනය කළේ රිය අනතුරක් නිසා හිසට සිදුවූ තුවාල හේතුවෙන් දෙදෙනාගේ මරණය සිදුව ඇති බවයි.

ඩී එම් නීල් කුමාර ඒකනායක සහ ධම්මික බණ්ඩාර ඒකනායක මහත්වරු රෝහලට පැමණ ජානකගේ දේහය භාර ගත් අතර ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය සිසිතගේ දේහය භාර ගත්තාය.

අනතුර සැක සහිත බවට පොලිසියට පැමිණිලි ලැබුණු අතර ගම්පහ හිටපු මහේස්ත්‍රාත් (මේ වන විට අනුරාධපුර ළමා හා ත්‍රස්ත ක්‍රියා පිළිබඳ   විශේෂ අධිකරණයේ මහාධිකරණ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇරැඹිණි. එම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අට දෙනෙත් සාක්කි ඉදිරිපත් කළහ.

මියගිය සිසිත ප්‍රියංකර සිල්වාගේ නැන්දා බව කියන ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් සිද්ධිය වූ දින හිටපු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්කි ලබා දී තිබුණු අතර ඔක්තෝබර තුන් වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දෙදෙනෙක් විවෘත අධිකරණයේ සාක්කි ලබා දුන්හ.

කැලණිය විශ්ව විද්‍යාලයයේ සේවකයකු වන නිට්ටඹුවේ පදිංචි නෝමන් ජයතිස්ස (54) මහතා සාක්කි දෙමින් පැවුසවේ සිද්ධිය වූ දින ඉඹුලගොඩ හන්දියේ මල් ශාලාවක හර්ස් එකක් නතර කර තිබෙනු දුටු බවයි.

‘මම උදේ 6.30ට විතර බස් එකේ යද්දී මේ අනතුර සිදුවුණු තැන වාහන තදබදයක් තිබුණා. මම දැක්කා පාර හරහා වාහනයක් නතර කර තිබෙනවා. මම හිතුවේ මේ කාර් එක අනතුරට ලක් වෙලා කියා. ඒත් ඒ පහුවෙද්දි දැක්කෙ ඒක මල්ශාලාවක හර්ස් එකක් කියලා. පැත්තකින් මා දැක්කා රෙද්දකින් වහලා තියන එකක්. මා හිතන්නේ ඒ මිය ගිය අයගේ සිරුරු වෙන්න ඇති කියා.‘

කැළණිය සරසවියේ අධ්‍යාපන ලැබූ කොළඹ කොච්චිකඩේ පදිංචි නිලාන් ප්‍රියදර්ශන ප්‍රණාන්දු (31) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුර දුටු බවට එතැනට ආ පුද්ගලයකු පැවසූ බවයි.

‘මියගිය ජානක බණ්ඩාර ඒකනායක කැලණිය විශ්ව විද්‍යාලයේ මගේ යාළුවෙක්. මේ සිද්ධිය වුණු දවසේ මට චින්තක කියලා යාළුවෙක් කතා කරලා අනතුර ගැන කිව්වා. මම ගම්පහ රෝහලට ඇවිත් මගේ යාළුවගේ සිරුර බලලා සිද්ධිය වුණු තැනට ගියා. නුවර සිට කොළඹ බලා යද්දි දකුණු පැත්තේ තමයි අනතුර වෙලා තිබුණේ. මට මේ අනතුර ගැන සැකයි.

මම නැවත වරක් එම ස්ථානයට ගියා. එතකොට වෙලාව11ත් 12ත් අතර ඇති. එතනට ත්‍රීවීල් එකක ආවා. එකේ හිටපු කෙනා කිව්වා එයා මේ අනතුර වෙන වෙලාවේ ඒ හරියේ හිටියා,මේ අනතුර දැක්කා කියලා. මගේ මිතුරා ගමන් කළ යතුරු පැදියත් එකක්කම ආපු මෝටර් රථයක් ඇවිල්ලා යතුරු පැදියට යන්න බැරි වෙන්න පාරේ හරහට දැම්මා කිව්වා. ඒ එක්කම දඩාස් ගාලා සද්දයක් ඇහුණු කිව්වා. එයා පොලීසියටවත් මේ ගැන දැනුම් දුන්නේ නෑ කියලත් කිව්වා. එම පුද්ගලයාගේ ත්‍රීරෝද රියේ අංකය අපි පොලීසියට දුන්නා.

ඇත්තටම ස්වාමීණි ඒ පුද්ගලයා ගැනත් ලොකු සැකයක් තියනවා. මොකද අනතුර දැකලා පොලිසියටවත් කියන්නේ නැතුව මග ඇරලා ගියපු පුද්ගලයා ආයෙත් එතනට ඇවිදින් එහෙම කියයිද. ඒක ගැන ලොකු සැකයක් තියනවා. ‘

රිය අනතුරකින් මිය ගිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය ගැන සැකයක් පවතින්නේ යැයි ද, යතුරු පැදිය හැප්පුනැයි කියන විදුලි කණුවේ හානි සිදුවී ඇති ස්ථානයත්, යතුරු පැදියේ හානි සිදුවූ ස්ථානයත් අතර ගැටළු සහගත බවක් ඇතැයි ද,ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු යැයි ද, මියගිය තරුණයකු භාවිත කළ ජංගම දුරකතනය මෙතෙක් හමුවී නැතැයි ද අගතියට පත් වර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රජිකා සිල්වා මහත්මිය අධිකරණයට දැන්වූවාය. එම ඉල්ලීම පිළිගත් හිටපු මහේස්ත්‍රාත්වරිය ‘රි කන්ස්ට්‍රක්ෂන්‘ එකකට ගොස් රස පරීක්ෂණ වාර්තා කැදවන ලෙස නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරියගේ නියෝගය අනුව ඔක්තෝබර අට වැනිදා ඉඹුල්ගොඩට ගිය රජයේ රස පරීක්ෂක පැය එකහමාරක පමණ කාලයක් එම ස්ථානය පරීක්ෂා කළේය. යතුරුපැදිය ඉඹුල්ගොඩට නොගෙනේම ගැන අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විරෝධය පළ කළ අතර රස පරීක්ෂක පැවසුවේ තමා වැරැල්ලවත්ත පොලිස් මුර පොලේදී යතුරු පැදිය පරීක්ෂා කළ බවයි.

යතුරුපැදිය අනතුරට ලක්වූ ස්ථානයට නොගෙනේම සම්බන්ධයෙන් නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අධිකරණයේ දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර අනතුර ගැන සැකයක් පැණ නැගී ඇති අවස්ථාව එලෙස කටයුතු කිරීම මගින් සැකයට තවත් වැඩි වන බව ඇය පැවසුවාය.

‘මම රිකන්ස්ට්‍රක්ෂන් එකකට යන්නයි  කිව්වේ. ඇයි බයිසිකලය එතනට නොගෙනාවේ?‘ යනුවෙන් හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පොලිසියෙන් විමසූ අතර එම අවස්ථාවේ ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතා පැවසුවේ බයිසිකලය එම ස්ථානයට ගෙන ඒම අවශ්‍ය නොවන බව රසපරීක්ෂක පැවසූ බවයි.

මිය ගිය ජානක ඒකනායක සිසුවා භාවිත කළ බව කියන මෙතෙක් හමු නොවූ දුරකතනයේ අංක සම්බන්ධයෙන් වාර්තා කැදවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මිය ගිය ජානක බණ්ඩාර ඒකනායකගේ පියා වන නීල් කුමාර ඒකනායක මහතා එදින අධිකණයේ සාක්කි ලබා දෙමින් පැවසුවේ මෙය සැලසුම් සහගතව මිනීමැරුමක් දැයි සැක සහිත බවයි.

‘මගේ වැඩිමහල් දරුවා තමයි මියගියේ. තවත් දරුවෝ දෙදෙනෙක්මට ඉන්නවා.මියගිය පුතා ඉගෙන ගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ. පුතා නේවාසිකව හිටියේ කැලණිය සරසවිය අසලම තැනකයි.

සැප්තැම්බර් 27 වෙනිදා මම වැඩ කරන තැන උසස් නිලධාරියකු මට කිව්වා ගෙදර එක්කෙනෙකුට අසනීපයි කියලා ඉක්මණින් ගෙදර යන්න කියලා. මම නාවුලට ඇවිත් ගෙදරට කෝල් කරද්දි අඩනවා ඇහුනා. පොලීසියෙන් තමයි සිද්ධිය දැනුම් දීලා තියෙන්නේ.

මම ඊට පස්සේ ගම්පහ රෝහලට ආවා. සිද්දිය වුණු තැනටත් ගියා. එතන අනතුරක් වෙච්ච ලක්ෂණයක්යත් තිබුණේ නෑ.

යතුරු පැදි අනතුර වුණා කියන තැන ලයිට් කණුව නීරීක්ෂණය කළා. එතන කැඩිලා තිබ්බා. ඒ වගේම ඒකෙ ලොකු පිපිරුමක් වගේ තියෙනවත් දැක්කා.අනතුර වෙලා තියෙන්නේ ළමයි ගියපු පැත්තට විරුද්ධ පැත්තේ. යතුරු පැදියේ ඩීසල් ටැංකියේ දකුණු පැත්ත රුලි වෙලා තියනවා දැක්කා. මම හොදින් යතුරු පැදිය නීරීක්ෂණය කළා.

මමත් අවුරුදු ගානක් තිසේ ඉදන් බයිසිකල් පදිනවා. අනතුරු වෙනවත් දැකලා තියෙනවා. ඒ වගේම ඉදිරිපස ලයිට් එක ඇතුලට එබිලා. ඒක පැත්තකින් හැප්පුනා වගේ නෙමේ තිබ්බේ.

ඒවගේම මම මෝචරියෙදිත්, මල්ශාලාවෙදිත් පුතාගේ සිරුර හොදට බැලුවා. එයාගේ හිස් කබල කුඩු වෙලා තිබ්බේ. ඒක එකපාරකින් වැදිලා කුඩු වෙලා කියලා හිතන්න අමාරුයි.

මේක සාමාන්‍ය යතුරුපැදි අනතුරක් කියලා හිතන්න අමාරුයි. (පියා සාක්කි කූඩුවේ සිට හඩයි) මම සැකකරන්නේ මේක සැලසුම් සහගතව කරපු එකක් කිලයා. මගේ දරුවාගේ මරණය මිනී මැරුමක් කියලා මම සැක කරනවා.‘

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු වැඩබලන කැදවුම්කරු චින්තක රාජපක්ෂ (25) මහතා සාක්කි දෙමින් පැවසුවේ අනතුරට පත් යතුරුපැදියෙන් ඊට පැය ගණනට පෙර යක්කල හන්දියට ගිය තමාව යතුරු පැදිකරුවකු විසින් ලුහු බැඳ ආ බවයි.

‘අපි විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වමින් පවත්වපු පාගමනට සහභාගී වෙලයි හිටියේ. 26 වෙනිදා රාත්‍රී අපි නවාතැන් ගත්තේ යක්කලට නුදුරු ප්‍රදේශයක. 27 පාන්දර 2.30ට විතර මම මේ අනතුරට පත් වුණු යතුරු පැදියේම යක්කලට ගියා වැඩකරන අයට කෑම ගන්න. ගිහින් එද්දි යක්කල ඔරලෝසු කණුවට ටිකක් එහා මෝටර් සයිලකයක් නවත්වලා තියනවා දැක්කා. මම එනකොටම ඒකෙ හිටපු කෙනා හෙල්මට් එක දාගන්නවා වගේ දැක්කා. මම එයාව පහුකරලා ටිකක් දුර එද්දී සයිඩ් කන්නාඩියෙන් දැක්කා ඒ බයිසිකලය මාව ලුහුබදිනවා කියලා.

මම වෙගය වැඩි කරලා ඉක්මණින් ඉන්න තැනට ආවා. මම ඇවිත් මේ මිය ගිය දෙන්නට යතුර දෙද්දි කිව්වා මාව කවුරු හරි ලුහු බැන්දා ඒක නිසා පරිස්සමෙන් යන්න කියලා.

මියගිය ජානක සහෝදරයා ගාව එතනින් යද්දි දුරකතනයක් තිබ්බා. ඒකේ නොම්බරය තමයි 0713638613. ‘

මියගිය දෙදෙනා අන්තරයේ ඉදිරියෙන්ම වැඩ කළ සාමාජිකයන් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සාක්කි දෙමින් පැවසීය.

‘අපි පහුවදා පාගමනට අවශ්‍ය පුවරු හද හදයි හිටියේ. පාන්දර තුනට විතර අත්පත්‍රිකා වාගයක් ගෙන්න දෙල්කදට යන්නයි සිසිත සහ ජානක සහෝදරවරු ගියේ. එයාලා ගියාට පස්සේ අපි නිදාගත්තා. පාන්දර 5.30ට විතර අපි නැගිටලා කෝල් කලා. ඒත් දුරකතනය වැඩ කලේ නෑ. ඊට පස්සේ ආරංචි වුණා ඉඹුල්ගොඩ අනතුරක් වුණා කියලා. මම දෙන්නෙක් යැව්වා ඒක බලන්න. ජානකට නොම්බර දෙකක් තිබුණා. එකක් තමයි 071 36 38 613 අනික තමයි 078 34 122 06.

මේ සහෝදරවරු ඉදිරියෙන්ම වැඩ කළ අය. අපිට ගොඩක් තර්ජන තිබ්බා. ජානක සහෝදරයාටත් තිබ්බා. මට මීට කලින් තර්ජන තිබ්බා කියලා පොලිස්පතිතුමාටත් පැමිණිලි කළා.‘

මේ දුරකතන අංක ගැන වාර්තා කැදවන්නැයි මහේස්ත්‍රාත් දුරකතන සේවා සමාගමට නියෝග කළ අතර එක් දුරකතන සේවා ආයතනයක් වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ එම අංකයට ඇමතුම් ලැබී හෝ එයින් ඇමතුම් ගෙන හෝ නැති බවයි.  ඊට පසු නඩු දිනයේ අන්තරේ කිහිප දෙනෙක් පෞද්ගලිකව තමන්ගේ දුරකතන වාර්තා ගෙන අධිකරණයට පෙන්වූයේ තමන්ගේ අංකවලින් ඇමතුම් ගත් බව තමන්ගේ වාර්තාවල සටහන් වෙද්දී මිය ගිය සිසුවාගේ දුරකතන වාර්තාවල එසේ නැතැයි කීම ගැටළු සහගත බවයි.

ලංකාවේ නඩු තීන්දු රැසකට දුරකතන සේවා සමාගම්වල විශ්ලේශන වාර්තා හේතු පාදක වී තිබිය දී මෙවැනි පරස්පර වාර්තා නිකුත් කිරීම නිසා සිද්ධිය ගැන සැකය තවත් වැඩි වන බව නීතීඥවරු කීහ.

මේ අතර ඇතැම් වෙබ් අඩවි වාර්තා කළේ සිද්ධිය වූ දින රාත්‍රී ගම්පහ අවට සැරි සැරූ සැක කටයුතු වාහනයක් ගැන පොලිස් ජංගම රියේ අවධානය යොමු වී ඇති බවයි. එය පරීක්ෂා කරද්දී සිටියේ ආරක්ෂක අංශයක පිරිසක් යැයි ද සඳහන් විය.

තාජුදීන්ගේ මෙන්ම අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණය ද සැකය වඩත් තීව්ර කරන්නේ අනතුර ගැන ප්‍රතිනීරූපනයකට ගොස් රස පරීක්ෂණය කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිය දී එසේ නොකළ නිසාය. රස පරීක්ෂක වාර්තා එන්නට ද වසර දෙකකට වඩා කාලයක් ගත විය.

එසේම සිසුන්ගේ මෘත ශරීර සහ යතුරු පැදිය තිබූ ආකාරය හා යතුරු පැදිය හැපුණු බව කියන ලයිට් කනුව ගැන ද සැක සංකා මතු විය.

පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ බොහෝ සිදුවීම් ගැන ජනවාරි අට වැනිදායින් පසු රහස් පොලිසියට පැමිණිලි කළ ද අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණය ගැන මෙතෙක් කිසිවකු රහස් පොලිසියට පැමිණිලි කර නැත.

 අන්තරේ සිසුහු නුවර සිට කොළඹට පා ගමනින් ආවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහාය දැක්වීමටය. දැන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට ද ජානක සහ සිසිත අමතකව ගොසිනි. සිසිතගේ නිවසේ බිත්තියේ ලියා තැබුණු බව කියන සටහනක් ඔහුගේ සගයන් විසින් ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියේ පළ කර තිබිණි. එම සටහන මෙසේය.

‘කඳුළු ගෑස් .. ජල ප්‍රහාර..

බැටන් පොලු පහරට.. වෙඩි උණ්ඩයට..

බිය වූවානම්,

මේ සටන් නැවතී

නිදහස් අධ්‍යාපනය

මියැදී හුඟක් කල්....‘

(තරිඳු ජයවර්ධන )

001-(2) 002-(1) 003-(1) 005 006 007 009 lankadeepa

11863236_790982724356032_1611648713551286318_n mathalan-father P1090712 P1090734 P1100168 P1100171 P1100192 P1100251-(1) P1100257-(1) P1100291-(1) sisitha-aunty unnamed-(6) unnamed-(7) unnamed-(8) unnamed-(9) unnamed-(10) unnamed-(11) unnamed-(12) unnamed-(13) unnamed-(14) unnamed-(15)

 



අදහස් (0)

අන්තරේ දෙන්නාගේ මරණයත් සැකයිලු

ලෙස්ලි ජයවර්දන Wednesday, 12 August 2015 11:45 AM

යහපාලනය යටතේ සත්‍ය හෙළිවෙයි (අ)

:       0       0

ගයන් Wednesday, 12 August 2015 11:54 AM

මේ දෙදෙනාට සහ ඔවුන්ගේ මව් පියන්ට සාධාරණය ඉෂ්ට කර දෙන්න දෙවියනේ. (අ)

:       0       0

මැගී Wednesday, 12 August 2015 12:56 PM

තව තව සැක සංකා තියෙන අයත් මැතිවරණයට පෙර ඉදිරිපත් වෙන්න ...(බ)

:       0       0

විජයබාහු Wednesday, 12 August 2015 01:18 PM

83-88 කාල වලත් ඔය වගේ එව්වා වුණා. අනේ හොයල බලන්නකෝ එව්වත් (බ)

:       0       0

ධම්ම Wednesday, 12 August 2015 05:07 PM

අනේ මෙහෙම ආණ්ඩුවක් ආවේ නැහැනේ හැත්තෑ එකේ කැරැල්ලෙන් පස්සේ. එහෙම උනා නම් හෙම්මාතගම දී පොලිස් අත්අඩංගුවට පත්වී අතුරුදන්වුනු මගේ අයියා ගැන හොයා බලන්න තිබුනා.(නදී)

:       0       0

දුල්මි Thursday, 13 August 2015 08:52 AM

අනේ විජයබාහු,ඔබ වැන්නවුන් ගැන කවද කතාද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 13 August 2015 01:55 PM

මේ ගැන අපිටනම් මුල සිටම සැකයි.කරුණ කරලා සොයන්න. පින් සිද්ද වෙනවා. (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 13 August 2015 01:58 PM

මම 120 වේගයෙන් ගිහිල්ලත්,වැටිලා ඔලුවත් තාර පාරේ දෙපාරක් අනිලත් කිසිම සීරීමක් නැතිව පන පිටින් බේරුනා එකේ මේ දෙන්න මැරෙන්න විදිහක් ඇත්තෙම නැහැ . (අ)

:       0       0

චතුර Thursday, 13 August 2015 08:46 PM

තිලක් ඩුබායි, ඔයාගේ ඔලුව හොඳවුණාට මොළය කොහොමද කියලා පරීක්ෂා කරලා බැලුවද? (නි)

:       0       0

රවින් Friday, 14 August 2015 03:11 AM

සාධාරණය ඉෂ්ට කරන්න මේ මරණ දෙකටම (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 14 August 2015 09:12 AM

මොලේ පරික්ෂ කර ගන්න ඕනේ රටේ තවමත් බත් කන හරක්.අන්න මිනීමරුවන් ලංකාවෙන්ම චුත වෙන්නයි හදන්නේ.ඊට කලින් කරන දෙයක් කරන්න. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 14 August 2015 09:15 AM

මේ දරුවන්ගේ අම්මල තාත්තලාගේ දුක් ගින්දර/සාපය කවද හරි දවසක මේ මිනීමරුවන්ටත්,මිනිමරුවන්ගේ දරුවන්ටත්,දරුවන්ගේ දරුවන්ටත් වදිනවා.එදාට කරපු පව් වලින් බේරෙන්න දුවන්න පාරවල් මදි වෙනවා.(අ)

:       0       0

සමන් Monday, 24 August 2015 04:02 PM

සැකයක් ? මොන සැකයක් ද ? මේ දරුවන් දෙදෙනාට සිදුවූ අපරාධය ප්‍රසිද්ධ රහසක්. ඔවුන්ගේ අසරණ දෙමවුපියන්ට සාධාරණය ඉටු වේවා කියා පතමි. (හේ)

:       0       0

ෂලිනි Wednesday, 30 September 2015 06:05 AM

කරුණාකර මේ ගැන සොයා බලන්න.මේ සහෝදරයන්ගේ දෙමාපියන් ට සාධාරණය ඉටුකර දෙන්න.. ඔබලාට පිං සිදු වේවි! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site