X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


අපේ තරුණියන්ගේ පොප් ගායක උන්මාදය

27_SLMA_P2_Back  

 

එරිකේ, එන්රිකි්‍යු, එන්රිකේ (ඉග්ෂේෂියස්) ඉග්ලේෂියස් නමින් විවිධ රටවල අය ඔවුනගේ දිවගට ගැලපෙන පරිදි ඔහු ආමන්ත‍්‍රණය කරති. අප අපගේ දිවග’ට ගැලපෙන පරිදි එන්රිකේ නමින් ඔහු හඳුන්වමු. මේ එන්රිකේ ඉග්ලේෂියස් යනු ලතින් ඇමරිකානු පොප් සංගීත ශෘංගාර රිද්මය අනන්ත වින්දනීය ඉමකට ගෙන ගිය තරු කුමරාය. තවත් විදියකට පැවැසුවොත් ලතින් ඇමරිකානු ජනපි‍්‍රය සංගීතයේ රජුන් ලෙස වැජඹුණු මාක් ඇන්තනි, රිකී මාටින් ගෙන් පසුව ඒ ශෘංගාර ගී රැල්ල ඉදිරියට ගෙන ආ අනුරාගී රිද්මයේ සිහින තරුවය.

 


ඇමෙරිකානු කලාපයේ පමණක් නොවී ලෝකය පුරා විසිරී සිටින මෙම සංගීත රිද්මයට පි‍්‍රය කරන කෝටි සංඛ්‍යාත පිරිසක් ඔහුට ආදරය කිරීම රහසක් නොවේ. බොහෝ විට සුපිරි තරුවකට පේ‍්‍රක්ෂකයින් ආදරය කරන්නේ සීමාවක සිටය. නමුත් මේ එන්රිකේ හට බොහෝ දෙනා ආදරය කරන්නේ සැබෑලෙස ඔහු සිප වැළඳ ගැනීමට මෙන්ම ඔහුගේ උණුසුම් පහස ලැබීමේ අපේක්ෂා ඇතිව යැයි පැවැසිය හැකිය. 


ඔහු ලෝකය වටේ යමින් මේ දක්වා පවත්වනු ලැබූ ප‍්‍රසංග දෙස පසු විමසුම් කිරීමේදී එය සනාථ වන කරුණකි. තරුණයින් කෙසේ වෙතත් තරුණියන් මෙන්ම කාන්තා පාර්ශ්වයේ උදවිය උන්හිටිතැන් අමතකව ගිය උන්සේ ඔහු සිටි වේදිකා මතට ඇදී ආවේ හරියට ආවේශ වූ ආරූඪ වූ ස්වරූපයෙනි. එසේ නොකළ හැකි වූ විට ඒ අනුරාගී හැඟීම් ප‍්‍රකාශ කළේ ඇඳ සිටි ඇඳුම් පවා උනා දමා ඔහු වෙතට වීසි කිරීම මගිනි. ඒවා බටහිර රටවල පේ‍්‍රක්ෂකයින්ට මෙන්ම ජනතාවට අමුතු දේ හෝ අපූරු දේ නොවන්නේය. එවැනි දේ ඔවුනට වගේ වගක් නැති තවත් එක් කුල්මත් කරවූ මොහොතක් පමණෙකි.

hsdfh
එහෙව් වූ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලබන මේ එන්රිකේ ඉග්ලේෂියස් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ප‍්‍රසංගයකට සහභාගි වූයේය. රුපියල් 10,000 සිට 35,000 දක්වා මිලකට එම ප‍්‍රසංගය සඳහා ප‍්‍රවේශපත් අලෙවි වූ බව සඳහන් විය. තවත් බොහෝ පිරිසකට එම මුදලට පවා ටිකට්පතක් මිලදී ගැනීමට නොහැකිවූ බවද සමහරු ප‍්‍රකාශ කළහ. මේ එන්රිකේ ගැන අපේ සමාජයේ බොහෝ දෙනා විමසුම් කිරීමට පටන් ගත්තේ ඒ කිසිවක් නිසා නොවීය. එන්රිකේ සහභාගි වූ එම ප‍්‍රසංගය පැවැති අවස්ථාවේදී තන පටක් ඔහු වෙතට ඉගිල ආවේය. එය අල්ලා ගත් ඔහු තවත් අනුරාගීව ගී ගයමින් සිටියදී තරුණියක උන්මාදයෙන් මෙන් පැමිණ ඔහු සිප ගත්තාය. එන්රිකේ ශ්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයා හට ද අල්ලලා ගියේ අන්න එහෙමය.


හැබෑට මේ එන්රිකේ කවුද? මෙහාට එයා ගෙන්වූයේ කවුද? වැඩිහිටි සමාජයේ බොහෝ දෙනා මෙන්ම තවත් බොහෝ දෙනා එන්රිකේ ඉග්ලේෂියස් ගැන පසු විපරම් කරන්නට පටන් ගත්තේ අන්න එතැන් පටන්ය. හැබෑට කවුද මේ එන්රිකේ? මොහොතකට අපි ඔහු ගැන විමසුම් කර බලමු.


‘‘එන්රිකේ ඉග්ලේෂියස්’’ 
එන්රිකේ (එරිකේ) මිගල් ඉග්ලේෂියස් ප්‍රෙයිෂ්ලර් උපන්නේ 1976, මැයි 8 වැනිදා ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදීය. ඒ ජුලියෝ ඉග්ලේෂියස් සහ ඉසබෙල් ප්‍රෙයිෂ්ලර් යුවළගේ දරුවකු ලෙසිනි. එන්රිකේගේ පියා යනු ලෝප‍්‍රකට චරිතයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ග‍්‍රැම් සම්මානයේ සිට ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ කිර්තිමත් ගායකයකු හා සංගීතඥයෙකු මෙන්ම ගීත රචකයකු වන්නේය. මව හිටපු ප‍්‍රකට මාධ්‍යවේදිනියක මෙන්ම රූපවාහිනි නිවේදිකාවක වන්නීය.


සහෝදරියක සහ තවත් සහෝදරයකු එන්රිකේ සතුය. රෝමානු කතෝලික ආගම් භක්තිකයකු වන ඔහු ගලිවර් පි‍්‍රපරේටර් පාසලින් අධ්‍යාපනය ලබා මියාමී සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා තිබේ. එන්රිකේ කරළියට පැමිණෙන්නේ ගායකයකු, ගීත රචකයකු, මෙන්ම පටිගත කිරීම් හා ගීත ඇල්බම් නිෂ්පාදකයකු ලෙසිනි. එහිදී ඔහුගේ ආත්මීය ප‍්‍රකාශනය මුදා හැරියේ ලතින් පොප්, ලතින් රොක්, ඩාන්ස් පොප් ආදී රිද්මයන් වෙතිනි. සරලවම කිවහොත් අනුරාගී රැඟුම් ගැයුම් රිද්මය සමගය.


1994 දී ඔහු කරළියට පැමිණියේ හිරිමල් යෞවනයකු ලෙසිනි. එයින් වසර කීපයකට පසු ඔහුගේ අනුරාගී ගායන රිද්මයේ තෝතැන්න වූයේ ඇමෙරිකාවය. ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේ ‘‘මියාමි’’ නගරයේ සිට ලෝකයට සමීපවූ එන්රිකේ මහා වාසනාවන්තයෙකි. එනම් හොලිවුඩයේ ප‍්‍රකට ගායන හා රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිනීන් රොත්තක් සමඟ එක්ව බොහෝ නිර්මාණවලට දායකවීමට ඔහුට හැකිවිණි.


ඇමරිකානු සහ ස්පාඤ්ඤ සන්නාම යටතේ නිර්මාණ එළිදැක්වීම නිසා ඔහු එක් ඉමකට සීමා නොවීය. ඔහු විසින් නිකුත් කරන ලද පළමු ගීත එකතුව නිකුත් වූ පළමු සතියේදී පමණක් ලක්ෂ පහක් පමණ අලෙවි විය. ඉන්පසුව මසක් ඉක්මයාමට පෙර දශ ලක්ෂය ඉක්මවා අලෙවි වූයේ මහා පුදුමයක් ඇති කරවමිනි. එතැනින් පටන්ගත් අනුරාගයේ ගී ගමන ඔහු ධන කුවේරයකු බවට පත් කළේය. ලෝකය පුරා මිලියන 137 ක පමණ ගී ඇල්බම ප‍්‍රමාණයක් අලෙවි වී තිබේ. (කලකට පෙරදී)


මෙලෙසින් එන්රිකේ ගැන සහ ඔහුගේ සංගීත නිර්මාණ මෙන්ම රැුඟුම් - ගැයුම් ගැන පැවැසීමට ඇති දෑ බොහෝය. ඔහු දැන් සමීප වෙන්නේ හතළිස්වැනි වියටය. නමුත් වසර හතළිහකදී ලතින් පොප් සංගීතයට සමීපව මේ තරම් සුවිශාල දෙයක් කළ ශිල්පියකු ලොව තවත් නැති බැව් අතිශෝක්තියකින් යුතුව පැවැසිය යුතුවේ. මේ අනුරාගී සිහින ගී කුමරා ධන කුවේරයකු වූ තරමටම නොපැකිළිව සමාජ සත්කාරයේ යෙදී සිටිමින් ඒ සඳහා මිලියන ගණනින් අත දිගහැර පුණ්‍යාධාර සඳහාද දායකවන චරිතයකි.


ග‍්‍රැමි සම්මාන ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැුසක උරුමකරුවා වූ එන්රිකේ පසුගියදා පිලිපීනයේ ඇතිවූ මහා චණ්ඩමාරුතයෙන් විනාශවූ පරිසරය ගොඩනැගීම සඳහා අතදිගහැර ආධාර කළේය. ඇමෙරිකානු රතු කුරුසියට ඔහු වඩා අගනා චරිතයක්ම වන්නේය. නිත්‍ය බිරිඳක නොවුවද එන්රිකේගේ වසර ගණනාවක ආදරබිය සහකාරිය වන්නේ ලෝ ප‍්‍රකට සරාගී පෙනුමැති ටෙනිස් කී‍්‍රඩිකාවක වන ඇනා කූර්නිකෝවාය.

 


එන්රිකේ ලංකාවට ගෙන්වූයේ ඇයි?


පසුගියදා එන්රිකේ ශ්‍රී ලංකාවට ගෙන්වා ප‍්‍රසංගයක් පැවැත්වීම යනු එන්රිකේ උන්මාදයෙන් පෙළෙන අයට මහත් අස්වැසිල්ලක් ගෙන දුන් කරුණක්ම වීය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ එහි ප‍්‍රවර්ධනය සඳහා කළ එක් ප‍්‍රයත්නයකැයිද සමහරු ප‍්‍රකාශ කළහ. නිල නොවන මට්ටමින් මේ සුපිරි තරුව ගෙන්වූයේ හිටපු ලෝ ප‍්‍රකට ශ්‍රී ලාංකීය කි‍්‍රකට් තරු යුගලක සතු සමාගමක් විසින් යැයි ප‍්‍රකාශ විණි. වෙසෙසින්ම සමාජ වෙබ් අඩවි ගණනාවක ඒ බැව් සඳහන් විණි.මේ එන්රිකේ මෙරටට පැමිබිමට පෙර ෆේස් බුක් වැනි සමාජ වෙබ් අඩවි ඔස්සේ ලබාදුන් පූර්ව ප‍්‍රචාරක කටයුතු ගැන සළකා බැලීමේදී මෙහි නිල අනුග‍්‍රාහකයා කවුදැයි යන්න නිර්ණය කළ නොහැකි කරුණක් වන්නේය. කෙසේ වෙතත් ලෝ ප‍්‍රකට ගී තරුවක් මෙරටට ගෙන්වා ප‍්‍රසංගයක් කිරීම වඩා සුබදායී කරුණක් යැයි සංවිධායකයින් විශ්වාස කරන්නේ නම්? ඒ නිසා රටට ලබාදුන් දේ කුමක්ද යන්න ගැනද පසුවට ප‍්‍රකාශ කිරීම වඩා උචිත වෙයි.


එන්රිකේ යනු සුපිරි ගී තරුවක් මෙන්ම සමාජ සත්කාරකයකු බව සැබෑය. නමුත් ශ්‍රී ලංකාව යනු ෆ්ලොරිඩාව හෝ මියාමි හෝ විලිබිය හීනවූ අනුරාගයේ තෝතැන්නක් නොවේ. රාගික හැඟීම් මනුෂ්‍යයා සතු දෙයක් වුවද ශ්‍රී ලංකාව යනු ඒ රාගිකත්වය තැන නොතැන බලා මුදාහළ අශිෂ්ට ජාතියක් වෙසෙන රටක්ද නොවේ. ශ්‍රී ලංකාව යනු ශ්‍රී ලංකාවය. එනිසා එහි හැඩය පැහැය හඳුනාගෙන මෙවැනි ප‍්‍රසංග සංවිධානය කිරීම සංවිධායකයින්ගේ වගකීම වෙයි.


එන්රිකේ මෙරටට ගෙන්වීම යනු ගෝති‍්‍රක කුටුම්භවාදී දෘෂ්ටියකින් බලන දෙයක් නොවේ. එවැනි තරු ආ යුතුමය. නමුත් සංවිධායකයින් එය අපේ සීමා හඳුනාගෙන සංවිධානය කිරීම වඩා වැදගත්වේ. එසේ කළ විට උන්මාදයෙන් පෙළෙන නංගිලා ඒ හැඟීම් සීමාවක සිට ප‍්‍රකාශ කරනු ඇත. නැතහොත් සිදුවෙන්නේ උන්හිටිතැන් අමතකව ඇඳිවත පවා උනා දැමීම සිදුවීමය. මෙවර සිදුවූයේ තනපට පමණක් එන්රිකේ වෙත මුදා හැරීම පමණි. එය කෙසේ සිදුවුවා දැයි නිශ්චිතව කිවනොහැකි වුවද ශ්‍රී ලංකාව යනු ප‍්‍රසිද්ධියේ නිරුවත් වන රටක් නොවන වග කිව යුතුමය. මෙවැනි තරු ගෙන්වා එවැනි දේ සිදුවන්නේ නම් ශ්‍රී ලංකාව යනු තවත් මියාමියක්ම වන්නේය. එනිසා මෙවැනි තරු ගෙන්වා ලෝකයට ශ්‍රී ලංකාව ලබාදෙන පණිවුඩය මෙවැනි දේ වන්නේ නම්? එය තවත් අතකට ඒඞ්ස් මෙරටට ගෙන්වීම සඳහා කළ ආයාචනයක් වන්නේය. එවැනි දේ සිදුවීමෙන් අනතුරුව ඒවා සමාජ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරයට සැළැස්වීම යනු සමාජ සුනාමියකි. එනිසා එවැනි දේ ප‍්‍රචාරයෙන් වළකාලීමට පියවර ගැනීම ද සමාජයට වගකියන බලධාරීන්ගේ වගකීමක් වෙයි. 


සමහර ෆේස්බුක් නංගිලා මේ එන්රිකේ බලන්නට යන්නට ඇත්තේ ඔහු කවුද හෝ ඔහුගේ ගීත කලාව ගැනද නොදැන විය හැකිය. සමාජ වෙබ් අඩවි හරහා ගලා එන ප‍්‍රචාරය පමණක් ඔවුනට ප‍්‍රමාණවත් වන්නට ඇත. නමුත් සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ කාන්තාව අන්තර්ජාල පරිහරණයේදී තවමත් සිටින්නේ ප‍්‍රාථමික අවධියේය. මෙය එතැනින් එහාට ව්‍යාප්තවන දිනක් උදාවේ. එතැනදීද මෙලෙසින් මේ තත්ත්වයම පවතින්නේ නම්? අප සමාජය ගමන් කරන්නේ සුනාමියක් වෙතද? මියාමියක් වෙතද යන්න දහස් වරක් සිතිය යුතු කරුණක් වන්නේය. අනුන්ව වර්ණ ගැන්වීමට පෙර අපේ සැබෑ වර්ණය අප විසින් හඳුනාගනු ලැබීම වැදගත්ය. ලෝකය වෙතින් අප වර්ණවත් වන්නේ එවිටය.

mm



අදහස් (0)

අපේ තරුණියන්ගේ පොප් ගායක උන්මාදය

මධුක Monday, 28 December 2015 10:06 AM

අනේ කාලේ වනේ වාසේ (කෞ)

:       0       0

උපාලි Monday, 28 December 2015 12:14 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

සමන්ත Monday, 28 December 2015 02:36 PM

මේ සිද්ධියට එන්රික්ට හෝ සංවිධායකයන්ට බැනලා තේරුමක් නැහැ. මෙයින් පෙනෙන්නේ සමාජයේ සංස්කෘතික පරිහානියයි. මේකට ගොඩක් දායකවෙලා තියෙන්නේ පෞද්ගලික විද්‍යුත් නාලිකා. මෙවැනි ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ සංදර්ශන ලංකාවේ සංවිධානය කිරීම ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කරන ලොකු සාධාරණයක්. හේතුව බහුතරයකට ඔවුන්ගේ සන්දර්ශන බලන්න පිටරට යාමට වත්කමක් නොමැති නිසා. (නි)

:       0       0

සොපි Tuesday, 29 December 2015 03:00 AM

"දේසේ හැටියට වාසේ කලොත් නේද සන්තෝසේ " (ම)

:       0       0

අනුර කොලොන්නාව Tuesday, 29 December 2015 10:28 AM

ලංකාවේ එළිමහන් රාත්‍රී සංගීත සංදර්ශන වලදී , මේවාටත් වඩා විලිබිය නැති දේවල් මා දැක තිබෙනවා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 30 December 2015 03:44 AM

අපේ ජනාදිපතිතුමාටත් මේකට අසුහාරදහසට තරහ ගිහිල්ල තිබුණා. නමුත් විදේශ ඇමැති මංගල මහතා. යුඑන් එකේ සමලිංගික යෝජනාවට අනුමැතිය දීල අපේ මුළුරටම නිරුවත් කරපු වේලාවේ ඇයි සද්ද නොකර හිටියේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site