X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අපේ සල්ලි ගිලින මේ මන්ත්‍රී ඔබේ දිස්ත්‍රික්කයේද ?

අපේ දේශපාලකයාගේ පැටිකිරිය 


අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරය නූගතුන් බව පිළිගැනීමයි. එහෙත් උගත් හෝ නූගත් බව දේශපාලනයේ පාරිශුද්ධත්වයට එතරම් බලපෑමක් ඇති නොකරයි. ජනතාව අපේක්ෂා කරන මේ රට ගොඩනැගිය හැකි පිරිසිදු දේශපාලනයක් සඳහා උත්තේජනයක් සැපයිය හැක්කේ රට හා ජනතාව පිළිබඳව සැබෑ ආදරයක් ඇති රට වෙනුවෙන් අවංකව කැපකිරීම් කළ හැකි පුද්ගලයාට පමණි. අපේ දේශපාලකයා තමාගේ උගත්භාවය පවා පාවිච්චි කරනුයේ සොරකම්, වංචාවන් පවා තම උගත්කම භාවිතයෙන් ආවරණය කරගනු පිණිස පමණි.


 

  • පරිසර විනාශයට රටින් ආ සල්ලිත් ගියේ මෙතුමාගේ සාක්කුවටද?   
  • මන්ත්‍රීතුමා ගත් ඉඩමට ආණ්ඩුවෙන්ම ජල නළ පහසුකම්

දේශපාලනය ක්‍රීඩාවකි. අපේ රටේ දේශපාලනඥයින්ගේ පැටිකිරිය ටෙස්ට් ක්‍රිකට් තරගයකට සමානය. බලයට පත් පිරිස ආණ්ඩුව ලෙස පෙනී සිටිමින් තරගයේ පළමු ඉණිමම ක්‍රීඩා කරති. පන්දු යැවීමටත් වඩා පහරදීමටම උනන්දුවක් දක්වන ‘විපක්ෂය’ නම් කණ්ඩායම පසුව බලයට පත්වී තම ඉණිම ක්‍රීඩා කරති. පුදුමයට කරුණ නම් කොතරම් ක්‍රීඩා කළ ද තරගයේ පරාජිතයෙකු නොමැති වීමයි. දෙපිලේම ක්‍රීඩකයෝ ජයග්‍රාහකයෝ වෙති. පරාජය වන්නේ තරගය පැවැත්වීමට පිටිය සකසා දී එය නරඹන පිරිස හෙවත් මහජනතාවය.   


‘යහපාලන’ කණ්ඩායමේ ඉණිම තුළ සියලු දෙනා දැවී බැඳුම්කර වංචාව හරහා රැස්කළ ලකුණු සංඛ්‍යාව රුපියල් බිලියන 1000 කට වැඩිය. එහි හොරු අල්ලන්නට යැයි කියා පැමිණි ‘වියතුන්ගේ’ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකු නොදැවී සීනි බදු වංචාව හරහා පමණක් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව රුපියල් කෝටි 15900 කි. තම දෙවැනි ඉණිම ක්‍රීඩා කරන්නට පැමිණීමට නියමිතව සිටින පිළ තවත් ලකුණු රැස් කිරීමේ අරමුණින් පිටියට පිවිසීමට නියමිතය.   


ක්‍රිකට් තරගයක හා මෙවැනි දේශපාලන තරගයක ඇති වෙනස වන්නේ රට වෙනුවෙන් ඇති ලකුණු පුවරුවේ ලකුණු සටහන් වීම වෙනුවට දේශපාලන ක්‍රීඩකයින්ගේ පෞද්ගලික ගිණුමේ ලකුණු සටහන් වීමයි. යහපාලනය ගෙදර යවා වියතුන් කැඳවීම ‘කැහි ගෑනි වෙනුවට හොටු ගෑනි’ තෝරා ගැනීමක් යැයි හිතෙන්නේ වියතුන් ලෙස පැමිණ බලයට පත්වූ පසුව ද රටේ සිදුවන දූෂණ, වංචාවල තරම පෙනෙන විටය.   
අප මේ කියන දේශපාලනඥයා ද දූෂණ, වංචාවලට දැඩි ලෙස එරෙහි බව පෙන්වමින් වියතුන් රට පාලනය භාරගත යුතු බවට දැඩි ස්ථාවරයක සිටි අයෙකි. එහෙත් දේශපාලනයට පැමිණීමට පෙර මුදල් සම්බන්ද ආයතනයක ප්‍රධානියා වූ ඔහු විශාල වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. තමා උපන් දිස්ත්‍රික්කයෙන් නොව පිට දිස්ත්‍රික්කයකින් පසුගිය මහ මැතිවරණයට තරග වැදීමට ඔහුට නාමයෝජනා ලැබිණි. දේශපාලනඥයා තරග වැදීමට පෙර දිස්ත්‍රික්කයේ එක කෝරළයක නම සඳහන් යම් සංවිධානයක් ද ඇති කළේය. ඒ සඳහා තරුණ පිරිස් විශාල ලෙස රොක් වූහ.   


මැතිවරණය ළංවත්ම දිස්ත්‍රික්කයේ බොහෝ නිවාසවල මෙම දේශපාලනඥයා කුඩා රැස්වීම් තැබුවේය. රැස්වීමට පැමිණි සියලු දෙනාගේ ජංගම දුරකතනය හරහා ‘කණ්ඩායම්’ ක්‍රමයක් ද නිර්මාණය කළේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත දැවැන්ත ජනතා සේවය පුළුල් කරනු පිණිසය. ‘මේ දිස්ත්‍රික්කයට පසුගිය වසර 70 තුළම සාධාරණයක් ඉටු වී නැහැ. මම එය මනාව තේරුම් අරගෙන තියෙනවා. ඒ ඉටුනොවූ සාධාරණය මා නොපිරිහෙලා ඉටුකරනවා’ යැයි කී දේශපාලනඥයා තරුණ පරපුර වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් ඉටුකිරීමටත්, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් එම නිවසේම මෙවැනිම රැස්වීමක් තබන බවටත් පොරොන්දු විය.   


මැතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් ලද්දේ දිස්ත්‍රික්කයේ අනෙකුත් අපේක්ෂකයින් ද අන්දමන්ද කරවමිනි. ‘අපේ ඇමැතිතුමා වැඩ පෙන්වාවි යැයි ජනතාව අමන්දානන්දයට පත්වූහ. ජයග්‍රහණයෙන් පසුව දේශපාලනඥයාට වගකිවයුතු තනතුරක් ද ලැබිණි.   


ජය හා තනතුරු ලබා වසර එකහමාරකට වඩා කාලයක් ගෙවී තිබුණ ද රැස්වීම් පවත්වන ලද කිසිම නිවසකට ඔහු යළි ගියේ නැත. දුරකතනය හරහා ඇතිකළ කණ්ඩායම් ක්‍රමය ද එතැනින්ම නතර විය. එහෙත් තම මඩිය තරකර ගැනීමේ ක්‍රියාවලිය මුලදීම පටන්ගත් දේශපාලනඥයා අදටත් එය අතිසාර්ථකව පවත්වාගෙන යයි.   
දේශපාලනඥයාට ලැබුණු තනතුර අනුව යහමින් මුදල් ගලා එන ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය වන ව්‍යාපෘති ඒ අතර ප්‍රධාන විය. රටේ ඇති වී ඇති උග්‍ර ජීවන වියදම් ප්‍රශ්නය හමුවේ ජනතාවට ‘පාන්’ කියා ගන්නට නොහැකිව සිටියදී දේශපාලනඥයා කළේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන එවැනි ව්‍යාපෘතීන්ය. දේශපාලනඥයා බලයට පත්වූ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයකට ආසන්නව ඇති මීට වසර කීපයකට පෙර ඉදිකළ එවැනි ව්‍යාපෘතියක් කඩා බිඳ දමා අලුතින් ඉදිකරන්නට තීරණය කළේ වියදම ලෙස රුපියල් කෝටි හයක් පමණ වැය කරමිනි. නමුත් බැලූ බැල්මට සැබෑ වියදම ලෙස රුපියල් කෝටි දෙකක් ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි මුදල දේශපාලනඥයාටය. එම නගරයේම මැදින් වැටී ඇති මීටර් තුන්සියයක පමණ දිගින් වූ මාර්ගයක දෙපස හොඳින් අතුරා තිබූ කොන්ක්‍රීට් කැබලි කඩා බිඳ දමා මාර්ගය දෙපස අලුතින් කොන්ක්‍රීට් කැට ඇතිරුවේද දේශපාලනඥයාගේ මැදිහත් වීමෙනි. ඊට වැය වූ මුදල රුපියල් මිලියන 30 කි. එහෙත් කොන්ක්‍රීට් ගඩොල් කැට පමණක් අල්ලා ඇති එම ව්‍යාපෘතියේ සැබෑ වියදම මිලියන 10 නොඉක්ම වන බව ළදරුවකුට වුවද වැටහෙන සත්‍යයකි. එම නගරයේම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මහා ව්‍යාපෘතියක් ද දේශපාලනඥයා ආරම්භ කර ඇති අතර ඉන් ගසා කෑ හැකි මුදල ඔහුගේ හත්මුතු පරම්පරාවකටම සෑහේ.   


 පසුගිය කාලයේදී රටේ ආන්දෝලනයකට තුඩුදුන් මහා පරිසර විනාශයකදී දේශපාලනඥයාගේ විෂයට අයත් ආයතනයක්ද ඒ පරිසර හානියට ඍජුවම වගකිවයුතුය. නමුත් එම හානියට වන්දි ලෙස මහජනයාට ලැබිය යුතු අධික මුදල් සම්භාරයකින් කොටසක් ද මෙම දේශපාලනඥයාගේ සාක්කුවට ගිය බව ද සැලකේ.   
නැසීගිය මහා කලාකරුවකුට උපහාර පිණිස එම දිස්ත්‍රික්කයේම ඉදිකළ ව්‍යාපෘතියකින්ද දේශපාලනඥයා මහා මුදලක් ගසා කෑවේය. වර්ග අඩි 1500 ක පමණ කොන්ක්‍රීට් ගල් අල්ලා රාත්‍රියට ආලෝකකරණය කර ඇති මෙම කාර්ය සඳහා අධික මුදලක් වියදම ලෙස පෙන්වා විශාල මුදලක් ගසා කෑම ඒ මහා කලාකරුට සිදුකළ අපකීර්තියක් බව ද ජනතාවගේ අදහසයි.  


ජනතාවට අත්‍යවශ්‍ය නොවන තවත් අලුත් ව්‍යාපෘති කිහිපයක්ම දේශපාලනඥයා විසින් දිස්ත්‍රික්කය පුරා ආරම්භ කර ඇති අතර ජනතාවට අවශ්‍ය නොවුවද ඒවා තමාගේ මඩිය තරකර ගැනීම පිණිස අත්‍යවශ්‍ය ඒවා බව දේශපාලනඥයා දනී. එම නිසාම එවැනි ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් වැඩිකර ගනිමින් ඔහු තමන්ගේ ‘ඉණිම’ තුළ ඉහළ ලකුණු ගණනක් වාර්තා කරගනිමින් සිටියි.  


මේ සියලු චෝදනා සත්‍යයක් බවට පත්කරමින් දේශපාලානඥයා තමන්ගේ නවීනතම නිවස දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ආසන්නයේ ඉදිකරමින් සිටියි. එම ඉදිකිරීම් මේ වන විට පවතින්නේ අවසන් අදියරේය. එළඹෙන නව වසර මුලදී එහි පදිංචි වීම ඔහුගේ ඉලක්කයයි. වෙන්දේසි ඉඩමක් වූ මෙහි බිම් කොටස් අළෙවි වීම ප්‍රමාද වූයේ පානීය ජල පහසුකම නොමැති බැවිනි.  


 එහෙත් දේශපාලනඥයා ඉන් බිම් කොටස් හයක් පමණ එකවර රැගෙන එම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ජලනළ පහසුකම ලබා ගත්තේය. ඉතා කෙටි කලකින් ඉදිකිරීම් නිමකළ මෙම ස්ථානයට අමුද්‍රව්‍ය සැපයීම පවා කළේ රජයේ වාහනවලින් ගෙන ආ රජයට අයත් ද්‍රව්‍යයවලින් බව ද කියැවේ. මේ නව ඉදිකිරීම නිසා මෙතෙක් තම කාර්යාලය පවත්වා ගෙන ආ ප්‍රදේශයේ වෙනත් දේශපාලනඥයකුට අයත් සුඛෝපභෝගී නිවසට ගෙවූ රුපියල් ලක්ෂ ගණනක මාසික කුලිය ද දේශපාලනඥයාට ඉතිරි කරගත හැකිය.  
 කෙසේ වෙතත් මහා අපේක්ෂා තබමින් දිස්ත්‍රික්කයේ ජනතාව ඔහු කෙරෙහි තැබූ බලාපොරොත්තු අද වන විට සුන්ව ගොසිනි. අපේක්ෂා භංගත්වයට පත් වැඩිම තරුණ පිරිසක් පිටරටට යන්නට සැරසෙන්නේ ද මේ දිස්ත්‍රික්කයෙනි. කෙසේ වෙතත් මේ දේශපාලනඥයාට ඡන්දය දුන් ජනතාව අද වන විට සිටින්නේ ඔහුට ශාප කරමිනි.  


 අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරය නූගතුන් බව පිළිගැනීමයි. එහෙත් උගත් හෝ නූගත් බව දේශපාලනයේ පාරිශුද්ධත්වයට එතරම් බලපෑමක් ඇති නොකරයි. ජනතාව අපේක්ෂා කරන මේ රට ගොඩනැගිය හැකි පිරිසිදු දේශපාලනයක් සඳහා උත්තේජනයක් සැපයිය හැක්කේ රට හා ජනතාව පිළිබඳව සැබෑ ආදරයක් ඇති රට වෙනුවෙන් අවංකව කැපකිරීම් කළ හැකි පුද්ගලයාට පමණි. අපේ දේශපාලකයා තමාගේ උගත්භාවය පවා පාවිච්චි කරනුයේ සොරකම්, වංචාවන් පවා තම උගත්කම භාවිතයෙන් ආවරණය කරගනු පිණිස පමණි. උගත්, නූගත් භේදයකින් තොරව සමස්ත දේශපාලනඥයින් විසින් කරනු ලබන වංචා දූෂණවලට තිත තබාලීමටම හැකියාව ඇති අයෙකු වේ නම් ඔහු උගතෙකුටත් වඩා ‘සමතෙකු’ ලෙස පෙන්වා දිය හැකිය.   

 

ජනතා මිත්‍ර

 



අදහස් (11)

අපේ සල්ලි ගිලින මේ මන්ත්‍රී ඔබේ දිස්ත්‍රික්කයේද ?

mangala Saturday, 25 December 2021 06:18 PM

නාලා ගොඩගිය කෙනෙක් නේද?

:       0       18

gamunu Saturday, 25 December 2021 09:21 PM

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ දේශපාලනඥයින්ගෙන් බහුතරය දූෂිත වේ. තනතුරු, බලය සහ වරප්ප්‍රසාද සඳහා ඔවුන් කිසිඳු ප්‍රතිපත්තියකින්, අාත්ම ගරුත්වයකින් තොරව තණ්හාව නිසාම ඔවුන්ගේ වාසියට පැතිම‍ාරු කරනු පෙනේ. මේ වනවිට ඔවුන්ගේ පළපුරුදු සහ අත්දැකීම් පිළිබඳව ගායනා කරමින් එවැනි සටකපටකම් කළ දේශපාලකයින් කිහිප දෙනෙකු ඔවුන් කළ වැරැදි ඔවුන්ට වැටහෙමින් තිබෙන බව පිළිබඳව පාපෝච්චාරණය කරමින් මාධ්‍ය ඉදිරියේ සුදානම් වීමේ සහ කූටලෙස ඉතා සියුම්ව ජනතාව අන්දවමින් සිටි. තවත් පළපුරුදු අද්දැකීම් බහුල යනුවෙන් හඳුන්වා ගන්නා දේශපාලකයින් ඔවුන්ගේ මමත්වය සහ සියල්ල රටට කරනු ලැබුවේ ඔවුන් බව හඟවමින් සිටියි. කොතරම් මාධ්‍ය සාකච්ඡා පවත්වා සුදනන් වීමට උත්සාහ කළද ඔවුන් සියලු දෙනාම වර්තමානයේ රටට සිදුවූ සියල්ලටම වගකිව යුතුවේ. එමනිසා රටේ තරුණ පරපුර ඉදිරියේදී ඔවුන් කිසිවකු පාර්ලිමේන්තුවට පත්කර නොගන්වා ඇත. ඔවුන් පාර්ලිමේන්තුවට පත් වුවහොත් රට ඉදිරියට ගෙනයාමට බාධකය වන්නේද එම දේශපාලකයින් බව තරුණයින් හොඳින්ම වටහාගෙන තිබේ. බුද්ධිමත් තරුණ ප්‍රජාව ඉල්ලා සිටින්නේ කිසිඳු ආකාරයක චෝදනාවකට ලක්නොවූ පිරිසක් පාර්ලිමේන්තුවේ ඔවුන් නියෝජනය කළයුතු බවකි..

:       1       9

Sahan - UK Sunday, 26 December 2021 02:32 AM

නාලක ගොඩහේවා..?

:       0       23

ඒ.ආර්.වීරසේන Sunday, 26 December 2021 06:07 AM

මෙම විස්තරය අනුව දේශපාලකයා කවුරුන්ද කියා සිතාගැනීම අපහසුයි. එ් නිසා ඔහුගේ පැටිකිරිය ගැන ඉඟියක් දෙන ලෙස ඉල්ලමි. අද වනවිට බලයේ සිටින හැම කෙනෙක්ම එකෙකුට එකෙක් නොදෙවෙනිව හොරකම් කරන බව අසා ඇත. හොරකම් කිරීමට මුදල් වෙන් කරන්නේ කවුරුන්ද? අගමැති නිල නිවස අලුත් වැඩියාවට පමණක් කෝටි 19ක් වෙන්කර ඇති බව කියැවේ. මෙය ඇත්තක්ද? ඔබ කියන ඇමතියා ගැන ඉඟියක් දෙන්න.

:       2       9

සමරේ Sunday, 26 December 2021 07:50 AM

වත්මන් ජනපතිවරයාගේ නමින් තවමත් මොකුත් ඉදිකළේ නැහැනේ... ඉක්මණින් ණයක් අරගෙන අඩුම තරමින් මංතීරු ටිකක්වත් හදන්න.. එතකොට හොඳින්ම ඩොලර් ලැබෙයි. ජනාධිපති අකමැති නම් කබ්රාලගේ නමින් හරි ඉක්මන් කරලා වැසිකිළි ටිකක්වත් හදන්න. ඩොලර් ප්‍රශ්නේ ඉක්මණින් විසඳෙනවා...

:       1       7

madu Monday, 27 December 2021 05:43 PM

එතකොට නාලක ගොඩහේවා...!

:       0       9

මහජනතාව Tuesday, 28 December 2021 07:34 AM

// එම නගරයේම මැදින් වැටී ඇති // ගම්පහ නගරයේ බෞද්ධාලෝක මාවත ගැනයි මේ කියන්නෙ

:       0       5

අප්පුහාමි මාමා Wednesday, 29 December 2021 12:06 PM

අර දියවන්නා හොර ගුහාවේ ඉන්න කොයි හොර උද්දික පුතා ගැනද මේ කියන්නේ ?

:       0       2

ජනයා Wednesday, 29 December 2021 12:45 PM

මේ රටේ දේශපාලකයින්ට දී ඇති වරප්‍රසාද දකිනවිට අවංක අභිප්‍රායෙන් එයට එන කෙනෙක් නොමැති තරම්ය. අවංක එක්කෙනෙක් හෝ දෙන්නෙක් ආවත්, තමා පසුපස පන්දම් අල්ලමින් වැඩ කරගන්න ජනතාව පෙළ ගැසී සිටිනා දේශයක යහපත් මිනිසුන් පවා බහුතර ආකල්පය වන ‘මට වාසිනම් ඔබටත් වාසියි’ යන මානසිකත්වයට හුරු වේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට ජනතාවද අවංක විය යුතුය. තමන්ගේ වාසිය සාදාගෙන හෙමින් සැරේ මාරුවී යන ක්‍රමය වෙනුවට රටේ ප්‍රතිපත්ති පොදු හැමෝගේම යහපත සඳහා සැදීමට දේශපාලකයින්ට බල කල යුතුයි. හෙමින් සැරේ ආණ්ඩුවේ රස්සාවක් අරන් පුළුවන් තරම් වැඩ මගහැරලා ෂේප් එකේ පෙන්ෂන් හදාගන්න බලන් ඉන්න මිනිසුන් ඉන්න රටක් මෙහෙමවත් ඉතුරුවෙලා තියන එක පුදුමයි. රජයේ රැකියාවල කැපවුණු ස්වල්පයක් ඉන්න බව ඇත්ත... නමුත් වැඩ නොකර වංචාවෙන් වැටුප් ගන්නා සේවකයින්ට මෙන්ම දේශපාලකයින්ටත් ජනතා විරෝධය පෙන්නන්න සාමකාමී ක්‍රම ඕනෑතරම් තියෙනවා. ඒකටත් රටේ නිවහල් සහ එඩිතර ජනතාවක් සිටිය යුතුයි...

:       0       3

kumar Bandara Thursday, 30 December 2021 07:24 AM

ඔව්. ගම්පහ දිස්ත්‍රික්කයේ...

:       0       0

චන්දිම ෆොන්සේකා Thursday, 30 December 2021 01:51 PM

ඔය අර කැස්බෑවෝ මැරුණේ වාරකන් කාලේ නිසා කියලා කියපු කෙනාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site