මම ඉපදුණේ කොළඹ අක්කලා දෙන්නයි, අයියයි ඉන්න පවුලේ බාලයා විදිහට. ආදරේ කියන දේ මට අඩු නැතුවම ලැබුණා.
මගේ තාත්තා වරායේ සේවකයෙක් විදිහට වැඩ කළා. අම්මා නම් රස්සාවක් කළේ නෑ. අපව බලාගෙන ජීවත්වුණා.
මම ඉස්කොලෙ ගියා නමුත් අ.පො.ස. සාමාන්‍ය පෙළ ෆේල් වුණා. අම්මයි තාත්තයි අපට හොඳට උගන්නන්න හැමවෙලාවෙම උත්සාහ ගත්තා.
ඉගෙන ගන්න මම දුර්වල වුණාට කී‍්‍රඩාව පැත්තෙන් මම ඉස්සරහින්ම හිටියා. නිවාසාන්තර තරග විතරක් නොවෙයි සමස්ත ලංකා තරගවලිනුත් මා පදක්කම් ගත්තා.
නමුත් මගේ ගෙදර අවට වටපිටාවේ කුඩු, ගංජා, බැණ අඩ ගැනීම්, කසිප්පු අපචාර පිරිලා තිබුණා. මේ මොන දේ අපි වටේ තිබුණත් අම්මාටයි තාත්තටයි ඕනෑ වුණේ අපිව ලොකු මහත්තුරු නෝනලා කරන්න. කාලය ගෙවිලා ගියේ අම්මා තාත්තාගේ රැුකවරණය මැද. ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවෙම ලැබෙන ඉඩෙන් රිංගලා යන්න මම උත්සාහ කළා.
මම කුඩුවලට පුරුදු වෙලා කියලා උපාලි අයියා දැනගත්තේ මම පොලිසියට අහුවුණු වෙලාවේ. මට මතකයි කුඩු වලින් මාව බේරගන්න උපාලි අයියා කොල්ලන්ට කියලා මං අරං ගිහිල්ලා මට දංවැල් දාලා බැඳලා තිබ්බා. එදා මට කුඩු සික් එක හැඳිලා ඉන්නකොට කුඩු ඇරෙන්න ඉල්ලන හැමදේම මට දුන්නා. මාව වැසිකිළියට යවන්නෙත් තව කොල්ලෝ දෙන්නෙක් එක්ක. කොහොම වුණත් අන්තිමට මාව කුඩු වලින් බේරගන්න සොත්ති උපාලි අයියාටත් බැරි වුණා |
මම මුලින්ම අපරාධකාරයෙක් වුණේ එක්දාස් නවසිය අසූ තුනේ. එතකොට මම පොඩි කොල්ලෙක් ජීවිතේ බරක් පතලක් නොදන්න පොඩි ළමයෙක් කිව්වත් හරි.
එදා අසූතුනේ ජූලි කලබලේ රට පුරාම පැතිරිලා තිබුණා. බැලූ බැලූ තැන කඩ ගිනි ගන්නවා. සමහරු මරාගන්නවා. තවත් සමහරු බඩු අරගෙන ගෙවල් වලින් පිටවෙනවා. තවත් සමහරු ඒ බඩු උදුරාගෙන දුවනවා. කොල්ල කනවා.
බැලූ බැලූ අත විනාශය විතරක් දැකපු මගේ පුංචි හිතටත් ආවේ මා දකින දේ කරන හිතක් අත්හදාබලන හිතක් අවුරුදු පහළවක ළමයෙක් වුණත් මටත් ඕනෑ වුණා කොල්ලකන්න.
තව යාළුවො තුන් දෙනෙක් එක්ක පිහියක් අතින් ගත්තු මම එදා ඒ කළබල අස්සේ දෙමළ ගෙදරකට පැන්නා. ඒ දෙමළ ගෙදර හිටියේ අම්මයි තාත්තයි, දුවයි පුතයි ඒ මිනිස්සු අප ඉස්සරහට ආවේ රෙදි පොට්ටනි ගහගෙන.
එයාල ගෙදරින් පැනලා යන්න සූදානම් වෙලා හිටියේ. අපි ගිහින් ඒ ගෙදර තාත්තගෙ බෙල්ලට පිහිය තියලා සල්ලි ඉල්ලූවා. ඒ වෙලාවේ ඒ අම්මා අපි ළඟට ඇවිත් මහත්තයාට මොනවත් කරන්න එපා කියලා ඇඬුවා.
එයාලට සිංහල බෑ. මට දෙමළ බෑ. ඒත් එයලා කියන දේවල් මට තේරුණා. ඒ වගේම අපි ඉල්ලන දේත් එයාලට තේරුණා. අපි එතන කලබල කළා. ඒ වෙලාවේ ඒ දෙමළ තාත්තාගේ ඉනේ තිබුණ මල්ල බිම වැටුණා. ඒකෙ ලක්ෂ දෙකහමාරක විතර රත්තරං තිබුණා. ලක්ෂ එකහමාරක සල්ලි තිබුණා.
ඒ කාලෙ රුපියල් ලක්ෂයක් කියන්නෙ ලොකු සල්ලියක්. මා වගේ කොල්ලෙකුට ලක්ෂ ගානක් ලැබුණා කියන්නෙ ලොකු සල්ලියක්. අපිට ඕනෑ වුණේ ඒ මිනිස්සුන්ව මරන්න නොවේ. එයාලට කරදර කරන්නත් නොවේ. තිබුණේ ජාති ආලයකුත් නොවේ. අපිට ඕනෑ වුණේ සල්ලි රත්තරං. අපි ඕනෑ කරන දේ ලැබුණට පස්සෙ අපි ඒ ගෙදරින් ආවා. එදා ගෙදර ඇවිත් අපි ගෙනාපු සල්ලි රත්තරං යාලූවෝ අතරෙ බෙදා ගත්තා.
එදා අපි පටන්ගත්තු අපරාධ ජීවිතේ දී මුලින්ම කළේ ඒ සල්ලි වලින් සූදු කරන එක. අරක්කු සිගරට් බොන එක ගංජා ගහන එක. මේ හැමදේම කළේ ගෙදරට හොරෙන්. අයියා මං වගේ නොවෙයි එයා ගෙදරට බොහෝම කීකරුව ජීවත් වුණා. ඒත් මට එහෙම ඉන්න බැරි වුණා. සල්ලි, ලොකුකම, සමාජ පිළිගැනීම මට ඕනෑ වුණා.
සමාජයේ කැපිලා පේන කොල්ලෙක් වෙන්න මම ට‍්‍රයි කළා. ඒ නිසාම ඕනෑම දෙයකට දෙපාරක් හිතන්නේ නැතිව මං සෙට් වුණා.
අම්මා, තාත්තාට හොරෙන් අයාලේ ගිය ජීවිතේ දී මට මගේ නැන්දගෙ පුතාල දෙන්නගෙ යාලූකම හේතුවක් වුණා. තවත් වැරදි කරන්න. මොකද නැන්දගේ පුතාලා කියන්නෙ මගේ අයියලා නිසා ගෙදරිනුත් මට නිදහස ලැබුණා.
නැන්දගේ පුතාගෙ නම රොහාන්ත, නිලන්ත එයාල දවසක් මට අපූරු මනුස්සයෙක් මුණ ගැස්සුවා. එයාගෙ නම කවුරු කිව්වත් අඳුර ගන්නවා. ඒ තමයි සොත්ති උපාලි අයියා. සොත්ති උපාලි අයියා මගේ ජීවිතේ මට හමුවුණ අපූරු මිනිහෙක්.
මොකද මම දන්න තරමට සොත්ති උපාලි අයියා මිනී මැරෙව්වට මිනී මැරුවෙ නෑ. ඒ වගේම කුඩු ගංජා අරහං මිනිහෙක්. එදා අඳුරගත්තු සොත්තු උපාලි අයියව මට පෙනුනෙ මගේ ලෝකෙ ලොකුම වීරයා වගේ.
මම මුලින්ම ගේමකට සෙට් වුණේ සොත්ති උපාලි අයියාව මුණ ගැහුන දවසෙමයි. එදා මගේ නැන්දගේ පුතාලයි තව හතර පස්දෙනකුයි. එකෙක්ට මල්වඩම් ලැහැස්ති කරන ගමනකට සෙට්වෙලා හිටියා. මටත් යන්න අඬගැහුවා. මමත් ගියා අප අටදෙනෙක් ගේමට සෙට් වුණා. අපි හැමෝම අතේ මන්නා තිබුණා.
අපේ ඉලක්කය වී සිටියේ තනි මිනිහෙක් ළඟ හතරවටෙන් ඌව වටකළ අපි ඌව කඩුවෙන් මන්නෙන් කෙටුවා.
අපෙන් මන්නා පාරවල් කාපු එකා බිම ඇද වැටෙද්දී අපි ආපු වෑන් එකේම නැගල පිටවුණා. අපේ තිප්පොළට ආවට පස්සේ මන්නපාර කාපු එකා මැරිලයි කියලා අපට ආරංචි ලැබුණා.
සොත්ති උපාලි අයියා නරකම මනුස්සයෙක් නෙවෙයි. එයාට විනෝදාංශයක් තිබුණා. ඒ තමයි වෙඩි තියන එක. විනෝදෙන් විවේකෙන් ඉන්න වෙලාවට ඉලක්කෙට වෙඩි තියන්න සොත්ති උපාලි අයියා පුරුදු වුණා.
එක එක ගෙඩිවලට ඉලක්කයට වෙඩි තියන්න වඳුරන්ට වෙඩි තියන්න සොත්ති උපාලි අයියා පුරුදු වුණා. උපාලි අයියා ළඟ කොල්ලෝ තිහක් විතර හිටියා ඒ හැමොම උපාලි අයියට පණ වුණත් දෙන කොල්ලෝ.
උපාලි අයියා කුඩු ගංජා විකුණපු මිනිහෙක් නෙවෙයි. ඒයා කළේ ගෙවල් හදන්න කොන්ත‍්‍රාත් ගන්න එක.
පේ‍්‍රමදාස මහත්තයාගේ ගම් උදාවේ ගෙවල් හදන්නත් අපි සම්බන්ධ වෙලා වැඩ කළා. ඔහොම ඉන්න අතරේ මට තව යාලූවෙක් සෙට් වුණා. මිනිහා කුඩු ගහන්න පුරුදු වෙලා හිටියා. ඒ කාලේ කුඩු පැකට් එහෙක ගාන රුපියල් දහයයි. මාගේ යාළුවගේ අමුතු පුරුද්ද ගැන මට ආසාවක් ඇති වුණා. එදා අද වගේ නොවෙයි. කුඩු වලින් ලැබෙන ආනිසංශ මොනවත් අප දැනගෙන් හිටියෙ නෑ.
යාළුවා ගහනව ද ඇහුවා. මමත් හා කිව්වා. ගැහුවා. මුලින්ම කුඩු ගැහුවට පස්සේ මම ආයෙත් කුඩු ගැහුවේ මාසෙකින්. ඒ කාලේ ඇබ්බැහි වීමක් තිබුණේ නෑ. ඉඳහිට කුඩු ගහපු මට දිගින් දිගමට කුඩු ඕනෑ වෙයි කියලා මම හිතුවේ නෑ. කොහොම වුණත් ටිකෙන් ටික මම කුඩුවලට ඇබ්බැහි වුණා.
අද වගේ නෙවෙයි ඒ කාලේ කුඩු ගැන වැඩි ප‍්‍රචාරයක් තිබුණේ නෑ. නමුත් පොලීසියෙන් අද වගේම එදත් අඩු නැතුව ගුටි පූජාව ලැබුණා.
මම කුඩුවලට පුරුදු වෙලා කියලා උපාලි අයියා දැනගත්තේ මම පොලිසියට අහුවුන වෙලාවේ. මට මතකයි කුඩු වලින් මාව බේරගන්න උපාලි අයියා කොල්ලන්ට කියලා මං අරං ගිහිල්ලා මට දංවැල් දාලා බැඳලා තිබ්බා. එදා මට කුඩු සික් එක හැඳිලා ඉන්නකොට කුඩු ඇරෙන්න ඉල්ලන හැමදේම මට දුන්නා. මාව වැසිකිළියට යවන්නෙත් තව කොල්ලෝ දෙන්නෙක් එක්ක. කොහොම වුණත් අන්තිමට මාව කුඩු වලින් බේරගන්න සොත්ති උපාලි අයියාටත් බැරි වුණා.
මාව දංවැල් දාලා කුඩු ගහන්න නොදී හිටපු සිද්ධියෙන් පස්සේ මම උපාලි අයියාගෙන් ටිකෙන් ටික ඈත් වුණා. කුඩු වලට ළංවුණා. කුඩු ගහන්න සල්ලි නැති වෙනකොට ලක්‍ෂ හතර හමාරේ රත්තරං කොල්ලයකට සෙට් වුණා. මමයි තව යාළුවෝ තුන්දෙනකුයි ඒ කොල්ලයට සෙට් වුණේ. කොල්ලෙ කරලා අපි කුඩු ගැහුවා. කුඩු ඇරෙන්න වෙන මොනවටවත් මම ආස කළේ නෑ.
කොල්ලයේ විස්තර හැම පත්තරේකම පළ වුණා. අපි කට්ටි පැන්න. ඒත් කොල්ලේ කරපු යාළුවෙක්ව පොලිසියට අහුවුණා. එකෙක් අහුවුණු යාළුවට ගුටි පූජාව දෙනකොට අප ගැන විතරක් නෙවේ නොකළ වැරදි ගැනත් පෙර ආත්මේ ඉඳලම කියල තිබුණා.
අන්තිමට අපවත් පොලීසියෙන් ඇල්ලූවා. රැුඳවුම් නියෝග මත මාස තුනක් පොලිසියේ තියාගෙන ප‍්‍රශ්න කළාට පස්සේ හතරවැනි තට්ටුවටත් යන්න සිද්ධ වුණා. අන්තිමේදී මට හිරබත් කන්න වුණා, අවුරුදු ගාණක්.
හිරේ අද තරමට කුඩු තිබුණේ නෑ. කොහොම වුණත් එළියට ඇවිත් මම ආයෙත් උපාලි අයියට සෙට් වුණා. මගේ අයියත් ඒ වෙනකොටත් හිටියේ උපාලි අයියා ගාව. නමුත් දවසක් අයියා ගැනත් දරාගන්න බැරි සිද්ධියක් මට අහන්න ලැබුණා. මගේ නැන්දාගේ පුතා ඒ කියන්නේ මගේ අයියාව මරලා මීගමුව කළපුවට දාලා තිබුණා. එදා මම එතැනට යනකොට දාහක් විතර සෙනඟ පිරිලා හිටියා. උපාලි අයියගේ නඩුවකට උසාවි යනකොට තමයි අයියව වෙඩි තියල මරලා දාලා තිබුණේ.
ජීවිතේ අවදානම පිරුණු තැනක් වුණා. අයියා මැරුම් කෑව වගේම හිටපු කොල්ලෝ එකා දෙන්නා මැරිලා ගියා. ඉන් පස්සේ මීගමුව උසාවියේ තව ගේමකට මුල්ගල් තියපු සිද්ධියක් වුණා ඒකට මම සම්බන්ධ නැතත් මාත් ඒ වෙලාවේ එතැන හිටියා. මීගමුව උසාවියේ දී වෙඩි තැබීමක් සිදු වුණා. එදා තව අපරාධකාරයකුට වෙඩි තියන්නයි අපේ එකෙක් සෙට් වුණේ. ඌට උපදෙස් ලැබිලා තිබුණේ වෙඩි තියල පොලීසියට බාර වෙන්න. නමුත් වෙඩි තියාපු කොල්ලා වෙඩි තිබ්බට පස්සේ දිව්වා. අන්තිමට පොලිස් වෙඩි පහරින් වෙඩි තියපු එකත් මැරුණා.
දවසින් දවස ජීවිතේ හිරගෙවල්වලට ගාල් වුණා. උපාලි අයියාගේ හෙවණෙ දී ආයුධ අතගාලා පාතාලෙ තැනක් තියන් හිටපු මම කුඩු නිසා කුඩු වෙන්න ගත්තා. ලංකාව පුරාම තියෙන හැම බන්ධනාගාරෙකම මගේ රැුය එළිවුණා. මීගමුව, වැලිකඩ, මහර, බෝගම්බර, බූස්ස, කන්දවත්ත මේ කොයි කොයි හිර ගෙදරත් මට බෝඩිමක් වුණා.
ඔය අතරේ සොත්ති උපාලි අයියාවත් මරල දාලා කියලා ආරංචි වුණා. කුඩුවලින් මිදිලත් කාලයක් ගෙවුණා. ඒ කාලෙදී ජිනා මැඩම් ගාවත් මා මාස එකොළහක් විතර ජොබ් එක කළා. එතැන ඉතිං වැඩි හරියක්ම කරන්න වුණේ ජිනා මැඩම්ගේ බොඩි ගාඞ් වගේ ඉන්න එක. කාලයක් යනකොට ඒකත් එපා වුණා. ඔය කාලෙ දී මට මගේ වයිෆ්ව මුණ ගැහුණා. ගෑනු හිසේ කෙස් ගානට ඇසුරු කරගෙන හිටපු ජීවිතයකුත් මට තිබුණා.
කුඩු සහ කාන්තාවෝ මා උපරිමයෙන් පාවිච්චි කළා. නමුත් අද කසාද බැඳලා ඉන්න කෙනාට මං ඇත්තටම ආදරේ කළා. ඒ නිසා තමයි කසාද බැන්දේ.
ජීවිතේ සම්බන්ධ මොන වැදගත් තීරණ ගත්තත් කුඩු නවත්තනවා කියන වැදගත් තීරණේ ගන්න මට බැරි වුණා. අම්මගේ, අක්කගේ කන කර හොරකම් කරගෙන ගිහිල්ලත් කුඩු ගැහුවා.
අද මම පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. යාළුවකුගේ මාර්ගයෙන් මෙතැනට ආවේ දරුවා වෙනුවෙන්වත් ජීවිතේ හදාගන්න හිතලා. දැන් මම මේ ආයතනෙට ඇවිත් මාස තුනකට කිට්ටුයි. ඇත්තටම පරණ දේ ඔක්කොම අමතක කරල මට දැන් ඕනෑ මගේ දරුවා වෙනුවෙන් කුඩු ගහන එක නවත්තන්න.
ඔහු පැවසූ දෑ බොහෝය. නමුත් සියල්ල මත සැඟව ගත් බිය සහ වේදනාව අතරින් විනිවිද ගිය අප‍්‍රසන්නතාව ඔඩු දුවා තිබුණි. ලිවීම සහ නොලියා සිටීම යන රේඛාවකින් වෙන්කොට ගත් සීමාවේ සිට ලියූ ඔහුගේ කතාවට මා මෙසේ අවසානයක් තබමි.
මෙහිදී ඔබ හඳුනාගන්නා ප‍්‍රධාන චරිතයේ නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
විශේෂ ස්තුතිය මිතුරු මිතුරෝ ආයතනයේ ප‍්‍රධානි කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන්ට.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අම්මාගේ කණකරත් හොරකම් කරලා කුඩු ගහපු පුතා
ෆාතිමා Wednesday, 03 December 2014 07:58 AM
අම්මා හොඳට හැදුවට හැදෙන්නේ නැහැ (නදී);
මෙහෛාමඩ් ඛාන් Wednesday, 03 December 2014 02:58 PM
නරක ඇසුරෙන් විදින දුක (නදී)
නලීන් Wednesday, 03 December 2014 09:12 PM
අහිංසක මිනිසුන්ගෙන් කරන සූරාකෑම් ගැන නම් අප්‍රසන්නයි අහන්නත් (නි)
තරංග සිංහ Thursday, 04 December 2014 02:34 PM
මේ අයව පුනුරුත්තාපනය කරලා වැඩක් නෑ. (ර)
ලියොන් ගුණවර්ධන Sunday, 07 December 2014 04:37 PM
කුඩු ව්‍යාපාරයෙන් ප්‍රකෝටිපතියන් වී මහා දානපතියන්සේ වැජඹෙමින් රට ජාතිය වනසන්නන් මෙයට වගකිවයුතු අතර මෙම පාපකර්මයෙන් ඔවුන් පණපිටින්ම අපාගත වනු ඇත (නි)