X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අර්බුද මතුවෙන්න කලින් උත්තර සොයන්න ඕනෑ

හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට වී අස්වැන්න සියයට 20ත් 25ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී මේ ප්‍රකාශය කර තිබූ රමේෂ් පතිරණ මහතා එසේ වුවද උත්සව සමයේදී ආහාර අර්බුදයක් එනු ඇති බවට ජනතාව බිය විය යුතු නැති බව ද එවන් ගැටලු‍වක් පැමිණියහොත් එයට මුහුණ දෙන වැඩපිළිවෙළක් රජය සතු බව ද සඳහන් කර තිබිණි.

මෙරට වී අස්වැන්න සියයට 25කින් අඩුවනු ඇති බවට අනාවැකි පළ වී තිබේ නම් ඒ සම්බන්ධයෙන් දැන් සිටම සැලසුම් සකස් කිරීම රජයේ වගකීමය. අස්වැන්න අඩු වන විට ආහාර අර්බුදයක් එනු ඇති බවට ජනතාව පළකරන බිය සහේතුකය. වෙන මොනවා නැතත් කන්න තිබෙන දේත් හිඟ වුණොත් ජනතාවට යන්න තැනක් නැත. සියයට 25ක් යනු අස්වැන්නෙන් හතරෙන් එකකි.

එවැනි තත්ත්වයකදී රටේ ක්‍රියාත්මක සහල් මාෆියාව ද තවදුරටත් සක්‍රීය වන බවත් වෙළෙඳපොළේ සහල් හිඟය දෙගුණ තෙගුණ වී මිල ගණන් දැරිය නොහැකි මට්ටමටත් එහා යනු ඇති බවත් ජනතාව අත්දැකීමෙන් දනිති. මේ නිසා ඔවුන් බියට පත්වීම අරුමයක් නොවේ. ආණ්ඩුව කළ යුත්තේ ජනතාව බිය නොවිය යුතු බවට ප්‍රකාශ නිකුත් කිරීම නොව එයට මුහුණ දීමට ඵලදායී වැඩපිළිවෙළක් කල් තබාම ආරම්භ කිරීමය. රජය සතුව වැඩපිළිවෙළක් තිබෙන බව ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැත.

මෙයට හොඳම උදාහරණයක් සැපයෙන්නේ මරඳගහමුල සහල් වෙළෙඳපොළෙනි. දකුණෙන් සහ නැගෙනහිරින් පවා සහල් ලැබෙන මරඳගහමුල සහල් මිල දත්ත සටහන්කරු අපගේ ‘ලංකාදීප’යට ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ වී අස්වනු අඩුවීම නිසා සහල් මිල මේ දිනවල ඉහළ යමින් පවතින බවය. වී අස්වනු නෙළන කාලයේදී සාමාන්‍යයෙන් සහල් මිල අඩු විය යුතු වුවත් මෙවර එය සිදුවී නැත. මේ හේතුවෙන් සුදු කැකුළු කිලෝවක තොග මිල පවා රුපියල් 150-155 දක්වා වැඩි වී ඇති බව ද දත්ත සටහන්කරු ඩී. විජේරත්න මහතා ප්‍රකාශ කර තිබිණි. උත්සව සමයේදී සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට ද එහිදී සඳහන් විය.

ඒ අනුව පැහැදිලි වන්නේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරන ආහාර අර්බුදය දැන් සිටම ඇරඹී තිබෙන බවය. මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයකට අඩු වුවද රටේ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩක් නැති බවට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පසුගියදා කර තිබූ ප්‍රකාශය ද ඒ අනුව අභියෝගයට ලක්වෙයි. වෙළෙඳපොළ තුළ සහල් මිල දැරිය නොහැකි මට්ටමකට ඉහළ යන්නේ ආහාර හිඟයක පෙර නිමිත්තක් වශයෙනි. සැපයුම අවශ්‍ය තරම් තිබේ නම් සහල් මිල මේ ආකාරයට ඉහළ නොයන බව තේරුම් ගැනීමට කෘෂිකර්ම විශේෂඥයකු විය යුතු නැත. සහල් හිඟ වනවිට මුලින්ම සිදුවන්නේ මිල ගණන් ඉහළ යාමය. ඊළඟට තවදුරටත් අස්වැන්න අඩුවන්නේ නම් වෙළෙඳපොළ තුළ සහල් හිඟවීමට මහ ලොකු කාලයක් යන්නේ නැත.

උත්සව සමය වනතුරු නොසිට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය හිඟ නොවීමට දැන් සිටම සැලසුම් සකස් කළ යුතු බව අප කියන්නේ මේ හේතුවෙනි. බොහොමයක් ආණ්ඩු ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ ප්‍රශ්නය ගැටලු‍ බවට පත්වී ගැටලු‍ව අර්බුදයක් බවට ද පත්වීමෙන් පසුවය. ප්‍රශ්නයකට ගැටලු‍වකට පිළිතුරක් සොයාගත හැකි වුවද අර්බුදයකදී පිළිතුරුවලින් පලක් නැත. අර්බුදවලදී අවශ්‍ය වන්නේ විසඳුමකි. සහල් මිල ගැටලු‍වක් වනවිට ඊළඟට ඇතිවිය හැකි ආහාර හිඟය අප දැකිය යුත්තේ අර්බුදයක් වශයෙනි. ඊට ඇති එකම විසඳුම කල් තබා සැලසුම් හැදීම පමණි.

එසේ කල් තබා සැලසුම් නොකිරීමෙන් ලැබිය හැකි භයානක ප්‍රතිඵල අප ඇස් ඉදිරියේ මේ දිනවල දැකගන්නට තිබේ. තෙල් අර්බුදයක් සහ විදුලිය අර්බුදයක් හටගන්නා බව පැහැදිලිව පුරෝකථනය වෙද්දීත් ආණ්ඩුව ඒවාට පැලැස්තර විසඳුම් සොයමින් සිටියා හැර එය අර්බුදයක් කරා නොයාමට විධිමත් සැලැස්මක් හැදුවේ නැත. මුලින් තෙල් මිල වැඩි විය. ඊළඟට තෙල් හිඟ විය. දැන් වරායෙන් තෙල් මුදාගැනීම සිදුවන්නේ සතියකට දෙකකට ප්‍රමාණවත් තරමිනි. මෙය කවදාවත් මේ රටේ නොතිබුණු අර්බුදකාරී තත්ත්වයකි.

තව මාසයක් පමණ හරි වැස්සක් නොලැබුණොත් රට පැය ගණනාවක් අඳුරේ තැබීමට තරම් විදුලි කප්පාදුවකට රට තල්ලුවන බව ඊයේ වාර්තා විය. කල් තබා සැලැස්මක් සකස් කර එයට අනුගත වී තීන්දු තීරණ ගත්තා නම් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උදාවන්නේ නැත. හරිත කෘෂිකර්මය ගැන වුවද කිව යුත්තේ එයමය. ක්‍රමවත් සහ විධිමත් සැලැස්මකින් තොරව එය ක්‍රියාත්මක කිරීමට යාමෙන් අද රට ආහාර අර්බුදයකට තල්ලු‍ වී එය රජයට ද මහත් හිසරදයක් බවට පත්ව තිබේ.

ආහාර අර්බුදයක් ඇතිවීම විදුලිය කප්පාදුවක් මෙන් නොවේ. විදුලිය නැතිනම් ඒ කාලය තුළ ඉටිපන්දමක් හෝ පත්තු කරගෙන අඳුර දුරු කරගත හැක. එහෙත් ආහාර නැති වුවහොත් එය ආලෝකය පිළිබඳ ගැටලු‍වක් නොව ජීවිතය රැක ගැනීම පිළිබඳ අර්බුදයකි. ඉන්පසුව සැලැස්මක් ගැන කතා කිරීමත් පලක් නැත.



අදහස් (0)

අර්බුද මතුවෙන්න කලින් උත්තර සොයන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site