X Advertisement
IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අරාජික තත්ත්වය පිටු දකිමු

රටේ තත්ත්වය තවමත් තිබෙන්නේ බරපතළ ප්‍රශ්න ගණනාවක් තුළ ය. ඩොලර් හිඟකම නිසා උද්ගතවූ  අර්බුද තවදුරටත් වර්ධනය වෙන බව හැම පැත්තෙන්ම පෙනී යන කාරණය ය. ඉන්ධනහල්වල  තවමත් ඉන්ධන බවුරසයක් එනතුරු මග බලා සිටින පාරිභෝගිකයන්ගෙන්  පිරී ඇත. ඉන්ධන හිඟකම නිසා විදුලිය කැපීම දරාගත නොහැකි තරමට දීර්ඝ වී  ඇත. දිනකට පැය 15ක් පමණ විදුලිය  කැපීම දීර්ඝ විය හැකි බවටද රාවයක් පැතිර යමින් තිබේ. ගෑස් පෝලිම්වල තත්ත්වය යම් තරමක අඩුවක් පෙන්නුම් කළත් තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්වී නැත.

මේ තත්ත්වය නොසලකා හරිමින් වෙනත් යමක් ගැන ලියන්නට හැකියාවක් නැති බව ඉතාමත් පැහැදිලිය. ඒ නිසා මේ සතියේ කිවිදා දැක්මත් ලියන්නේ රටේ පවතින මේ අර්බුදජනක තත්ත්වය පිළිබඳවය. ඒ  අර්බුදවලින් ඉවතට යා හැකි යැයි මට පෙනෙන විකල්ප කීපයක් පිළිබඳව ය.

අපේ ආර්ථිකයේ මතු වූ මේ ගැටලුකාරී තත්ත්වයට මේ වනවිට විවිධ හේතු ඉදිරිපත්වී ඇත. සමහරුන් කියන්නේ කොවිඩ් වසංගතයෙන් අපේ ආර්ථිකයේ විදේශ මුල්‍ය අඩු වූ නිසා මේ අර්බුදය හටගත් බව ය. තවත් සමහරුන් කියන්නේ මේ අර්බුදයේ හේතුව පසුගිය වසර ගණනාවක සහ ආණ්ඩු ගණනාවක වැරදි මුල්‍ය පාලනය බව ය. තවත් සමහරුන් කියන්නේ මේ අර්බුදයට හේතුව 2015-19 ආණ්ඩුව සහ 2019 සිට ක්‍රියාත්මක වෙන වත්මන් ආණ්ඩුව යන පාලන තන්ත්‍ර දෙක විසින් ආර්ථික ක්ෂේත්‍රයේ සිදුකළ ගැටලුකාරිත්වය නිසා බවය.

මගේ තේරුම් ගැනීම වන්නේ මේ අර්බුදයට ඉහත සඳහන් හේතු තුනම අඩු හෝ වැඩි වශයෙන් බලපා ඇති බවයි. ඒ කියන්නේ මේ රටේ ආර්ථිකයේ විදේශීය මුල්‍ය සම්බන්ධ කලාපය පිළිබඳව තිබෙන බරපතළ වැරදි සිතීම් ගණනාවක් නිසා අද අපි වැටී තිබෙන නරක තත්ත්වයට හේතුවූ බවය.

ආර්ථික ප්‍රතිපත්ති ගැටලුව

මෙරට විදේශ මුල්‍ය සංචිතවල පුපුරා ගොස් ඇති වර්තමාන ගැටලුවට එක හේතුවක් වන්නේ කෝවිඩ් නිසා විදේශීය මුල්‍ය ආදායම් මාර්ග (සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ, අපනයනය යනාදී) කඩා වැටීම නිසා බව සත්‍යයක්ය. එහෙත් මෙවැනි අනතුරකදී කඩා නොවැටෙන ආකාරයේ විදේශ වෙළඳ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා අපේ රටේ විදේශ වෙළඳාම අර්බුදයට යමින් තිබුණේ මීට වසර 30 පමණ පෙර සිටය.
1977 විවෘත වෙළඳ ප්‍රතිපත්තියකට රට ගමන් කළ බව සත්‍යයක්ය. ඒ අනුව රටේ ආර්ථිකය කෘෂිකාර්මික පදනමින් හා කාර්මික පදනමින්  විතැන් වී සේවා ආර්ථිකයක් මත පදනම් වූ  ක්‍රමයකට ගමන් කළේය.

මෙරට ආර්ථිකයේ වර්ධනය පිළිබඳව ඉදිරිපත් වූ සමහර ධනාත්මක තත්ත්වයන් දෙස බලන විට පෙනී යන කාරණයක් වන්නේ බොහෝ විට අපේ රටේ ආර්ථික වර්ධනයක් (Economic Growth) හැම විටම පදනම් වී තිබුණේ වෙළඳාම් පදනම් නොවන (Non-tradable) ක්ෂේත්‍රවල (ඉදිකිරීම් වැනි) වර්ධනයන් ඒ නිසා ආර්ථික වර්ධනය ධනාත්මක හෙවත් ඉහළ අගයක් ගත් කාල තිබුණත් ඒ ඉහළ අගය පදනම් වූයේ වෙළඳ ක්ෂේත්‍රයට වැඩි බරක් ලැබෙන පරිදි නොවන බවය.

මේ තත්ත්වය තවත් ගැටලුකාරී වූයේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදු කරන ප්‍රතිපත්ති නවීකරණවල දී අපනයන මුල් කරගත් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති පිළිබඳව නිවැරදි තක්සේරුවක් ලබා නොදීමය. මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය කාලයෙන් කාලයට රටේ සාර්ව ආර්ථිකයේ (Macro economy)පිළිබඳව සිදුකරන  ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති අලුත් කිරීම්වලදී ද බොහෝ විට අවධානය යොමු  වූයේ වෙළඳ නොවන ක්ෂේත්‍රවල වර්ධනය හරහා ආර්ථික වර්ධන වේගය ඉහළ අගයක තබා ගැනීමය.

විශාල ගොඩනැගිලි, මංමාවත්, වරාය, ගුවන් තොටුපොළ වැනි සේවා අංශයට මූලික වශයෙන් අදාළ යටිතල පහසුකම් හරහා රට තුළ තිබූ ආර්ථික වර්ධන වේගය විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ තිබුණේ සාපේක්‍ෂ වශයෙන් ඉතාමත් අඩු අගයක්ය. ඩොලර් එන්නේ නැති නමුත් යටිතල පහසුකම් සහිත ආර්ථික තලයක් අපට පෙනී යන්නේ මේ කාරණය නිසාය.

දැන් මේ තත්ත්වයත්, තවත් පශ්චාත් කොවිඩ් තත්ත්වයන් ගණනාවකුත් හේතුවෙන් බරපතළ විදේශ මූල්‍ය අර්බුදයක රටක් ලෙසින් අපි හිරවී සිටින්නෙමු. 

ප්‍රශ්න දෙකක්

මේ තත්ත්වය නිසා මේ වනවිට රටේ මූලික ප්‍රශ්න දෙකක් මතුවී ඇත. එකක් වන්නේ විදේශ මුල්‍ය සංචිත හිස්වීම නිසා ඇති වී තිබෙන බරපතළ අර්බුදයයි. ඉන්ධන, ගෑස්, විදුලිය, බෙහෙත් වැනි ක්ෂේත්‍ර ගණනාවකට මේ නිසා බරපතළ ගැටලු ඇතිවී තිබෙන බව අපි හැමෝම අත් දැකීමෙන්ම දකිනා කාරණායයි. මුලින් සඳහන් කළ කාරණය සම්බන්ධ වන්නේ මේ කියන ආර්ථික ගැටලුවට ම ය. ආර්ථිකයේ ඇති වී තිබෙන මේ ගැටලුකාරිත්වය නිසාම රට තුළ බරපතළ දේශපාලන අර්බුදයක්ද මෝදු වෙමින් පවතින බව මාගේ තේරුම් ගැනිමය. මා කියන දෙවැනි ප්‍රශ්නය දේශපාලන ක්ෂේත්‍රයේ මතු වෙමින් පවතින ගැටලුකාරිත්වයයි.

මේ වනවිට ආණ්ඩුව තුළත් කණ්ඩායම් ගත වී කරන ප්‍රකාශ මාධ්‍ය  තුළ පෙන්නුම් කරමින් තිබේ. ආණ්ඩුවට එරෙහිව බලවේග සිදුකරන දේශපාලන ක්‍රියාකාරකම්ද ස.ජ.බ, ජ.වි.පෙ. සහ එජාපයේ ක්‍රියා තුළින් පෙන්නුම් කර තිබේ. මේ දෙපැත්තටම සම්බන්ධ නැති නිර්පාක්ෂික ජනතාව ද බරපතළ ආකාරයෙන් දේශපාලන මැදිහත්වීම් සිදුකරමින් සිටී. නිහඬ  විරෝධතා රටේ බොහෝ නගර තුළින් මතු වෙන්නේ පාක්ෂිත නොවන සාමාන්‍ය ජනතාවගේ විරෝධතාවල තත්ත්වය පෙන්වමින්ය.

මේ මොහොතේ රටේ ආර්ථික හා දේශපාලන වශයෙන් එකිනෙකට සම්බන්ධ ගැටලුකාරීත්වයන් දෙකක් මතුවී තිබෙන බව මෙහිදී පෙනී යන සරල සත්‍යය ය. එපමණක්ද නොවේ. මේ ගැටලුකාරීත්ව දෙකම තුළින්ම මතුවී පෙනෙන තවත් එක් තත්ත්වයක් වන්නේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සියල්ලම වෙතින් ජනතාව ඉවතට ගමන් කිරීමේ ප්‍රවණතාවයි. රටේ තරුණ සමාජය බරපතළ ආකාරයෙන් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය වෙතින් ඉවතට ගමන් කිරිමේ ස්වභාවයක් පෙන්නුම් කරමින් ඇත.

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල නායකයන් සහ ප්‍රධානීන් කෙසේ සිතාගෙන සිටියත් රටේ තරුණ සමාජය සිටින්නේ ඔවුන්ව විහිලුවට ගනිමින් හෝ අධික වෛර සහගත විවේචනයකට ලක් කරමින්ය. සමාජය දේශපාලකයන්ට වඩා ඉදිරියට ගොස් ඇති බවත් රටේ ප්‍රශ්නව සම්බන්ධයෙන් සාම්ප්‍රදායික දේශපාලනඥයන් දෙසා බාන වල්පල් මායිම් නොකරන බවත් මෙහිදී පෙනී යන එක කාරණායන් ය.

අනෙක් අතට රටේ යම් අධ්‍යාපනයක් සහිත සමාජ පංතිය 2015 සහ 2019 යන ජනාධිපතිවරණවලදී බලාපොරොත්තු වූ දේශපාලනයේ ඇතිකළ යුතු වෘත්තීයභාවය පිළිබඳ බරපතළ ආකාරයෙන් කඩා වැටී ඇති බවද මෙහිදී පෙනී යන කාරණයක්ය. මේ නිසාම තමන්ගේ බලාපොරොත්තු සම්මත හා සම්ප්‍රදායික දේශපාලන පක්ෂ තුළින් ඉටු නොවන බවට මතුවන තර්කය ඉතාමත් බරපතළ එකක් බව මාගේ අදහසය.

IMF නිවේදනය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නිවේදනය අපේ අවධානය යොමුවිය යුතු වැදගත් ප්‍රකාශනයකි. රටේ ආර්ථිකය සහ දේශපාලනය අන්තර්ජාතික මුල්‍ය අරමුදල මෙරට ආර්ථිකයට සම්බන්ධ වන්නේ 1960 දශකයේ පටන්මය. 2009 වර්ෂයේ IMF  සංවිධානයෙන් ලැබුණු ශක්තිමත්  පිටිවහල පශ්චාත් යුද තත්ත්වය තුළ ආර්ථිකය සංවිධානය කර ගැනීමට විශාල සහනයක්  ලබාදුන්නේය.

මෙවරද මේ ආර්ථික ගැටලුකාරීත්වය හමුවේ  IMF  සහාය  ලබාගත යුතු බව මෙරට සිටින ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයන් කීවේ ඒ නිසා විය යුතුය. IMF සහාය ලබාගත  යුතු යැයි සමාජයෙන් මතුවූ අදහස් රජයේ අදහස බවට පත් වූයේ පසුගිය සතියේ බවද මෙහිදී සටහන් කළ යුතුය. මේ පිළිබඳවද රජයේ පාර්ශ්ව තුළ ඒකමිතියක් නොතිබූ බවද සත්‍යයක්ය. වාසු තවමත් කියන්නේ IMF  සහාය ලබාගත යුතු නැති බවය.

මගේ තේරුම් ගැනීම වන්නේ ආර්ථිකය වැනි ක්ෂේත්‍ර ඉතාමත්  තාක්ෂණික මට්ටමේ විෂයයක් නිසා රාජ්‍ය ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේ දී යම් ආකාරයක විශේෂඥ කණ්ඩායමකගේ සහාය ලබාගත යුතු බවයි. රටේ බලය  දරන්නේ ජනතාව හා ඒ ජනතාවගේ නියෝජිත දේශපාලනඥයන් විසින් බව සැබෑය. එය එසේ වුවත් ආර්ථිකය වැනි තාක්ෂණික විෂයයන් සම්බන්ධව රට තුළ ගනු ලබන තීරණ හුදු දේශපාලන තීරණ නොවී තාක්ෂණික තීරණ බවට පත් කර ගැනීම ඉතාමත් අවශ්‍යය. IMF  සහාය ලබා ගැනීම වැනි තීරණයක් හෝ එසේ සහාය ලබා නොගත යුතුයි වැනි තීරණයක් ගත යුත්තේ අමාත්‍ය  මණ්ඩලය විසින් වුවත් එයට පදනම් කර ගත යුත්තේ ඒ ක්ෂේත්‍රයේ විශේෂඥ මතයක් බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය.

එවැනි තාක්ෂණික තීරණයක් නිසි අවස්ථාවේ නිසි පරිදි නොගතහොත් ඇතිවන බරපතළ ගැටලුකාරීත්වය නිසා එවැනි තීරණවල නිවැරදිභාවය ගැන දෙපාරක් සිතීම ඉතාමත් අවශ්‍යය. සමාජමය  ප්‍රතිඵල සහිත සංවේදී, තාක්ෂණික  තීරණ හුදු හදිසියේ ගැනීමත් වැරදිය. එවැනි තීරණයක ගැටලුකාරීත්වය දුටුවිට එය නිවැරදි කරන්නට පමාවීමත් වැරදිය.

IMF සංවිධානයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබීම ඉතාමත් ප්‍රසංශනීය කාරණයක් වන අතර මේ වසරේ ණය සේවාකරණ තත්ත්වය ප්‍රතිව්‍යුහගත කරන ඉල්ලීමත් වෙත  යාමද ඉතාමත් වැදගත්ය. විදේශ විනිමය අනුපාතය නිදහස් කිරීමත් පමාවී හෝ ගත් වැදගත් තීරණයක් වන අතර පොලී අනුපාතය ඉහළ අගයක් කරා ගෙන යා හැකිදැයි සලකා බැලීම ඉතාමත් වැදගත් ය.


මහාචාර්ය චරිත හේරත්



අදහස් (2)

අරාජික තත්ත්වය පිටු දකිමු

sakvithi Friday, 01 April 2022 12:19 PM

'මිරිහානේ විරෝධතාකරුවන් බසයකට ගිනි තබති..' මෙව්වා හොඳට ස්ටේජ්-කරලා නටන නාටක. මෙව්වා ස්ටේජ් ප්ලේ.... මෙවැනි පොඩි විරෝධයකට මෙච්චර ගින්නක් තියනකන් හමුදාව නිකන් හිටියනේ... හරිම අහිංසක රටක්, අහිංසක රජෙක්.. රජෙකුට අපවැනි දුප්පත් මිනිසුන් පහසුවෙන් නැටවිය හැක. මෙවැනි හදිසි තත්ත්ව ඇතිවීම, කෝලාහල, ගිනිතැබීම්, බෝම්බ තැබීම්, මහා පිපිරීම් දක්වා පසසුවෙන් යැවිය හැක. එවිට ඩීසල්, පෙට්‍රල් පෝලිම්..., ජනමනස දවසින් වෙනස් වී යනු ඇත..

:       6       11

hewa Friday, 01 April 2022 12:26 PM

"රටේ අරාජික තත්ත්වය, රට අරාජික වනු ඇත " 'මිරිහානේ ඔවුන්ම තම බසයකට ගිනි තබයි....' අප වෙනි දුප්පත් ජාතියක් පහසුවෙන් රැවටිය හැක..

:       5       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site