X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


අර චරිතය ඔයාටම දෙන්නම් කියලා ලිංගික බලපෑම්වලට කතා කරනවා

 

 

 

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ‘‘දම්සාරි’’ ටෙලි නාට්‍යයේ නිම්සාරි චරිතය රඟන්නේ ඇයයි. ඒ වගේම ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයෙන් ද ඇය ඔබට මේ දිනවල දැක ගන්න පුළුවන්. පසුගිය කාලයේ විකාශය වූ ‘‘අංගනා’’ ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ චන්තුලිගේ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඒ හින්දා සමහරු ඇය හඳුන්වන්නෙත් චන්තුලි කියලයි.


ඇය තමයි නෙතු පි‍්‍රයංගිකා. පුංචි තිරයේ මේ දිනවල ජනපි‍්‍රය වී සිටින මේ රුවැත්තියටත් එක එක අමුතු යෝජනා ක්ෂේත‍්‍රයෙන් වගේම පිට අයගෙනුත් ලැබෙනවාලූ. ඉතිං නෙතු ඒවාට මොනව ද කරන්නේ කියලා අපි ඇයගෙන්ම දැන ගනිමුකෝ.

 

 


ඔයාට දුරකථන ඇමතුම්වලින් යෝජනා එහෙම එනවා ඇති නේද?
‘‘මෙහෙමයි. දුරකථන ඇමතුම් එනවා. ඒවා ඉතිං අපට ගන්න වෙනවානේ. අනවශ්‍ය දෙයක් ගැන නම් කතා කරන්නේ මා ඉක්මනින් ඒවා විසන්ධි කරනවා. පේ‍්‍රක්‍ෂකයෝ ඉතිං අපට තිබෙන ආදරයටයි කෝල් කරන්නේ. ඒ අයට මම උත්තර දෙනවා. ඒ අතරේ ඉතිං විවාහ වෙන්න යෝජනාත් ගේනවා. ඒවාත් කොහොම හරි බේරාගෙන තරහා වෙන්නේ නැති විදිහට ඔවුන්ට පිළිතුරු දෙනවා.

-අනවශ්‍ය දුරකථන එන ප‍්‍රමාණය අඩුයි. එස්.එම්.එස්. නම් එන්නේ නැති තරම්. අනවශ්‍ය ඒවා ආවත් කතා කරලා බලනවා. ඔවුන් එන්නේ වැරැුදි පාරක නම් හෙමිහිට මා එයින් අයින් වෙනවා. මොකද මට හොඳට මේ ක්ෂේත‍්‍රය  ගැන වැටහීමක් තිබෙන හින්දා.”

 

 


 එතකොට ඔයාගේ ෆීල්ඞ් එකේ අයගෙන් යෝජනා එන්නේ නැද්ද?
‘‘ෆීල්ඞ් එකේ නම් ප‍්‍රශ්නයක් ඇති වෙලා නෑ. මොකද මා දන්නවා කරන්න  ඕනෑ දේ හා නොකළ යුතු දේ. හැබැයි ඉතින් එකට වැඩ කරද්දී ආදර සබඳතා ඇති වෙන්න පුළුවන්. එහි දී විවාහ යෝජනාත් එනවා. එහෙම වෙන්නේ අපි කාලයක් එකට වැඩ කරන විට ඇති වන බැඳීම හින්දයි. එහි වරදක් මා දකින්නේ නෑ. නමුත් ඉතිං අපි ඔලූව කල්පනා කරලා වැඩ කරන්න එහි දී ඉගෙන ගන්න වෙනවා.”


 

 


අද අලූත් නිළියන්ට ලිංගික බලපෑම් කලා ක්ෂේත‍්‍රයේ සිදු වන බවට මතයක් තිබෙනවා. ඔයාටත් එවැනි දේවල්වලට ආරාධනා කරලා නැද්ද?
-බොරු කියන්න  ඕන නැහැනේ. මටත් එවැනි ආරාධනා ලැබී තිබෙනවා. හැබැයි ඉතිං ගොනා හැරෙන්නෙ පොල් පැළය කන්නයි කියලා මා අවබෝධ කරගන්නවා. සමහරු නිර්මාණවල දී අර ප‍්‍රධාන චරිතය දෙන්නම් කියලා ලිංගික බලෑපම්වලට ආරාධනා කරන අය ඉන්නවා. එවැනි අය මට හම්බ වෙලා තිබෙනවා. එතන දී මම අයින් වෙනවා. මොකද අපි නිර්මාණයට අපේ දක්ෂතාව පෙන්වනවා මිස තව පෙනෙන්ට අපේ ඇඟ විකුණලා නිර්මාණ ලබා ගන්න අවශ්‍ය නෑ කියලයි මා හිතන්නේ.

-නිළියක් විදිහට නිර්මාණයක චරිතයට  අදාළ දේ කරනවා මිස ෆීල්ඞ් එකේ වෙනත් දේ කරන්න මා යන්නේ නෑ. මම එවැනි දේවලට ආරාධනා කළොත් ඒ නිර්මාණයට දායක වෙන්නෙත නෑ. මම ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ හින්දා බොහෝ දෙනා මම කොයි වගේද කියලා දන්නවා.”

 

 


ඔයා බොහෝ වෙලාවට කොට ඇඳුම් අඳිනවා. මේවා හින්දත් සමහරු වැරැදි විදිහට ඔයා ගැන හිතන්න පුළුවන් නේද?
-ඒකට මම මොනවා කරන්න ද? මට අවශ්‍ය තැනට සරිලන ඇඳුම් අඳිනවා. අනෙක මම කොට ඇඳුම් අඳිනවා. බොහෝ වෙලාවට චරිතයට අදාළව මට  යම් යම් ඇඳුම් අඳින්න සිද්ධ වෙනවා. එහි දී යම් කෙනෙක් අපි ගැන වැරැුදියට හිතනවා නම් ඒ ඔහුගේ තිබෙන දුර්වලතාවක්. කෙල්ලෙක් කොටට ඇන්ඳා කියලා කොල්ලන් පිස්සු වැටෙනවා නම් ඒ ඔවුන්ගේ මානසිකත්වයේ වැරැුද්දක්. මොකද අපි නිරුවතින් රඟපාන්නේ නැහැනේ. අනික තරුණ කාලයේ දී විලාසිතා කරන්න  ඕනේ. එය මට උචිත ආකාරයට තමයි කරන්නේ.”

 

 


 ඔයාගේ ආදර සම්බන්ධතාවක් ළඟ දී කැඩුණා කියලා ආරංචි වුණා. ඇත්ත ද නෙතු ඒ කතාව?
‘‘ඔව්. පසුගිය කාලයේ මට ‘එෆෙයාර්’ එකක් තිබුණා. දැන් මාස 3-4කට ඉස්සෙල්ලා ඒක නැති වුණා. ඒ හින්දා දැන් මම තනිකඩවයි ඉන්නේ. ගෙදරින් එන යෝජනාවක් බලලා ඉදිරියේ දී ආදර සම්බන්ධයක් පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා දැනට මගේ ජීවිතයේ හිස් තැන පුරවන්න ඇබෑර්තුවක් තිබෙනවා.”

 

 


ඉතිං ඔයා මේ දවස්වල මොනව ද කරන්නේ කියලා දැන ගන්නත් කැමැතියි.
-මේ දවස්වල ‘දම්සාරි’ ටෙලි නාට්‍යයේ නිම්සාරිගේ චරිතයත් ‘මිරිඟු දිය’ ටෙලි නාට්‍යයේත් රඟපානවා. තව අලූත් ටෙලි නාට්‍ය 2ක අලූතින් වැඩ පටන් ගන්නවා. ඒ දෙකෙහිත් රඟපාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ චිත‍්‍රපටයක රඟපාන්න ආරාධනා ලැබී තිබෙනවා. බොහෝ දුරට ලබන වසරේ ජනවාරියේ එහි රූගත කිරීම් ආරම්භ වේවි.

‘දම්සාරි’ ටෙලි නාට්‍යයේ චරිතයට හොඳ ප‍්‍රතිචාර මේ දිනවල ලැබෙනවා. නමුත් පසුගිය දවස්වල විකාශය අවසන් වූ ‘අංගනා’ ටෙලි නාට්‍යයේ චන්තුලිගෙ චරිතයට නම් හිතා ගන්න බැරි විදිහට ප‍්‍රතිචාර ලැබුණා. තවමත් එයට ප‍්‍රතිචාර ලැබෙනවා. සමහරු මාව හමු වුණාම කතා කරන්නෙත් චන්තුලි කියලයි. ඒ තරමට ඔවුන්ගේ හිතට ඒ චරිතය හොඳට කා වැදිලා. ඒ ගැන නම් ලොකු සතුටක් තිබෙනවා.”

 

කතාබහ කළේ

 



අදහස් (0)

අර චරිතය ඔයාටම දෙන්නම් කියලා ලිංගික බලපෑම්වලට කතා කරනවා

ලක්විදු Saturday, 30 November 2013 01:25 PM

ඔහොම හිටියොත් නම් නංගි, මටත් හිතෙනවා අයුතු යෝජනාවක් ගේන්න. සොරි හොදේ. (අ)

:       0       0

රානේ Sunday, 08 December 2013 10:51 AM

කොටට අඳිනවා කියන්නේ වත්කම් හෙලි කිරීමක්.(නදී)

:       0       0

නුවන් Friday, 06 December 2013 10:06 PM

පව් නේද මෙහෙම කරන එක.(නදී)

:       0       0

රුවන් ප්‍රදීප් කුලතුංග Wednesday, 04 December 2013 07:35 AM

නියමයි! (නදී)

:       0       0

ජ. තිසර Tuesday, 03 December 2013 07:23 PM

චන්ද්‍ර වීරසිංහ උන්නැහේ ‍, මෙවැනි කැත අදහස් පළකරන ඹහේ කවුද? සරසවි අධ්‍යපනයක් ලැබූවෙක්ද කියාත් සැකයි. ඹහෙගේ අමිමා ඹහේ ළදරුවෙකු කාලේ ගඳ ජරා ඇද සෝදා පිරිසිදු නොකළේ නම් අදත් ඹහේ ඌරු පැටියෙක් මෙන් ජරා ගොඩේ තප්පුලන බව අමතක වූවාද?. ඹහෙගේ අමිමා හෝ සහෝදරියක් ටිකක් කෙටියට වස්ත්‍රයක් ඇන්දොත් ඹහේ ඒ අය දෙස බලන්නේත් එසේ ජරා පිළිකුලෙන්ද? ගෑණු පුරුෂ භාවයෙන්, අඳින වස්ත්‍රයෙන්, හමේ පාටින්, උස මහතින්, කතා කරන භාෂාවෙන්, අදහන ආගමෙන් ආදි‍යෙන් යමෙකු පිළිකුල් නොකරන්න. ක්‍රියාවෙන් හා ඔහුගේ සිතුම් පැතුම් වලින් යමෙක් හොඳ හෝ නරක වේ. චන්ද්‍ර වීරසිංහගේ ප්‍රතිචාරය කියවූ කාන්තාවන් මෙතෙක් එයට විරුද්ධව යමක් නොලීයා සිටීම ගැන කණගාටු වෙමි.(නදී)

:       0       0

හර්ෂ Tuesday, 03 December 2013 02:17 PM

කොටට ඇඳගෙන යන්න සරිලන තැන කොහෙද කියන්නකෝ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 02 December 2013 12:16 AM

මෙම ලිපිය නැවත වරක් ඵල කරන ලෙස ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

මාස්ටරී Sunday, 01 December 2013 05:01 PM

අනේ අපොයි .... (නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 01 December 2013 03:53 PM

සරසවියේදී මගේ මිතුරෙක් ඉතා ප්‍රායෝගික පාඩමක් මට කියා දුන්නා කොටට ඇඳගත් අනවශ්‍ය ලෙස සිරුර ප්‍රදර්ශනය කරන කෙල්ලෙක් දුටු විට අනේ! මේ ළමයත් ඇත්තටම කක්කා කරනවනේ. ඒවත් හරිම ගඳ ඇතිනේ කියල ඇය දෙස පිළිකුලෙන් බලන්න කියලා. කියල වැඩක් නැහැ .මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක වුනා. අවශ්‍ය නම් ඔබලාත් පිලිපැද බලන්න. (නදී)

:       0       0

බාලා Sunday, 01 December 2013 02:55 PM

කොටට අදින කොට ලස්සනයි කියලා හිතේ ඇති.(නදී)

:       0       0

සංජු Sunday, 01 December 2013 11:41 AM

නංගී ඔහොම කියනකොට මතේ කේන්ති යනවා.(නදී)

:       0       0

රම්ස්‍යා Saturday, 30 November 2013 02:11 PM

මම දන්නා තරමින් ලංකාවේ සමාජ සම්මතයන් ඔය අදහස් වලට වඩා වෙනස්. අපි සමාජ සම්මතයන්ට එරෙහිව ගියොත් සමාජයේ පිරිහීම එතනින් ආරම්භ වෙනවා. (අ)

:       0       0

විමුක්ති Saturday, 30 November 2013 01:28 PM

ගැනියක් උනාම ලස්සනට ඉන්න ඕන ඒක නිසා තමන්ට කැමතිවිලාසිතාවක් තොරා ගන්න එක තමන්ගේ වැඩක් ඒනට ඉර්සියා කරන එක නමි හොද නෑ තමන් අයිති තමන්ටනේ නේද? (අ)

:       0       0

ලක්විදු Saturday, 30 November 2013 01:27 PM

. ඒ හින්දා දැන් මම තනිකඩවයි ඉන්නේ. ...! (අ)

:       0       0

ලාරා Sunday, 24 November 2013 04:08 PM

කොටට ඇන්දට කමක් නෑ සුලන් පොදේ යන්න එපා !(නදී)

:       0       0

චමිල් Friday, 29 November 2013 10:40 PM

ගැහැනු කොටට අදින්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

ජීවා Friday, 29 November 2013 03:18 PM

මල කෝලම් (නදී)

:       0       0

බංඩාර Friday, 29 November 2013 11:28 AM

හරි, හරි (නදී)

:       0       0

අදිකාරි බන්ඩාර Friday, 29 November 2013 11:27 AM

ඔයා කැමති විදිහට අදින්න බලන්න. ඇයට කැමති විදිහට හිතන්න කියන්න.(නදී)

:       0       0

ශිරාන් මෙන්ඩිස් Friday, 29 November 2013 09:16 AM

ගැහැණියක් නිළියක් විදියට රංගනයේ යෙදෙන එක ඇයගේ වෘත්තිය වෙන්න පුළුවන් , ඒ අය දිහා වපර ඇහෙන් බලන එක හරිද? තමන්ගේ මව, සොහොයුරිය, දියණිය, ඒ අයත් ගැහැණු නේද? ඔය වැනි අයුතු යෝජනා ගේන්නේ මානසික රෝගියෝ. (නදී)

:       0       0

නීල් Friday, 29 November 2013 01:15 AM

මාලිනි ෆොන්සේකා මහත්මිය ගැනත් ලිපියක් දමන්නකෝ (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 28 November 2013 05:11 PM

පව් නේද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 28 November 2013 03:26 PM

මෙයා කියන විදියට බහුතරයක් නිළියන්ට හොද චරිත ලැබිලා ප්‍රසිද්ධයට පත්වෙන්න ලිංගික අල්ලස් දෙන්න වෙනවද? මට වැටහුනේ එහෙමයි. අමනාප වෙන්න එපා.(නදී)  

:       0       0

මර්වින් Thursday, 28 November 2013 12:22 PM

අනේ මොකටද කොටට අඳින්නේ.ඇන්දත් ඉතින් මොකුත් නෑ වගේනේ. (ස)

:       0       0

සමන්ති Tuesday, 26 November 2013 05:29 AM

කතාකරනවා විතරයි නේ ? (අ)

:       0       0

නිශාන්ත Monday, 25 November 2013 07:07 PM

ඉතා වටිනා ලිපියක්. මෙවැනි ලිපි තවදුරටත් පළකරන මෙන් මම ඉල්ලා සිටිමි. (නි)

:       0       0

චින්තක Monday, 25 November 2013 10:29 AM

ඔබට හොද අනාගතයක් තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site