සේපාලිකා, වීර, කෝන, මිල්ල, තේ, කිරිඳි වැල ගස් පහයි වැල් එකයි. කියන කතාන්දරය අපි සැවොම දනිමු. ඒ යුවතියක් හදිසියේ තම ආදරණීය සෙනෙහෙ වන්තයාට ලිපිනය පැවසූ ආකාරයයි. ඒ මේ වන විට මුහුණු පොත, එස්.එම්.එස්, ඊමේල් හෝ ස්කයිප් නොතිබු යුගයක දීය.
එහෙත් අද මේ ආකාරයට නොව අමුතුම ආකාරයේ වෙළදාමක් පිළිබදව සමාජයේ අසන්නට දකින්ට හැකිය.
වී. ඕ.සී සළකුණ සහිත කතාන්දරයක් පිළිබඳ පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. මෙයටම දෙවැනි ආකාරයේ වල්ලා පට්ට කතාන්දරයක්ද දැන් සමාජයේ දැකිය හැකිය.
මේ වන විට කරළියට පැමිණ ඇත්තේ ගෝනුස්සාගේ කතාන්දරයකි. ග‍්‍රෑම්ස් පනහේ නිල් පැහැ ගෝනුස්සකු රුපියල් දස දහසකට අධික මිලකට ගන්නා බව මේ වන විට ගම් නගරවල රට පුරා පැතිරෙමින් පවතියි. ගෝනුස්සන් සොයා කුණු ගොඩවල් අවුස්සන පිරිස මේ වන විට දැකිය හැකිය.
කුණු අවුස්සන වැඩි පිරිසක් සිටින රටක මෙය ද අගනා වු කටයුත්තකි. එය එක් අතකට සමාජ, පරිසර හා සෞඛ්‍ය ප‍්‍රශ්නයකට විසදුමක් විය හැකිය. ඩෙංගුවාට වැට බඳින්ට මෙය රුකුලක් වනු ඇත.
අප දන්නා පරිදි හූනන් පිළිබඳව ද කතාන්දරයක් පසුගිය කාලයේ දැකිය හැකි වූ අර අහිංසක හූනන් අල්ලාගෙන අලෙවිකරන්ට ගිය අවස්ථා රැුසක් දැකිය හැකි විය. සුදු කැස් බෑවාගේ කතාන්දරයද සුන්දර ආකාරයට රටේ මහත් ආන්දෝලනයක් ගත්තේය.
මීට අමතරව මේ වන විට සුදු, කහ, රතු අරලිය අරටුව සහිත ලී රුපියල් පනස් දහසකට ගන්නා තැරැුව්කරුවෝ ගමේ නගරයේ වැහිවැහැලාය. මේ වනවිට අරලිය අරටුව සහිත දඬු මිල නියම කර ඇත්තේ ද මේ බ්‍රෝකර්ලාය.
රතු කෝමාරිකා නම් වු ශාකයක් ද රුපියල් ලක්ෂයක මුදලකට මිලදී ගන්නා බව කියමින් ගම්වල නගරවල පැළ තවාන්වල කරක් ගසන පිරිසක් මේ වන විට දැකිය හැකිය. මෙමගින් අමුතුම වෙළෙඳ පොළක් ඇතිකර එම භාණ්ඩ ගන්නා බවට රැුල්ලක් මේ වන විට දකුණු පළාතේ දැකිය හැකිය.
පිටකොටුවේ ව්‍යාපාරිකයෙක් මේ වෙළෙඳාම කරන බවට පවසමින් මේ ශාඛ හා සත්වයන් අලෙවියට කටයුතු කරන පිරිසක් ගැන ගම් නගරවල බ්‍රෝකර්ලා පවසති.
මේ අතර ලංකාවේ කොළ හා මල් අලෙවිය යටතේ මේ ජාවාරම කරන බව සමහරු කියති. මේ වන විට මහා පරිමාණයෙන් කැලෑ කොළ කපා පිටරටවලට අලෙවි කරන ව්‍යාපාරයක් කොළඹ ආශ‍්‍රිතව සිදු කරන ආකාරයද දැකිය හැකිය.
අප දන්නා පරිදි ගෙවතුවල නිවෙස්වල අලංකාරයට සිටවන ගස්වැල්වල කොළ මේ ආකාරයට වෙළෙන්ඳන් මාර්ගයෙන් මිලදී ගනිති. එක් කොළයකට රුපියල් දෙකේ සිට ඉහළට මිල ගණන් කැඳවේ. මිල නියම වේ.
මේ කොළ කඩතොලූ නොවු ඒවාය. ඒවා අමු අමුවේම රැුගෙන වාහනවලින් කොළඹට ගෙන ගොස් මල් හා කොළ එක් කර මල් කළඹ සකස්කර ගුවන් මගින් විදෙස් රටටවලට යැවෙන ක‍්‍රමයක් ද මේ වන විට දැකිය හැකිය.
මේ සියල්ලම, රටට ආර්ථිකයට ශක්තියක් වන්නේ නම්, ප‍්‍රශ්නයක් නොවේ. නමුත් මෙහි අයිතිය හෝ මෙම ශාක පත‍්‍ර හරහා අපගේ සතුන් පැළ කොළ සුද්දන්ගේ අයිතියට නතුවේද යන්න රට හමුවේ බරපතල කතාන්දරයකි. නොඑසේ නම්, අපේ සම්පත්වලට අපේ දරුවන්ට සුද්දෝ අයිතිය කියන්නට යනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුව තිබේ. නැතහොත් අපේ දරුවන්ට උප්පැන්න සහතික දෙන්නට යම් සංවිධාන්මක පිරිසක් සුද්දන් මාර්ගයෙන් අප අන්දනවා ද යන්න සොයා බැලිය යුතුව තිබේ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලුත්ම ජාවාරම - අරලිය අරටුව පනස් දාහයි
ගාමිණී- සිරිවර්දන Tuesday, 09 September 2014 04:50 PM
පුජා කිරීමට පවා වෙනත් මල්වර්ග යොදා ගන්නේ නෙලීමට ඇති අපහසුකම නිසයි. රතු කෝමාරිකා නම් දුර්ලභය.මෙවැනි දේවල් වලට විදේශ ඉල්ලුමක් ඇත්නම් රජය සොයා බලා අපනයනයට අවසර දෙන්නේ නම් ගම්බද ජනතාවට සහනයක් වේවි.විදේශ විනිමයක්ද ලැබෙයි. සැඟවී ඇති අපනයන ද්‍රව්‍ය ගැන රජයේ බලධාරීන් කඩිනමින් උනන්දු විය යුතු කාලයක් එළඹ ඇත (නි)
අසෝකා Thursday, 11 September 2014 09:10 AM
මේවායේ අයිතිය අපට තබා ගනිමින් පිටරටවලට මේවා බෝ කර ගැනීම තහනම් කරමින් විකුනනවා නම් එය අපට අගය කල හැකිය. මෙම රටවල නිදි කුම්බා ද මල් පැලයක් සේ යුරෝ 4 සිට 19 දක්වාද; ඉගිනියා පැලයක් යුරෝ 19 සිට 35 වෙනවා. ගාමිණී සිරිවර්ධනගේ කතාව හරි. (නදී)
නන්ද Sunday, 14 September 2014 04:08 PM
මේවා වැඩිය ප්‍රසිද්ධ කරන්න නරකයි (නි)
මාලි Tuesday, 16 September 2014 05:50 AM
මන් ලග ගෝනුස්සෝ පැටව් 10ක් කුඩු කරලා ඉන්නවා කාට හරි ඕනේ නම් මාව අමතන්න (නදී)