X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ආගන්තුක ශාක - රසායන ද්‍රව්‍ය ආනවිලුන්දාව ආක්‍රමණය කරයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ 

 
දෙස් විදෙස් සංචාරකයින් සහ පරිසරවේදීන්ගේ නොමද ආදරයට ලක්ව ඇති ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත්බිම මිනිස් ක්‍රියාකාරකම් සහ ආක්‍රමණික ශාක හේතුවෙන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බව ජනතාව පවසයි. 

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කුරුළු අභය භුමිය ලෙස සැළකෙන ආනවිලුන්දාව රැම්සා ජාත්‍යන්තර තෙත්බිම හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් සමන්විත වන බව කියයි.

සුන්දර පාරිසරික වටිනාකමකින් යුත් ආනවිලුන්දාව අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතිය මේ වන විට ජලය රදා ගැනීමේ ප්‍රමාණය සුළු මට්ටමක පවතින බවත් එයට හේතුව ලෙස ආක්‍රමණික ශාක වැව් පද්ධතිය පුරාම පැතිරි යාම බවද ගම්වැසියෝ චෝදනා කරති.

ඒ සමඟම මෙම භුමිය තුළ සැරිසැරු පක්ෂීන් ඇතුළු සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් වැව් පද්ධති තුළ ප්‍රමාණවත් ජල මට්ටමක් රැදී නොතිබිම නිසා  තෙත්බිම අනතුරේ පවතී.

සත්ව හා රුක්ෂලතා ආඥා පනත යටතේ 1997 ජුනි 11 වැනි දා අභය භුමියක් ලෙස ආනවිලුන්දාව තෙත්බිම ප්‍රකාශයට පත්කර ඇත.

මෙම තෙත්බිම අන්තරජාතික රැම්සා තෙත්බිමක් ලෙස  2001 අගොස්තු 3 දින ප්‍රකාශයට පත්කර කෙරිණි.

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම තම වාස භුමිය කරගත් දේශීය සහ විදේශීය පක්ෂීන්ගේ ආහාර හා අභිජනන භුමියක් ලෙස  ද පත්කර තිබිණි.

ආනවිලුන්දාව රැම්සා භුමියට අයත් වැව් අටක වැව් පද්ධතියේ සුළු ජල ප්‍රමාණයක් රැදී තිබීමත් ආක්‍රමණික ශාක වැව් පද්ධතිය වසා පැවතීමත් සමඟ මෙහි සැරිසරන පක්ෂීන්, ඇතුළු සත්ව කොට්ඨාස රැසකට බරපතල තර්ජනයක් ඇති වී තිබේ. 

මේ පිළිබදව කළ විමසිමේදි අදහස් දැක්වු පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලියු.එම්.එස්.කේ. චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.

‘ඔව් මේ කියන කථාව ඇත්ත අපිටත් එය තේරුම් ගිහින් තිබෙනවා . අපි මේ වන විටත් ඉහල නිළධාරින් දැනුවත් කර තිබෙනවා . මේ ආක්‍රමණික ශාක වැව් වලින් කඩිනමින් ඉවත් කළ යුතුයි කියන කරුණ සඳහා.  අනික් දේ තමා අවට ඉස්සන් වගාවන් නිසා ආනවිලුන්දාවේ පරිසර පද්ධතියට බරපතල තර්ජනයක් එල්ල වෙලා . ඒ ඉස්සන් වගාවන් තුලින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය සහිත අප ජලය කිසිදු ඉවක් බවක් නොමැතිව කලපුවට මුදා හැරිමත් සමඟ ආනවිලුන්දාවේ කඩෝලාන පද්ධතියට තර්ජන එල්ල වී තියෙනවා. මේ කටයුතු වෙනුවෙන් අදාළ අංශ සමඟ එක් වී වැඩ කටයුතු ආරම්භ කරන්න සුදානම්ව සිටිනවා.’ 
 


 



අදහස් (2)

ආගන්තුක ශාක - රසායන ද්‍රව්‍ය ආනවිලුන්දාව ආක්‍රමණය කරයි

Athula Monday, 11 March 2019 06:34 AM

මෙවන් අගනා පාරිසරික සම්පතක් නොමැති රටවල් කෘතීම සත්ව පරිසරය නිර්මාණය කරන්න කොතරම් වෙහෙසෙනවද මොනතරම් ධනයක් වැය කරනවද යන්තමෙන් හෝ මෙවන් සම්පතක් නිර්මාණය කරන්න එහෙත් අපෙ රටවල පාලකයින්ට ස්වභාවයෙන් සියලු දේ තිබිලත් ඒවා රැකගන්න තරම් උවමනාවක් හෝ වටිනාකම් නොදකින එක මොන තරම් අභාග්‍යක්ද හොරුන් අපරාදකාරයෝ බලයේ සිටින සහ හිටපු රටක්

:       0       62

dalWednesday, 13 March 2019 08:56 AM

තව කුණු කානු, වාහන සර්විස්, ගරාජ්වල තියෙන දැවි තෙල් ඕවට ගෙනත් දාන්න. PHI මහත්තුරුත් සන්තෝසමක් අරගෙන සන්තෝසෙන් ගෙදර යන්න.. වෙන හානිය නොදැක්කා වගේ ඉන්න පරිසර අධිකාරයේ ලොක්කොත් රට අල්ලස් වලින් සවාරි යන්න. අන්තිමට වැව්වල ඉන්න සත්තු, ඊට පස්සේ අවට මිනිස්සු හොයාගන්න බැරි ලෙඩ හැදිලා මැරිලා යයි. අල්ලස් ගත්තු සල්ලි වියදම් කරලා ගත්තු කාර් එකෙන් අල්ලපු ගමේ වතුර බෝතල් කරන තැනකින් ගෙනත් අපිට මොනවත් වෙන්නේ නැහැ කියලා බොන PHI මහත්තුරුත් ඒවගේම ලෙඩ හැදිලා අසනීප වෙයි. සීයා මුත්තලා දායාද කරපු ලස්සන පරිසරය, පිරිසිදු වතුර බොන්න බැරි තරමට විනාශ කරපු කාටද ආඩම්බර .!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site