X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ආණ්ඩුවට සමාගම් පවරාගන්නේ දේශපාලන හෙංචයියන් දාගන්නද?

මේ දිනවල රටේ විවිධ උද්ඝෝෂණ ක්‍රියාත්මකය. ඒ අතරට එක්වූ හිඟු‍රාන නගරයේ උද්ඝෝෂණයේ වෙනසක් තිබිණි. එම උද්ඝෝෂණයට සහභාගි වූවන්ගේ ඉල්ලීම වී තිබුණේ හිඟු‍රාන සීනි සමාගම රජයට පවරා නොගන්නා ලෙසය. හිඟු‍රාන සීනි ආයතනය සුරැකීමේ සංඝ සභාව මගින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මහා සංඝරත්නය, උක් ගොවීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

සාමාන්‍යයෙන් මේ රටේ ආයතනවලට සම්බන්ධ විරෝධතා ව්‍යාපාර සංවිධානය කෙරෙන්නේ අදාළ ආයතනය රජයට පවරාගන්නා ලෙසට බල කරමිනි. නැතහොත් පෞද්ගලික ආයෝජන වශයෙන් ආරම්භ කෙරෙන ව්‍යාපාරවලට රටේ ආයතන බිල්ලට නොදෙන ලෙසට ඉල්ලීම් කරමිනි. ඒ අර්ථයෙන් හිඟු‍රාන සීනි සමාගමේ සේවකයන්ගේ සටන වෙනස්ය. ඔවුන් කියන්නේ තමන්ගේ සමාගම රජයට පවරා නොගත යුතු බවටය. එය සමාගමේ අවසානය වනු ඇති බවට ඔවුහු බිය පළ කරති. එම බියට සාධාරණ හේතු පවතින බව පෙනී යන්නේ අපේ රටේ රජයට පවරාගත් බොහෝ ආයතනවලට සිදුව ඇති විනාශයේ තරම සලකා බැලීමේදීය.

කිසියම් ආයතනයක් රජයට පවරා ගැනීමේ අරගලයක් සිදුවන විට ඒ පසුපස දේශපාලන හස්තයක් තිබෙන බව රහසක් නොවේ. හිඟු‍රාන සීනි සමාගම රජයට පවරා ගැනීමට රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා උත්සාහ දරන බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති. මේ වනවිට ලාබ ලබමින් සිටින හිඟු‍රාන සීනි සමාගමේ කොටස්වලින් සියයට 51ක් ඇත්තේ රජය සතුව බව ද ඔවුහු පෙන්වා දෙති.

රජයට සියයට 51ක කොටස් තිබෙන ලාබ ලබන ආයතනයක් රජයට පවරා ගැනීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට තිබෙන වුවමනාව සහ තදියම කුමක්දැයි විමසිය යුතුය. කොහොම බැලු‍වත් දේශපාලනඥයකු මීයක් කඩන්නේ අත ලෙවකෑමට පමණක් නොවන බව දන්නෝ දනිති. ලාබ ලබන ආයතනයක සම්පූර්ණ අයිතිය රජය සතු කරගෙන එහි පාලනය තමන් යටතට ගෙන ළඟම සිටින හිතවතකු ආයතනයේ ප්‍රධානියාගේ පුටුවේ වාඩි කළ පසුව ඊට මුල්වන දේශපාලනඥයාගේ කල්ල මරේය.

ඉන්පසුව ආයතනය ලාබ ලැබුවත් නැතත් තම දේශපාලන වාසියට හරවාගන්නා ක්‍රම සහ විධි ඇමැති හෝ රාජ්‍ය ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති හෝ හොඳින්ම දැන සිටියි. මෙවැනි සමාගම් හක්කේ තබාගෙන සූප්පු කර හපය ඉවත විසිකළ මැති ඇමැතින්ගෙන් අපේ දේශපාලන ඉතිහාසය පිරී ඉතිරී තිබේ. හිඟු‍රාන සීනි සමාගමට ඒ ඉරණම අත්වීමට ඉඩ නොදිය යුතුය. ඒ වෙනුවෙන් සේවකයන් නගන හඬ සාධාරණය.

රජය සතු බොහෝ සංස්ථා සහ සමාගම් දුවන්නේ සහ නඩත්තු වන්නේ භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්‍රතිපාදනවලිනි. මෙයත් ඒ මට්ටමට වැටෙනවාට ජනතාව කැමැති නැත. එය රජය තේරුම් ගත යුතුය.

හිඟු‍රාන සීනි සමාගම යනු නිෂ්පාදන අංශයේ රැකියා සපයන ආයතනයක් පමණක් නොවේ. එය ඒ පළාතේ උක් ගොවීන්ගේ ප්‍රධානම සම්පතකි. ගොවි පවුල් සිය ගණනකට බඩ වියත රැකදෙන ආයතනයකි. මේ පිරිස් ප්‍රකාශ කරන්නේ වසර 15ක් තිස්සේ වසා දමා තිබූ මෙම ආයතනය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ නැවත ආරම්භ කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව එතනෝල් ආනයනය නැවැත්වීමත් සමඟ ලාබ ලැබීම ආරම්භ වූ බවත්ය. ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා කළ යුත්තේ මේ ආයතනය රජයට පවරා ගැනීමට උත්සාහ දැරීම නොව තවත් මෙවැනි රාජ්‍ය සමාගම් ඇතිකර ඒවාද ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට සැලසුම් හැදීමය. ඒ වෙනුවට හිඟු‍රාන සීනි කම්හල වැනි හොඳින් පවත්වාගෙන යන ආයතන රජයට පවරාගෙන ඒවා තමන් යටතට ගැනීම ජාතික අපරාධයකි. රජයටද අනවශ්‍ය බරක් පැටවීමකි.

මේ ආකාරයට රජයට පවරා ගැනීම නිසා බරපතළ ලෙස විනාශයට පත්වූ ආයතනයකට ගත හැකි හොඳම උදාහරණය ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගමය. එය එක්තරා කාලයකදී එමිරේට්ස් ආයතනය මගින් කළමනාකරණය කර පවත්වාගෙන ගිය රාජ්‍ය පෞද්ගලික සමාගමක් වශයෙන් තිබියදී හොඳින් ලාබ ලැබූ රටටද කීර්තියක් අත්කර දුන් ව්‍යාපාරික ආයතනයක් වශයෙන් පැවැතිණි. එහෙත් එම තත්ත්වය වෙනස් කරමින් ආයතනයේ පාලනය සම්පූර්ණයෙන් ආණ්ඩුව අතට ගැනීම එහි විනාශයේ ආරම්භය විය.

එදා ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සමාගම නඩත්තු කර පවත්වාගෙන යාමට මේ වනවිට වසරකට රුපියල් කෝටි 600කට වඩා රජය වැය කරයි. ඒ කියන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව වසරකට කෝටි 600ක් වැය කරමින් සුදු අලියකු නඩත්තු කරමින් සිටින බවය. අද වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය වුණත් රජයත් සමඟ හවුලේ එය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාමට කිසිදු ආයතනයක් හෝ රටක් ඉදිරිපත් වන්නේ නැත. ලාබ ලබන ආයතන රජයට පවරාගත් විට සිදුවිය හැකි විනාශය ගැන තවත් උදාහරණ අවශ්‍ය නැත.

අද රටට අවශ්‍යව ඇත්තේ ප්‍රතිපත්තිමය වෙනසකි. තව තවත් පෞද්ගලික අංශය දිය කරමින් රජයේ ගොඩ වැඩි කරගෙන පාඩු ලබමින් ඒ ගැන කෙඳිරි ගාන ප්‍රතිපත්තියක් නොව ලාබ ලැබිය හැකි ක්‍රමවේද යොදා ගනිමින් රාජ්‍ය සමාගම් පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තියකි. සියයට 51ක් හෝ සියයට 49ක් හෝ තම සන්තකයේ තබාගෙන ඉතිරි කොටස් සුදුසුකම් ඇති දේශීය හෝ විදේශීය හෝ ව්‍යාපාරික ආයතන සමඟ හවුලේ කළමනාකරණය කිරීමෙන් රාජ්‍ය ආයතනයකට ලද හැකි ප්‍රයෝජන අතිමහත්ය. එහෙත් එම ක්‍රමය යටතේ රාජ්‍ය ආයතන රජයේ රැකියා සපයන ෆැක්ටරි බවට පත් කරගත නොහැක. මැති ඇමැතින්ට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට හෝ ජාතික ධනය සූරාගෙන කමින් මහා පරිමාණයේ ගසාකෑම් කිරීමටත් ඉඩක් නැත.

වඩා වැදගත් වන්නේ තමන්ගේ බඩ කට පුරවාගෙන රාජ්‍ය ආයතන බිල්ලට දීමද නැතහොත් රාජ්‍ය සම්පත් රැකගෙන ඒවා ලාබ ලබන ආයතන බවට පත්කර රටේ භාණ්ඩාගාරය පිරවීමද යන්න දේශපාලනඥයන් තීරණය කළ යුතුය. එසේ නොවුණොත් ජනතාව දේශපාලනඥයන්ට තීන්දු ගැනීම් ගැන පාඩම් කියාදෙනු ඇත.



අදහස් (0)

ආණ්ඩුවට සමාගම් පවරාගන්නේ දේශපාලන හෙංචයියන් දාගන්නද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site