X Advertisement
IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


ආපදා සහන සේවයේ පෙරමුණ ගත් සමාජ ජාල

(තරිදු ජයවර්ධන සහ බිගුන් මේනක ගමගේ)

‘කරුණාකරලා උදව් කරන්න. කළුතර හොරණ පාරේ ගල්පාත කුරුඳුවත්ත ගමේ පවුල් 80ක් 100ක් පමණ අවතැන් වෙලා. තවමත් කිසිවකු එහි පැමිණ නෑ. මගේ අම්මා තාත්තා ඇතුළු ගොඩක් කට්ටිය ඉන්නවා. ගෙවල් ඔක්කොම යටවෙලා. ඔයාලට ගොඩක් පිං උදව් කරන්න.‘

මේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ එසේ නැතිනම් මුහුණු පොතේ දමා තිබූ සටහනකි. මෙම සටහන දුටු බොහෝ දෙනකු එය තවත් පිරිසකට බැලීමට හැකි වන පරිදි ප්‍රචාරය කර තිබිණි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් දැනගන්නට ලැබුණේ ප්‍රශ්නගත ප්‍රදේශයට අවශ්‍ය ද්‍රව්‍ය බෝට්ටු මගින් යැවූ බවයි.

පත්තර, ගුවන් විදුලි, රූපවාහිනීවලට අමතරව තරුණ තරුණියන් වැඩිමනක් පිරිසක් පරිශීලනය කරන්නේ සමාජ මාධ්‍යයි. ‘ෆේස්බුක්‘ ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

අරණායක ආපදාව අවස්ථාවේ බොහෝ පිරිසක් ෆේස්බුක් මගින් ගොඩනගා ගත් හිතවත්කම් මත එම ප්‍රදේශවලට විවිධ උපකාර කළහ. පසුගිය වසරේ ගංවතුර අවස්ථාවේ ද එසේම විය. එතැනින් තවත් දුරට ගොස් මෙවර බොහෝ ප්‍රදේශවලට බලපෑ අපදා සම්බන්ධයෙන් මුලින්ම විස්තර ප්‍රචාරය වූයේ සමාජ ජාලා ඔස්සේය.

එය එතැනින් නැවතුණේ නැත. රටේ තැන තැන කොටුවී සිටින්නෝ ෆේස්බුක් හරහා තමන් සිටිනා ස්ථානය හා පත්වී සිටින ඉරණම දැන්වූහ. එය දුටු බොහෝ දෙනෙක් අදාළ රාජ්‍ය ආයතනවලට ඒ ගැන දැනුම් දුන්හ. තවත් පිරිසක් එම ස්ථානවලට අවශ්‍ය ආහාරපාන ආදිය ලබා දීමට උත්සුක වූහ. තවත් සමහරු වෙනත් විවිධ ක්‍රමවලින් මුදවාගැනීමේ මෙහෙයුම්වලට හා සහන සැලසීමේ මෙහෙයුම්වලට දායක වූහ.

චමල් අකලංක පොල්ගහවත්ත 20 හැවිරිදි තරුණයෙකි.  ඔහු මෙම කටයුත්ත උපරිමයෙන් සිදු කරන බව දැක ගත හැකි විය. මේ ඔහු කියන කතාවයි.

‘‘මම රත්නපුරට ගිහින් එහෙ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ක කතා කරලා සෝෂල් මීඩියා හරහා ඒ ගැන  දැනුම්වත් කිරීම නිසා ඒ ප්‍රදේශ වලට වතුර ආහාර හා සහන සේවා ආධාර යවන්න පුලුවන් වුණා. තවමත් යවනවා. ගාල්ල මාතර ආදී ප්‍රදේශවල සිදුවීමුත් සමාජ මාධ්‍ය හරහා පළ කිරීමෙන් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලැබී තිබුණා. අපදා කළමානාකරණ මධ්‍යස්ථානයත් නව තාක්ෂණය උපයෝගී කරගෙන ප්‍රතිසංවධානය කළා නම් මීට වඩා ගොඩක් පහසු වෙයි.‘‘

කසුන් පුස්සවෙල ඇතුළු තවත් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මේ කටයුත්ත හා සම්බන්ධ වී සිටියහ. කාලයක් පුවත්පත් කිහිපයක මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ පුස්සවෙල මෙවර ආපදාවේදී කටයුතු කළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසයි. අපදා ස්ථානවලටම ගොස් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරනු අයුරු මෙන්ම අවශ්‍ය දෑ ගැන දැනුම්වත් කරන අයුරුද දැක ගත හැකි විය.

සමාජය මාධ්‍ය හරහා මඩ ගසනවා යැයි කියමින් එය නියාමනය කළ යුතු බවට පිරිසක් කෑ මොර දෙද්දී මෙවැනි තරුණ තරුණියන් රැසක් ඉන් ප්‍රයෝජන ගැනීම පැසසිය යුතුය. සාමාන්‍ය මාධ්‍ය හරහා කළ නොහැකි බොහෝ දේ එමගින් සිදු කර ගත හැකි වූ බව පසුගිය දින කිහිපයේ අත්දැකීම්වලින්ම තහවුරු විය.

අපදා වලක්වන්න සමාජ මාධ්‍ය දායක කර ගන්නේ කෙසේද? එම ලිපිය පසුව

 



අදහස් (1)

ආපදා සහන සේවයේ පෙරමුණ ගත් සමාජ ජාල

Tharanga Jayawardana Tuesday, 30 May 2017 04:00 AM

කුරුණෑගල ආධාර ලබාදියහැකි ස්ථානවල දුරකථන අංක ලබාදෙන්න

:       11       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site