X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


ආරක්ෂක දැළෙන් රිංගන ජංගම ගණිකා සේවය

අපූරුම තාලේ ගණිකාවක පිළිබඳ  තොරතුරු අප වෙත වාර්තා කළේ උසස් පොලිස් නිලධාරියෙකි. ”මේ ගණිකාවගේ ගැටවලට මේ වෙනකොට පිරිමින් දාහක් දෙදාහක්වත් ඇහුවෙලා ඇති” උසස් පොලිස් නිලධාරියා එසේ කීවේ කතාවේ වැදගත්කම අවධාරණය කිරීමටය. ”ලස්සන නිළියක් වගේ ගෑනියෙක්.  ඕන නම් මෙන්න මේ අංකයට කතා කරන්න” ඒ ගණිකා වෘත්තිය මුලින්ම ඇරැඹුණේ එසේය. ඒ ඉල්ලීම වැඩි වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ විධායක මට්ටමේ තරුණ නිලධාරීන් ඉලක්ක කරගෙනය. ලාබාල වියේදීම මුදල් යහමින් අතපත ගෑමේ වරම හිමිකරගත් නොමේරු තරුණයන්ට මෙය කදිම අවස්ථාවකි. ඔවුහු පෙර කී අංකයට කතා කරති. ඇය චකිතයකින් තොරව පිළිතුරු දේනීය. ”හරි මම දැන් කස්ටමර් කෙනෙක් එක්ක ඉන්නේ. මට තව පැය දෙකකින් කතා කරන්න” ඇය කියන්නීය. නොඉවසිලිමත් තරුණයා හරියටම දෙවැනි පැය ඉක්මයන මොහොතේදී ඇයට කථා කරන්නේය. ”අද බිසී. හරියටම හෙට උදේ 9ට කතා කරන්න” ඇය කියන්නීය. උගුලේ පැටලෙන තරුණයෙක් නම් අනිවාර්යයෙන්ම පසුදා උදේ 9ට කතා කරන බව ඇය දන්නීය. එබඳු තරුණයෙක් තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකි බව ඇය දන්නීය. තරුණයා පසුදා හරියටම උදේ 9ට ඇයට කතා කරන්නේය. ”හරි මගේ ගාන දහ දාහයි. ඔයා ඒක මගේ එකවුන්ට් එකට දාන්න. දාපු ගමන් මට කියන්න. මම එතැනට එන්නම්” ඇය කියන්නීය. දුරකථන අංකය තිබෙන නිසාත් අවශ්‍යතාව දැඩි නිසාත් තරුණයා දුරදිග නොබලා ඇයගේ විධානයට අවනත වෙයි. අඩ පැයක් ගතවීමට මත්තෙන් තරුණයාගෙන් දුරකථන ඇමතුම ලැබෙයි. ”හරි ඔයා ඉන්න තැන කියන්න. මම දැන් එතැනට එනවා” ඇය කියන්නීය. ”ඔයා ඉන්නේ බැංකුව ඉස්සරහ නේද? ඔය කොටු කොටු ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ. මට ඔයාව පේනවා. ඒත් මෙතැන සී.අයි.ඞී. කට්ටිය ඉන්නවා. ඒක හින්දා ඔයා කොටුව ස්ටේෂම ඉස්සරහට එන්න” ඇය කියන්නීය. තරුණයාට වෙන කරන්න දෙයක් නැත. ඇය කියන විදියටම ඔහු හැසිරෙයි. ”හරි වැඬේ! හස්බන්ඞ් ගෙදර එනවා කිව්වා. මම හෙට එන්නම්. හැබැයි තව රුපියල් පන් දාහක් එකවුන්ට් එකට දාන්න  ඕනෑ” ඇය කියන්නීය. තරුණයාට විකල්පයක් නැත. ඇය තව රුපියල් පන් දහසක් ඉල්ලයි. එය නුදුන්නොත් රුපියල් දස දහසක් අපතේ යයි. පසුවදා ඔහු තව රුපියල් පන් දහසක්  දමා තරුණියට කතා කරයි. සිදුවීම් පෙළ පෙර දිනයේ විලසටය. හෙම්බත්වන තරුණයා අන්තිමට උත්සාහය අත හරියි. ලජ්ජාව නිසා පොලිසියටද යාමට නොහැකිය. හූල්ලමින් ගෙදර යෑම මිසක ඔහුට වෙනත් මගක් නැත. සිනහා නොවන්න! එබඳු තරුණයෝ මෙම සමාජයේ එමට වෙති. ගණිකාව ඇතුළුව සියලූම මං පහරන්නන්ට සිය ජාවාරම් නිරුපද්‍රිතව කරගෙන යෑමේ අවකාශය සැලසී තිබෙන්නේ මෙබඳු මුග්ධ මිනිසුන්ගෙන් හිඟයක් නොවන හෙයිනි. කොළඹ තරුපහේ හෝටලයකින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමකි. ”අපේ හෝටලයේ කාමරයක ලොකු රණ්ඩුවක්. ”මරන්න එපා මරන්න එපා” කිය කියා ගෑනු මනුස්සයෙක් කෑ ගහනවා.” පොලිසිය වහා යුහුසුළු වෙයි. කාමරයේ දොර විවර කර බැලූ විට එහි සිටියේ මහලූ විදේශිකයකු හා තරුණ රූමත් ළඳකි. ”මං මෙයාව ගත්තේ සල්ලි දීලා. ඒත් මෙයා බෑ කියනවා” මහලූ විදේශිකයාගෙන් පැමිණිල්ලකි. තරුණ රූමත් ළඳ පවසන්නේ වෙනත් කතාවකි. ”අපි ගනුදෙනු කරන්නේ වෙනස් විදියකටයි. අපි මිල නියම කරන්නේ සාමාන්‍ය ක‍්‍රමයටයි. ඊට වෙනස් ක‍්‍රමවලට යනවා නම් අමතර ගණන් අය කරනවා. මෙයා කියනවා ගෙවන්න බෑ කියලා. පස්සේ මෙයා මා මරන්න හැදුවා” ඒ ඇගේ අවනඩුවයි. කොළඹ ජයටම කෙරීගෙන යන මාංශ වෙළෙඳාමේ අලූත් තතු අනාවරණය වුයේ ඒ ආකාරයටයි. ගණිකා මඩම් වැටලීම දිගටම සිදු කරගෙන යන හෙයින් ජාවාරම්කරුවෝ අලූත් මාර්ගයක් සොයා ගත්හ. ලාබාල සුරූපිනියන් සමග තැරැුව්කරුවා කොළඹ තරුපහේ හෝටලයකට යයි. හෝටලයේ ලොබිය කාටත් විවෘතය. ඔවුහු එහි සුව පහසු අසුන් මත වාඩි වී සිටිති. එම සුරූපි ලලනාවන් දකින කිසිවකුගෙන් ඔවුන් ගණිකාවෝ යැයි නොසිතති. විදෙස්ගතව සිට පැමිණි තරුණියක් යැයි ඔවුන්ට නොසිතුනොත් පුදුමය. ඔවුහු එපමණට පිළිවෙලට ලස්සනට සිටිති. තැරැව්කරුවා හෝටලයේ ඒ මේ අත ඇවිදිමින් විදේශිකයන් සමග සාකච්ඡා කරයි. ඇමට හසුකරගත හැකි විදේශිකයා කවුරුදැයි ඉක්මනින්ම හඳුනා ගැනීමට හේ සමත්ය. හෝටලයේ ලොබියේදී ගනුදෙනු අහවර වෙයි. මුදල අතට ගන්නා තැරැුව්කරුවා ඉන් පිටව යයි. මිලදී ගත් තරුණිය සමග විදේශිකයා හෝටල් කාමරයට යයි. එක් යුවතියකගේ මිල රුපියල් විසි දහසකට ඉහළ අගයක් ගනී. මෙහි ඇති විශේෂත්වය එයම නොවේ. තමන් සමග එන තරුණියන් ගණන කොපමණ වුවද ඒ සියලූ දෙනා අලෙවි කිරීමට තැරැව්කරුවා සමත් වීමය. අනුන්ගේ වහලක් යටදී තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව නිම කර ගන්නා තැරැව්කරුවාගේ එම දිනයේ ආදායම අතැම් විට දෙතුන් ලක්ෂය ඉක්මවන බව උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. මෙහි ඇති විශේෂත්වය එයම නොවේ. අද ගිය හෝටලය වෙනුවට ඔවුන් හෙට වෙන හෝටලයක් තෝරා ගැනීමය. සියලූ හෝටල් ගෙවා පසුකර පළමු හෝටලයට යළිත් යාමට ඔවුන්ට දෙතුන් සතියක් ගත වේ. එහෙයින් තම හෝටලයේ වහලයට මෙබඳු මාංශ ජාවාරමක් සිදුවන්නේ යැයි හෝටලයේ පාලනාධිකාරයට හඳුනාගැනීම අසීරුය. රාත‍්‍රී සමාජ ශාලා ආශ‍්‍රිතවද මෙම ජාවාරම ජයටම කෙරීගෙන යන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. අතීතයේ රාත‍්‍රී සමාජ ශාලා එහි පිළිගත් නියමයන්ට යටත්ව පවත්වාගෙන ගියද වර්තමානය වනවිට එහි ප‍්‍රමිතිය බිඳ වැටී තිබේ. පාතාල කණ්ඩායම් රාත‍්‍රි සමාජ ශාලාවල අණසක පැතිරවීම එයට එක් හේතුවකි. රාත‍්‍රියේ ආරම්භ වන සමාජ ශාලා සාමාන්‍යයෙන්ම අලූයම දෙක පමණ වනතෙක් පවත්වාගෙන යයි. අලූයම දෙකෙන් පසුව එහි නළඟනන්ට විවේකය ලැබේ. බොහෝ රාත‍්‍රි සමාජ ශාලාවල නළඟනන්ට නේවාසික පහසුකම්ද සැපයේ. එම රාත‍්‍රී සමාජ ශාලාවෙන් එළියට යාමට නළඟනන්ට අවසර හිමි නොවන අතර සියල්ල සිදුවන්නේ එම සමාජ ශාලාවල භාරකාරත්වයේ අනුදැනමු ඇතිව පමණි. අවි සමග ගොඩවන පාතාල කණ්ඩයාම්වල නහරයන් නිසා මෙම ප‍්‍රමිතීන් පවත්වාගෙන යා නොහැකි විය. ඔවුහු එම නළඟනන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට පටන් ගත්හ. පසුව එය පුරුද්දක් බවට පත්විය. නළඟනන්ට එය අතිරේක ආදායම් මාර්ගයක් බවට පත්විය. අවසානයේදී අලූයම දෙකෙන් පසුව කල්ගත කිරීමට නළඟනන් විසින්ම ගැණුම්කරුවන් සොයා ගන්නා තත්ත්වයට පත්ව තිබේ. ඒ කොළඹ ගණිකා වෘත්තියේ එක් පැතිකඩකි. ජංගම ගණිකා සේවය ඉකුත් සමයේ බොහෝ බරපතළ ලෙස වර්ධනය වූවකි. එහි ඇති විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපාරයේ තැරැව්කරුවා බොහෝවිට ගැහැණියකම වීමය. නව යෞවන වියේදී ගණිකා වෘත්තියට පිවිස කල වයස ගෙවී යත්ම තමන්ට ඉල්ලූමක් නොමැති බවට ඉඟි පළ කෙරෙන විට වියපත් ගණිකාවෝ ගණිකා ජාවාරම අතට ගනිති. මානෙල් මැඩම්, ප‍්‍රින්සි මැඩම්, දයා මැඩම් ඉන් ප‍්‍රධාන වෙති. ඔවුන් යටතේ සුරූපී ලලනාවියෝ දහ පහළොස් දෙනෙක් සිටිති. බොහෝ දුර බැහැර සිට ගෙන්දගම් පොළොවේ රස්සා සොයා පැමිණෙන ගැමි යුවතියෝ මේ මැඩම්ලාගේ ගැටවලට පහසුවෙන් හසුවෙති. එක් මැඩම් කෙනෙක් කොළඹට නුදුරු නගරයකින් නිවසක් කුලියට ගත්තාය. ඇය එහි යුවතියන්ට නේවාසික පහසුකම් දුන්නාය. මුලදී බොහෝ හිතවත්ව ඔවුන් සමග සමීප සබඳතාවකට මුල පුරණ මැඩම් සතියකින් දෙකෙන් ඇගේ සිතත් අරමුණුත් වෙනස් කිරීමට සමත් වන්නීය. වඩාත් ඉසුරුමත් ජීවිතියක් පිළිබඳ මිහිරි ප‍්‍රාර්ථනා ඔවුන් තුළ නිමැවීමට ඇය සමත් වන්නීය. දෙතුන් සතිය ගත වනවිට එම ලාබාල යෞවනියන් ”අනා තැබූ පිටි ගුලියක්” බවට පත්වේ. ඉන් අනතුරුව තමන්ට ඇවැසි ලෙස ඔවුන් හසුරුවාගත හැකි බව මැඩම් දන්නීය. ගණිකා වෘත්තියේ හසළ අත්දැකීම් සපුරා ඇති මැඩම්ට අවශ්‍ය සම්බන්ධතා අවශ්‍ය මට්ටමින් තිබේ. ත‍්‍රිරෝධ රථ, කුලී වාහන පමණක් නොව හෝටල් සමගද ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන යන්නීය. බොහෝ විට යුවතියන් හුවමාරු වන්නේ දන්නා කියන ගනුදෙනුකරුවන් අතරය. පිටස්තරයකු අතට මැඩම් ගේ ජංගම දුරකථනය යන්නේද කුමක් හෝ සම්බන්ධතාවක් මතය. ”හරි එහෙනම් ඔයා අහවල් හෝටලයට යන්න. එතැනට ගිහින් මට කෝල් එකක් දෙන්න” කවුරු කතා කළද ඇගේ පිළිතුර එයය. ගැනුම්කරුවා ඇය කී පරිදිම එම හෝටලයට ගොස් මැඩම්ට දුරකථන ඇමතුමක් දෙයි. ”ඔය ෆෝන් එක හෝටලයේ මැනේජර්ට දෙන්න” මැඩම් කියන්නීය. හෝටලයේ කළමනාකරුගේ වචනවලින් ඇය විශ්වාසවන්තභාවය තහවුරු කර ගන්නීය. අනතුරුව ඇය ත‍්‍රිරෝද රථයකින් හෝ වෙනත් වාහනයකින් එම හෝටලයට පැමිණෙන්නීය. ඇය පැමිණෙන්නේ තනිවමය. සැක නොසිතෙන්නට පිරිමියකු සමග පැමිණීමද බලාපොරොත්තු විය හැකිය. ඇය පැමිණ පළමුව ගනුදෙනුකරු සමග සාකච්ඡා කරන්නීය. අනතුරුව ඇයගේ දුරකතන ඇමතුමට අනුව විනාඩි 10ක කාලයක් තුළ තවත් වාහනයක් හෝටලයට පිවිසෙයි. ලාබාල යුවතියන් සිටින්නේ එම වාහනයේය. තමන්ට කැමැති යුවතිය තෝරා ගැනීමේ නිදහස ගැනුම්කරුට හිමිවේ. තෝරා ගන්නා යුවතියට අනුව මිල නියම කෙරේ. මුදල අතට ගන්නා මැඩම් වහා එම ස්ථානයෙන් පිටව යන අතර තමන් තෝරාගත් යුවතිය සමග හෝටලයට යාමට ගැනුම්කරුට අවස්ථාව හිමිවේ. වීදි ගණිකා වෘත්තිය අභාවයට ගොස් ජංගම ගනිකා වෘත්තිය කරළියට පිවිස තිබෙන්නේ ඒ ආකාරයෙනි. විශේෂයෙන්ම දත යුතු කරුණකි. ගණිකා වෘත්තියේ නියැලීම නිසා අත්අඩංගුවට ගත් ගැහැණියක උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයට හිමි වූ දඬුවම වූයේ රුපියල් සියයක දඩයක් හා ලිහිල් වැඩ ඇතිව මාස අටක සිර දඬුවමකි. එම සිරදඬුවම වසර 5කට අත්හිටුවා තිබේ. ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රාත‍්‍රි කාලයේ මහමග හැසිරීමේ වරද පිළිගත් විසි හැවිරිදි තරුණියකට රුපියල් පන් දහසක දඩයක් නියම විය. එම දඩය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව මාස 8ක සිර දඬුවමක් නියම කෙරුණු අතර එය වසර අටකට අත්හිටුවන ලදී. ලංකා නීති ප‍්‍රඥප්ති සංග‍්‍රහයේ ගණිකා ආඥා පනත යටතේ පැවරී ඇති විධිවිධාන එපරිදිය. එමෙන්ම මෙය ඇඟිලි සටහන් නොගන්නා වැරැදි ගණයට වැටේ. එනම් එය අපරාධ ගණයට අයත් නොවන වරදකි. කරුණු කාරණා මෙපරිදි වනවිට ගණිකා ව්‍යාපාරය මැඩලිය හැකිද යන්න අවශ්‍යයෙන්ම සාකච්ඡාවට බඳුන් කළ යුත්තකි.

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ආරක්ෂක දැළෙන් රිංගන ජංගම ගණිකා සේවය

දිනේෂ් Tuesday, 22 May 2012 01:14 PM

අපේ පොලිසියට ස්තූතියි

:       0       0

ධර්මසූරිය Thursday, 05 July 2012 02:16 PM

අල්ලන අල්ලන කෙනා මරන්න ඕනි .නැත්තම් ලංකාවේ ලිංගික රෝග බෝවෙනවා වැඩියි ,,,,,,,,

:       0       0

Fdo Friday, 25 May 2012 12:30 PM

අයියෝ සල්ලි

:       0       0

විරාජ් Thursday, 24 May 2012 09:54 PM

කළ යුත්තේ ගණිකා වෘත්තිය නීති ගත කර බලපත් ලබා දී රජයේ ආදායම වැඩි කර ගැනීමයි.

:       0       0

ප්‍රභාත් Thursday, 24 May 2012 07:48 PM

අනික් රටවල් වල වගේ ගණිකා වෘත්තිය නීතිගත කළා නම් ලංකාවේ වන කාන්තා අතවර ගොඩක් අඩුවෙයි.ලංකාවේ මිනිස්සු ඉන්නේ හුගක් අසහනයෙන්

:       0       0

දුමින්ද Thursday, 24 May 2012 07:40 PM

හැගීම් වලට වහල් වෙලා වැඩ කරන මිනිස්සු ඉන්න කල් මේ දේවල් දිගටම වෙයි.කොහොමත් ලෝක විනාසේ නම් අත ලගටම ඇවිල්ලා කියන එක නම් ෂුවර්

:       0       0

මේනක Thursday, 24 May 2012 02:45 PM

මිනිසෙක්ගේ මානසික අයිතියක් තමයි ලිංගික අයිතිය.ඒක ලංකාවේ නෑ.ඒකයි දූෂණ වැඩි මේ තරම්

:       0       0

දමිත් Wednesday, 23 May 2012 09:25 AM

මෝඩ කෙල්ලෝ.... පවු

:       0       0

සුජිත් Wednesday, 23 May 2012 07:19 AM

පිරිමි ඇයි මෙතරම් මෝඩ?ඔය සල්ලි නෝනට දුන්න නම් සැප කොහාමද?

:       0       0

ඉෆ්රාස් Sunday, 20 May 2012 04:32 PM

සල්ලි...සල්ලි...සල්ලි...

:       0       0

මතුර්චාන් Tuesday, 22 May 2012 12:10 PM

ගෑනු ළමයිද හොද? නෑ නෑ නෑ පිරිමි තමයි හොද දැන්

:       0       0

නීතිය Tuesday, 22 May 2012 11:40 AM

මින් ලැබෙන්නේ ඉසුරුමත් ජීවිතයක් නොව තිරිසන් ජීවිතයකි.

:       0       0

මකරා Tuesday, 22 May 2012 07:36 AM

ලෝකයේ පරණම බිස්නස් එක,

:       0       0

දිනූශි නවරත්න Tuesday, 22 May 2012 07:11 AM

ජනයාට ඉසුරුමත් අනාගතයක් පාලකයන් සාදා නොදෙන්නේ නම් ඒය කෙසේ හෝ ලගා කර ගැනීම ජනයගේ අභිප්‍රායයි

:       0       0

සර්මි Tuesday, 22 May 2012 03:20 AM

දරුණුද මෙතරම් හදවත ඔබගේ ලස්සන නිසානේ මේ විනේ

:       0       0

සන්ජු Monday, 21 May 2012 11:55 AM

වැරැද්දක් නෑ..

:       0       0

අසන්ක Sunday, 20 May 2012 05:00 PM

මී වදයකි ජීවිතේ-මී පැණි පිරිලා ඇතේ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site