අතීතයේ නම් අයවැය ලේඛනය යනු වසරේ අතිශයින්ම පෙරළිකාර ලියවිල්ලයි. මුළුමහත් ජාතියේම දැඩි අවධානය දිනාගන්නා අයවැය ලේඛනය මගින් සිදුවන අනපේක්ෂිත දේ ගැන සමාජය අතිශයින්ම සංවේදී විය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වැඩි වීම, රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම වැනි කාරණා අයවැයෙන් ඉටුවනු ඇති බව සමාජය දැන සිටියහ. එසේම ඈත අතීතයේ ඇතැම් අවස්ථාවල මූල්‍ය හා පරිපාලන අංශවලට බලපාන වෙනත් වැදගත් යෝජනාද අයවැයට ගැටගසා තිබුණි.
එහෙත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එදා රටේ තිබූ යහපත් ආර්ථික ස්වභාවය දැන් දකින්නට නැත. ආර්ථිකය ඍණ මට්ටමට වැටී රටේ විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් බව ප්‍රකාශ කර තිබියදී ඉදිරිපත් කෙරෙන 2023 අයවැය ලේඛනය ගැන ජනතාව තුළ කිසිදු සාධනීය අපේක්ෂාවක් ඇති බවක් නොපෙනේ. ඒ නිසාම සමාජයේ අයවැය ගැන අතීතයේ තිබූ උනන්දුව උද්‍යෝගය එහෙම පිටින්ම ගිලිහී ගොසිනි. ඉදිරි අයවැය සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් රටට කර ඇති බරපතළ ප්‍රකාශ සහ ඇඟවීම් අනුව ජනතාව කනස්සලුසහගතව සිටිනුයේ තව තවත් බදු පැනවීමෙන් කබලෙන් ළිපටම ඇද වැටේද යන සැකයෙනි.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙන්ම වංචා දූෂණ හා මගඩිකම් නිසා ජාතික ආර්ථිකය මේ තත්ත්වයට පත් වූ බවට චෝදනා නැගෙයි. 2020 ආරම්භ වූ කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමීම නිසා ආර්ථිකයට වැදුණේ මරු පහරකි. සිල්ලර කඩයේ සිට මහා කම්හල් දක්වා සියලු අංශ අඩපණ වීමෙන් ආර්ථිකයේ ඵලදායිතාව ගරා වැටුණි. ඒ සමඟ රටේ ණය බර අධික ලෙස ඉහළ ගියේය. අද වනවිට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය බර රුපියල් ට්‍රිලියන 25ක් පමණ වේ. මෙම ණය නිසි පරිදි ගෙවා ගැනීමට නොහැකි වීම නිසා බංකොලොත්භාවය ප්‍රකාශ කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) සහාය ඉල්ලා සිටීමට ආණ්ඩුවට සිදුවිය.
2022දී මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට සම්බන්ධ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය ගැන මූල්‍ය අරමුදලේ නිර්දේශ ඇතුළත් වට්ටෝරුව රජය වෙත එවා තිබේ. ඉදිරි අයවැය සැකසීමේදී ආණ්ඩුවට ගුරුකොට ගන්නට සිදුව තිබෙන්නේ එකී මූල්‍ය අරමුදලේ නිර්දේශ මාලාව නිසා 2023 අයවැය මූල්‍ය අරමුදලේ තාක්ෂණය විසින් නිර්මාණය කරනු ලබන්නක් බව පිළිගත යුතුය.
රට හරිමඟට ගන්නට රාජ්‍ය ආදායම් ඉහළ දැමීමටත් වියදම් පාලනයටත් මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව නොරහසකි. විවිධ බදු සහ ගාස්තු ඉහළ දැමීම පෞද්ගලීකකරණය ජනතා සහන කප්පාදුව ආදිය මෙම නිදේශවල අන්තර්ගතවන බව දැනගන්නට ඇත. මෙකී යෝජනා මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට8.2 සිට සියයට 14.5 දක්වා වර්ධනය කරගත යුතු බවටද ප්‍රකාශිතය. විශේෂයෙන් ආදායම් බද්ද වැනි ඍජු බදුවලින් දැනට ලැබෙන සියයට 20ක බදු ආදායම තවත් වැඩිවිය යුතු බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි.
එහෙත් මේ සියලු බදු හා ගාස්තු අය කරගන්නට තරම් ජාතික ආර්ථිකය ශක්තිමත්ද යන්න විවාදාපන්න ප්‍රශ්නයකි. රටේ භාණ්ඩ මිල ඉහළ යන වේගය හෙවත් උද්ධමනය සියයට 70කට ආසන්නය. ආහාර අංශයේ උද්ධමනය සියයට85ක් පමණ වෙයි.
මෙම දුර්වල ආර්ථික පසුබිම යටතේ වුවත් 2023 වසරේදී රාජ්‍ය ආදායම අද තිබෙන රුපියල් බිලියන 2056 සිට රුපියල් බිලියන 3500 දක්වා වැඩි කරගත යුතු බවට නිර්දේශ ලැබී ඇත. දැනට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන 2023 විසර්ජන පනතේ ඇස්තමේන්තු අනුව 2023 රාජ්‍ය වියදම රුපියල් බිලියන 3757ක් ලෙස දැක්වෙයි. එය මූල්‍ය අර්මුදල කියන බිලියන 3500ද ඉක්ම වූ ගණනකි.
අයවැය තුලනය කිරීම සඳහා ආදායම් උත්පාදනය කරගත යුත්තේ මෙම සමාජය තුළින්මය. මිලියන 22කට අධික ජනගහනයෙන් දරුවන් හා වැඩිහිටියන් ඉවත් කළ විට ආදායම් උත්පාදනය කරන ශ්‍රම බළකාය ලක්ෂ 100කට අඩුය. එයිනුත් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආර්ථිකය සංකෝචනය වීම නිසා තවත් විශාල පිරිසක් රැකියා වියුක්තිකයන් ගොඩට තල්ලු වෙමින් සිටිති. තවත් මාස 6ක කාලය තුළ අලුතෙන් රැකියා විරහිත ගොඩට ලක්ෂ දෙකක පමණ පිරිසක් එක්විය හැකි බවට විද්වත් පුරෝකථන දැනටමත් පළ වී තිබේ.
එවන් පසුබිමක අයවැයක් ගෙන ඒම ඉතාමත් දුෂ්කර ව්‍යායාමයකි. රටේ බහුතර පොදු ජනතාව සතුටු කිරීමට සුදුසු යෝජනා අයවැයට ඇතුළත් කිරීම දේශපාලන අංශවල අභිලාෂයයි. 2023 මැතිවරණ වසරක් විය හැකි බැවින් ඒ ගැනද රජය අවධානය යොමු කරනු ඇතැයි සිතේ.
කෙසේ වෙතත් පසුගිය වසර දෙකේ මෙන්ම 2023 අයවැයද ඍණ ආර්ථිකයක් ගොඩගැනීමේ ප්‍රයත්නයක් වන බවට උපකල්පනය කළ හැකිය. උද්ධමනය විනිමය අනුපාතය හා පොලී අනුපාත සාධාරණ මට්ටමට පාලනය කෙරෙන යෝජනා ඇතුළත් ප්‍රතිපත්තිමය ප්‍රකාශ පමණක් විය හැකි ඉදිරි අයවැය පවතින සංකීර්ණ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විධිමත් පියවරක් වේවායි සුබපතමු.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආර්ථික අර්බුදයට හා ජනතා අපේක්ෂාවලට මැදිවූ අයවැයක්