(රෝහණ සමරවීර)
මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය වලව විශේෂ බල ප්‍රදේශයට අයත් කුඹුරුවල මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් 70% ක් ප්‍රමාණයක් මේ වනවිට නෙලා අවසන්ව තිබේ.
එහෙත් වී ගොවීන් විසින් එම අස්වැන්න වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණ වලට අළෙවි නොකර පෞද්ගලික වෙළෙඳුන් එන තුරු බලා සිටින බව එම ප්‍රදේශවල ගොවි නියෝජිතයෝ පවසති.
පෞද්ගලික වී වෙළෙන්දන් තම කුඹුරු වලටම පැමිණ රජයේ අනුමත මුදලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීම නිසා වී අලෙවි මණ්ඩලයට තම වී අස්වැන්න අලෙවි නොකරන බව ඇඹිලිපිටියල කුට්ටිගල, පදලංගල, වරායාය, උස්වැව, මොරකැටිය යන ප්‍රදේශවල වී ගොවිහු පවසති.
පෞද්ගලික වී මෝල් හිමියන් පමණක් මෙලෙස ගොවීන්ගෙන් වී මිලදී ගතහොත් සහල් මිල පෞද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට හසුවෙන බවත් එම හේතුවෙන් ඉදිරියේදී සහල් මාෆියාවක් රටේ ඇතිවී පාරිභෝගිකයින් දැඩි පීඩනයට ලක්වීම නොවලැක්විය හැකි බවද ජනතාව පවසති.
සහල් මිල පෞද්ගලික වී මෝල් හිමියන්ගේ ග්‍රහණයට හසුවී සහල් මිල වැඩිකළ හොත් රජය සහල් විදෙස් රට වලන් ආනයනය කිරීම පියවර ගතහොත් ඉදිරියේදී ගොවියා නැවැත කබලෙන් ළිපට වැටීම නොවලැක්විය හැකි බවටද වී ගොවීහු බිය පළකර සිටිති.
එම නිසා රජය ගොවීන්ට නොමිලේ පොහොර ලබා දෙන නිසා ගොවීන්ගේ වී අස්වැන්නෙන් යම් කොටසක් අනිවාර්යෙන්ම රජයට අළෙවි කිරීම සදහා යම් කොන්දේසියක් හෝ පනවා මෙම ගැටලුවට මැදිහත් වන ලෙසට වී ගොවීහු රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ වනවිට තෙත වී ‘කපපු ගමන්* කිලෝවක සහතික මිල රුපියල් 44 ක් වන අතර තෙතමනය 14% දක්වා ඇති වී කිලෝවක් රුපියල් 50 ක මිලකටත් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු බවට ගොවි ගම්මාන වල දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ. අතර රජයේ වී ගබඩා වී මිලදී ගැනීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇති බවද ගොවි නියෝජිතයෝ පවසති.
රජයේ වී මිලදී ගැනීමේ පටිපාටිය එසේ වුවත් පෞද්ගලික වී වෙළෙන්දන් එම රජයේ සහතික මිල අභිබවමින් පිළිවෙලින් තෙත වී කිලෝවක් රුපියල්45 ත් රුපියල් 46 අතර මිලකටද, තෙතමනය 14 ක් දක්වා ඇති වී කිලෝවක් රුපියල් 55 කට හෝ 56 ක් වැනි මිල ගණන් යටතේ කුඹුරටම පැමිණ තමන්ගෙන් මිලදී ගන්නා බව ඇඹිලිපිටියේ වී ගොවීහු පවසති.
අපි වැඩි මිල ගණන් වලට වී මිලදී ගන්න එක ඇත්ත නමුත් පසු ගිය කන්න වලට වඩා මෙවර 40% ක අස්වැන්න අඩුවීමක් තිබෙනවා.
මෙවර යල කන්නයේ ගොයමට වැලදී තිබුණු මයිටා රෝගය හේතුවෙන් නමුත් ඉදිරියේදී හාල් මාෆියාවක් ඇති වන්නේ නැහැ. රජය හාල් වලට පාලන මිලක් දැම්මොත් කොහොමද අපි හාල් වැඩි මිලට විකුණන්නේ යැයි වී මිලදී ගැනීමට වෙල් යායකට පැමිණ සිටි ව්‍යාපාරිකයෙක් වන ඩබ්ගඅමරසිරි මහතා පැවසීය.
ඇඹිලිපිටිය මහවැලි අධිකාරි බල ප්‍රදේශයේ වී ගොවීන්ගේ වී මිලදී ගෙන එම අස්වැන්න ගබඩාකර ගැනීම සදහා මේවන විට කච්චිගල, මොරකැටිය, කුට්ටිගල, අම්බලන්ගොඩ, සූරියවැව යන ප්‍රදේශ වල වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා සූදානම් කර ඇති නමුත් ඒවා හිස්ව පවතින බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
කුට්ටිගල වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේ කළමණාකරු එස්ගඑම්ගජේග නිරෝෂන් මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සදහා රජය විසින් උපරිමයෙන් මුදල් ලබා දී තිබෙනවාග නමුත් පෞද්ගලික වෙළද ව්‍යාපාරිකයන් ගොවීන් ළඟට ගිහිල්ලා වැඩි මිලකට වී අස්වැන්න අරගෙන යනවාග එම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී අළෙවි කිරීමක් සිදු වන්නේ නැහැ,
කුටිටිගල ගබඩාවට පමණක් වී කිලෝ 2000 ක ප්‍රමාණයක් පමණයි මෙවර ලැබී තිබෙන්නේ අනෙක් සියලුම වී ගබඩා හිස්ව පවතිනවා.
අපි ගොවීන්ට වාචිකව හා ලිඛිතව ඉල්ලීම් කරලා තිබෙනවා වී අලෙවි මණ්ඩලයේ ගබඩා වලටත් වී ප්‍රමාණයක් ලබා දෙන්න කියලා නමුත් එය රජයෙන් ගැසට් කරලා නැහැ. ඒ කෙසේ වෙතත් ගොවීන් අපට වී අලෙවි කරන්නේ . යයිද එස්. එම්. ජේ. නිරෝෂන් මහතා පැවසීය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇඹිලිපිටිය ගොවියෝ මණ්ඩලයට දත නියවා පෞද්ගලික වෙළෙඳුන් එන තුරු බලා සිටිති
thilak Sunday, 23 August 2020 12:09 PM
මේ මිල තරගයෙන් දිනන්නේ ගොවියයි. එම නිසා මෙය හොඳ ප්‍රවනතාවක්. රජය කල යුත්තේ අවසානයේ පාරිභෝගිකයාට සාදාරන මිලකට සහල් ලැබෙනවාද යන්න සහතික කිරීම පමණි.
de silva Tuesday, 25 August 2020 09:16 AM
රජය කළ යුත්තේ සහල්වලට පාලන මිලක් දමලා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම, වෙළෙන්දෝ වී හැංගුවොත් රටින් ගෙන එන්න.