(ශාන්ත චන්ද්‍රසිරි)
නාවලපිටිය හා ඒ අවට ඇති බොහෝ ස්ථාන සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තය. නාවලපිටිය නගරය සමීපයේ පිහිටි ඉඟුරුඔය, ගල්පොත්තාගම ආසන්නයේ පිහිටි ස්වාභාවික නිර්මාණය වී ඇති විශාල ප්‍රමාණයේ නාන තටාකය ඒ අතරින් එකකි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මඟහැරී ඇති අතිශය චමත්කාර ජනක මෙම ස්ථානය දිය නෑමට කදිම තැනකි. මෙම විශාල නාන තටාකය ඉපැරණි යුගයේ පටන් දිය නෑමට භාවිතා කොට ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර සේම වටිනා ස්ථානයකි.
නාවලපිටිය නගරයේ සිට දෙකිඳ මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය විට ගල්පොත්තාගම ආසන්නයේ දී මෙම ස්වාභාවික ජල තටාකය හමු වේ. එම මාර්ගය දැනට යම් දුරක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර ඉතිරි කොටස කොන්ක්‍රීට් අතුරා තිබේ.
කොන්ක්‍රීට් අතුරා සකස් කොට ඇති කොටස මේවන විට කැඩී වළවල් මතුව ඇත. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් කිරීමේදි ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් බැස ටික දුරක් පයින් ගිය විට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළඟා විය හැකිය.
කොත්මලා ඔයේ අතු ගංඟාවක් වන ඉඟුරුඔය විසින් මෙරටට දායාද කොට තිබෙන මෙම ස්වාභාවික නාන තටාකය අතීතයේ දී වනවාසීව වැඩවිසු භික්ෂුන් වහන්සේලා දිය නෑමට භාවිතා කර ඇති ඉපැරණි ස්ථානයක් බව ඉඟුරුඔය වැසියෝ පවසති.
එකල භික්ෂුන් වහන්සේලා මෙම ස්වාභාවික ජල තටාකය දිය නෑමට භාවිතා කරනු ලැබු යුගයේ මෙකී ඔය හඳුන්වා ඇත්තේ සඟරුවන්ඔය යනුවෙන් බවත් එය පසුකාලීනව හඟරන්ඔය වශයෙන් භාවිතා කොට තිබේ.
එහෙත් වර්තමානයේදී මෙම ඔය ඉඟුරුඔය ලෙස භාවිතා කරනු ලබති. නාවලපිටිය ප්‍රදේශය ආශ්‍රීත ඇති රජයේ කාර්යාලයන්වල පැරණි ලිපි ලේඛන ආදියේ තවමත් මෙම ස්ථානය සඳහන්ව ඇත්තේ හඟරන්ඔය වශයෙන් බව ඉඟුරුඔය ගම්මු කියති.
උස් හා මිටි විවිධ ගල්කුළු අතරින් ගලා බසින ඉඟුරුඔය එක්වරම මෙම ස්ථානයේ විශාල ප්‍රමාණයේ ජල තටාකයක් නිර්මාණය කර තිබේ. විශාල ගල් ආදිය කිසිවක් නොමැති මෙම ස්ථානයේ ආරම්භයේ සිට ක්‍රමානුකූලව ඈතට යෑමේදී ගැඹුරු වන පරිද්දෙන් නිර්මාණය වී තිබේ.
දියනෑම සඳහා ජලයට බසින ස්ථානයේ ජල තටාකයේ පතුල මනා ලෙස පෙනේ. ක්‍රමයෙන් ඈතට වන්නට මෙම ජල තටාකය ගැඹුරුවන අතර ගැඹුරු ස්ථානවල ජලය අඳුරු පැහැයක් ගන්නා අතර ඇතැම් ස්ථාන අඩි 20 කට වඩා ගැඹුරු බව ගම්මු පවසති. පතුල පෙනෙන ස්ථාවල කුඩා ප්‍රමාණයේ විවිධ වර්ගයේ මසුන් සැරිසරති. මෙහි ජලය සීතල වන අතර ඇතැම් ගල්පර ලිස්සන සුළුය.
මෙම ස්ථානයෙන් ගලා බසින ජලය අතිශය පිරිසිදු බවකින් යුක්තය. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සැඟව සිටින නිසාවෙන් අවට පරිසරයද පිරිසිදුය. කුඩා ළමුන්ගේ පටන් ඕනෑම වයසක අයකුට අපහසුවෙන් තොරව තමන්ට කැමැති ආකාරයෙන් මෙම ස්වාභාවික ජල තටාකයේ දිය නෑමට හැකිය.
දැනට මෙම ස්ථානය විශාල වශයෙන් ඉඟුරුඔය අවට ගම්මු දිය නෑමට භාවිතා කරනු ලබයි. නාවලපිටිය අශ්‍රිත ගම්මානවලට පැමිණෙන ඇතැම් පිරිස් ඉදහිට මෙම ස්ථානයට පැමිණ දිය නා විනෝද වී යන බව ඉඟුරුඔය වැසියෝ කියති.
නාවලපිටියට පැමිණෙන විටදී යම් ඉඩක් ඔබට වෙන්කර ගැනීමට හැකිනම් ඉඟුරුඔය විසින් අපට දායාද කර ඇති මෙම ස්වාභාවික නාන ජලතටාකය නැරඹීමට පැමිණ රිසි සේ දිය නාගැනීමට හැකියාව තිබේ. තවමත් නොයිඳුල්ව පවතින මෙම ස්ථානයට පැමිණ දිය නා පමණක් යන ලෙසත් කිසිඳු අයුරකින් අවට පරිසරයට අපද්‍රව්‍ය මුදා නොහරින ලෙසත් දැඩිව අප ඔබගෙන් ඉල්ලා සිටිමු. ඒ මන්ද යත් මෙම ස්වාභාවික ජල තටාකය පිහිටි ස්ථානය තුළ හෝ ඒ අවට ප්‍රදේශයේ අඩුම තරමේ සබන් දවටනයක්වත් වැටී නොමැති නිසාය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉඟුරුඔය නැම්මේ නාන තටාකය
Athula k Wednesday, 04 April 2018 09:55 AM
අපොයි මේක දැකපු අපේ ලාංකිකයෝ ඔතන වනසයි.
pakeer Wednesday, 04 April 2018 02:29 PM
විනාසයි.
hira Thursday, 05 April 2018 07:02 AM
සමහර තැන් අඩි විස්සක් විතර ගැඹුරු නම් නාන්න තියා හැරිලා බලන්න වත් සුදුසු තැනක් නෙමෙයි. මීට වැඩිය හොදයි ළිදෙන් නාලා ඔලුව පිහදාගන්න එක.
akila Saturday, 07 April 2018 11:55 AM
මේවගේ ප්‍රසිද්ධ ස්ථානවල බොන එක තහනම් කරන්න. එතකොට පරිසරය ගොඩක් රැකෙයි. මොකද බේබද්දෝ තමයි ඔය තැන් තැන්වලට ගිහින් ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග් දාලා එන්නේ..