හැඳි මිටෙහි නුවණින් කාන්තාව මැන්න ලොව එකම රට ලංකාව විය හැකිය. එය කෙසේ සමාජගත වුවත් ඒ සියුමැලි, සොඳුරු ලලනාවන් අද වන විට ගෙයක්, ගමක්, පළාතක්, රටක් නොව ලෝකයක් බබළවන තැනට දස්කම් පා තිබේ. දේශ දේශාන්තරයන්හි පවා ලකඟන බැබළවූ සොඳුරු රුවැත්තියක් පසුගියදා අපට මුණ ගැසිණි. ඇය නමින් දේවිකා දිලානිය.
![]() |
![]() |
![]() |
පවුලේ අය |
ඉතාලියේ අති නවීන විදුලි දුම්රියවල නියාමක තනතුරක් හොබවන ඇය ඇතැම් විට එරට දුම්රියේ රියදුරුවරියක් ලෙසද කටයුතු කරන්නීය. මෙවැනි තනතුරක් දරන ලංකාවේ එකම කාන්තාවද ඇයයි.
”නොහැක්කක් නොමැත” යන්න මැනවින් ඔප්පු කිරීමට ඇය සමත්ව තිබේ. පොදුවේ අපේ රටේ සමස්ත කාන්තා සංහතියටම දේවිකා ආදර්ශයකි. රට සමාජයේ ඉදිරියට ඒමේදී කාන්තාවට කිසිම බාධාවක් නැති බව දේශාන්තර තනිවම ජය ගනිමින් ඇය පෙන්වා දී තිබේ.
දේවිකා දිලානිගේ ළමා කල ගෙවුණේ පූගොඩ තරාල ප්රදේශයේය. ඇය 3 වැනි ශ්‍රේණිය දක්වා තරාල සිරිකුරුස විදුහලින් උගත්තාය. ඉන්පසු පවුලේ අය මීගමුවේ පදිංචියට ගිය නිසා දේවිකා වෙන්නප්පුව උල්හිටියාව ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් විදුහලට ඇතුළත් කෙරිණි.
නමුත් දේවිකාගේ පියා වූ ජෝෂප් නිවුටන් මහතාටත්, මව වූ නාලනී ප්‍රනාන්දු මහත්මියටත් ඉතාලියේ රැුකියා ලැබුණු බැවින් පවුලම ඉතාලිය බලා පිටත්ව ගියහ. ඔවුන් පදිංචි වූයේ ඉතාලියේ මෙසීනාවලය. මෙසීනාහි ලොයියාසි විදුහලෙන් දේවිකා දිලානි ඉගෙනුම ලැබුවාය. එම විදුහලේ විභාග උසස් ලෙස සමත් වූ ඇය බොලොනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී දේශපාලන විද්‍යාව හා තානාපතිකරණය හදාරා ඇය ආචාර්ය උපාධිය ද ලැබුවාය. ලංකාව ගැන, ලංකාවේ තත්ත්වය ගැන මනා අවබෝධයකින් පසුවූ ඇය ආචාර්ය උපාධිය සඳහා කළ නිබන්ධනය ද විශේෂ එකකි. එම නිබන්ධනය ‘ශ්‍රී ලංකාවේ ත්රස්තවාදයට විසඳුම’ ලෙස නම් කර තිබිණි.
මේ කාලයේම දේවිකාට රජයට සම්බන්ධ දුම්රිය සේවයේ නියාමක තනතුරක් ලැබිණි. ඇගේ උපාධිය අනුව තවදුරටත් උසස් රැුකියාවක් ලැබිය හැකි වුවද, ඇය දුම්රිය සේවයට බොහෝ ප්‍රිය කළාය. ඒ අනුව එරට දුම්රිය පැදවීම පිළිබඳ විශේෂ පුහුණුවක්ද ලැබිණි. ඉතාලියේ දුම්රිය නියාමක තනතුරක් දරන එකම ශ්‍රී ලාංකිකයා වීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද? හදිසි අවස්ථාවල දුම්රිය පදවන ඇය අනෙක් සෑම අවස්ථාවකම දුම්රියේ ප්‍රධාන වගකීම දරමින් නියාමකවරිය ලෙස කටයුතු කරන්නීය.
ඉතාලියේ දුම්රිය සේවා ආරම්භ කරන ප්‍රධාන දුම්රිය ස්ථානය බොලොන්නා දුම්රිය පළයි. (ලංකාවේ කොටුව දුම්රිය පළ මෙන්) එහි සිට ඉතාලිය පුරා විහිද යන බොහෝ දුම්රිය වල ඇය සේවය කරන්නීය.
විශේෂයෙන් බොලොන්නා සිට මිලානෝ, රෝමය, වැනීසිය, වෙරෝනා, ටොරීනෝ, ෆෙස්කාරා ආදී ප්‍රදේශවලට යන දුම්රියන්හි දේවිකා නිතර කටයුතු කරයි.
දේවිකා දිලානි එරට සිටියද හැකි සෑම විටම ලංකාවට පැමිණෙන්නීය. ඇය ලංකාවට බොහෝ ආදරය කරන අතර තම උපන් ගම් බිම්වල සතුටින් ඇවිද යන්නීය. ඒ ආදරය නිසාම ඉතාලි දුම්රිය සේවයේ කටයුතු කළද ඇගේ නිල ඇඳුමේ ලංකාවේ සිහ ධජය සහිත කුඩා ලාංඡුනයක් පැළඳීමට ද අමතක නොකරන්නීය. පිටරට ගොස් ලංකාව අමතක කරන බොහෝ දෙනාට දේවිකා ඒ අතින් ආදර්ශවත්ය.
”මා ශ්‍රී ලංකාවට ආදරෙයි. මා ශ්‍රී ලාංකිකයි. මගේ ගම්වලට මම ආදරෙයි. මම ඉතාලියේ සේවය කළාට එහෙ ජීවත් වුණාට ලංකාව, ලංකාවෙ අනන්‍යතාව අමතක කරන්න බෑ. මගේ නිල ඇඳුමේ විතරයි, මේ විදිහට ලාංඡනයක් පළඳින්නෙ. තවත් රටවල අය ඉන්නවා. ඒ අය එහෙම තම රටවල ලාංඡුන පළඳින්නෙ නෑ. නමුත් මට සිංහ ධජය සහිත බැජ් එකක් පැළදීම සතුටක්. තාත්තා ලංකාවට ආපු අවස්ථාවක තමයි මම කියලා ගෙන්වා ගත්තෙ.
මගේ නිල ඇඳුමේ සිංහ කොඩිය සහිත ලාංඡුනය තියෙනවා දැකලා මෙහෙට ආපු ලංකාවේ ප්‍රධාන පෙළේ අය බොහෝ දෙනෙක් මා සමඟ කතා කළා. මිලානෝ වලට, වැනීසියට යන දුම්රියක දී සිංහල කෙනෙක් හමුවෙලා කතා කිරීමට ලැබීමත් භාග්‍යයක්. වැඩි දෙනා ඉතාලි භාෂාව කතා කරන්නෙ. දුම්රියෙ යන ශ්‍රී ලාංකික මගියකුට ඒ දුම්රියේ නියාමකවරිය සමඟ සිංහලෙන් කතා කරන්න ලැබෙනවා කියන්නෙ පුදුම සිදුවීමක්. කවදාවත් අමතක නොවෙන දෙයක්. ලංකාවෙන් ආපු ඉහළ මට්ටමේ අය දුම්රියෙදි මාව දැකලා කතා කර ප්‍රසංසා කළා. ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළා. අපට ඒ රටේ රජයෙන් උසස් විදිහට මේ රැකියාවට සැලකීමක් දක්වනවා.
එක අවස්ථාවක අප පදිංචිව සිටි නිවසට භූමිකම්පාවකින් යම් හානියක් වුණා. එරට රජය වහා මැදිහත් වෙලා අපේ පවුලේ අයට අති නවීන පහසුකම් සහිත නිවසක්, ආහාර පාන නොපිරිහෙලා වගකීමෙන් ලබා දීමට කටයුතු කළායි” ඇය පවසන්නීය.
විශේෂයෙන් ලංකාවේ එල්.ටී.ටී.ඊ. ප්රශ්නය නිමාවට පත්වීම දේවිකා බෙහෙවින් අගය කරන්නීය.
දේවිකා දිලානි විවාහ වී සිටින්නේ ලසන්ත මග්ගොනගේ මහතා සමඟය. ඔවුන්ට දියණියෝ දෙදෙනෙකි. වැඩිමල් දියණිය ක්ලේලියාය. ඇය ක්ලෙවර් කෝරෙ විදුහලේ ඉගෙනුම ලබන්නීය. බාල දියණිය කර්ලොත්තාය.
ශ්‍රී ලාංකිකව ඉපිද, ලොවක් දිනූ, ලාංකික කමට ගරු කරන සොඳුරුරුවැත්තීය දේවිකා දිලානිට අපිද සුබ පතමු.
ස්තූතිය තරාලේ චමිල සමරතුංගට
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉතාලියේ විදුලි දුම්රිය පදවන අපේ දිලානි
මහේෂ් Sunday, 27 October 2013 03:11 PM
මගේ සුබ පැතුම්! (නි)
ශිරානි Sunday, 27 October 2013 03:54 PM
මෙහෙ අාවොත් දුම්රිය රියදුරෝ වර්ජන කරාවි. ඒ නිසා එන්න එපා. (නි)
සදුනි Sunday, 27 October 2013 07:17 PM
බොහෝ දෙනෙකුට විදේශගත වුණාම ඉක්මනින් මව්බිම අමතක වෙනවා. ඔබ නම් සැබෑම ශ්‍රී ලාංකිකයෙක්.සුබ පැතුම්. (නි)
සනත් Sunday, 27 October 2013 07:45 PM
ජයවේවා ඔබතුමියට!!! (නි)
ලක්මාල් Sunday, 27 October 2013 07:55 PM
අපිට ගොඩක් ආඩම්බරයි. (නි)
ලක්මාල් Sunday, 27 October 2013 08:17 PM
පිටිගල මිලානෝ, කෝ ඔයා? අපි වෙන්නප්පුවේ. එන්න මොනවා හරි ලියන්න (නි)
මෙහාන් Monday, 28 October 2013 12:30 AM
ශ්‍රී ලාංකිකයෙක් විදිහට සතුටුයිඊටත් වඩා අපේ ගමේ කෙනෙක් වුණ එක තවත් සතුටුයි .ඔබට ජය ....(අ)
පැතුම් චානක Monday, 28 October 2013 02:32 AM
ඔබ අප රටට අභිමානයකි. ඔබට තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! (නි)
අනිල් බටේපොල Monday, 28 October 2013 02:55 AM
ඔබ අප දේශයට ආඩම්බරයකි.ඔබට ජය. (නි)
ශිරානි විජයසේකර Monday, 28 October 2013 03:13 AM
ඔබ අපට ආඩම්බරයක්! සුභ පැතුම්!! (නි)
ඉන්දික Monday, 28 October 2013 03:14 AM
ඔබ අපට ආඩම්බරයක් (නි)
ප්‍රසන්ත Monday, 28 October 2013 04:51 AM
අභියෝග ජයගත් ඔබට මගෙන් සුබ පැතුම්! (නි)
ලයනල් Monday, 28 October 2013 05:12 AM
සුබ අනාගතයක් වේවා !!! (නි)
විජේසුන්දර Monday, 28 October 2013 08:42 AM
ආඩම්බරයි. ළමයින්ගේ නම් සිංහල වුණා නම් තවත් ආඩම්බරයි (නි)
පෙත්තා Monday, 28 October 2013 09:00 AM
දේවිකා දිලානි රටේ නම තබමින්,දස්කම් හා සිනහව පාමින්, ඔබ යන ඉදිරි ගමනට අපේ හද පතුලෙන් ආදර සුබ පැතුමන්! (නි)
කුමාරසිරි Monday, 28 October 2013 11:27 AM
මේ පුංචි රටේ නම, ලෝකයේ බබලවන්නට තව තවත් මේ වැනි ලලනාවන් බිහි වේවා .....! (ස)
ජෙනිට තමෙල් Monday, 28 October 2013 03:27 PM
ඇත්තෙන් ම ඔබ වැනි දිරිය දියණියක් ලද මගේ මව් බිමට නමස්කාර වේවා! ඔබ සිප් සතර ලැබු සාන්ත ප්‍රැන්සිස් සේවියර් විදුහලේ ස්වේච්ඡා ගුරවරියක ලෙස සේවය කිරීමට ලැබීමත් මා ද එම විදුහලේ ආදි ශිෂ්‍යාවක වීමත් ගැන සියුම් ආඩම්බරයක් මට ද දැනේ. දයාබර දියණිය ඔබ අප පාසැල් මාතාවට ද ලැබ දුන්නේ ඉමහත් ගෞරවයකි. ඔබගේ දෙමව්පියන්වද බැතියෙන් සිහි කරමි. ඔබට සැමියා ට හා දියණියන් දෙව් ආසිරි පතමි! (ස)
වරුණ මිලානෝ Monday, 28 October 2013 04:49 PM
මගේ සුබ පැතුම්! ..................... අර පිටිගල දැන් පේන්නත් නෑ....... (ස)
විජේසුන්දර Monday, 28 October 2013 04:53 PM
අපේ රටේ කාන්තාවෝ ලොවේ හැම රටකම වගේ දක්ෂකම් පෙන්වමින් ලක්මවගේ නම බබළවනවා.හරිම සතුටක් ,ආඩම්බරයක් වගේම තවත් උසස් තනතුරු ලබාගැනීමට හේතු වාසනා වේවා! ඔබට ජය. (නි)
ටෝනි Monday, 28 October 2013 05:00 PM
ඇත්තෙන්ම රටට ආඩම්බරයක් නම් තමයි. ඒ වුණාට ඔයා ලංකාවෙන් ඉතාලියට ගොස් රස්සාවක් කරන එක ඔයාට හොඳයි. ලංකාවේ හිටියා නම් දෙවියන්ගේම පිහිටයි! (නි)
ජගත් Monday, 28 October 2013 05:34 PM
මටත් එළවන්න පුළුවන් ඕක (නි)
මොහොමඩ් Monday, 28 October 2013 07:08 PM
සුභ පතනවා (දිල්)
දේවිකා Monday, 28 October 2013 08:07 PM
ඔයාට සුබ අනාගතයක්! (නි)
බණ්ඩා Monday, 28 October 2013 08:18 PM
ඔයා ලංකාවේ ඔය රස්සාව කළා නම් ...? (නි)
ගීතා Monday, 28 October 2013 09:37 PM
දිරිය දියණියක් වන ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. ඔබට දෙවි පිහිටයි! (නි)
කපිල Monday, 28 October 2013 11:44 PM
ආඩම්බරයි දුවේ (නි)
ලම්බෙර්ට් Tuesday, 29 October 2013 01:19 AM
අපට ආඩම්බරයක්! සුභ පැතුම්!! (නි)
රාජිත මාලිංග Tuesday, 29 October 2013 01:40 AM
ඔබට ජය! (නි)
මොහාන් Tuesday, 29 October 2013 03:05 AM
මිලානෝ පිටිගල කියන කෙනා මේකට අදහස් දාලා නැහැ (නි)
පෙරේරා Tuesday, 29 October 2013 03:33 AM
වෙන්නප්පුවේ මිනිස්සුන්ට කොච්චර දොස් කිව්වත්, ඒ අය ඇත්තටම උසස් , ඒ අය රටට ආඩම්බරයක් එක් කරනවා. විවේචකයෝ මොනවද රටට කරන්නේ? (නි)
තිළිණ Tuesday, 29 October 2013 03:37 AM
තව අවුරුදු පහක් යද්දී අපේ සිංහල ළමයි ඉතාලියේ ඉහළ තැන්වලට යන්න වාසනාව ලබනවා (නි)
මිලානෝ Tuesday, 29 October 2013 03:38 AM
දැක්කා නේද? මොනවාහරි දෙයක් වෙද්දී වෙන්නප්පුවට බනින ඔයගොල්ලෝ අද මොකෝ කියන්නේ? වෙන්නප්පුවේ මොනවා වුණත් අගයන්න ඕනෑ. (නි)
ම පට්රිච්ක් දිඅස් Tuesday, 29 October 2013 04:08 AM
අප රටට මහා කීර්තියකි (නි)
ගංගා Tuesday, 29 October 2013 09:42 AM
ඔබ අපට ආඩම්බරයක් (නි)
නිශාන්ත ජයලත් Tuesday, 29 October 2013 12:58 PM
ඇත්තෙම්ම මට නම් ගොඩක් ආඩම්බරයි. ඔයාට දෙවි පිහිටයි .... (ස)
ඉන්ද්‍රානි Tuesday, 29 October 2013 01:13 PM
ඔයා ගැන මට ගොඩාක් ආඩම්බරයි. මං මේ පුවත දැක්ක ගමන් මට හරි සතුටක් දැනුනා. අපේ කෙනෙක් හැටියටත්, අපේ රටේ කෙනෙක් හැටියටත් අපට ලොකු ආඩම්බරයක්, සතුටක්...ඔයාට දෙවි පිහිටයි දේවිකා! (නි)
සඳුන් Tuesday, 29 October 2013 01:18 PM
ශ්‍රී ලංකික ඔබ, ඔබ ගැන අපට ආඩම්බරයකි. දිලානි (ස)
ඉන්සාෆ් Tuesday, 29 October 2013 01:43 PM
ලංකාවට ඉමහත් ආඩම්බරයක් එක් කළ ඔබට , සුබ පැතුම් ..!! (නි)
නෙවිල් Tuesday, 29 October 2013 01:48 PM
මහත් ආඩම්බරයක් අපිට (නි)
නිශාන් Tuesday, 29 October 2013 01:52 PM
මෙවන් ධෛර්යසම්පන්න සිංහ දෙනුන් තව තවත් බිහිවේවා! (නි)
ප්‍රසාද් වික්‍රමසිංහ Tuesday, 29 October 2013 01:57 PM
නියමයි. (ස)
අසෝක Tuesday, 29 October 2013 02:31 PM
අප රටට මහා කීර්තියකි.ඔබ ගැන අපට ආඩම්බරයකි. (ස)
චන්ද්‍රසිරි Tuesday, 29 October 2013 02:56 PM
ඔබට සුබ පතනවා. ඔබ ආදර්ශමත් කාන්තාවක්. (ස)
සරත් බුද්ධකොරලා Tuesday, 29 October 2013 03:03 PM
ඔබට ජය ශ්‍රී . ලංකාවේ අපිට ලොකු සතුටක්. (ස)
පද්මසිරි Tuesday, 29 October 2013 04:01 PM
ශ්‍රී ලංකාවේ අපිට ලොකු සතුටක්, සුභ පතනවා... (ස)
මහින්ද Tuesday, 29 October 2013 06:29 PM
ලංකාවේ කාන්තාවක් ඉතාලියේ දුම්රිය නියාමකවරියක් වී ඇතිබව දැකීම ඉමහත් සතුටක්. ඒ වගේම ඔබ ලංකාවේ සිංහ කොඩියක් සහිත ලාංජනයක් පැළඳ සේවය කිරීම අපට මහත් ආඩම්බරයක්. මම රෝමයේ සේවය කරන්නෙක්. (නි)
ඉරංගා Tuesday, 29 October 2013 07:41 PM
දිරිය දියණියක් වන ඔබ ගැන ගොඩක් ආඩම්බරය දුවේ. ඔබට දෙවි පිහිටයි! (නි)
උපුල් Tuesday, 29 October 2013 07:46 PM
ඔබට අපේ සුභ පැතුම්! (නි)
වීරවිල Tuesday, 29 October 2013 08:47 PM
ඔබට සුබ පතනවා. ඔබ ආදර්ශමත් කාන්තාවක් (නි)
කමල් Tuesday, 29 October 2013 09:12 PM
අප රටට ලොකු ආඩම්බරයක්. ශ්‍රී ලාංකිය කාන්තාවන්ට අභිමානයක්. මගෙන් උණුසුම් සුබ පැතුම් (නි)
රුක්මන් Wednesday, 30 October 2013 12:33 AM
නංගියේ .... ඔයා අපිට ලොකුම ලොකු ආඩම්බරයක්...සුබ පතනවා ...ඔයාට අපේ ආචාරය..(නදී)
නිලන්ති නපෝලි Wednesday, 30 October 2013 01:34 AM
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. ආදර්ශයකි අපේ ගමේ වීමත් ඉමහත් සතුටක් ඔබටත් ඔබ පවුලේ සැමටත් ශ්‍රී කුරුසයේ පිහිටයි (නදී)
උපුල් කුමාර Wednesday, 30 October 2013 02:13 AM
ලංකාවට මහත් කීර්තියක් ලබා දුන් ඔබට අපගේ සුබ පැතුම්........(නදී)
පිටිගල මිලානෝ Wednesday, 30 October 2013 02:19 AM
ඔබගේ නව යොවුන් තාරුණ්‍යයේ මුහුණ දකින විට නම් පැයට කිලෝමීටර් තුන්සීයක පමණ වේගයෙන් ඇදෙන විදුලි දුම්රියක් පදවනවා කියල අදහන්නත් අමාරුයි. මම ඔබට සුභ පතමි.(නදී)
ඉෂාන් Wednesday, 30 October 2013 03:11 AM
වෙන්නප්පුවට බනින උදවියගේ ගම් වලින් මේ වගේ අය බිහිවෙලා නැත්තේ ඇයි දන්නේ නැහැ නේ ?(නදී)
ඉෂාන් Wednesday, 30 October 2013 03:15 AM
පිටිගල මිලානෝ මෙන්න ඔබේ උගත් , බුද්ධිමත් භාවය පෙන්වන්න අවස්ථාවක්.(නදී)
පාලිත Wednesday, 30 October 2013 04:05 AM
අපිට හරිම සතුටක් නගෝ.(නදී)
නිලුපුලී Wednesday, 30 October 2013 07:18 AM
මේක කියවනවිට මට යමක් සිහි වුණා. විදේශීය රටකදී මට මුණගැසුනා වයස විසි පහක පමණ කාන්තා ගුවන් නියාමකවරියක්.ඇය බලාගෙන සිටින්නේ අැගේ සැමියා පැමිණ අැයව නිවසට රැගෙන යනතුරු. මම ඇහුවා ඔයා වාහන පදවන්නේ නැත්තේ මහන්සිය නිසාද කියලා.ඇය දුන් පිළිතුර මාව පුදුමයට පත්කළා.එයාට රිය පැදවීමේ බලපත්‍රයක් නැතිලු. (නි)
බන්දුසිරි හෙඳහේවා Wednesday, 30 October 2013 09:03 AM
ඔබට ග්‍රහ ලොවකට යන්න වරම් ලැබේවා .... (ස)
චතුරංග ශර්ලි එදිරිසිංහ Wednesday, 30 October 2013 09:09 AM
අක්කේ ඔබ අපිට ආඩම්බරයක්. අපේ සුභ පැතුම්! (ස)
ශ්‍රීමාල් Wednesday, 30 October 2013 10:40 AM
ආඩම්බරයි අක්කා ඔයා ගැන !!!! (ස)
ඉරේෂ් සුහද කුමාර Wednesday, 30 October 2013 11:25 AM
මගේ සුබ පැතුම් (ස)
දිල්හානි වර්ණකුල Wednesday, 30 October 2013 12:07 PM
පුගොඩ අපෙන් සුබ පැතුම් !!!! (ස)
ශාන්ති Wednesday, 30 October 2013 12:21 PM
දිරිය දියණියනි, ඔබට මගේ ප්‍රණාමය !!!!! (ස)
චමත් (ඉතාලිය) Wednesday, 30 October 2013 12:23 PM
ඔබ ගැන අපිට හරිම සතුටුයි .... ඒ වගේම ආඩම්බරයි..තව තවත් ඉදිරියට යන්න දිරිය ලැබේවා .... ඔබගේ දෙමාපියන්ටත්, සැමියා ඇතුළු දරු දෙදෙනාටත් බුදු සරණ පතමි. (ස)
කුමාරිහාමි Wednesday, 30 October 2013 03:32 PM
ලංකාවෙත් කාන්තා ගාඩ්ලා හා රියදුරුවරියන් දුම්රියට පත් කරමු. එවිට මගීන් ගාඩ් පෙට්ටියේ හා එන්ජිමේ යන්න පෙළඹෙන නිසා වැඩිපුර මගීන් ගණනක් ගෙන යා හැකියි. (නි)
කුමාරිහාමි Wednesday, 30 October 2013 03:38 PM
මෙහෙත් ඉන්නවා ආචාර්ය උපාධි තියන අය. නමුත් ඒ බොහෝ ආචාර්යවරියන්ට පමණක් නොව ආචාර්ය වරුන්ටවත් බසයක් ලොරියක් පදවන්නවත් බෑ. යන්තම් කාරයක් ජීප් රියක් පදවා ගත්තෑකි. (ස)
වරුණ මිලානෝ Wednesday, 30 October 2013 05:05 PM
දැක්කනේ උගත් පිටිගලගේ අදහස. මේ මනුස්සයාගේ උගත්කම කුහකකම ඒකෙන්ම පේනවා (නි)
බන්ටු Wednesday, 30 October 2013 05:13 PM
පිටිගලට ලෑන්ඩ් මාස්ටරයක්වත් එළවා ගන්න බැහැයි කියන්නෙ ඇත්තද? (නි)
මිල්රෝයි ද සිල්වා Wednesday, 30 October 2013 07:29 PM
ඔබ අපට ආඩම්බරයක්.කොහේ හිටියත් අපේකම අමතක කරන්න එපා,ඔබට සුබ පතමි! (නි)
පහන් Wednesday, 30 October 2013 07:47 PM
ආඩම්බ්රයි අක්කේ.. ඒත් ළමයින්ගේ නම් ලංකික නම් උනා නම් තවත් හොදයි.(නදී)
ඉෂාන් Wednesday, 30 October 2013 08:30 PM
පිටිගල, මූණ බලලා මිනිස්සු මනින්න බැහැ. ඔබතුමා හිතන්නේ ඔබතුමාට බැරි දේවල් අනෙක් අයටත් බැහැ කියලද? (නි)
සජාන් වින්දන Wednesday, 30 October 2013 11:19 PM
සුබ පැතුම්! ඔබ තරාලේ උපන් කෙනෙකු වීම සහ තරාල සිරිකුරුස විදුහලින්ද උගත් කෙනෙකු වීම තරාලේ සැමටම මහත් ආඩම්බරයට සහ සතුටට කරුණකි. (නි)
නිමාලි වර්ණකුල Thursday, 31 October 2013 01:47 AM
ඔබට අපෙන් උනුසුම් සුභ පැතුම්!(නදී)
චමිල මිලානෝ Thursday, 31 October 2013 03:24 AM
වරුණ මිලානෝ, ඇයි නිකරුනේ පිටිගලට බනින්නේ? එයා හොඳක් නේ ලියල තියෙන්නේ.(නදී)
හේවා Thursday, 31 October 2013 11:05 AM
මගෙන් සුබ පැතුම්. (ස)
චන්දි Thursday, 31 October 2013 01:20 PM
නැගණියනි, ඔබට මගේද සුබ පැතුම් එක් කරමි,දරු දෙදෙනාටත් සැමියාටත් දෙමාපියන්ටත් ඔබටත් නිරෝගී සම්පත් ලැබී දිර්ගායුෂ ලැබේවා! ලක් මවගේ දුවක් වීම අගයකොට සළකමි. පිටිගල මිලානොට බැනපු හැමදෙනාම තව වරක් ඔහු ලියූ දේ කියවා බලන්න කියා ඉල්ලා සිටිමි (නි)
චමත් ඉතාලිය Thursday, 31 October 2013 10:44 PM
ජගත්,අපි දන්නවා ඔයාට බර කරත්තත් එලවන්න පුළුවන් කියලා.අර ළමයාගේ දක්ෂතාවයට සුභ පතන්න ඉගෙන ගන්න.ඔයා මොනවා එලෙව්වත් වැඩක් නැහැ,කෙනෙකුට සුභ පතන්න තරම් මානසිකත්වයක් නැත්නම් . (නි)
සංජීව Thursday, 31 October 2013 11:37 PM
නියමයි. අපේ උපහාරය! (නි)
සංජීව Thursday, 31 October 2013 11:39 PM
පුගොඩ තරාලේ අපෙන් සුභ පැතුම්.(නදී)
මානි Friday, 01 November 2013 04:52 AM
සුබ පැතුම්! (නි)
රූපවතී Friday, 01 November 2013 11:56 AM
ගොඩාක් ආඩම්බරයි ..!! කාන්තාවකට අද සමාජයේ බිම දිගට අතුගෑවෙන සායක් ඇදන් නොගියොත් පිළිගැනීම අඩු මිනිසුන් අතරට මේ කාන්තාව ..ලස්සන උත්තරීතර ආදර්ශයක් එක් කර ඇතිබව මම මෙහි ලියන්නේ ... දකින්නේ ..ගොඩාක් උදම් වෙමින් ..!!! ඔබට ජයෙන් ජයශ්‍රී ..!!! (ස)
සමදරා ආරියදාස Friday, 01 November 2013 02:07 PM
ගොඩක් සතුටුයි මයේ දුවේ. ඔයාට සම්මා සම්බුදු පිහිටයි.අපේ රටට ගොඩාක් ආඩම්බරයක්. මීට පස්සේ මම දෙයියෝ සාක්කි එකට ලියන්නේ නැහැ. මේවගේ ඒවාට ලියනවා. සමදරා නැන්දා (නදී)
සමදරා Friday, 01 November 2013 02:09 PM
රූපා කාන්තාවක් උනහම අපි දැන ගන්න ඕන කොට සාය අපේ රටට හරි නැති බව. අපේ සංස්කෘතිය නැති බංග කරන්න හදන්න එපා. ඔයා ඔයා යන යන තැන ලෙඩ දාන කෙනෙක් (නදී)
සමදරා Friday, 01 November 2013 02:23 PM
ඉතාලිය වගේ උසස් රටක ජීවත් වෙන්න ලැබීමට ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා. මමත් හරි ආසයි ප්ලේන් එකක කොහේ හරි යන්න. ගිහින්ම නැහැ. ටිකට් එකට සල්ලි තියෙනවා. විසා තමයි ප්‍රශ්නේ. (ස)
කුසුම් Friday, 01 November 2013 03:30 PM
වෙන්නප්පුවෙන් බිහිවූ තවත් උදාර දිරිය කාන්තාවක්! අද ඉතාලියේ ජිවත් වන සියලු ලාංකිකයින් හට, ශ්‍රී ලංකික අනන්‍ය තාවයකින් යුතුව එරට විසීමට මග එලි පෙහෙළි කර දුන්නේ වෙන්නප්පුවේ කාන්තාවන් තමයි. එදා මුලින්ම ඉතාලියට ගිය උගත්, නුගත් සියලු දෙනාම මනා බුද්ධියකින් යුතුව නිසි ලෙස ඉතාලි සමාජය හා බද්ද වෙමින් ශ්‍රී ලංකා නාමය ඉතාලි සමාජය තුල සනිටුවන් කල නිසා, ඉන් පසුව ඉතාලියට ගිය පරම්පරාවට එරට ජිවත් වීම පහසුවක් වුවා. එම අවස්ථාවෙනුත් ප්‍රයෝජන අරගෙන වෙන්නප්පුවේ ජනතාවට කුහක කම් කරන්නේ නැතිව, වෙන්නප්පුව නගරය අද තිබෙන දියණු තත්වයට තමන්ගේ ගමත් දියුණු කරගන්න අරමුණු කරගෙන, ඉතාලි යස ඉසුරුත් රැගෙන ලංකාවට එන්න අධිෂ්ඨාන කරගන්න. මා මෙලෙස ලිවේ සැමදාම වෙන්නප්පුවට දොස් නගන කීප දෙනටයි. දිරිය දියණිය ඔබට මගේ ශුභ පැතුම්!! (ස)
දෝලා Friday, 01 November 2013 07:35 PM
ඉතාලිය වගේ උසස් රටක ජීවත් වෙන වෙන්නප්පුවේ මිනිසුන්ගෙන් මෙහෙමත් කෙනෙක් බිහිවීම ගැන ආඩම්බර වෙනවා (නි)
සමදරා Saturday, 02 November 2013 06:42 AM
රූපා, ඔයාගේ කොට සාය මැන්චෙස්ටර් වලම තියාගන්න. ඕවා ඇඳගෙන අපේ ගම් පැත්තේ අාවොත් කොල්ලෝ ඔයාගේ කකුල් කඩයි (නි)
රොහාන් Saturday, 02 November 2013 06:44 PM
අපිට ගොඩක් සතුටුයි (නි)
සිංහලයා Saturday, 02 November 2013 09:40 PM
දරුවන්ටත් සිංහල නම් දැම්මා නම් තවත් වටිනවා. (නි)
නිහාල් Sunday, 03 November 2013 12:19 AM
ඔබ ගැන ලංකික අපිට හරි ආඩම්බරයක්. lankawe තවම කාන්ත දුම්රිය නියමකවරියන් නැහැ, ඒගැන හිතලවත් නැති තරම් වගේ. මමත් ඉතාලි සංචාරක හොටෙලෙක රැකියාව කරන්නේ, ඔබ ගැන හරිම ආඩම්බරයකින් මම ඉතාලි ගැහැණු ළමයෙකුට කිව, අපේ ගැහැනු ළමයෙක් ඔයාලගේ විදුලි දුම්රිය පදවනවා කියල. ඔබට මගේ සුබ පැතුම්...!! (ස)
රූපවතී Sunday, 03 November 2013 02:16 PM
සමදරා ඔයාව යවන්න ඕන දබානටයි..?නැහැදිච්ච කම විතරක් ?කැලේටමයි හොද ඔයාව...? පොරවක් කරේ දමාගෙන ඉන්න ...? (නදී)
රූපවතී Sunday, 03 November 2013 03:14 PM
සමදරා ..මමනම් අදින්නෙම කලිසම..? පිරිමින්ගෙන් තියා දැන් අපිට ඔයාලවගේ ගැහැණියෙකු ගෙන්වත් බේරෙන්න නම් ? ඒක තමයි දැන් තියන කාන්තාවකට ආරක්ෂිතම ඇදුම..?කොට සාය ඔයාම ඇදගන්න..? (නදී)
සෝමේ Sunday, 03 November 2013 07:25 PM
සමදරා අක්කේ ඔයාට වැඩක් නැද්ද අනිත් අයගේ ප්‍රතිචාර. දිගට ඇන්දත් කොටට ඇන්දත් තමන්ගේ චරිතය තියන්න ඉන්න දන්න කෙනා තමයි නියම ගැහැණිය. (නදී)
පසන් නිමන්ත Monday, 04 November 2013 06:21 AM
නියමයි(නදී)
සන්ජි Wednesday, 06 November 2013 08:41 PM
ඔක්කොම හොඳයි. එහෙත් ළමයින්ගේ නම් දාද්දි නම් අපේකම අමතක වෙලා නේද (නි)
කටුනායකගේ පෙරේරා. Monday, 11 November 2013 08:32 AM
ඇත්තටම ඔබ වැනි දිරිය දුවක් ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. ඔයාට ඉදිරියටම යන්න මගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
ටිකිරි Sunday, 17 November 2013 09:05 PM
ශ්‍රී ලාංකීක අපිට ආඩම්බරයි ඔබ ගැන. ජයවේවා! (නි)
නිරංජලා Friday, 13 December 2013 12:57 PM
දිරිය කතක් වීම ලාංකික කාන්තා පරපුරටම මහත් අභිමානයකි, ආඩම්බරයකි. රටට මහත් ගෞරවයකි. අපෙන් සුබ පැතුම්.(නදී)
සමන්මලී Tuesday, 31 December 2013 11:17 AM
අපිට මහත් ආඩම්බරයකි.(නදී)
අසන්ක Tuesday, 01 April 2014 07:33 PM
ඔබ අපට ආඩම්බරයක්! සුභ පැතුම්!ඔයාට ඉදිරියටම යන්න මගෙන් උණුසුම් සුභ පැතුම්! (නි)