X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


ඉදිරියේදී නොසිතන බොහෝ දේවල් සිදුවිය හැකියි

 5

 

රටේ නිර්මාණය වී ඇති අලුත් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.

 


● ප්‍රශ්නය - මිනිස්සුන්ට අරක්කු පොවලා ගංජා ගස්සලා සන්ධානයේ නායකයන්ට හූ කියවන එක ඒකාබද්ධ විපක්ෂයේ අලුත්ම උපක්‍රමයයි.
පිළිතුර -
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලෙන් අල්ලාගෙන ඉන්න කල්ලිය ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් හූ වදින කොට ඒකේ යථාර්ථය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ අනුව වෙනස් වෙන්නේ නැතිව එක එක නානාප්‍රකාර චෝදනා එකිනෙකාට එල්ල කිරීමෙන් ඵලක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිගන්න ඕනැ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා යූ.එන්.පී., දෙමළ සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ක ඡන්දෙ ඉල්ලලා දිනලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්පත් කර ගැනීමක් කරලා තියෙන්නේ. ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව නැති කරන්න පුරෝගාමීත්වය ගත්තේ ඔහු. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ පමණක් නොව පොදුවේ ප්‍රගතිශීලී ජන බලවේගයන්ට ඔහුට හා ඔහු සමග සිටින කණ්ඩායම සම්බන්ධයෙන් කුමන හෝ පැහැදීමක් නැහැ. අපැහැදීම දවසින් දවස මෝරනවා මිසක් බිඳකින් හෝ අඩු වෙන්නේ නැහැ. ඒ අපැහැදීමේ එක සංකේතාත්මක ප්‍රතිඵලයක් තමයි ඔය වදින හූව. ඒකට ඉතිං අනුන්ට බැණ අඬගහලා වැඩක් නැහැ. බොරු කතා කියලා නන්දොඩවලා වැඩක් නැහැ. ඇයි මේ හූව එන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා තේරුම් අරන් ඒ අනුව කටයුතු කරන්න ඕනැ.

 


● ප්‍රශ්නය-කෝ අලුත් පක්ෂය? පොහොට්ටුවෙන් එනවා කිව්වා. සුබ නැකතින් එනවා කිව්වා. නමුත් අද කිසි ශබ්දයක් නැහැ?
පිළිතුර -
අලුත් පක්ෂයක් හදනවා නම් හදන්නේ අපි නොවෙයි. ඒ පක්ෂය හදනවා නම් හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ වර්තමාන නායකත්වය නොපිළිගන්නා ජන බලවේග විසින්. ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගන්නා, වත්මන් පක්ෂ නායකත්වය නොපිළිගන්නා මන්ත්‍රීවරුන් විසින් ඔවුන් ඒක ඉතාම සුදුසුම මොහොතේ ක්‍රියාවට නංවයි. ඒ ගැන කවුරුත් කලබල විය යුතු නැහැ.

 

02-page-18-BA
● ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂට පක්ෂයේ තනතුරක් දීලා සංහිඳියාවක් ඇති කිරීමේ වෑයමක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නියැලිලා ඉන්නවා.
 පිළිතුර -
මම නම් දැනුවත්ව එහෙම උත්සාහයක් නැහැ. කොහොමත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ දේශපාලන ගුබ්බෑයමේ වුවමනාවක් ඉටු කරන්නෙක් බවට පත්වෙන්නේ නෑ කියන විශ්වාසය අපට තදින්ම තියෙනවා.

 


● ප්‍රශ්නය - පරාජයට වගකිව යුතු යැයි කියපු බැසිල් රාජපක්ෂත් දැන් මහින්දගේ වේදිකාවේ.
 පිළිතුර -
බැසිල් රාජපක්ෂ සතුව කිසියම් හැකියාවක් තියෙනවා සංවිධානාත්මක ක්‍රියාකාරීත්වය අතින්. ඒ සඳහා ඔහුට දැක්විය හැකි දායකත්වය ලබාදෙනවා. ඒ හැරෙන්න වෙන දෙයක් නෑ.

 


● ප්‍රශ්නය - ජිනීවා මෙහෙයුම් ගැන කතා කරපු විදෙස් යාන්ත්‍රණ එපා කියපු ඒකාබද්ධ විපක්ෂය දැන් ජිනීවා යන්නේ රෙදි ඇඳගෙනද කියලා ආණ්ඩුව අහනවා?
 පිළිතුර -
පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයට හිමි අයිතිවාසිකම් නොපිළිගන්නා තත්ත්වයක් දිගින් දිගටම ඇති වෙනකොට ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමයට දන්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හෝ සමූහයකගේ අයිතිවාසිකම් අහිමි වී තිබෙනවා නම් ඒ පිළිබඳව දැනුම්වත් කර තිබෙන එකම ජාත්‍යන්තර ආයතනය අන්තර් පාර්ලිමේන්තු සංගමයයි. ඒක ජීනීවා මානව හිමිකම නොවෙයි. අන්තර් පාර්ලිමේන්තු සංගමයට   ඒකාබද්ධ විපක්ෂය එම පැමිණිල්ල ඉදිරිපත් කළාම ඔවුන් දිනයක් ලබා දී තිබෙනවා. තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්න පැමිණෙන්න කියලා. ඒ සංගමයේ කාර්යාලය තියෙන්නෙ ජිනීවා නුවර වුණාට අපේ මන්ත්‍රීවරු තිදෙනා ගියේ ජිනීවා මානව හිමිකම් කොමිසමට දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න නොවෙයි. අදාළ සංගමය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපේ මන්ත්‍රීවරුන් තිදෙනා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමග විරෝධතාවක නියැලෙනවා. යුද අපරාධ අධිකරණය පිහිටුවීම ඇතුළු ජිනීවා මානව හිමිකම් කොමිසමේ රටට අහිතකර මෙහෙයුමට විරුද්ධව, එක්සත් ජාතික පක්ෂය හිතාමතාම කරුණු පටලවාගෙන ඉන්නේ. ඒ නිසා ඒ චෝදනා වල කිසිදු පදනමක් නැහැ.

 


● ප්‍රශ්නය - සුද්දා නරක නම් තීන්දු හොඳ වෙන්නේ කොහොමද කියලාත් යූ.එන්.පී.ය අහනවා?
 පිළිතුර-
එහෙම බැලුවොත් ලතින් ඇමරිකාව, වෙනිසියුලාවේ ඉන්නෙත් සුදු හම තියෙන අය තමයි. කියුබාවෙත් සුදු හම තියෙන අය ඉන්නවා. මෙතැන හමේ ප්‍රශ්නයක් නොවේ තියෙන්නේ. අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිපත්ති කරේ තියාගෙන ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නයයි මෙතැන තියෙන්නෙ. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළි වලට සුබ පතන්න යුරෝපා රටවල වාමාංශික පක්ෂවල නායකයන් එන්නේ. මෙතැන තියෙන්නේ සූදානම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ගෝලීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මේ රට පිළිගැනීමේ න්‍යාය පත්‍රයට යටත් වෙනවද නැද්ද කියන ප්‍රශ්නයයි මෙතැන තියෙන්නේ. මේ ආණ්ඩුව ඒකට යටත් වෙලා දණ ගහලා රට ඔවුන්ගේ පිළිකන්නක් බවට පත් කරන්න. රට අස්ථාවර කරලා අනාථ කරන මෙහෙයුමක් කරන ගමන් බොරුවට ඔය මහජනයා මුලා කරන්න මතු කරන ඔය ප්‍රශ්න වල කිසිම වලංගු බවක් නැහැ.

 


● ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම කිව්වෙ උතුරේ ආරක්ෂාව ඉවත් කරලා උතුර අනාරක්ෂිතයි කියලා. නමුත් මරාගෙන මැරෙන ජැකට් එකක්, ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයාගන්න පොලිසිය සමත් වෙනවා. ඒ කියන්නේ ආරක්ෂක අංශ සීරුවෙන්?
පිළිතුර-
මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා වොෂින්ටන් නුවරට ගිහිල්ල ඇමෙරිකානු බලධාරින්ට කිව්වා දැනටමත් උතුරේ හමුදාව සියයට 37කින් අඩු කරලා තියෙන්නේ. ඉදිරියේදී අපි ඒක තවදුරටත් අඩු කරනවා කියලා. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මැයි මාසය ඇතුළත අහෝසි කරලා වෙනත් පනතක් ගේනවා කියලා. ඔබ දන්නවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කීමෙන් කියැවෙන්නේ සියලුම දඬුවම් ලබන ත්‍රස්තවාදීන් නිදහස් වීම. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කලින් උතුරේ ස්ථාන කිහිපයකදි වෙඩි නොවදින ජැකට් හම්බ වෙනවා. වෙඩි උණ්ඩ හම්බ වෙනවා. පැති බෝම්බ හම්බ වෙනවා. ඒ විතරක් නොවෙයි සිම් කාඞ් පත් පහක් හම්බ වෙනවා. අපි මේ ගැන කරුණු සොයලා බැලුවම අපි දැන ගත්ත විදියට මේ පුද්ගලයාට කාන්තාවන් දෙදෙනකු සමග සම්බන්ධයක් තියෙනවා. බිරියට අමතරව තවත් අනියම් බිරියකුත් ඉන්නවා. ඒ කාන්තාව තමයි ඔහු සමග ඇති කර ගත් පෞද්ගලික ප්‍රශ්නයකට පොලිසියට දැනුම් දෙන්නේ මේ නිවසේ ගංජා තියනවා කියලා. පොලිසිය යන්නේ මේවා හොයන්න නොවෙයි. ගංජා හොයන්න. ඒ නිසා ඔබේ තර්කය බිඳ වැටෙනවා. ගංජා අල්ලන්න ගියාම තමයි අහුවෙන්නේ වැල්ලවත්තට ගෙනියන්න සූදානම් කරලා තියෙන ජැකට් එක හා පුපුරණ ද්‍රව්‍ය.

 


● ප්‍රශ්නය - ඔබ කොහොමද කියන්නේ වැල්ලවත්තටම කියලා.
 පිළිතුර -
තොරතුරු හරියට හොයලා බලනවා නම් ඒවා හොයාගන්න පුළුවන්. ඔය හැම දෙයක්ම මාධ්‍යයට වාර්තා කරන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. ඔය පාර්සලය -වැල්ලවත්ත” කියලා සඳහන් කරපු සටහනකුත් තිබිලා තියෙනවා. ඒකෙන්ම සිම් කාඞ් පත් පහක් තියෙනවා. මේවා පරණ වෙන්න බෑ. මම දැක්කා යුද හමුදා නිලධාරින් ප්‍රකාශ කරලා තිබුණා ශීතකරණයක තියෙන කුකුල් මස් ටික එළියට ගන්නෙ කන්න මිසක් නිකම් තියාගන්න නොවෙයි කියලා. කොහේ හරි හංගලා තිබුණු දෙයක් හරි ගේ ඇතුළට ගේන්නේ වෙනත් තැනකින් අරන් යන්න මිසක් වෙන දෙයක් නොවෙයි. එතකොට බොහොම පැහැදිලියි ජාතික ආරක්ෂාව අතින් සුරක්ෂිතයි කියලා. රට, ආණ්ඩුව කෙටි කාලයක් තුළ නැවත කොටි ත්‍රස්තවාදීන්ගේ යුදමය මෙහෙයුම් පණ ගැන්වෙන තැනට අරගෙන ඇවිත් තියෙනවා. ඒක වහන්න බෑ. ආරක්ෂක ලේකම්වරයා බඩු මුට්ටු කියලා මේවා හැඳින්වූවාට මේවා බඩු මුට්ටු නම් අලුත් අවුරුද්දට ගිනිකෙළි සංදර්ශන පවත්වන්න ද මේවා තියාගෙන ඉඳලා තියෙන්නෙ. අද මේ අය ජාතික ආරක්ෂාව බිල්ලට දීලා තියෙනවා. කොටි ඩයස්පෝරාවට අවශ්‍ය විදියට රටේ දේශපාලනය හසුරුවමින් ඉන්නවා. දෙමළ බෙදුම්වාදයට පණ පොවලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට රණවිරුවන් අවසන් සටනෙදි විසි හත්දාහක් ජීවිත පුදලා විසි තුන් දහසක් අතපය අහිමි කරගෙන ඇති කරපු සාමය හා ආරක්ෂිතභාවය නැති වෙමින් පවතිනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේක දේශපාලන පා පන්දුවක් කරගන්න එපා කරුණාකරලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියලා.

 


● ප්‍රශ්නය- අද ජයග්‍රහණයෙන් පස්සෙ උතුරෙන් හා නැගෙනහිරෙන් වළදාපු ආයුධ හමුවුණා. මෝටාර් පවා හමුවුණා. ඒවා සහ මේක අතර ඔබ ඇයි පරස්පරයක් දකින්නේ
 පිළිතුර -
වළලන ලද අවි ආයුධ හමුවීමයි ගෙයක් ඇතුළේ තිබිලා මරාගෙන මැරෙන ජැකැට් හා පුපුරණ ද්‍රව්‍ය හමුවිමයි සමාන වෙන්නේ කොහොමද? සිම් කාඞ් පහ පරණ සිම් කාඞ් පත්ද? ඒ සිම් කාඞ් හරහා ගවේෂණය කළොත් අනාවරණය වියහැකි කරුණු මොනවාද? වළලාපු දෙයක් ද මේ හම්බ වුණෙ. ගෙයක් ඇතුළෙ තිබුණෙ. එහෙම තිබුණෙ කොහෙට හරි ගෙනියන්න නොවෙයිද? රටේ ජනතාව බබ්බු කියලා හිතාගෙනද ඔය වගේ ගොබ්බ කතා කියන්නෙ.්

 


● ප්‍රශ්නය - පුපුරණ ද්‍රව්‍ය ඔතලා තිබුණේ 2008 වසරේ පත්තර පිටුවක. ඒ නිසා මේවා පරණ ඒවා කියලයි ආණ්ඩුව කියන්නේ.
 පිළිතුර -
පරණ බඩු වුණත් මගේ ප්‍රශ්නය තමයි ගේ ඇතුළේ තියාගෙන හිටියේ යම්කිසි කාර්යයකට යන්න නොවෙයිද කියලයි. පොළොව යට තිබුණ නම් ඔය තර්කය තරමක් දුරට හරි වලංගුයි. නිවෙසක මේවා තියාගෙන හිටියේ මොකටද? ඔය වගේ දේවල් ගෙවල් ඇතුළේ හංගාගෙන ඉන්න දේවල්ද? ඉතින් අපි කියන්නේ අර වත්තල මංතීරුව විනාශ කළාට පස්සෙ කියපු විහිළු කතා වගේ ඒවා නොකියා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනවෙන් වැඩ කරන්න කියලයි. ගිරිතලේ යුද හමුදා කැඳවුරේ බුද්ධි අංශ නිලධාරින් හිර කරගෙන ඉන්නවා. කිසිම වලංගු චෝදනාවක් නැතිව. යුද හමුදා බුද්ධි අංශය මුළුමනින්ම අකර්මන්‍ය කරලා දාලා. එමගින් ත්‍රස්තවාදින්ට නිදහසේ තමන්ගේ ක්‍රියාදාමයන් නැවත පණගන්වන්න ඉඩකඩ හදලා දීලා තියෙනවා. ඒක පිළිඅරගෙන පරාජය කරලා රට නැවත ප්‍රපාතයට තල්ලු කිරීමෙන් වළකින්න.

 


● ප්‍රශ්නය - මේ වටපිටාව තුළ ඔබ කොහොමද ඊළඟ දේශපාලන ක්‍රියාමාර්ග තෝරන්නේ.
 පිළිතුර -
අද මේ ආණ්ඩුව ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය රුපියල් එකසිය පනහකට එහා අගයකට අරගෙන ගිහින් තියෙනවා.  ආර්ථිකය අද හතර ගාතෙන් වැටිලා. ගොවියෝ මහ පාරට වැටිලා. වෘත්තියවේදීන් ඉට්කා ගිවිසුමට එරෙහිව මහ පාරට බැහැලා. උපාධිධාරින් රැකියා ඉල්ලාගෙන මහ පාරට බැහැලා. මුළු රටම මේ කෙටි කාලය ඇතුළත වියවුල් සහගත තත්ත්වයට මේ ආණ්ඩුව පත් කරලා. ජාතික ප්‍රශ්නය අතින් දෙමළ බෙදුම්වාදය පිනවන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනවා. ඒ වගේම අද ආරක්ෂක අංශ දුර්මුඛ කරලා බුද්ධි අංශ දුර්මුඛ කරලා ජාතික ආරක්ෂාව පාවාදීලා තියෙනවා. ඉතිං මෙහෙම තත්ත්වයක් යටතේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රබල ජනතා ක්‍රියාකාරීත්වයකට අද නායකත්වය සපයනවා. මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරගත් ව්‍යාජ හීලෑ කරගත් ඩීල් විපක්ෂය වෙනුවට සැබෑ ලෙසට මේ රටේ ජනතා අරගලයට නායකත්වය දෙන්න ඒකාබද්ධ විපක්ෂය සමත්වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාග් නායකත්වයෙන් අපි ඒ කාර්යභාරය ඉටු කරනවා. 17 වැනිදා හයිඞ්පාක් පිටියෙහි අපි ආරම්භ කළේ ඒ දෙවැනි නිදහස් අරගලය. ඒ අරගලයෙ ඉදිරි පියවර අපි මැයි දිනයෙන් පසුව අපි පණ ගන්වන්න බලාපොරොත්තු වෙනවා.

 


● ප්‍රශ්නය - කොහොම වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පුළුල් කෙරෙන ප්‍රගතිශීලි සංශෝධන දිහාවට මේ රට හරවන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවා.
 පිළිතුර -
මේ අය ආවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරු පහ නොවෙයි තරු දොළහ දෙනවා කියලානේ. අද මොකක්ද වෙන්නේ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු වෙලාද? තොරතුරු දැන ගැනීමේ අයිතිය පැහැර ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත කියලා පනතක් පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා. ඒ පනත අනුව ජාත්‍යන්තර ගිවිසුම් ජාතික ආරක්ෂාවට අගතියක් විය හැකි දේවල් පළ කළොත් මාධ්‍යවේදීන් අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් හිරේ දාන්න පුළුවන්. ඒවාට තොරතුරු දෙන නිලධාරින්වත් හිරේ දාන්න පුළුවන්. මේ හරහා බලන්නේ අනාගතයේදී ඉට්කා ඇතුළු මේගොල්ලො අත්සන් කරන්න බලාපොරොත්තු වන රටට අහිතකර ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව මහ ජනතාවට තොරතුරු දැන ගැනීමට කර තියෙන අයිතිය නැති කරන්න. ඒ වගේම කරනු ලබන පාවාදීම් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීමට තිබෙන අයිතිය නැති කරන්න. අගතියට පත්වීම කියන වචනය නිර්වචනය කරන්නේ කොහොමද? ඕනෑම දෙයක් අගතියට පත්වීම කියලා නිර්වචනය කරන්න පුළුවන්. එමගින් බලන්නේ මාධ්‍යයට තිබෙන නිදහස නැති කරලා මාධ්‍යවේදීන් දඬුකඳේ ගහලා රටේ ජනතාව මුකුත් නොදන්න මිනිස්සු බවට පත් කරන්න. මේක තොරතුරු හැංගීමේ පනතක්. ඔන්න මේ ආණ්ඩුවේ ඔය ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදය

 


● ප්‍රශ්නය - කොහොම වුණත් රටේ නීතියට අනුව තව අවුරුදු 5ක් යනතුරු මේ ආණ්ඩුව හොල්ලන්න බැහැ?
 පිළිතුර
- පාර්ලිමේන්තුවේදී මුදල් පනතකට 113 ගන්න බැරිවෙච්ච ගමන් පාර්ලිමේන්තු විසුරුවා හැරියා සේ සැලකෙනවා. එතැන තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්. අද ආණ්ඩුවට ගිහින් ඇමැතිකම්  දරන බොහෝ අය ඉන්නේ කනස්සල්ලෙන්. ඔවුන්ට නාම මාත්‍රිකව යමක් දිලා තියෙනවා මිසක් රටට යමක් කරන්න ඒවායින් බැහැ. ඉතිං ඒ නිසා ඔබ නොසිතන බොහෝ දේවල් විය හැකියි.

 


● ප්‍රශ්නය-ඒ කියන්නේ එහෙම වැඩ පිළිවෙළක් තියෙනවා.
 පිළිතුර -
ඒවා ඉතින් ආප්ප කාලා පහු වෙනිදා ගියා වගේනේ වෙන්නේ. ඒවා කලින් කියන්නෙ නැහැනේ.

m



අදහස් (0)

ඉදිරියේදී නොසිතන බොහෝ දේවල් සිදුවිය හැකියි

සෙනරත් Wednesday, 06 April 2016 03:49 AM

ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සැලකිල්ලක් නෑ කියන එකනම් හොදටම පැහැදිලිවෙනවා මැතක වුණු සිද්ධිවලින් සහ මේ බෝම්බ කතාවලින්. රජය මේවා වෙන්න ඇරලා බලා ඉන්නේ 2005 ට කලින් තිබුණු තත්වයට රට ගෙන එන්නද කියලා සැකයක් මතුවෙනවා. රටේ සංවර්ධන වැඩ නැවතිලා. (බ)

:       0       0

මෝක්ෂ Sunday, 10 April 2016 07:13 PM

බොහොම හොඳයි විමල් මහත්තයෝ (නි)

:       0       0

කරු Sunday, 10 April 2016 12:29 PM

ඔව් ... විමල් .. ඔයාල තවසැරයක් මහින්ද රාජපක්ෂව .. පාර්ලිමේන්තුවට දක්කාගෙන අවේ නැත්නම් ... අද ඔයාල හිටිය තැනක්වත් .. හොයාගන්න වෙන එකක් නැහැ නේද (බ)

:       0       0

සාගර Sunday, 10 April 2016 11:07 AM

ජයතු දැන් අයිෆෝන් ලැප්ටොප් හදන්නේ චිනේ. ඇමෙරිකාව ඔක්කොම චීනෙට ප්‍රතිස්ථාපනය කරලා. (බ)

:       0       0

පාලිත Sunday, 10 April 2016 10:34 AM

ඇත්ත කතා කරන කාටවත් බය නැති අවංක මහත්තයෙක් (බ)

:       0       0

ජයතු Friday, 08 April 2016 10:22 PM

මේ කෑ ගහන්නේ සුද්දා හදපු අයිෆෝන් ලැප්ටොප් පාවිචිචි කරමින්නේ. ඇත්ත ජනතාව දන්නවා (නි)

:       0       0

ජයකොඩි Thursday, 07 April 2016 12:39 PM

මේ යන විදියට අපිටත් ඒ ගැන හැගෙනවා.(හේ)

:       0       0

ගොඩගේ Thursday, 07 April 2016 08:11 AM

මහත්තයෝ රජයට එකතුවෙලා නරකද වැඩ ටිකක් දැම්මොත් ඇඹරිලා යන්න (බ)

:       0       0

කමල් Thursday, 07 April 2016 06:02 AM

මේ ආර්ථිකය ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා අගමැති තුමා පමණයි (ම)

:       0       0

කරුණාරත්න Wednesday, 06 April 2016 10:42 PM

ඔව් විමල්, අපිත් එ්ක විශ්වාස කරනවා. (නි)

:       0       0

නිම්මි Wednesday, 06 April 2016 02:49 PM

වින්සන්ට් මල්ලිට දුක හිතුනද? මොකට දුක් වෙනවද අනේ දැන් ඔයාලගේ සාක්කු පිරිලා ඇතිනේ ? ගොවියෝ චුවින්ගම් කකා ඩෙනිම් ඇදගෙන වැඩ ඇතිනේ (බ)

:       0       0

සාගර Wednesday, 06 April 2016 08:44 AM

රට වෙනුවෙන් බය නැතුව කතා කරන මිනිස්සුනව මඩ ගහලා යටපත් කරන්න බලන් ඉන්න කුමන්ත්‍රණකාරයෝ තමා දැන් රජ වෙලා ඉන්නේ.(හේ)

:       0       0

නලින් Wednesday, 06 April 2016 08:42 AM

චතුරි දෙවියන්ට පොල් ගෙඩියක් ගහල බලන්න, හැබැයි වැරදි නම් කැරකිලා තමන්ටම ඒවි.(බ)

:       0       0

නුවන් Tuesday, 05 April 2016 07:51 AM

ඉන්න හැම මැති ඇමතිම නාම මාත්‍රික කට්ටියක් තමා. වැදගත් දෙයක් කලානම් ඒ කලේ බොහොම සීමිත පිරිසක්. (ර)

:       0       0

ටෙෂාන් Wednesday, 06 April 2016 02:22 AM

ඔව් සමහරවිට ගොඩක් අය ගහපු ගැහිලි ටික එළියට එන්න පුළුවන් (නි)

:       0       0

අබය Tuesday, 05 April 2016 11:00 PM

මගේ ෆොක්ස්වැගන් කාර් එක කැඩිලා. උදව්වට කවුරුත් එවන්න බැරිද ජර්මනියෙන්.....? (නි)

:       0       0

රනිල් Tuesday, 05 April 2016 09:58 PM

විමල්ට ලේසියෙන්ම ආණ්ඩුවට එකතුවෙලා ඇමතිකමක් ගන්න තිබුනා. එ්ත් එයා තමන් හරි කියලා හිතුන දේ විතරයි කළේ. එයා ගත් තීරණය හරි කියලා දැන් හිතනවා මේ ආණ්ඩුව කරන දේවල් බලනකොට. මේ ටික කාලෙට රට කොච්චර පස්සට ගිහින්ද කියලා හිතනකොට දුක හිතනවා. මට හිතන විදිහට අපේ රටට අනාගතයක් තියෙන්නේ විමල් හා ගම්මන්පිල වගේ තරුණ නායකයෝ ඉදිරියට අාවහම තමයි. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 05 April 2016 09:45 PM

නිම්මි, ඒ කාලේ වැඩකරපු කොම්පැණිය ගැන සැකයක් හිතෙනවා. ඒකත් අර ගුවන් සේවිකාවකට සැළකුවා වගේ ආයතනයක් වෙන්න ඇති නේද?කවුරුත් අඬන්නේ මොකටද කියලා කථාවෙන් තේරෙනවා. එක කාලයක යුද්ධය විකුණුවා. දැන් බෝම්බ විකුණනවා. ඉදිරියේදී තව නොසිතන දේවල් විකිණීමට ඉඩ ඇත. (නි)

:       0       0

නිම්මි Tuesday, 05 April 2016 02:51 PM

බලාගෙන ඉන්න අයට මගෙන් සුබ පැතුම්. අපිටනම් බලාගෙන ඉන්න වෙලාවක් නැහැ අපි වෝක්ස් වැගන් කොම්පැනියේ වැඩ අනේ. (බ)

:       0       0

චතුරි Tuesday, 05 April 2016 02:39 PM

මේ වගේ මිනිසුන්ට මම දෙවියන්ගෙන්. ඉල්ලනවා කොඳු ඇට පෙලවගේ මේ කට්ටියගේ. දිවටත් ලබා දෙන්න කියලා මේ ඇට නැති. දිව නිසා තමයි හැම විනසයක්ම වෙන්නේ. හැරෙන හැරෙන පැත්තට මේ අය කතා කරන්න දක්ෂයි (බ)

:       0       0

නිලංකා Tuesday, 05 April 2016 11:36 AM

අපි බලාගෙන ඉන්නේ... (ර)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 April 2016 09:59 AM

මේ රටේ මිනිස්සු මේ ඇත්ත තේරුම් අරගෙන යහපත් දේශපාලනක් කල හැකි මිනිස්සු එක්ක එකතු විය යුතුයි. (ර)

:       0       0

සෑම් Tuesday, 05 April 2016 08:52 AM

මම මේක කියවන්න කාලය නාස්ති කරන්නේ නැහැ .(හේ)

:       0       0

දුමින්ද Tuesday, 05 April 2016 08:36 AM

දෙවැනි ආප්ප විප්ලවය.......(හේ)

:       0       0

අමල් Tuesday, 05 April 2016 07:53 AM

අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

සිසිර Tuesday, 05 April 2016 07:52 AM

අපි බලමු මොනද ඒ බොහෝ දේවල් කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site