මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හමුවීමට බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ අමාත්‍යාංශයට අපි ගියෙමු. අමාත්‍යවරයාගේ නිල කාමරය දෙවොලක් බඳුය. බුද්ධ රූපද, දේව රූපද එක් පසෙකය. අමාත්‍යවරයාගේ දකුණු පසින් දුටුගැමුණු රජතුමාගේ යෝධ සිතුවමක්ද වම් පසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද වෙයි. හඳුන්කූරු දුමාරය නිසා දෑස දැවිලි දෙයි. ඔව්. කතාබහ අපි එතැනින් පටන් ගනිමු. ප‍්‍රශ්නය: ඇමැතිතුමනි, ඔබේ නිල කාමරය හරිම අමුතුයි. ඇයි මෙහෙම පරිසරයක්. පිළිතුර: ඒක ඉතින්...... දැන් ඔයා පිටිපස්ස හැරිලා අර කවුළුවෙන් බලන්න. ඔබට පේන්නේ මුහුද. ඒකේ පරක් තෙරක් නෑ. මේ මහා සාගරයේ ලූණු රස විතරයි තියෙන්නේ. මේවා සොබා දහම නිර්මාණය කරපු දේවල්. අපේ ජීවිතක් එහෙම තමයි. අවසානයක් නෑ. අවසානයක් දකින්න නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් හරි ළං කර ගන්න. එහෙම බිඳක් ලංකර ගත්තොත් කාලයක් යනකොට අපට පුළුවන් වෙනවා ඒක මහ වැස්සක් කර ගන්න. එහෙම වුණොත් අපට පුළුවන් සතුටෙන් ඇස් දෙක පියා ගන්න. නිවන් දකින්න නම් මනුස්ස ලෝකයෙම උපදින්න ඕනෑ. දෙවියන්ට නිවන් දකින්න බෑ. ඒ නිසා තමයි මම මේ කාමරය මෙහෙම හදා ගත්තේ. බුදු සරණ හැර වෙන සරණක් ලෝකයේ නෑ. ඊළඟට විෂ්ණු කතරගම, ගණ දෙවියෝ මං ළග වැඩ ඉන්නවා. දුටුගැමුණු රජතුමා මේ පැත්තෙන් ඉන්නවා. රට එක්සේසත් කරපු මහ රජ කෙනෙක්. මේ පැත්තේ ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. හයවැනි පරාක‍්‍රමබාහුට පස්සේ රට එක්සේසත් කළේ එතුමා. පල්ලෙහා පින්තූරයේ ඉන්නේ රාජපක්ෂ පවුලේ ලොකු අයියා. අපේ රජතුමාගේ ලොකු අයියා චමල්. ඒ වාසනාවන්ත දරු උපතක් සමග තමයි කාර්යශූර ප‍්‍රතාපවත් ප‍්‍රඥාවන්න දරු පරපුරක් ඒ පරපුරෙන් බිහිවුණේ. ඒ ඔක්කොම බලලා තමයි මම මේ කාමරය හදා ගත්තේ. ප‍්‍රශ්නය: සෑම වංචනිකයෙක්ම ආගම සැරසිල්ලක් බවට පත්කර ගන්නා බවට කියමනක් තිබෙනවා. ඔබ එයින් වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? පිළිතුර: මමනම් ඒක විශ්වාස කරන්නේ එක එක මෝඩ මිනිස්සු කියපු කතා විදියටයි. ඔය කතා පොත්වලත් ලියවිලා ඇති. සමහර මාධ්‍යවේදීන් ඒ මෝඩ කතා කියලා වැදගත් මාධ්‍යවේදයත් මෝඩ කරනවා. එහෙම නම් ඉතින් බුදුහාමුදුරුවන්ටත් රහතන් වහන්සේලාටත් එහෙම කියන්න ලෑස්ති වුණානම් බුද්ධාගම නෑනේ. අනිකුත් ආගමික ශාස්තෘවරුන්ටත් එහෙම කිව්වානම් ඒ ආගම් නෑ. අනේ මට පුළුවන්නම් ඔය කතාව කියපු එකා හොයලා දෙන්න. අඩු තරමින් හොම්බට දෙකක් අනින්න. ප‍්‍රශ්නය: ඔබේ ඇමැතිකමට නිශ්චිත විෂය පථයක් නෑ. ඔබ තරහා කර නොගෙන තියා ගන්න මොනවා හරි අටමගලයක් අටවලා දුන්නා කියලා ඔබ හිතන්නෙ නැද්ද? පිළිතුර: එහෙම හිතන්න බෑනේ. මගේ අමාත්‍යාංශය ගන්නකෝ. ඔබ කිව්වට මට විෂය පථයක් නෑ කියලා. නෑ ඒක හරියට අර මුහුද වගේ විශාලයි. ඕනෑම අමාත්‍යාංශයක අඩුපාඩුවක්, යම්කිසි වැරැුද්දක් වෙනවා නම් ඇමැතිවරුන් අතින් පමණක් නොවෙයි. ඇමතිවරුන් කියන්නේ සර්වතෝ භද්‍ර පිරිසක් නොවෙයිනේ. මමත් සර්වතෝ භද්‍ර නෑනේ. ඒ නිසා අඩුපාඩුවක් වුණොත් ඒ ගැන හොයා බැලීමේ වගකීම මට තියෙනවා. ඒ ඇමැතිවරයා හමුවෙලා ඒ ගැන සාකච්ඡා කරලා ඒ ගැන ක‍්‍රියා කරන්න මට අයිතියක් තියෙනවා. එතුමා මට ඇහුම්කන් නුදුන්නොත් ජනාධිපතිතුමාට, කැබිනට් එකට කියන්නත් මට අයිතියක් තියෙනවා. මේ රටේ ඕනෑම තැනක ඕනෑම අස්සක මුල්ලක පැමිණිල්ලක් ආවොත් ඒ ගැන හොයලා බලන්න මට පුළුවන්. මේ මුළුමහත් විශ්වයේම තියෙන්නේ මහජන කටයුතු. ඉතින් මේ බාරදුර කාර්ය මට එතුමා මට බාර දුන්නේ මා ගැන අධික විශ්වාසයෙන්. ඒක මම තවමත් අබමල් රේණුවක් තරමින්වත් පලූදු කරලා නෑ. සමහර විරුද්ධවාදීන් මොනවා කිව්වත් ඔය කැලෑ පත්තර කාරයෝ කියන ඒවා මම ගණන් ගන්නේ නෑ. කැලෑ පත්තරවලට කැලෑ නාලිකාවලට මගේ මයිල් ගහක්වත් හොල්ලන්න බෑ. මම යන ගමන මම යනවා. මොන ප‍්‍රශ්න ආවත් කරදර ආවත් ඒවා ඉවත් කරගෙන යන්න මට ශක්තිය තියෙනවා. මා නිවැරදි නිසා මම දන්න කීප දෙනකුත් මා සමග ඉන්නවා. ඒ අය මට පෙන්නේ නෑ. ඒත් මම දන්නවා ඉන්නවා කියලා.
අනේ මට පුළුවන්නම් ඔය කතාව කියපු එකා හොයලා දෙන්න. අඩු තරමින් හොම්බට දෙකක් අනින්න |
මම මේ මනුෂ්‍ය ලෝකෙ හිටියා ඇති |
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එතුමා යටතේ මම යුව රජ කෙනෙක් තමයි
නලිමි Saturday, 08 December 2012 03:05 AM
මටනමි පේන විදිහට මේක මායා රෝගයක් (ස)
සමන්ත Thursday, 06 December 2012 08:50 AM
මාර වැඩක්නේ මේ (දී)
පෙරේරා Thursday, 06 December 2012 09:01 AM
මට හිනායනවා මම මොකද්ද කියන්න ඕනේ
බන්දුල Thursday, 06 December 2012 10:30 AM
යුවරජලා තුමා (දී)
ප්‍රසන්න Thursday, 06 December 2012 09:48 PM
මොකද්ද මොකද්ද යුව රජ (දී)
ජීවන්ත Friday, 07 December 2012 12:13 AM
මොකද්ද මේ ඇමති තුමාට වෙලා තියෙන්නේ (දී)
ලලිත් Friday, 07 December 2012 11:35 AM
අයියෝ අපේ ලංකාව (ස)
මහින්ද Friday, 07 December 2012 12:24 PM
මට හිනා යනවා අනේ (දී)
චරිත Friday, 07 December 2012 12:48 PM
නියම යුවරජ (දී)
ජොනී Friday, 07 December 2012 05:50 PM
යුව රජ තිමා
මංගල Friday, 07 December 2012 11:46 PM
අයියෝ සල්ලි
සුසන්ත Thursday, 06 December 2012 08:14 AM
විකාර කතා නේ (දී)
හිල්මි Saturday, 08 December 2012 05:19 AM
රූට් එක මාරුකරගෙනමයි යන්න හදන්නේ. (නි)
ඉර්ෆාන් ධර්මා Saturday, 08 December 2012 10:28 AM
ලංකාව නම් මරු (ස)
ලලිත් Saturday, 08 December 2012 01:34 PM
මෙන්න තවම රාජාණ්ඩු ක්‍රමයක් කියලාද හිතාගෙන ඉන්නේ (දී)
ඔසධි Saturday, 08 December 2012 03:30 PM
යුව රජ නිතරම බලන්නේ රජ වෙන්න (දී)
සුනිල් Saturday, 08 December 2012 06:31 PM
දෙයියෝ සාක්කි (දී)
ගීතා Saturday, 08 December 2012 06:37 PM
මට වෙලාවකට හිනාත් යනවා (දී)
බන්දුල Saturday, 08 December 2012 06:51 PM
දේශපාලන රැකවරණය නැති කල බොහෝ අය අසරණ වෙන බව දන්නවාද? (නි)
ලලිත් Saturday, 08 December 2012 07:00 PM
කැලණිය ප්‍රදේශය භාර ජුව රජ (දී)
කමල් Saturday, 08 December 2012 07:59 PM
අපිට මතකයි හැමදේම. (නි)
මදුර Sunday, 09 December 2012 01:14 PM
ජුවරජු නම් නියමයි (දී)
මුතුක Monday, 03 December 2012 01:35 PM
මේක මායා රෝගයක් (ස)
දයාරත්න Sunday, 02 December 2012 04:54 PM
ඒ ගමන මොකද්ද මෙතුමා නටන්න යන නාඩගම
අනුර Sunday, 02 December 2012 05:01 PM
ඔබ ගැන ආඩම්බරයි සර්, කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක් (ස)
දියස් Sunday, 02 December 2012 04:59 PM
මට හිනායනවා අනේ (ස)
බාප්පා Monday, 03 December 2012 03:25 AM
ඇත්තටම ගිය ආත්මෙක රජ කෙනෙක් වෙන්න ඇති. කට ඇරියොත් රජ කතාවක් නේ (දී)
දොන් Monday, 03 December 2012 05:06 AM
රජ කතාම තමයි කියන්නේ (දී)
නිරෝෂණ Monday, 03 December 2012 08:57 AM
ඔන්න කියුවා ඉදලා ඉදලා කතාවක් (දී)
රත්නායක Monday, 03 December 2012 11:29 AM
කෝ ජනතාවගේ අදහස් ??(ස)
රජා Monday, 03 December 2012 11:28 AM
යුව රජ නෙවෙයි අර රජ කෙනෙක්ගෙ මැස්ස වැහුවම මගුල් කඩුවෙන්ම මැස්සව දෙපලුකලේ අන්න ඒ පරපුරේ කෙනෙක්. (දී)
කුරුප්පු Monday, 03 December 2012 11:41 AM
පව් අසරණ දේශපාලකයෙක් (දී)
ඉෂාන් Monday, 03 December 2012 12:16 PM
ඔබ හොද දේශපාලකයෙක් යුවරජ තුමනි (දී)
රසික Sunday, 02 December 2012 01:53 PM
කමක් නැහැ මෙහෙම දෙයක් කියන්න මොකාක් හරි හේතුවක් ඇතිනේ (දී)
අචිනි Monday, 03 December 2012 02:39 PM
ගිය ආත්මේ රජ කෙනෙක්ම තමයි (දී)
කුමාර Tuesday, 04 December 2012 02:57 AM
මෙතුමා වැඩ කරන නිසා හරි ප්‍රසිද්ධයි .(ස)
ජගත් Tuesday, 04 December 2012 05:50 AM
විහිළුද මේ
වාසනා Tuesday, 04 December 2012 01:23 PM
මෙතුමාට රඟ පාන්නවත් ආසා හිතිලාද (දී)
ශාක්‍යා Tuesday, 04 December 2012 06:31 PM
යුව රජ කම දුන්නේ කවුද දන්නේ නැහැ (දී)
කුමාර Tuesday, 04 December 2012 06:41 PM
විහිළුවක් වගේ නේද ඇත්තට කියන්න (දී)
උපුල් Tuesday, 04 December 2012 06:55 PM
නිකන් විහිළුවක් වගේ නේද (දී)
රෝහිත Wednesday, 05 December 2012 09:00 AM
යුව රජලු එයා, මට හිනා යනවා (දී)
කුමාර Wednesday, 05 December 2012 10:01 AM
විකාර කියවනවාද මන්දා ඇමති තුමා
සනත් Thursday, 06 December 2012 04:53 AM
ජුවා රජ තමයි ඉස්සෙල්ලාම රජ වෙන්න බලන්නේ..... ඉස්සර හොදේ (දී)