X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කළුවා ජිනීවා යෑම

”ඇයි ඇමැතිතුමා ළඟට ආවේ?

ඊට ඉස්සෙල්ල ප‍්‍රශ්නය අපට කියන්න තිබුණ නේ.”

දිනක් පරිපාලන නිලධාරිනියක තම අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් ආයතනයක පර්යේෂණ නිලධාරිනියකට     රෙගුලාසි සිහිගන් වන ආකාරයෙන් කතා කළේ එහෙමය.

ඒ දෙස බලා සිටි ඔහු සිනාමුසු මුහුණින් මෙසේ පැවසීය.

”නෑ, නෑ, මේ ගොල්ලො මගේ හිතවත්තු. දීර්ඝ කාලීන මිත‍්‍රයො. මගේ කැඳවීමකට වෙන වැඩකට ආවේ. නිකන් කතා කර කර ඉන්න ගමන් තමයි මේ කාරණය කීවේ. ඒ නිසා තමයි මම ඔයාව කැඳෙව්වේ. මේ ගොල්ලන්ගේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබිල නෑ. ඒ සම්බන්ධයෙන් මම දුන්න නියෝගය හරි හැටි කි‍්‍රයාත්මක වෙලාත් නැහැ. ඒ නිසා අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. කරුණාකර හොයා බලන්න. ඒක නිවැරදි කරන්න.”

”වැඬේ නොකෙරුණොත් ඔය ගොල්ලෝ නැවත මගේ ළඟට එන්න. වරද්දන්නේ නැතුව එන්න.”

ඇමැතිවරයා නිහතමානීව තම අමාත්‍යාංශයේ ඉහළ තලයේ නිලධාරිනියකට උපදෙස් දුන්නේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ පාර්ශ්වය ද ආරක්ෂා කර ගනිමිනි. එසේ ම සිය නියෝගය ඉටු නොකළ නිලධාරීන්ට ලූණු ඇඹුල් ඇතිව සංග‍්‍රහ කිරීමට ද ඔහු ගියේ ද නැත. මේ රටේ සමහර තැනක කි‍්‍රයාත්මක වන නිලධාරිවාදය අබියස. එසේ  සිදු නොවුණේ ඔහුගේ ඇති නිහතමානීකම නැතිනම් කළමනාකරණ හැකියාව නිසා ද විය හැකි ය. ඔහු මේ දිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ කාගේත් කතාබහට ලක් වන වැවිලි කර්මාන්ත හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහය. පසුගියදා රට වෙනුවෙන් ජිනීවා හි මානව හිමිකම් සමුළුව නියෝජනය කළ නියෝජිත කණ්ඩායමේ නායකයා වූයේ ද මේ මහින්ද සමරසිංහමය.

අමාත්‍ය මහින්ද එදා ජිනීවා හි දී හැසිරුණේ පරාජය පෙනි පෙනී කී‍්‍රඩා කරන තරගයක දී වුව ද ඉවසීමෙන් නිවැරැදි පිති හරඹයක යෙදෙමින් තම කණ්ඩායමට (රටට) උපරිම ලකුණු ප‍්‍රමාණය රැස් කර දෙන පිතිකරුවකු ලෙසිනි. නැතිනම් සැබෑ කණ්ඩායම් නායකයකු ලෙසිනි. හෙතෙම නවනින්දන් පිල්ලේ ‘පීල්ල පැනලා’ කටයුතු කරන බව එම සමුළුව ඉදිරියේ සඳහන් කිරීමට මැලි වූයේ නැත. එසේම ශී‍්‍ර ලංකාවට තව කාලයක් ලබා දෙන ලෙස ද සමුළුවෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා රටක් ඉලක්ක කර ගනිමින් මෙවන් යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අනතුර සමුළුව නියෝජනය කරන අනෙක් රටවලට පැහැදිලිකර දීමට ද පසුබට නො වීය.

අමාත්‍ය මහින්ද සමරසිංහ යූ.ඇන්.පී.යේ නිර්මාණයකි. 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වීමත් සමඟම ප‍්‍රථමයෙන් ම යු.ඇන්.පීය හැර දා පැමිණියේ ද විපක්ෂයේ රස්තියාදු නොවී රට වෙනුවෙන් යමක් ඉටු කිරීමට බව පෙනේ.  ජාත්‍යන්තරයට අපේ රට ගැන නිවැරදි වැටහීමක් ලබා දිය හැකි කීප දෙනා අතරින් මහින්ද සමරසිංහ ඇමැතිවරයා එක් අයෙකි. එහෙත් මෙදා ඔහුට ජිනීවාහි දී කර ගැසීමට සිදු වුයේ කාගේ බරට දැයි කියන්න දන්නේ නැත.
සමහරුන් ජිනීවා අර්බුදය දකින්නේ ගෙදර වැඩ නොකර අහම්බෙන් මෙන් විභාගයකට වාඩි වූ සිසුවකු ලැබූ නරක ප‍්‍රතිඵලයක් ලෙසිනි. එසේ නම් මේ සිදුවීමේ දී ගෙදර වැඩ කළ යුත්තේ කවුරුන්දැයි අමුතුවෙන් කිව යුතු නැත. අය හැසිරුණේ ජිනීවා යන කණ්ඩායමේ නායකයා මොන මට්ටමේ කෙනෙක් විය යුතු ද යන්නවත් නොදැනගෙන වාගේය. ජනාධිපතිවරයා එ් සඳහා මහින්ද සමරසිංහ ඇමැතිවරයා තෝරා ගෙන තිබිය දී පවා ඊට වෙනස් ප‍්‍රකාශ නිකුත් වීමෙන් ඒ බව රටට පැහැදිලි වුණි. සමස්තයක් වශයෙන් ගත් කල අද දවසේ සමහරුන් විනාශ කරමින් සිටින්නේ රටේ හා නායකයාගේ ප‍්‍රතිරූපය බව පිටතින් බලන කෙනකුට හිතෙන්නට ඉඩ තිබේ. ඔහු අරටු ශී‍්‍ර ලංකාකාරයකුම විය යුතු නැත.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් 12,000 ක් පමණ පුනරුත්ථාපනය කර ඉන් කොටසක් මේ වන විට පොලිසියට හා හමුදාවට බඳවා  ගෙන  ඇත. ඔවුහු දැන් සේවයේ යෙදී සිටිති. ඒ උතුරු නැගෙනහිර ය. පුනරුත්ථාපනය ලැබූ පිරිසෙන් 300 ක් පමණ විශ්ව විද්‍යාලවලට ද ඇතු-ළත්  කරගෙන ඇත. මෙවන් දැවැන්ත පුනරුත්ථාපන වැඩසටහනක් කදිමට ලෝකයාට විකිණීමට තිබුණි. එසේ ම උතුරු නැඟෙනහිර බිම් බෝම්බ ඉවත් කරමින් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය ජිනීවාහි ඇමෙරිකානු යෝජනාවෙන් පවා පැසසුමට ලක් කර තිබේ. මේ නිසා ‘කළුවා මාරපන ගියා සේ’ ජිනීවා යෑම රටක් විසින් නැවත වරක් නොකළ යුතු කාර්යයක් බව දැන්වත් අදාළ අංශ කල්පනා කළ යුතුව ඇත.

”ඔය මොනවා කීවත් වැඩක් නෑ. උන් උන්ගේ තීන්දුව කල් ඇතිවම අරගෙන ඉවරයි.” සමහරුන් සඳහන් කරන්නේ මෙහෙමය. 
එහෙම නම් මෙවර මානව හිමිකම් කවුන්සිලය. වැඩිපුරම නියෝජනය කරන්නේ ශී‍්‍ර ලංකාව වැනි තුන් වැනි ලෝකයේ රටවල් ය. එම රටවල් අතුරින්. බ‍්‍රසීලය, ආජන්ටිනාව, පේරු වැනි ප‍්‍රගතිශීලී වමට බර රටවල් ද තිබේ. ඒ අයගේ ඡන්දයත් අපට ලැබුණේ නැත. ඉන්දියාව අපට විරුද්ධව ඡුන්දය දෙන විට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය හා මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය යන වමේ පක්ෂ දෙකම එය අනුමත කර තිබේ. 
එහෙම නම් මෙහෙම වෙන්නේ ඇයි?

තුන්වැනි ලෝකයේ රටවල් වැඩි වශයෙන් නියෝජනය වන වේදිකාවක අප වැඩිපුර ඡුන්ද නොලබන්නේ මන්ද? එම රටවල් දිනා ගැනීමේ හා යුද්ධයෙන් පසු යුගයේ අප කළ කී දෑ නිවැරැදිව අලෙවි කිරීමට අපට වැඩපිළිවෙළක් නොතිබුණ නිසා ද? යුද්ධයෙන් පසු යුගයේ ජාත්‍යන්තර වේදිකාවක කතාබහ කිරීමට අපම නිර්මාණය කරගෙන තිබෙන අලූත් කාරණා කවරේදැයි දැන්වත් සමාලෝචනයක යෙදීම පණ්ඩිත කතා කියමින් ආණ්ඩුව රවටනවාට වඩා වැදගත් ය.

මොනවා කතා කළත් ලෝක නීතිය කියන්නේ බලවතාගේ නීතියටය. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වීමත් සමඟ ඇති වූවක් නොවේ. මෙය අවබෝධ කර ගැනීම වැදගත් ය. අනාදිමත් කාලයක සිට ලෝක යථාර්ථය ද එය මය. හෙට දවසේ මහා බලවතුන් වීමට සූදානම් වන චීනය පවා ලිබියාව පිළිබඳ ප‍්‍රශ්නයේ දී ඇමෙරිකාව සමඟ සිට ගත් ආකාරය කාටත් රහසක් නොවේ. එය ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට මුක්කු ගැසීමකට වඩා ඊට හේතු වූයේ ‘ආරාබි ලීගයේ රටවල්’ ලිබියාව අත්හැරීමය.

අද දවසේ අපට වැඩිපුරම විදේශ විනිමය සොයා දෙන්නෝ ජීනීවාහි දී අපට එරෙහි වූ බලවත්හුය. දැනට අපේ හිතවතුන් සමඟ තිබෙන්නේ අවාසිදායක වෙළෙඳාමකි. අපට වෙනිසියුලාවේ මෙන් ඛනිජ තෙල් හෝ විකිණීමට වෙනත් කිසිදු ස්වාභාවික සම්පතක් නැත. ඉන්දියාවේ, චීනයේ මෙන් බිම්බරක් සෙනඟ රැඳි වෙළෙඳපොළක් ද නොමැත. බලවතාගේ නීතිය අපට එරෙහිව හරස්වන්නේ මෙවන් පසුබිමකය. මේ යථාර්ථය තේරුම් ගනිමින් ‘ආසියාවේ ආශ්චර්යයට’ පරෙස්සමින් යා යුතු ගමනක් අප අබියස ඇත. ඓතිහාසිකව විසඳිය යුතු ජනවාර්ගික ප‍්‍රශ්නයක් ද කාලාන්තරයක් තිස්සේ මේ රටට උරුමව තිබේ. මේ දෙකම එකට කළමනාකරණය කරගන්නේ කෙසේ ද? හෙට දවස විවෘත විය යුත්තේ එවන් සංවාදයකටය. 

” ඕවා මොනව වුණත් ඔය කියන ලෝක බලවතා ටිකක් බය වෙලා යෝජනාවේ සැර බාල කරගත්ත නේද?”
එහෙම නම් යුද්ධයේ අවසාන සමයේ සිදු වූ සිදුවූවා යැයි පැවසෙන දේවල් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඉන්දියාව කළ ඉල්ලීම ඇමෙරිකානු යෝජනාවට ඇතුළත් නොකළේ මන්ද? ආර්ථික සම්බාධක දැමිය හැකි බවට යුරෝපා සංගමය ගෙනා ආ යෝජනාව ප‍්‍රතික්ෂේප කළේ ඇයි? මෙසේ තවත් කෙනකුට ප‍්‍රශ්න කළ හැකි ය.     


‘යෝජනාවේ සැර බාල කර ඇත්තේ මෙරට සිටින  ඔවුන්ගේ හිතවතුන් දුර්වල වන නිසාය. ජිනීවාහි දී දැඩි ප‍්‍රහාරයක් එල්ල කළේ නම් මෙරට සිටින ඔවුන්ගේ බලවේග දුර්වල වනු ඇත. ඒ නිසා මෘදු ප‍්‍රතිපත්තියක් මෙවර අනුගමනය කර ඇත්තේ ඔවුන්ට අවස්ථාව දීමටය. තවත් වසර දෙකකින් මෙරට මැතිවරණ පැවැත්වෙනු ඇත. දැන්ම ඉක්මන් වීමක් අවශ්‍ය නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ. අවශ්‍ය අවස්ථාවේ අනෙක් තු-රුම්පු පාවිච්චි කිරීම ඉලක්කය විය හැකිය. ඒ නිසා යෝජනාව සැර බාල කර ඉදිරිපත් කළේ යටි අරමුණු ඇතිවය. අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා ගොඩනැඟීමට ඉඩ දීම ද මෙහි තිබේ. මෙය එක්තරා ආකාරයකට නව උපක‍්‍රම දක්ෂ ලෙස කි‍්‍රයාවට නැංවීමකි. ජෝර්ජ් බුෂ්ගේත් ඔබාමා ගේත් වෙනස එයයි.


(ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර 27.03.2013)

 


සාමාන්‍යයෙන් මහා බලවතුන් තමන්ට නම්‍යශීලී නොවන රටවල ආණ්ඩු පාලනය කිරීමට ක‍්‍රම තුනක් අනුගමනය කරන බව පෙනේ. ඉන් එක් ක‍්‍රමයක් වන්නේ ඉරාකයේ, ලිබියාවේ හා අද සිරියාවේ මෙන්  පහර දී පාලකයා වෙනස් කිරීමය. නො එසේ නම් රෙජීමය වෙනස් කිරීමය. දැන් මියන්මාරයේ සිදු වෙමින් පවතින්නේ එයයි. නැතිනම් අභ්‍යන්තරව තරග කිරීමට තිබෙන භූමිය වෙනස් කිරීමය. ඉන් අදහස් කරන්නේ ආර්ථික වශයෙන් ප‍්‍රශ්න ඇති කර ආණ්ඩු වෙනස් කිරීමය. කල් දෙමින් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් මේ තෙවැනි උපක‍්‍රමය කි‍්‍රයාත්මක කරමින් සිටිනවාදැයි කියන්න දන්නේ නැත. ‘ජිනීවා හී දී’ අපට එරෙහිව මෘදු නැත්නම් සැර බාල යෝජනා එන්නේ ඒ නිසා විය හැකි ය. එය සමහර අයට මෝඩ චූන් එකකට හේතු- විය හැකි නමුත් ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට සුභදායක වන්නේ නැත.
‘ජිනීවාවල අපට විරුද්ධ යෝජනා ඉදිරිපත් වුයේ යම් යම් රටවල අපේක්ෂා ඉටු නො වුණු නිසාය. එසේ ම ඩයස් පෝරාවේ බලපෑම් ද තිබුණි. අපේ ප‍්‍රශ්න හරියට නොවිසඳෙන විට එය අනෙක් අයට අවස්ථාවක් වනු ඇත. ඇතැම් දේ කි‍්‍රයාත්මක කරන බවට අපි මුල් අවස්ථාවේ දී පොරොන්දු වුණෙමු.


(අමාත්‍ය ඩිව් ගුණසේකර 29.03.2013)

 

මේ කාරණා සම්බන්ධයෙන් දැන්වත් ගැඹුරින් කල්පනා කිරීම වැදගත් ය. ජාත්‍යන්තරය කියා දෙයක් හා අපට පක්ෂව හෝ විපක්ෂව බලවතුන් සිටින බව වටහා ගත යුතුය. එ් අය ජය ගැනීමේ හොඳම මඟ ආසියාවේ රටක් ලෙස කොමියුනිස්ට්  වියට්නාමය අපට කියා දෙයි. ඔවුන් ජාත්‍යන්තරයෙන් තනි නොවී ආසියාවේ බලවතකු වීමට යන ගමන අපට වුවද අධ්‍යයනය කිරීම මේ යුගයේ අවැඩක් නොවනු ඇත.

 

වසන්තප‍්‍රිය රාමනායක

 



අදහස් (0)

කළුවා ජිනීවා යෑම

විරවංශ Saturday, 30 March 2013 12:17 PM

ජිනීවා වල කුමක් උවත් ලංකාවට හානියක් කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

අචිනි Saturday, 30 March 2013 01:16 PM

කවුරු මොනවා කිවත් අපහාසය මගේ රටටයි... ! (ස)

:       0       0

සෙනරත් Sunday, 31 March 2013 01:48 AM

කතාව නම් මම පිලි ගන්නවා (දී)

:       0       0

කමලා Sunday, 31 March 2013 09:50 AM

ලංකාවට නිතරම ප්‍රශ්න ඇතිවෙන්නේ මේ දිහාවෙන් තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site