කොළඹට එපා කියලා හිතෙන හැම දෙයක්ම තියෙන්නේ කැළණි ගෙඟ්ද? කොළඹ ඉඳන් පෑලියගොඩ, කොටිකාවත්ත, වැල්ලම්පිටිය පහුකරගෙන කඩුවෙල, හංවැල්ල, පූගොඩ පැත්තෙන් අවිස්සාවේල්ල පැත්තට කැලණි ගඟ සීමාව දිගේ චාරිකාවේ යද්දී අපට හිතුණා.
කැලණි ගෙඟ් ජලයට තෙල් මිශ‍්‍රවීම නිසා මෑත කාලීනවම අවස්ථා දෙකක දී කොළඹට ජල සැපයුම අත්හිටවූවා.
”මේ ගැටලූව අදක ඊයෙක මතුවූ එකක් නෙවෙයි. ජලය අපවිත‍්‍ර කිරීම නවත්වන්න මිනිස්සු හිතට ගන්නකම් මේ ගැටලූව තියේවි.”
චාරිකාවේ එක තැනක දී අපට හමුවූ සේදවත්ත පැත්තේ පදිංචි ධර්මසිරි මහත්තයා කිව්වේ ඒ වාගේ කතාවක්.
කැලණි ගඟ සීමාවේ කොටිකාවත්ත, වැල්ලම්පිටිය, සේදවත්ත, වෙන්නවත්ත, මට්ටක්කුලිය ගඟ අපවිත‍්‍ර කිරීම අතින් ප‍්‍රධාන තැනක් ගෙන තිබෙන බව අපට දැක ගන්නට ලැබුණා.
තේ කර්මාන්ත ශාලා, ලොන්ඩරි, ළැගුම්හල් සහ ආපනශාලා කිහිපයකින් කැලණි ගඟට අපද්‍රව්‍ය ජලය නිකුත් කරන බව එහිදී අපට හඳුනා ගන්න ලැබුණා. එයින් එක් තේ කර්මාන්ත ශාලාවක ලැගුම්හළක් විවෘත නළයක් මගින් කැලණි ගඟට අප ජලය බැහැර කිරීම සිදුකරන බව හොඳින්ම දක්නට ලැබුණා. අනෙක් සියලූම හඳුනාගත් තැන්වලින් භූගත නළ මගින් අපද්‍රව්‍ය බැහැර කරන බවට මෙම චාරිකාවේ දී අප සමග කතා කළ ගම්වැසියන් සඳහන් කළා.
කැලණි ගඟ සීමාවේ පෑලියගොඩ පසුකරගෙන ෆර්ගියුසන් පාර දිගේ ඇවිදගෙන යද්දි අප දිහා සෝදිසියෙන් බලා හිටපු කෙනෙක් ළඟටම ඇවිත් උස් හඬින් යම් යම් දේවල් ටිකක් කියාගෙන ගියා.
කැලණි ගෙඟ් මල්වාන තොටුපොළ අසල කැලි කසළ දමන අයුරු
”ලොකු කම්පැනිවල කෙරුමොන්ගේ වැඩ නිසා තමයි කැලණි ගඟ අපිරිසිදු වෙන්නේ. හොයන්න ඕනෑ ඒවා. අවට නිවෙස්වල මිනිස්සු ගඟට මුකුත්ම දාන්නේ නැහැ.
කැලණි ගඟ කියන්නේ පොදුවේ කොළඹ වැසියන්ගේ සියලූ දෙනාටම පානීය ජලය සපයන ප‍්‍රධානතම ජල මූලාශ‍්‍රයයි.
නමුත් ගඟ විශාල වශයෙන් අපවිත‍්‍ර වී තිබේ. මේ සියල්ලටම වගකිවයුත්තේ ගඟට අපජලය මුදාහරින කර්මාන්තශාලා හිමියෝ සහ කැළිකසළ ගඟට බැහැර කරන අනෙකුත් අවට වැසියන් සියලූ දෙනාමයි.
”අපි නම් ගඟට කුණු දාන්නේ නැහැ. ති‍්‍රවිලර්වලින් යතුරු පැදිවලින් යන අය තමයි පාර්සල් පිටින් ගඟට කුණු දාලා යන්නේ.”
කොටිකාවත්ත පහේ කණුවේ තොටුපළ ළඟ පලතුරු බීම වෙළඳසැළක් පවත්වාගෙන යන්නෙකු අපට දැක්වූ අදහස් එසේය.
”මේ පැත්තේ ගාර්මන්ට් ෆැක්ටරි හැම එකකින්ම රෙදි ඩයි ටික සෝඩා ජාති ඔක්කොම යවන්නේ ගඟට තමයි. සෝදිසියෙන් බලා හිටියොත් පෙනේවි ගෙඟ් වතුර වෙලාවකට නිල් පාටයි තව වෙලාවකට කොළ පාටයි එක එක පාට වතුර යනවා. ඔය හරියේ හිටපු මාළු ටික වඳවෙලාම ගියා. මම අවුරුදු තුන හතරකින් ගඟ පැත්තට අඩියක්වත් තියලා නැහැ.
හංවැල්ල ලැගුම් හලක් පිටුපසින් කැලණි ගඟට මුදාහැර ඇති විවරය
පූගොඩ ප‍්‍රදේශවාසියෙක්
ගඟ දෙපස විශාල රෙදි වැල් දිස්වීම හංවැල්ල, පූගොඩ, පෑලියගොඩ වැනි ප‍්‍රදේශවල සුලබ දර්ශනයකි. රෙදි සේදීම සඳහා භාවිත කරන කෝස්ටික් සෝඩා ද මිශ‍්‍රවෙන්නේ ගං දියටය. අපි ව්‍යවහාරයේදී බේල් ඇඳුම් ලෙස හඳුන්වන අඳින ලද ඇඳුම් නැවත වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර කැලණි ගඟ අවටින් සෝදා වෙළඳ පොළවලට දැමීම මේ අවට සිදුවෙන්නකි. එයින් යම් ආදායම් මාර්ගයක් ලබාගන්නා බොහෝ පිරිසක් මේ ගමනේ දී අපට හමුවිය.
”මගේ ගෙදර දරුවෝ හය දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ අම්මාට බඬේ ගෙඩියක් හැදිලා ටිකක් අමාරුයි. වැඩපළ කරගන්න බැහැ. මම ලොන්ඩරියේ වැඩ කරලා තමයි ගෙදර හැමෝටම කන්න බොන්න දෙන්නේ.
පෑලියගොඩ ප‍්‍රදේශවාසියෙක් ලොන්ඩරියෙන්, ගඟට අපජලය බැහැර කිරීම සිදුවන බව ඔහු අප සමග නොකියා කීවේය.
චාරිකාවේ දී අපට හමුවූ බොහෝ පිරිසකගෙන් සුහදව තොරතුරු විමසා බැලීමට හැකිවිය. නමුත් කැලණි ගඟට මායිම්ව හංවැල්ල පොළ අසල නැවතී ගඟ අවට අපවිත‍්‍ර වී තිබෙනු සියැසින් දැකගත් අපි ඒ අසල තරුණයකු සමග කතා කිරීමට උත්සහ දැරු වෙමු.
”මම මොකුත් දන්නේ නැහැ. මං මෙහේ නෙවෙයි.”
ඔහු එසේ පවසා අප පසුකර මද දුරක් යද්දී පාර එහා පැත්තේ කඳු ගැටයක් මත පිහිටි ඔහු පදිංචි නිවසේ සිටිමින් ඔහුගේ මව ඔහුට ”පුතේ” යැයි කියා කතා කිරීමෙන් අපි විමතියට පත් වූයෙමු. බොරුවක් පැවසීම නිසා අපහසුතාවට පත්වූ ඔහු පසු නොබලා දුවන්නට විය.
හංවැල්ල සතිපොළ
කැලණි ගඟ සොබා දහමට අයත් සම්පතකි. එහි නිල අයිතිකරුවකු නම් කර නැත. නමුත් එය සුරැුකීමට අප සියලූ දෙනාටම වගකීමක් ඇත.
වැරදීමක් බව දැක දැකත් එය වරදක් ලෙස පිළිගැනීමට අකමැතිවීම මෙන්ම සත්‍ය තොරතුරු දැන දැනත් නිහඬව සිටීම විශාල වරදකි.
හංවැල්ල සතිපොළට එහා ඉවුරේ පිහිටි ලැගුම් හලකින් විශාල විවරයක් කැලණි ගඟ දෙසට මුදාහැර ඇත. එයින් එන ජලය කැලණි ගඟට වැටෙන බවද හොඳින්ම පෙනේ. කඩුවෙල පාරෙන් ඉදිරියට යද්දී හමුවූ තානායමේ අපජලය හා කැළි කසළ ගඟට මුදාහරින බව ඒ අවට වැසියෝ අප සමග පැවසූහ. තානායමට පසෙකින් ඇති කුඩා අඩි පාර දිගේ ගඟ දෙසට යද්දී ගඟ අවට පරිසරය අපවිත‍්‍ර කර ඇති ආකාරය හොඳින්ම දැකගත හැකි විය.
කඩුවෙල, බෝගහවත්ත පාලම උඩ සිට බලනවිට ඒ ආශි‍්‍රත නිවෙස්වලින් ඉවත දමන අපද්‍රව්‍ය විශාල වශයෙන් ගං ඉවුරට ගෙනැවිත් දමා තිබීම හඳුනාගත හැකි විය.
චාරිකාවේ දී අපට හමුවූ ඉහළ මල්වාන ප‍්‍රදේශයේ කැලණි ගං ඉවුර දෙපස බල්ලන්ගේ කපුටන්ගේ රජදහන් බවට පත්ව ඇති කුණු ගොඩවල් සහිත ප‍්‍රදේශයකි. කරාබුගස්හංදිය, කිරියවැල්ල, මල්වාන ප‍්‍රදේශවල කුඩා නිවාස තනා ගනිමින් විශාල පිරිස් එකට ජීවත්වන ප‍්‍රදේශවල එකතුවන කැළි කසළ සියල්ලම ගෙනැවිත් දමන්නේ කැලණි ගඟ දෙපසටය.
හංවැල්ල ප‍්‍රදේශයට අයත් කැලණි ගඟ සීමාවේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳ ඉක්මන් කි‍්‍රයා මාර්ගයක් ගත යුතු යැයි අපට හැෙඟ්. ඊට ප‍්‍රදේශයේ බලධාරීන්ගේ ඇස් යොමුවිය යුතුය.
පෑලියගොඩ අසල කර්මාන්ත ශාලාවක අපවිත‍්‍ර වතුර බට ගඟට මුදාහැර ඇති අයුරු
කොහිලවත්ත, නවගමුව, ඇඹුල්ගම වැනි ප‍්‍රදේශවල කැලණි ගෙඟ් තොටුපළ ආශ‍්‍රිතව බලි තොවිල් කළ පිදෙනි තටු පවා ගෙනැවිත් දමා තිබුණි.
කොහිලවත්ත, නවගමුව තොටුපොළ වෙත විශාල ජනගහණයක් දිනකට නෙට් රෙදි සේදීම සඳහා පැමිණේ. නවගමුව, රනාල පසුකරගෙන යද්දී මෙරට සිසිල් බීම නිෂ්පාදනය කිරීම සම්බන්ධ ප‍්‍රසිද්ධියක් දරන ප‍්‍රධාන කර්මාන්ත ශාලා කිහිපයක් ද හමුවිය. ඒවා බොහෝමයක් ඇත්තේ ගං ඉවුරට මායිම්වය. මේ වායේ නිෂ්පාදන කි‍්‍රයාවලින් කැලණි ගෙඟ් ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීමට හේතු වන්නේදැයි සොයා බැලීම සිදුකළ යුත්තේ නැවතත් කොළඹට ජල කප්පාදුවක් සිදුවීමට පෙර බව අවධාරණය කළ යුතුය.
කැලණි විහාරයට නුදුරු ගඟ සීමාවේ බෝට්ටු මගින් ගඟ දිගේ සංචාරය සුලබව සිදුවන්නකි. ගඟ අවට ජෛව පරිසර පද්ධතියට එයින් යම් බලපෑමක් සිදු වේ.
ගඟ ආශ‍්‍රිතව වැලිගොඩ දැමීම විශාල වශයෙන් මෙම චාරිකාවේ දී අපට හඳුනාගත හැකි විය. කැලණි ගංගා මිටියාවතේ අපවිත‍්‍ර නොවූ තැනක ගිමන් නිවා ගැනීමට ගඟ දෙසට යද්දී එයින් අප වළක්වා ලූ අයෙක් මෙසේ කීවේය.
අඩි 10ක් එහායින් ගඟ විශාල ගැඹුරක් තිබෙනවා. මං හිතන්නේ අඩි හතළිහක් විතර ගැඹුරු ඇති. දැනට මාස දෙකකට උඩින් එකම පවුලේ අයියයි මල්ලියි දෙන්නම ගඟට බිලි වුණා. ගඟ දෙපැත්තේ වැලි ගොඩ දානවා ඉවරයක් නැහැ.”
කැලණි ගඟ ආශ‍්‍රිතව ආදායම් උපයන්නෝද බොහෝමයකි. වැලි ගොඩ දැමීම, මසුන් නෙළීම බුදු පුද සඳහා මල් නෙළුම් වැනි අමතර අදායම් මාර්ග රැුසක් ඒ අතර වේ.
එවැනි වෘත්තීන් පමණක් නොව ගඟ දිගේ පාවීගෙන එන හිස් ටින්, බෝතල්, ප්ලාස්ටික් කැබලි එකතු කරගෙන ඒවායින් යම් ආදායමක් ලබා ගන්නා අය ද ඒ අතර වෙති.
ඉර අවරට යමින් තිබුණි. අව්ව සැරට තද තෙහෙට්ටුවක් සමග හිසේ කැක්කුම් ද ඇතිවිය. චාරිකාවේ අවසානයට අපි ඇළකන්ද දෙසට පැමිණියෙමු. ඈත සමනළ කඳු මුදුනින් පැන නැඟ තුරු උයන් මැදින් රළු ගල් බොරළු සුමට කරගෙන ඇදි ආ කැලණි ගං කොමළිය මෝදර මෝයෙන් මහ සයුරට ඇතුළු වන්නීය. ඇගේ ගමන අවසන්ය. ඒ නමුත් ඒ ගමනේ දුක් පීඩා අසීමිතය.
පර්ගියුසන් පාර අසල කැලණි ගෙඟ් කැලි කසළ දමා ඇති අයුරු.
කැලණි ගඟ අවිස්සාවේල්ල සිට මෝදර මෝය දෙසට ගෙවා එන කිලෝ මීටර් 45 පමණ දුර ප‍්‍රමාණය තුළ අවට තිබෙන කර්මාන්ත ශාලාවලින්, ආපනශාලා සහ නිවාසවලින් නිකුත් කරන අපද්‍රව්‍ය නිසා ගඟට සිදුවන්නේ විශාල හානියකි.
කොළඹ ආශ‍්‍රිතව ජීවත්වන ජනතාවගෙන් විශාල ප‍්‍රමාණයක් පරිභෝජනය කරන්නේ අඹතලේ ජල පවිත‍්‍රාගාරයෙන් නිකුත් කරන ජලයයි. ගඟට කැළි කසළ නිකුත් කිරීම දැඩි පරිසර හානියක් බව සියලූ දෙනාම වටහාගත යුතුය. එය අදට මෙන්ම අනාගත පරපුරට ද විශාල බලපෑමකි.ජාතික පාරිසරික පනතට අනුව කර්මාන්ත ශාලාවකට හෝ හෝටලයකට කිසිදු ආකාරයේ පිරිපහදු කිරීමකින් තොරව කැලණි ගඟට අපජලය බැහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. කර්මාන්ත ශාලා ඇතුළතින් නිකුත් වෙන අපද්‍රව්‍යවල ජෛවීය ඔක්සිජන් රසායනික, ඔක්සිකාරක, බැර ලෝහ ආදිය ඉවත් කොට නියමිත චය අගයක් මත පිරිපහදු කිරීමෙන් පසුව අපද්‍රව්‍ය බැහැර කළ යුතුය.
පෑලියගොඩ ප‍්‍රදේශයේ තොටළඟ අසල ගඟට කැලි කසළ දමා ඇති අයුරු
කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අප ජලය පිළිබඳව පසු විපරම් නිරීක්ෂණ ආදිය සිදුකිරීම මධ්‍යම පරිසර අධිකාරිය සතු වගකීමකි.
ජලයට කැළි කසළ නිකුත් කිරීම, අප ජලය බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික පාරිසරික පනතේ නිර්ණායක පවතී. ඒවා උල්ලංඝණය කිරීම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 98 වගන්තිය මගින් අපරාධයක් ලෙස අර්ථකථනය කර ඇත.
කැලණි ගඟ සුරක්ෂිත කිරීම අප වෙනුවෙන් අපම සිදු කරනා ජාතික වගකීමක් ඉටු කිරීමක්.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැලණි ගඟ අපවිත‍්‍ර වන්නේ මෙහෙමයි
රණසිංහ Friday, 18 September 2015 01:06 PM
මෙම ලිපිය ඉතා වැදගත් ගවේෂණාත්මක ලිපියකි. වගකිව යුත්තන් හට මුනිවත රැකිය නොහැක. (බ)
ජයනාත් Friday, 18 September 2015 02:13 PM
මධ්‍යම පරිසර අධිකාරිය වසා දමන්න.එය ජනතා මුදල් අපතේ යවන රටට බරක් වන නිෂ්ඵල ආයතනයක්. (අ)
නෙවිල් Saturday, 19 September 2015 12:46 PM
කරුණාකර පරිසර සංවිධාන සහ මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසරවේදියෝ දැනුවත්කර සහ මෙවැනි අයට කර්මාන්ත ශාලා පිහිටුවන්න අවසර දුන් අයව සොයා නිසි පියවර ගන්න. (නි)
වීරසිංහ Saturday, 19 September 2015 01:41 PM
මෙන්න නියම මාධ්‍ය මෙහෙවර. බලධාරින් මෙන්ම ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත්. ජනතා උද්ඝෝෂණ දියත් වියයුත්තේ මෙවැනි දේ වළක්වා ගැනීමටයි. ෆේස්බුක් එකටත් ලොකු වැඩක් කළහැකියි. (නි)
කිත්සිරි Monday, 21 September 2015 08:10 PM
හොඳ ලිපියක් (නි)
ප්‍රදීප් Tuesday, 22 September 2015 08:51 AM
මෙම ලිපිය ඉතා වැදගත් ගවේෂණාත්මක ලිපියකි (බ)
අජිත් Tuesday, 22 September 2015 02:53 PM
ඉතාම හොඳ ලිපියක්. වගකිවයුත්තනි, දැන්වත් ඇස් ඇර බලනු! (නි)
සම්පත් Wednesday, 23 September 2015 03:06 AM
කරුණාකරලා ලංකාවේ ජල සම්පත සුරකිමු මුළු කොළඹ ලෙඩ කරවන වැඩක් මේක (අ)
දුමින්ද Wednesday, 23 September 2015 08:58 AM
මග හොඳට පෙනේනම්....කීම බැදිවල යන්නේ ...(බ)