X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


කෑම මේසයට එන මැනිං වෙළෙඳපොළේ කුණු එළවළු

12-page1-S2-5    

 

කොළඹ පිටකොටුව මැනිං පොදුවෙළෙඳ සංකීර්ණය ඇතුළුව කොළඹ මහනගර සභාවේ පාලනය යටතේ ස්ථාන 18කින් කොළඹට එළවළු පලතුරු සැපයේ. මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කුටි 1400 ප‍්‍රමාණයකින් යුක්තය. කොල්ලූපිටිය, කිරුළපන, නාරාහේන්පිට, ජාතික පොළ, ජින්තුපිටිය, තොටළඟ, දෙමටගොඩ ඇතුළු අනෙකුත් වෙළෙඳ පොළවල් දහ අටකට අයත් කඩ 3000කට ආසන්න ප‍්‍රමාණයකින් යුක්තය.

 


දඹුල්ල, සීගිරිය, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, පුත්තලම, බදුල්ල, වැලිමඩ, බණ්ඩාරවෙල, තඹුත්තේගම, ඇතුළු රටේ විවිධ ප‍්‍රදේශවලින් ගෙන එන එළවළු හා පලතුරු වර්ග 150ක් මෙට්රික් ටොන් 250 වැඩි ප‍්‍රමාණයක් දිනපතා කොළඹට සැපයේ.


රටේ විවිධ ප‍්‍රදේශවලින් ගෙනඑනු ලබන මෙම එළවළු පලතුරු ප‍්‍රවාහනය වන්නේ ලොරි රථ මගිනි.


මැනිං පොදු වෙළෙඳ සංකීර්ණය ද නොනිදන නගරයක් වැනිය. මැස්සෙකුටවත් ගැවසිය නොහැකි තරමට අතුරු සිදුරු පිරීයන තරමින් මිනිසුන් එහා මෙහා යති. මේ කාර්යශූර බව මුළු රටටම අදාළව පවතින්නේ නම් අපේ රට මේ වන විට සංවර්ධනයේ හිණි පෙත්තට නැඟ අවසන්ය.

 

12-page1-S2-6

 


දහසකට වැඩි නාට්ටාමිකරුවන් හා විවිධ ප‍්‍රදේශවලින් ලොරි රථ රැුගෙන එන්නෝ සහ වෙළෙඳුන්, අතරමැදියන් ඇතුළු බොහෝ පිරිසක් ඒ අතර ගැවසේ.
දිනපතා කොළඹට එන එළවළු පලතුරු අතරින් තැලී පොඩි වී ඉවත් කළ යුතු තත්ත්වයට පත්වන එළවළු ද නැවත විකිණෙන බවත් එවායින් බොහෝමයක් කොළඹ ආපනශාලාවලට හා ආහාර පාන නිෂ්පාදකයන් අතරට පත්වන බවටත් අපට තොරතුරු ලබාගත හැකි විය.


එළවළු අසුරා එවීම සඳහා ප්ලාස්ටික් කූඩ භාවිත කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ රටම කතාබහ කරන ලදී. නමුත් ප්ලාස්ටික් කූඩ ප‍්‍රශ්නය අවසන් වූයේ හිටපු ජනාධිපතිවරයා ද ඊට මැදිහත් වීමෙන් පසුවය.

12-page1-S2-7
එළවළු ප‍්‍රවාහණයේ දී ඇසුරුම් භාවිතය ඉතා යහපත් දෙයක් වුවත් එහිදී ඇතිවන ගැටලූවලට ද විසඳුම් තිබිය යුතුය. හිස් ඇසුරුම් සහිත වාහනය ආපසු ගමනේ දී හිස්ව පැමිණීම පාඩුවකි. වෙළඳුන්ගෙන් ලබාගෙන කරපිටින් වෙළඳ පොළට ගෙනයන නාට්ටාමිවරුන්ට ද ඒ සම්බන්ධයෙන් ගැටලූවක් මතුවේ.
ගෝනිවල දමා පලතුරු ගෙන එද්දී ගෝනිවල තවත් ඉඩ ලබාගැනීම සඳහා එම ගෝනි පොළවේ ඝට්ටනය කර තෙරපීමට ද සමහර අය පෙළඹෙති.


කොළඹට එන එළවළු පලතුරු අතරින් තැලී පොඩිවී ඉවත යන ප‍්‍රමාණය සියයට එකක්වන බව නවතම වාර්තාවක් පසුගිය දිනෙක කොළඹ මහනගර සභා මට්ටමින් සපයන ලදී.


වසරකට රටේ විවිධ ප‍්‍රදේශවලින් නිෂ්පාදනය කෙරෙන මුළු ප‍්‍රමාණයේ සියයට හතළිහක් අපතේ යාම බව කියැවේ. නමුත් එම එළවළු සැබැවින්ම යන්නේ කුණු කූඩයට ද? නැත්නම් එළවළු කූඩයටදැයි අපි විමසා බැලූවෙමු.


එළවළු ලොරිවලින් තැලී පොඩිවී ඉවත යන එළවළු ටිකට ඇහැ ගහගෙන සිටිනා බොහෝ පිරිසක් මැනිං මාකෙට්ටුවේ ගැවසෙනු අපි දුටුවෙමු. ඔවුන් අතරින් ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කරන අය යැයි අපට හඳුනාගත හැකි විය. තවත් සමහරුන් නරක් වූ එළවළු එකතු කරන්නේ තම ආහාර වේලට 
ගැනීමටය.


තොග වශයෙන් එළවළු ගෙනයන අයද එළවළු ගෝනියේ යටට නරක් වූ එළවළු අසුරා පෙනුම ඇති හොඳ එළවළු ගෝනියේ උඩින් අසුරයි. මේ ක‍්‍රියාවලිය බොහෝ විට සිදුවන්නේ අතරමැදියන් අතිණි.


උදේ 9.30, 10.00 පමණ වන විට මෙම වෙළෙඳපොළ පෙදෙස නිදහස්ය. නගර සභාවේ කුණු ගොඩට එකතුකරගෙන යෑමට කරපිංචා නැට්ටක තරම්වත් එළවළු කුණු මේ වෙළෙඳ පොළවල ඉතිරි නොවේ.


මෙලෙස එකතු කරගෙන යන පරිභෝජනයට නුසුුදුසු එළවළු ඉතා අඩු මුදලක් දී ලබාගන්නා අය වන්නේ ආපනශාලා හිමිකරුවන්, කෙටි ආහාර නිෂ්පාදකයන්, වඬේ, බයිට් වැනි නිෂ්පාදනය කරන්නන්ය. මැනිං මාර්කට් එකේ විශාල ලොරි රථ අතරේ සිදුවන මෙම වංචනික ක‍්‍රියාව ගැන අසල රැුදි සිටි අයෙකු අපට අදහස් දැක්විය.

12-page1-S2-8


කොටුව වටේම තියෙන හෝටල්වලට වැඩිපුරම ගෙනියන්නේ මේ ජාතියේ එළවළු තමයි.


කිසි කතාවක් නැහැ, හෝදන්නේ එකපාරයි. පණුවෝ හිටිය ද කුණු තිබුණ ද? මඩ තිබුණ ද? මේ කතා එකක්වත් අදාළ නැහැ. ටක් ටක් ගාලා එළවළු ලෑල්ලේ තියලා කපනවා. 


එළවළු වලින් කොටසක් එළවළු බත් (ෆ‍්‍රයිඞ්රයිස්) වලට, තව ටිකක් එළවළු රොටි, මාළුපාන්, කොත්තුවලට ගන්නවා. බත්වලට හදන ව්‍යාංජනවලටත් ගන්නවා.


ඉවත දමන එළවළු ද තුන් හතර වර්ගයකට ප‍්‍රභේද කළ හැකිය.


එදිනෙදා ආදායම් සපයා ගැනීම සඳහා බත්මුල් බැඳ පාරේ තබා විකුණන අයද ඉවත දමන එළවළු භාවිතයට ගැනීම සිදුවේ.


වඩා අඩු මුදලකට ටෙන්ඩර් කැඳවා ලබාගන්නා කොළඹ අවට ආපනශාලා, විශ්වවිද්‍යාල, රෝහල්, රජයේ කාර්යාල, හිරගෙවල්වල, ආපනශාලා සඳහා දෛනික ආහාරවේල් සැකසීමේදී ගෙන එන එළවළු තොග අතරට ද මේ වර්ගයේ එළවළු රැුගෙන ඒම සිදුවේ.


දඹුල්ල සීගිරිය පැත්තේ සිට පැමිණ ගාල්කර තිබූ ලොකු ලොරි අතරේ සැඟවී සිට නරක් වූ එළවළු තෝරාගෙන ඒවා පොහොර බෑග්වල අහුරාගෙන හෙමින් සීරුවේ වෙළෙඳ සංකීර්ණයෙන් එළියට ඇදෙන්නෝ දෙතුන් දෙනෙකු අපේ ඇස ගැටිණි.


වෙළෙඳ සංකීර්ණයේ කලබලකාරී තත්ත්වය සමනය වූ පසු මෙසේ ඉතිරිවන එළවළු රැුගෙන යෑමට එන්නේ එකා දෙන්නා බැගින් වෙළඳ සංකීර්ණය දෙසට ඇදෙන්න විය.


ඒ හැරුණුවිට කලින් ඇනවුම් බාර දී එම එළවළු වෙන්කරවා තබාගන්නා අයද සිටින බව අපට දැනගන්නට ලැබිණි.


මෙම තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා කොළඹ මහනගර සභාවේ ප‍්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධර්මවර්ධන පෙරේරා මහතා සමග අපි සාකච්ඡුාවක් කළෙමු.


‘‘පාරිභෝජනයට නුසුදුසු එළවළු පලතුරු සැපයීමට කටයුතු කරන වෙළඳුන් සිටිනවා නම් ඒ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එබඳු වංචනික ක‍්‍රියාවන් සම්බන්ධයෙන් අපි නීතිය ක‍්‍රියාත්මක කරනවා.

 


 එළවළු වෙළෙඳපොළ ආශ‍්‍රිතව සිදුවන ක‍්‍රියාවන් ගැන මහනගර සභාව නිතර නිරීක්ෂණය කරනවාද?
‘‘මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සහ නගර සභා මට්ටමේ නිලධාරින් ඒ පිළිබඳ නිතර නිරීක්ෂණය කරනවා.


වෙළෙඳ සංකීර්ණ ආශ‍්‍රිතව මහ නගර සභාවල නිලධාරින් කිහිප දෙනෙකු දිනපතා රාජකාරියේ නිරත වෙනවා. 
ගැටලූකාරී තත්ත්වයන් පිළිබඳ ඔවුන්ට ද දැනුම්දිය හැකියැයිද ඒ මහතා අප සමග පැවසුවේය.


ඡායාරූප : ඉෂංක සුනිමල්

m

 



අදහස් (0)

කෑම මේසයට එන මැනිං වෙළෙඳපොළේ කුණු එළවළු

ලලිත් Sunday, 20 September 2015 12:20 PM

මෙම විෂය ලංකාදීපයේ අවධානයට යොමුවීම ගැන සුබ පැතුම්! දකුණු ආසියාවේ මහා විශාල පරිමාණයට හොර තුලනය(තරාදි) භාවිතා කරන එකම රට ශ්‍රී ලංකාව යැයි කීම අපකීර්තියට කාරණයක්. මෙම වෙළඳපොළේ කුණු එළවළු හැර, හොර තරාදි භාවිතය සාමාන්‍ය දෙයකි. මහජනයාට වෙන මෙම අසාධාරනය බැලීමට ලංකාවේ කිසිම අධිකාරියක් ඉදිරියට එන්නේ නැත. මෙම වාර්තාව සකස්කළ ඔබට දෙවි පිහිටයි. (නි)

:       0       0

රෝහිත Sunday, 20 September 2015 12:29 PM

මැනිං වෙළෙඳපොළේ පිටුපසු ප්‍රදේශය රාත්‍රී කාලයේ බොහෝ දෙනා මුත්‍රා කිරීමට භාවිතා කරති. උදෑසන එම ස්ථානයේම එළවලු සහ කරපිංචා ලොරි දැකිය හැක. මෙම ස්ථානයේ දුර්ගන්ධය දරාගත නොහැකිව මඟීන් නාසය වසා ගැනීම අප්‍රමාණව දැකිය හැකි දෙයකි. මේවා කාට කියන්නද? (නි)

:       0       0

අනෝමා Sunday, 20 September 2015 12:35 PM

පිටකොටුවේ මාළු වෙළඳපොළ පෑලියගොඩට යැව්වා වගේ මේ වෙළඳපොළත් මීතොටමුල්ල වැනි ප්‍රදේශයක පිහිටවන්න. (නි)

:       0       0

නිහාල් තැන්නකුඹුර Sunday, 20 September 2015 12:40 PM

අවන්හලට ගොස් එළවළු කෑම බාගයක් දාන්න කිව්වහම බොහෝවිට අපිට ලැබෙන්නේ මේවා තමයි. මිනිසුන්ගේ හෘද සාක්ෂිය හැදෙනකම් රටක් හැදෙන්නේ නැහැ. (නි)

:       0       0

ගෝමස් Sunday, 20 September 2015 12:49 PM

කතෘතුමනි, මීළඟට ලංකාවේ හොර තරාදි, හොර මීටර්, හොර මැනීම් භාවිතය පිළිබඳව වාර්තාවක් පළකරන්න. මේවා අහෝසි කරන්න බැරි බව මම දන්නවා. නමුත් යම් අවබෝධයක් මහජනතාවට ලැබෙනවා. ලංකාවට පැමිණුනු බොහෝ සංචාරකයින් මේ පිළිබඳව මට පැමිණිලි කරලා තියෙනවා. (නි)

:       0       0

නෙලුම් Sunday, 20 September 2015 12:58 PM

මෙම වෙළඳපොළේ කාබයිඩ් රසායනයෙන් ඉදවන ලද පලතුරු ඕනෑතරම් දකින්න පුළුවන්. එම පළතුරු අනුභව කිරීමෙන් පිළිකා වැනි රෝග හැදෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site