X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


කිලිනොච් දැරියගේ ඝාතකයා තවමත් රහසක්

35 

කිලිනොච්චිය සින්නපරන්තන් ප‍්‍රදේශයේ වෙල්යායක තිබී කුඩා දැරියකගේ මළ සිරුරක ඇටසැකිල්ලක් පසුගිය 19 වැනිදා සවස හමු වීමත් සමග යාපනය පාසල් සිසුවියගේ ඝාතනයෙන් උණුසුම් වූවා සේ කිලිනොච්චියද උණුසුම් වුණා. ඒකට හේතුව වුණේ පසුගිය ජුනි මාසයේ 21 වැනිදා කිලිනොච්චිය උරුදිපුරම් එ`එක්කාඩු ගම්මානයේ අතුරුදහන් වූ තුන් හැවිරිදි උදයකුමාර් යර්ෂිකා දැරියගේ මළ සිරුර බවට දැරියගේ මවත් කිලිනොච්චිය පොලිසියත් හඳුනා ගැනීමත් සමගය.

 

3අවුරුදු තුනක් වූ මේ දැරිය අතුරුදහන් වෙලා මාසෙකට ආසන්න කාලයක් ගියාට පස්සේ මළ සිරුර හමු වුණේ 19 වැනිදා සවස කිලිනොච්චිය සින්නපරන්තන් ප‍්‍රදේශයේ කෝවිලක් අසල පිහිටි වෙල් යායක ගොයම් ගස් අස්සේ දියේ පාවෙමින් තිබියදී. මළ සිරුර හමුවෙන විට නම් අඳුරගන්න බැරි තරම් නරක් වෙලා තිබුණේ නමුත් දැරිය අවසන් වරට ඇඳ සිටි ඇඳුම් වලින් දැරියගේ මව අඳුරගත්තා.


මේ පුංචි දැරියගේ මළ සිරුර මේ විදිහට හම්බවෙන කොට ගම්වාසීන්ට වගේම කිලිනොච්චිය පොලිසියටත් දැන් ලොකු ප‍්‍රශ්නයක් වෙලා මේ දැරියට මොකද වුණේ කියන එක ගැනනම්.


පුංචි යර්ෂිකා දැරිය පසුගිය ජුනි 21 වැනිදා පවුලේ අය වූ අයියා, අම්මා වගේම තවත් නෑදැ වෙන ළමයින් දෙදෙනෙක් එක්ක අසල තිබුණු ඇළකට නාන්න ගිහින් මෙහෙම යන කොට යර්ෂිකාගේ අම්ම රෙදි සෝදන සබන් ගෙනැල්ල නැති නිසා ආපහු ගෙදර ඇවිත්. මේ ඇළ තියෙන්නේ මීටර් 500 ක් විතර දුරකින්. ඉතිං යර්ෂිකාගේ අම්මා ගෙදර එන අතරේ යර්ෂිකයි එයාගේ අයියයි අතරේ රණ්ඩුවක් වෙච්ච නිසා යර්ෂිකා දැරිය ඇළට නාන්න යන්නැතිව මග නැවතිලා, අම්මා සබන් අරන් ඇළට ගියාම යර්ෂිකා එතන නොසිටපු නිසා කට්ටියගෙන් ඇහුවම කියල තියෙන්නේ ඔවුන් සමග ඇය නොපැමිණි බවයි.

කොහොම හරි එතන ඉඳන් යර්ෂිකා හොයන්න ගත්ත උත්සාහයන් නම් අනන්තයි. යර්ෂිකා දැරියගේ අතුරුදහන් වීම ගැන ඇයගේ මව විසින් කිලිනොච්චිය පෙලිසියේ පැමිණිල්ලක් දැමීමෙන් පසුව මේ උණුසුම වැඩි වෙන්න ගත්තා. කොහොම හරි ගමේ අයගේ විස්තර වලිනුයි පවුලේ අයගේ විස්තර වලිනුයි පොලිස් පොත් පිරුණත් යර්ෂිකා ගැන කිසිම හෝඩුවාවක් ලැබුණෙ නම් නැහැ.


කොහොම හරි පුංචි යර්ෂිකා හොයන්න පොලිසිය විශේෂ කාර්ය බළකාය, යුදහමුදාව හා ප‍්‍රදේශවාසීන් එක්ක දහසක් පමණ දෙනා එ`එක්කාඩු ගම්මානයේ වැව් ඇළවේලි වෙල්යායවල් සියල්ලකම දින ගණනාවක් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කළද වැඩක් නොවුණේ පුංචි යර්ෂිකා ගැන කිසිදු හෝඩුවාවක් නෙැලැබුණි. මේ අතර වාරයේ ගම්වැසියන්ගේ විවිධ කටකතා විය. යර්ෂිකා දිය නෑමට ගිය ඇළේ විශාල කිඹුලෙකු සිටින බවත් කිඹුලාගේ ගොදුරක් වන්නට ඇති බවටත්, තවත් කටකතාවක් වූවේ යර්ෂිකාගේ මවගේ අනියම් සැමියෙකුට දැරිය ලබා දී ඇති බව හෝ මුදලට විකුණා ඇති බවට යන අයුරිනි. කොහොම හරි එ`එක්කාඩු ගම්මානයේ සෝදිසි කරපු කුඹුරු යායකම ගොයම් අස්සෙ තිබිලා යර්ෂිකාගේ මළ සිරුර හම්බ වෙද්දි හැම කෙනෙකුටම ලොකු ප‍්‍රශ්නයක් වෙලා මෙච්චර කාලයක් යර්ෂිකා දැරියට මොකද වුණේ කියන එක සහ මිය යාම සම්බන්ධයෙන් මේක දැන් කිලිනොච්චි පොලිසියටත් ගැටලූවක් වෙලා.

dgujf


දැනට කිලිනොච්චිය පොලිසිය සැක කරන්නේ යර්ෂිකා දැරිය කුමන හෝ කාර්යක් සඳහා පැහැරගත් අය විසින් මෙම මරණය සිදු කොට ඇති බවයි. යර්ෂිකා දැරිය පැහැර ගැනීමෙන් පසුව යුද හමුදාව හා පොලිසිය එක්ව සෝදිසි කරන විට පැහැරගත් පාර්ශවය බිය වී මෙම ඝාතනය කොට කුඹුරේ ලියද්දක ස`ගවන්නට ඇති බවට තමයි කිලිනොච්චිය පොලිසිය කියා සිටින්නේ.


මේ වෙන කොට අදාළ මළ සිරුරේ කොටස් විශේෂ පරික්‍ෂණයක් සඳහා කොළඹට යවා තිබෙනවා. ඒ මෙම දැරියගේ මරණය කුමන ආකාරයකින් සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා කොහොම වුනත් කැලේ පිපුණ අහිංසක මල් කැකුළක් අකාලයේ අහිමි වීම ගැන පුළුල් පරික්‍ෂණයක් සිදු කොට වරද කරුවන්ට නිසි ද`ඩුවම් දිය යුතුය.

m



අදහස් (0)

කිලිනොච් දැරියගේ ඝාතකයා තවමත් රහසක්

කනිෂ්ක Monday, 27 July 2015 11:47 AM

මිනිසුනේ බඩට කලින් ජීවත්වෙන්න රටක් ඉතුරුකරගනිල්ලා... (ර)

:       0       0

ක්‍රිෂාන් Thursday, 30 July 2015 08:00 AM

මේ අපරාද නැති කරන්නනම් එල්ලුම් ගහ ගේන්නම වෙනවා.අපේ රට දැන් තිරිසනුන්ගෙන් පිරිලා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site