X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


කුළුබඩු දූපත් සොයා මැගලන් ගිය ගමන

 ලෝක ඉතිහාසයේ  ගවේෂකයන්ට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. රාජකාරිය නිසා හෝ, ත්‍රාසය සෙවීමේ පිපාසය නිසා හෝ, එකිනෙකා අතර තරගය නිසා හෝ, ඔවුන් කළ ගවේෂණ නොවන්නට ලොව රටවල් එකිනෙකාගෙන් හුදෙකලා වන්නට හොඳින්ම ඉඩ තිබිණ. ඉහත කී කුමන හෝ හේතුවක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ වේවා ගවේෂකයන් ඔවුන්ගේ ගමනෙහි යෙදුණේ දිවි පරදුවට තබාය. සාර්ථකව ගවේෂණය නිමා කොට නැවත මව් රට පැමිණියෝ වෙත් නම් ඒ අතළොස්සකි. බහුතරය ඔවුන් තරණය කරන්නට වෑයම් කළ සයුර මතම ජීවිතයේ අවසානය සනිටුහන් කළෝ වෙති.

6
මෙම ලිපි පෙළ වෙන්වන්නේ එසේ ගවේෂණයේ යෙදුණවුන්ගේ ගවේෂණ සටහන් ඔබ වෙත ගෙන එන්නටය. ආරම්භයක් ලෙස ලොව පළමු ගවේෂකයා ගැන සටහන් තැබීම සුදුසු වුවත් අද ලිපිය සහ එළැඹෙන සති කිහිපයේ ලිපි වෙන්වන්නේ ගවේෂකයන් අතරින් ප්‍රමුඛ ස්ථානයෙහිලා සැලකෙන ෆර්ඩිනැන්ඞ් මැගලන් ගේ  ගවේෂණ තොරතුරුවලටය.


මැගලන් උපන්නේ 1480 වර්ෂයේ පෘතුගාලයේදීය. මෙය ගවේෂණය පිළිබඳ ලොව බලවත් යැයි එවක සැලැකුණු ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය වැනි රටවල දැඩි අවධානය යොමුව තිබූ සමයකි. පාලකයෝ තරගයට මෙන් නව දේශයන් සොයා යාමට අනුබල දුන්හ. සොයා ගත් අලුත් දේශයන් තමන්ගේ යැයි කියා සිටියහ. කෙනෙකු අත්පත් කරගත් නව භූමියකට තවත් කෙනෙකු ළං වීම පවා යුද්ධයකට අත වනන්නක් විය.


සමාජයේ උසස් යැයි සැලකුණු පවුලකට දාව උපත ලද නිසා මැගලන්ගේ ළමා විය නිදහසේ ගෙවී ගියේය. අනෙක් ළමුන් හා සමග කෙළි සෙල්ලමේද, මව්පියන්ගේ පෙරැත්තය නිසා අධ්‍යාපන කටයුතුවලද, ඔහු යෙදුණේය. නමුත් මේ සියල්ල පැරදු ආසාවක් මැගලන්ට විය. අවස්ථාව ලද සෑම විටකම වෙරළ වෙත දිව ගිය ඔහු කෙදිනක හෝ නෞකාවක නැගී සයුරු තරණයේ යෙදෙන්නට සිහින මැව්වේය.


නමුත් මේ සැහැල්ලු බව කෙටි කලකට සීමා විය. මැගලන්ගේ මව්පියන් ඔහු කුඩා සමයේදීම මිය ගිය අතර මෙයත් සමග ඔහුගේ භාරකාරීත්වය පැවරුණේ නෑසියන්ටය. අතට පයට සියලු සැපසම්පත් ඇතිව සිටි කාලය නිමාව දුටුවේය. තරුණ වියට එළැඹි වහාම මැගලන්ටද  ජීවිත අරගලයට එක් වන්නට සිදුවිය.
නමුත් මේ දුෂ්කර සමය කුඩා කල ඔහුට තිබූ සිහිනය සැබෑ කරගන්නට කදිම අවස්ථාවක් විය. ඉන්දියාව බලා යන පෘතුගීසි නෞකා සමූහයකින් එක් නෞකාවක සුළු සේවකයකු ලෙස සේවයට එක් වන්නට ඔහුට වාසනාව තිබිණ. එදවස නෞකාවක සුළු සේවකයකු යනු විශාල වැඩකොටසක්, කිසිදු ප්‍රශංසාවක් හෝ දිරිමත් කිරීමක් හෝ නොලබා ඉටුකළ යුතු පුද්ගලයෙකි. නමුත් සයුරු තරණයේ යෙදෙන්නට මැගලන්ට තිබූ ආශාව සියල්ල පරදා නැගී තිබිණ. ඒ නිසා  දෙවරක් නොසිතා ලැබුණු වාසනාව උරගා බලන්නට ඔහු කටයුතු කළේය.


ඉන්දීය ගමන වැඩි කරදරයකින් තොරව නිමාව දුටු අතර මාස කිහිපයක් එරට ප්‍රාන්ත කිහිපයක ගත කර මැගලන් නැවතත් පෘතුගාලයට පැමිණියේය. සුළු සේවකයකු ලෙස සේවයට එක්වුවද පෘතුගාලයට නැවත පැමිණෙන විට ඔහු නෞකා සහ සයුරු තරණය ගැන සැලකිය යුතු දැනුමක් එක් කර ගෙන තිබිණ. තවත් කෙනෙකු යටතේ නොව තමන්ගේම යැයි නෞකාවක් මෙහෙයවීමේ පිපාසයකින් ඔහු පෙළුණේය.


පෘතුගාලය යනු මෙසමයෙහි දේශ ගවේෂණයේ කෙළ පැමිණි රටක් විය. අභිනවයෙන් සොයාගත් නව දේශයන් රැසක් පෘතුගාල පාලනය යටතේ තිබිණ. ධනයට හා බලයට මනුෂ්‍යයාගේ ඇති උමතුව කිසිදා නිමා නොවන බව මනාව පසක් කර දෙමින් පෘතුගාල පාලකයන්ටද වුවමනා වූයේ තව තවත් නව දේශයන් සොයා ගැනීමටය. ඒ ඔස්සේ ධනවත් සහ බලවත් වන්නට නව මාර්ග සොයාගැනීමටය. මෙය තම වාසියට හරවා ගැනීමට සිතූ මැගලන්, කුළුබඩු දූපත් (ස්පයිස් අයිලන්ඞ්ස්) ලෙස නම් කර තිබූ ඉන්දුනීසියා දුූපත් සමූහයකට යා හැකි නව මුහුදු මාර්ගයක් සොයාගනු වස් ගවේෂණයේ යෙදීමට අවස්ථාවක් ලබාදෙන ලෙස පෘතුගාල පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය.


ස්පයිස් අයිලන්ඞ්ස් වෙත යන ගමන අතිශයින් දුෂ්කර වූ අතර එවක සොයාගෙන තිබූ මුහුදු මාර්ගයට අනුව ඉන්දුනීසියාව කරා ළඟා විය යුතුව තිබුණේ යුරෝපයේ සිට අප්‍රිකාවටත්, එතැන් සිට ඉන්දියාවටත්, අනතුරුව නැගෙනහිර ආසියා කලාපයටත්, අවසානයේ ඉන්දුනීසියාව සහ ස්පයිස් දුපත්වලටත් ලෙසය. නැඟෙනහිර දිග මුහුදු මාර්ගය ලෙස මෙය නම් කර තිබිණ. මෙම මාර්ගයේ ගමන් ගන්නා නෞකා නැවත සියරට පැමිණීමක් සිදුවූවේ නම් ඒ ඉතාම සුළු ගණනක් විය. බොහෝමයක් නෞකා සයුරේම අවසන් ගමන් ගියේය.

5
ස්පයිස් දූපත් නමේ අරුතින්ම කුළු බඩු ආශ්‍රිත වගාවන්ගෙන් පොහොසත් වූ අතර ඒවායේ හිමිකාරීත්වය දැරූ ස්පාඤ්ඤය හා පෘතුගාලය වැනි රටවල් එම වගාවන් විකුණා ඉහළ මුදලක් උපයා ගනිමින් සිටියේය. එම ඒකාධිකාරය වෙනත් රටවල් වෙත ලබාදෙන්නට ඔවුහු අකමැති වූහ. ලාභය ඉහළ නංවා ගත හැකි මාර්ග ගැන ඔවුහු නිරන්තර අවධානයෙන් සිටියහ.


ස්පයිස් දූපත් වෙත ළගා වීමට බටහිර දිග මුහුදු මාර්ගයකින් බැරි වේදෝයි කසු කුසුවක් මේ කාලයේ ඇතිව තිබිණ. ලෝකය ගෝලාකාර බව බොහෝ දෙනා, විශේෂයෙන් සයුරු තරණයේ යෙදුණු නැවියෝ හොඳින්ම දැන සිටියෝය. නැගෙනහිර දිග මාර්ගයකින් ස්පයිස් දුූපත් වලට ළඟා විය හැකි නම් බටහිර දිග මාර්ගයකින්ද එය කළ හැකි නොවේද? මෙයට පිළිතුරු සෙවීමට තිබූ එකම මාර්ගය වූයේ බටහිර දිග මුහුදු මාර්ගයක් සොයා ගවේෂණයක නිරත වීමය. නමුත් බොහෝ දෙනා ඊට බිය වූහ. මේ දක්වා කිසිවෙක් නොගිය, නුදුටු පෙදෙසක සයුරු තරණයේ යෙදීමේ අවදානම භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.


ගවේෂණ පිපාසයකින් සිටි මැගලන් මේ අභියෝගය භාර ගැනීමට කැමැති විය. සැලැස්මක්ද සකස් කරගත් හෙතෙම පෘතුගාලයේ පාලක පළමුවන මැනුවෙල් රජු වෙත ගියේය. රජුට මැගලන් ගැන එතරම් ප්‍රසාදයක් නොතිබිණ. පෘතුගාලයට රහසේ වෙනත් රටවල් හා ගනුදෙනුවල යෙදුණේ යැයි චෝදනා මැගලන්ට එරෙහිව නැගී තිබූ අතර රජුගේ උපදේශකයෝ ගින්න තවත් අවුළුවා තිබිණ. මේ චෝදනා සාවද්‍ය බව පසු කාලයක ඔප්පු විය.


මැගලන් -- රජ තුමනි, මෙන්න. මට පුළුවන් බටහිර දිග මුහුදු මාර්ගයකින් ඉන්දුනීසියා දූපත් වෙත යන්න මාර්ගයක් හොයාගන්න. මේ දේවල් ටික දුන්නොත් මට අදම වුණත් වැඩ පටන් ගන්න හැකියි.


රජු -- (ඉදිරිපත් කළ සැලැස්ම කියවා බලමින්), හ්ම්ම්.. ඒක නෙවෙයි. තමුන්ට නැගෙන චෝදනාවලට මොනවද තියෙන උත්තර?
මැගලන් -- රජතුමනි ඒ ගැන කාලය නාස්ති කරන්න වේලාවක් නෙවෙයි මේක. ඔය චෝදනා ඔක්කොම බොරු. ඔප්පු වේවි නියම වෙලාවට. අපි දැන් මේ වැඬේ ප්‍රමාද කරනවා කියන්නේ ස්පාඤ්ඤය අපිට ඉස්සර වෙනවා කියන එක...


රජු -- ඔහේ හිතනවාද ඔය වගේ චෝදනා නැගිලා තියෙන කොට මේ ඉල්ලලා තියෙනවා වගේ නැව්, කපිතාන්ලා, සේවකයන් ඒ මදිවට කෑම බීම, ඔක්කොම නිකම් දේවි කියලා. නැහැ. ඉස්සෙල්ලාම නම පිරිසිදු කරගෙන එන්න. ඊට පස්සේ අපි බලමු මොනවාද කරන්න පුළුවන් කියලා. දැන් යන්න පුළුවන්.

 

30_page_3-RS


මැගලන් අතිශයින් කෝපයට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නැත. සිහිනය සැබෑ කරගන්නටත්, ඒ අතරවාරයේම රටටත් සේවයක් කරන්නටත් තිබූ වුවමනාව ඉටු කරගන්නට පෘතුගාලයෙන් අවස්ථාවක් නොලැබෙන බව ඔහුට පසක් විය. මේ සියල්ල විමසා බැලූ. ඔහු අවසානයේ තීරණයක් ගත්තේය.
“මෙහෙ ඉඳලා හරියන්නේ නැහැ. මාව වුවමනා නැතිනම් මම යනවා ස්පාඤ්ඤයට. මගේ ඉල්ලීමට ඒ අය ඇහුම්කන් දේවි කියා මම හිතනවා.”


මැගලන් තම මිතුරු පිරිසක් හා කීවේය. ස්පාඤ්ඤයේ පාලකයන් සමග සමීප සබඳතා පවත්වාගෙන යමින් සිටි මිතුරෙකුද ඔහුට විය. මැගලන්ගේ අවශ්‍යතාව සහ ස්පාඤ්ඤ පාලකයින්ගේ වුවමනා එපාකම් මනාව ගැළපිය හැකි බව ඔහු වටහා ගත්තේය.


“මම හොයලා බලන්නම් වැඬේ කොහොමද කරන්නේ කියලා. හැබැයි ටිකක් කල් වුවමනායි. ඒ අතරේ ඔය සැලැස්ම තව ටිකක් මට්ටම් කරගන්න බලන්න. වැඬේ කරගන්න ඔයාව වුවමනාම වෙන තැනටම ඔය සැලැස්ම දියුණු කරන්න. 


“හරියයි නේද වැඬේ?”


“සියයට සියයක්ම විශ්වාසයක් තියා ගන්නත් එපා. ඒත් විශ්වාසය නැති කරගන්නත් එපා. මම දන්නවා අපේ කට්ටියට අලුත් මුහුදු මාර්ගයක් හොයාගන්න ලොකු වුවමනාවක් තියෙනවා කියලා. පෘතුගීසි කට්ටිය ටිකෙන් ටික මුහුදයි, ගොඩබිමයි අල්ලා ගන්න එක ගැන ඒ අයගේ කිසිම මනාපයක් නැහැ. ඒ හින්දා ඉවසන්න. මම කතා කරලා බලලා කියන්නම්.”


දෙදෙනා අතර සංවාදය මෙතෙකින් නිමා විය. මිතුරා නැවත ස්පාඤ්ඤය බලා ගිය අතර මැගලන් පෘතුගාලයේ නැවතී තම ගවේෂණ සැලැස්ම දියුණු කිරීමෙහි නිරත විය.


මාස කිහිපයක් ගතවිය. මැගලන්ගේ කාමරයේ කසළ බඳුන ගුලි කරන ලද කොළ කැබලිවලින් කට ළඟටම පිරී ගොස්ය. එය අස්පස් කිරීමට පවා වුමනාවක් ඔහුට නොතිබිණ. ‘බෑ’ කියන්නට බැරි වන තැනට තම සැලැස්ම සකස් කිරීමේ අරමුණක් ඔහුට තිබිණ. එනිසා ලියන සියල්ල නැවත නැවත කටු ගාමින් ඔහු වැඩෙහි යෙදුණේය. සියයට සියයක් සෑහීමකට පත්විය හැකි සැලැස්මක් සකස් වන තෙක් ඔහු උත්සාහය අත් නොහළේය.


අවසන එය නිමාව දුටුවේය. මනාව සැලැසුම් කරන ලද ගවේෂණ සැලැස්මක් ඔහු සතුවිය. දැන් තිබෙන්නේ මිතුරාගේ පණිවුඩය ලැබෙන තෙක් සිටීමය. මැගලන් නොඉවසිල්ලෙන් පසුවිය.


දිනක්


දොරට තට්ටු කරන හඬක් ඇසුණි.


“කවුද ඔය”


“මේ මම. අඳුන ගන්න බැරිද. දොර අරින්න. මට දෙයක් තියෙනවා කියන්න.”


මැගලන් කඩිමුඩියේ දිව ගොස් දොර විවෘත කළේය. එතැන සිටියේ ස්පාඤ්ඤය බලා ගිය ඔහුගේ මිතුරාය.


“කොහොමද, කොහොමද මගේ වැඬේ.”


“ඒ කියන්න ඉස්සෙල්ලා පොඞ්ඩක් මට ගේ ඇතුළට එන්න දෙන්න. මහන්සියි. මම ඊට පස්සේ කියන්නම් මොනවාද වුණේ කියලා.”


මිතුරා පවසන්නට ඇත්තේ කුමක්ද? මැගලන්ගේ සිහිනය සැබෑ වනු ඇතිද ? ලබන සතියේ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

m



අදහස් (4)

කුළුබඩු දූපත් සොයා මැගලන් ගිය ගමන

චමිල් Monday, 08 August 2016 07:12 AM

නියම ලිපියක්. ඉතුරු ටික ඉක්මනට දාන්න (නි)

:       0       2

දමයන්ති පිරිස් Tuesday, 09 August 2016 04:54 AM

ඉතාමත් හොඳ ලිපියක් (ම)

:       0       2

චමිල් Monday, 15 August 2016 10:35 AM

ඉක්මනට ඉතුරු කොටස පලකරන්න ස්තුතියි (බ)

:       0       2

Chamod Monday, 09 August 2021 10:40 AM

සුපර්

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site