X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


කොටකෙතන නඩුව ඞීඑන්ඒ පරීක්ෂණයෙන් වෙනස්වුණේ මෙහෙමයි

  sgh

14-Page-26-BB

 

 

DNA මාට්ටු වුණොත් සොරි තමයි කොල්ලෝ.... උඹට ගැලවීමක් වෙන්නේ නැහැ.


අලූත්කඬේ උසාවි සංකීර්ණය මධ්‍යයේ ඇති බෝ ගස යට ඇති සිමෙන්ති පඩිය මත හිඳගෙන සිටි ගොඩ පෙරකදෝරුවෙක් ඔහු ළඟ හිටගෙන උන් වැදගත් පෙනුමකින් යුත් මහත්මයෙකුට උපදෙසක් දුන්නේය.


DNA සෙට් නම් ඉතිං”... ගොඩ පෙරකදෝරුවා තවත් කිසිවක් මහත්මයාට නොකියා සුසුම් ලෑවේ ඉතාම හැඟුම්බරවය.


අපරාධකරුවන් සීයක් නීතියෙන් ගැලවී ගියත් එක් නිවැරැුදිකරුවෙක්, වැරැුදිකරුවකු ලෙස දඬුවම් නියම විය යුතු නැති බවට නීතියේ ඇති සිද්ධාන්තය වඩාත් අර්ථ ගැන්වීමට DNA වලට හැකියාව ඇතැයි යන මතයේ ඇති සත්‍යතාව කොපමණදැයි කාර්යාලයට යන වාහනය එනතුරු බෝ ගස් හෙවණේ රැුඳී සිටි මා හට පසක් විය.


-අනේ අර දරුවා ..” මගේ මතකය එකවරටම මීට වසර 20 කට පමණ එහා අතීතයකට දිව ගියේ කොළඹ අංක 03 මහේස්ත‍්‍රාත් අධිකරණයේ එවකට හිටපු මහේස්ත‍්‍රාත්වරයකු දරුවෙකුට පීතෘභාවය ලබා දීමට නොහැකි වීම පිළිබඳව කනගාටුවට පත් වෙමින් ලබා දුන් නඩු තීන්දුව එකවරටම මගේ මතකයට නැගීමෙනි.


අනියම් ඇසුරක් නිසා උපන් තම දරුවාට පීතෘභාවය ඉල්ලා කාන්තාවක් විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අමුණා තිබූ දිවුරුම් ප‍්‍රකාශයේ පෙත්සම්කාරිය අත්සන් කළ යුතු තැන නොසැලකිල්ල හේතුවෙන් ඇගේ නීතිඥවරයා අත්සන් කර තිබීම නිසා දරුවාගේ පීතෘභාවය ලබා නොදීම එම පෙත්සම ඉවත දැමීමට සිදුවීම නිසා මහේස්ත‍්‍රාත්වරයා යම් කම්පනයකින් යුතුව ලබාදුන් තීන්දුවක සඳහන් වූයේ නීතිඥවරයකුගේ වැරැුදීමක් නිසා දරුවකුට පීතෘභාවය ලබාදීමට නොහැකිවීම පිළිබඳව අතිශයින් කනගාටුවට පත්වන බවය.


පියාගේ පිළිගැනීමකින් තොරව පීතෘභාවය ලබාදීමට එදා හැකියාවක් නොතිබුණේ ඒ වනවිට DNA  තාක්ෂණය නොතිබීම මතය. ඒත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය.


අපරාධකරුවන්ගේ ගෙලට තොණ්ඩුව කිට්ටු කරවීමට මෙන්ම අහිංසක නිර්දෝෂි පුද්ගලයින්ගේ ගෙලෙන් එපිටට තොණ්ඩුව ගෙන යෑමටද ඞී. එන්. ඒ. තාක්ෂණයේ සහය නීතියේ දෙවඟනට ලැබෙන බව පසුගිය කාලයේදී අපට දක්නට ලැබිණි.


පසුගිය දස වසරක කාලය තුළදී අපරාධ 3800 කට පමණ වගකිව යුතු නියම අපරාධකරුවෝ කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ඞී. එන්. ඒ. තාක්ෂණය පිහිට වූ බව ජීන් ටෙක් ආයතනයේ වෝහාරික වෛද්‍ය අංශයේ අංශ ප‍්‍රධානි මෙන්ම විද්‍යා ආචාර්ය රුවන් ජයශාන්ත ඉලේපෙරුම මහතා කොළඹ මහාධිකරණයේදී හෙළි කළේය.


ඒ කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේදී 2002 ජුලි මස 19 වැනිදා ලියනාරච්චිගේ පේ‍්‍රමවතී (63) සහ හේවාගමගේ පුෂ්පකුමාරි (23) නමැති මව සහ දියණිය ඝාතනය කොට ඔවුන්ගේ සිරුරු ඔවුන් පදිංචිව සිටි නිවෙස තුළටම දමා ගිනි තැබූ බවට නාමල් චමින්ද සිල්වා, සිසිර කුමාර හෙවත් තුෂාර සහ ලොකුගම්හේවාගේ මිථිල නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්කිකරුවකු ලෙස උසාවියට පැමිණ සාක්කි ලබාදෙමිනි.


පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා කැඳවන බව නීතිපතිවරයා විසින් මහාධිකරණයට දැනුම්දී තිබුණත් පැමිණිල්ලේ සාක්කි විභාග කිරීම අවසන් වනතුරුම ඔහුගේ සාක්කි කැඳවීමක් නොකළ හෙයින් නඩුවේ තුන්වැනි විත්තිකාර මිථිල ලොකුගම්හේවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා විත්ති පාර්ශ්වය වෙනුවෙන් විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාගේ සාක්කිය කැඳවීමට තීරණය කරන ලදී.


ඒ අනුව පසුගිය සතියේ දිනෙක කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ මෙහෙයවීම යටතේ රුවන් ඉලේපෙරුම මහතා සාක්කි ලබාදෙමින් මීට වසර 13 කට පෙර මහාචාර්ය  මායා ගුණසේකර මහත්මියගේ පුරෝගාමීත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ඞී.එන්.ඒ. පරීක්ෂණ සිදු කිරීම සඳහා -ජීන් ටෙක්” ආයතනය ආරම්භ කළ දිනයේ සිට සිදුකළ මෙහෙය ගැන තොරතුරු අධිකරණය හමුවේ හෙළි කළේය.


පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ බී 503/12 දරණ නඩුව පේ‍්‍රමවතී හා පුෂ්පකුමාරි යන මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් පවත්වාගෙන ගිය බව හෙළි කරන ලදී. පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරියගේ නියෝග මත රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා මරණකාරිනියන්ගේ ස්තී‍්‍ර ලිංග තුළ තිබූ ස‍්‍රාවයන් පිස්න ආකාරයෙන් ලබාගෙන තමන් වෙත එවූ බවත් අපරාධය වූ පේ‍්‍රමවතීගේ නිවෙසේ වැටී තිබූ සිගරට් කොට ඇතුළු යම් යම් දේවල්ද පුෂ්පකුමාරිගේ ශරීරයේ තිබී සොයාගත් කෙස් ගස් මෙන්ම තවත් බොහෝ දේවල් පරීක්ෂණ සඳහා තමන් වෙත එවා තිබූ බව ඔහු උසාවිය හමුවේ සාක්කි දෙමින් හෙළි කළා.


ඉන් පසු යම් අවස්ථාවක මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනා මෙන්ම නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල නමැත්තා තමන් වෙත ඉදිරිපත් කළ බවත් සාමාන්‍යයෙන් අපරාධකරුවකු ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රුධිරය ලබාදීම ප‍්‍රතික්ෂේප කරනු ලැබුවත් මෙම හතර දෙනාම ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත්ව පරීක්ෂණ සඳහා තම රුධිරය ලබාදුන් බවත් රුවන් ඉලේපෙරුම මහතා හෙළි කළේය.


මේ රටේ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට කරනු වස් තමන් මෙම පරීක්ෂණය කළ බවත් ඒ සඳහා සාම්පල් 48ක් පමණ පරීක්ෂා කිරීමට සිදුවීම නිසා ලංකා ආණ්ඩුවෙන් රුපියල් 1,78,000ක මුදලක් අය කළ බවත් හෙළි කළ ඉලේපෙරුම මහතා පුෂ්පකුමාරිගේ ස්තී‍්‍ර ලිංගය තුළ තිබී පුරුෂ ධාතු සොයාගත් බවත් එම පුරුෂ ධාතු මෙම විත්තිකරුවන් තිදෙනා හා සිරිපාලගේ ඞී.එන්.ඒ. රටාවන් සමග නොගැළපුණු අන්දමත් හෙළි කළේය.


ඇගේ යෝනිය තුළ සොයා ගත් ශුක‍්‍රාණු වල ඞී.එන්.ඒ. රටාව පරිගණකයට ඇතුල් කළ විගසම එම ඞී.එන්.ඒ. රටාවට සමාන ඞී.එන්.ඒ. රටාවක් ඇති පුද්ගලයකුගේ සාම්පලයක් අප විසින් පරීක්ෂා කර ඇති බව පෙන්වනු ලැබුවා. ඒ ඊට පෙර අවස්ථාවක පැල්මඩුල්ල උසාවියෙන්ම එවනු ලැබූ බී 347/12 දරණ නඩුවට අදාළවයි.


තවත් ද්විත්ව කාන්තා ඝාතනයක් සිදු කළ ස්ථානයකදී අපරාධකරු බුලත් විටක් සපා කෙළ පහරක් ගසා ඇති අතර එම කෙළ පහර වියලූණු කොස් කොළයක් මත වැටී තිබියදී අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සොයාගෙන පරීක්ෂණ සඳහා තමන් වෙත එවා තිබුණා.


පේ‍්‍රමවතී හා පුෂ්පකුමාරිගේ ද්විත්ව ඝාතනයත් ඊට පෙර සිදුකළ ද්විත්ව කාන්තා ඝාතනයටත් අමතරව එම අපරාධකරු තවත් කාන්තා  ඝාතන දෙකකට සම්බන්ධ බව අප විසින් කළ පරීක්ෂණවලදී හෙළි වුණා. අප මේ සියලූ තොරතුරු උසාවියට මෙන්ම පොලිසියටත් දැනුම් දුන්නා. නමුත් අවාසනාවකට මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන මෙතෙක් අප වෙත ඉදිරිපත් කර නැහැ. එම අපරාධකරු ඉදිරිපත් කරනු ලැබුවහොත් ඔහු කවරෙකුද යන්න ඞී.එන්.ඒ. තාක්ෂණය අනුසාරයෙන් අපට පැහැදිලිවම කිව හැකියි. රුවන් ඉලේපෙරුම මහතා ස්ථිරවම කීවේය.


මෙම සිද්ධිවල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනුණු පසුවද කොටකෙතන ප‍්‍රදේශයේ තවත් කාන්තා ඝාතන සිදුවිය. එය රැුල්ලකි. බිහිසුණු ඝාතන රැුල්ලකි. කොටකෙතන ගම පාළු මූසල භාවයක් ඉසුලූවේය. කිසිවෙකුත් එහි විසීමට නොකැමැති විය. විවිධ උපක‍්‍රම භාවිතා කළත් කාන්තා ඝාතන නතර නොවිණි. ඒ අතර මේ වනවිට අපරාධ නඩුවක පටලැවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා එම ප‍්‍රදේශයේ ආරක්ෂාව භාරව පත් කෙරිණි.


මිනිසුන්ගේ සිත්වලට සහනයක් ගෙන දුන්නා වැනි විය. කාන්තා ඝාතන හිටි හැටියේ නතර විය. ඒත් එක වරම දෙබරෙට ගලක් වැදුණි. ඒ කැපුම් කෙටුම් තුවාල සහිතව පිරිමියෙකු නිවෙසක් තුළ මරා දමා තිබීමත් සමගිනි.


කාලයේ වැලිතලාවෙන් එම ඝාතනයත් සමග කාන්තා ඝාතනයන්ද වැළලූණි.


කොටකෙතන ප‍්‍රදේශයේ සිදුවුණ කාන්තා ඝාතන රැල්ලක් සමග ලංකාවම ගිනියම්ව තිබූ පැනයෙන් ලංකාවට සැනසුම් සුසුමක් ලැබිණි.


ඒත් එහි බිය මුසු දෝංකාරයන් තවමත් දෙගොඩතලා යන අවස්ථා එළැඹේ. ඒ එම ඝාතනයන්ට අදාළ නඩු උසාවි හමුවේ දිග හැරෙන අවස්ථාවලදීය.


-අපරාධ පරීක්ෂණ වල නිහඬ සාක්කි” ලෙස හඳුන්වන ලබන DNA පිළිබඳව කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ජීන් ටෙක් ආයතනයේ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා හෙළි කළ කතාව සමග කොටකෙතන කාන්තා ඝාතනයන් ගැන ඇඟිල්ල දිගු වී ඇත්තේ හරි එල්ලයටමද? යන ප‍්‍රශ්නාර්ථය මතු වෙයි.


නමුත් එහි තීරණය තව නොබා් කාලයකින්ම ඔබ හමුවේ තැබීමට හැකිවනු ඇත. ඒ පිළිබඳ උසාවි තීන්දුව සමගිනි.

 

d

 

 



අදහස් (0)

කොටකෙතන නඩුව ඞීඑන්ඒ පරීක්ෂණයෙන් වෙනස්වුණේ මෙහෙමයි

දුමින්ද Thursday, 19 March 2015 04:32 PM

කතාකරන නිහඬ සාක්කිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site