![]() |
සමාජ ශාලාවේ දර්ශනයක් |
![]() |
බීම කවුන්ටරය |
රෑ බෝ වෙද්දී අමුතුම සිරියක් මවන විහාර මහා දේවි උද්‍යානයේ ඉදි කර ඇති ඇවිදින මං පෙත දිගේ ඇවිද ගිය අප රාත්‍රී කොළඹ වටා යන ගමනේ ඊළඟට ගියේ අඳුර වැටීගෙන එද්දී වැඩියෙන් කාර්ය බහුල වන තැන් සොයාය. රාත්‍රීයේ කොළඹ ජනාකීර්ණ වන එක් ප්‍රදේශයක් නම් කොල්ලූපිටියයි. එහි රාත්‍රි සමාජ ශාලාය. කොම්පඤ්ඤවීදියෙන් ත්‍රීරෝද රථයකට නැගී කොල්ලූපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් බලා අපි පිටත්වීමු.
”මේ දවස්වල වැඩක් නෑ. ෆොරිනර්ස්ලත් වැඩිය නෑ. සුද්දෙක් එහෙම හම්බවුණා නම් අපට වාසියි” ත්‍රිරෝද රියදුරු අප සමග කතාවට වැටිණි.
”අපි අඳුනා ගෙන තියෙන නයිට් ක්ලබ්ස් දෙක තුනක් තියෙනවා. අපි ගාවට සංචාරකයෝ ආවාහම අපි එයාලව අපි දන්න තැනකට එක්ක යනවා. එතනිනුත් අපට කීයක් හරි හම්බවෙනවා. මේ ටිකේ ගොඩක් අඩුයි සංචාරකයෝ” ත්‍රීරෝද රථ රියැදුරු පැවැසීය.
කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලින් ත්‍රීරෝද රථයෙන් බැසගත් අප මුලින්ම ගියේ එහි බිම්මහලේ වූ ”ක්ලියෝපැට්රා” රාත්‍රී සමාජ ශාලාව වෙතය. අප ත්‍රීරෝද රියෙන් එතැනට ගියත් එහි සිටි පිරිස් පැමිණ සිටියේ හොඳ වාහනවලිනි. මෑතකදී ක්ලියෝපැට්රා සමාජ ශාලාව ජනප්‍රිය වූයේ නයි නළඟන නිසාය. ඒ ඇය ද එහි නළඟනක වූ හෙයිනි.
ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුව නත්තල් සැරසිලිවලින් වර්ණවත් කර තිබිණි. කළු ඇඳුමෙන් සැරසුණු ආරක්ෂකයෝ දෙතුන් දෙනෙක් දොරටුව අසල වූහ. ගනුදෙනුකරුවන් ඇතුළට එද්දී ඔවුන් සතු ගමන් මලූ පරීක්ෂා කර ඔවුහු දොර විවර කර දෙති. දොර මඳක් විවර කරද්දීම ඇසෙන්නේ වේග රිද්මයට වැයෙන සංගීත නාදයකි. අඩ අඳුර මැදින් පෙනෙන්නේ නිවි නිවී පත්තුවන වර්ණවත් විදුලි බුබුළුය.
එය තුන් සියයකට පමණ සිටිය හැකි විවෘත පෙදෙසකි. මැද වේදිකාවකි. වේදිකාව වටා සිමෙන්තියෙන් ඉදි කළ බංකුය. තැනක දෙතුන් දෙනෙක් වට වී මධුවිත පානය කරති. තවත් තැනක තනිවම මධුවිත තොල ගාන තරුණයෝය. විදේශිකයෝ කිහිප දෙනෙක් ද වූහ. තැනින් තැන වේග රිද්ම සංගීතයට නටන්නෝය.
”රෑ හත විතර වෙද්දී කට්ටිය එන්න පටන් ගන්නවා. අපේ තියෙන්නේ ඕපන් ඒරියා එකක්. රෑ දහයට විතර තමයි කස්ටමර්ස්ලා වැඩි වෙන්නේ. නැටුම් කණ්ඩායමත් ඒ වෙලාවට වැඩ පටන් ගන්නවා.” යැයි පැවසුවේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සේවකයෙකි.එහි පසෙකින් ඇත්තේ මත්පැන් අලෙවි හලය. ”බාර් එක” කියූ සැනින් සැවොම එය දනිති. සමාජ ශාලාවේ පැවැත්ම තීරණය වන ප්‍රධාන සාධකය එයයි. රුපියල් අටසියයයේ නව සියයයේ සිට තිස් හතළිස් දහස දක්වා විවිධ මත්පැන් වර්ග එහි වෙයි. ඒ අසල සියලූ දෙනාට පෙනෙන අයුරින් මත්පැන්වල මිල සඳහන් පුවරුවකි.
කොටට ඇදගත් යුවතියෝ කිහිප දෙනෙක් ද වූහ. තවත් තරුණියෝ දෙතුන් දෙනෙක් මධුවිත පානය කරති. ක්ලියෝපැට්රා සමාජ ශාලාවෙන් පසු තවත් සමාජ ශාලා කිහිපයකට ගියෙමු. ඒ සෑම එකකම වාගේ විශේෂත්වය වූයේ පිවිසුම් දොරටුව අසල සිටින ආරක්ෂකයෝ ඇතැම් ගනුදෙනුකරුවන් රැගෙන එන දෑ පරීක්ෂා කර ඇතුළට යවති. ආරක්ෂාවට සිටින්නේ ද ඇඟපත ඇති උස මහත තරුණයෝය.
සමාජ ශාලාවට ඇතුළුවීමට පමණක් රුපියල් 500 සිට දෙතුන් දහස දක්වා මුදල් අය කරයි. ඇතුළට එන ගනුදෙනුකරුවන් පිළිගන්නේ රූමත් යුවතියෝය. ඔවුහු සියල්ලෝම අවුරුදු 18ත් 30ත් අතර පසුවන්නෝය. ශරීරයේ වැඩි කොටසක් පෙනෙනෙ සේ ඇඳුම් ඇදගෙනය. දුටුවන් කෙරෙහි සරාගී හැඟීම් ඇති කරන අයුරින් හැසිරෙන යුවතියෝ ගනුදෙනුකරුවන් සමග ආසනවලට යති.
තරුණියන්ගේ අරමුණ ගනුදෙනුකරුට වැඩි වැඩියෙන් මත්පැන් හා දුම්වැටි පෙවීමය.
සාමාන්‍ය වෙළෙඳ පොලේ රුපියල් දහසකට පමණ මිලදී ගත හැකි මත්පැන් බෝතලයක මිල සමාජ ශාලාවේ රුපියල් පන් හය දහසකි. බොහෝ සමාජ ශාලාවලට යන්නෝ එක් රාත්‍රියකට රුපියල් විසි තිස් දහස වියදම් කරති. කොළඹ සුපිරි සමාජ ශාලාවලට යන ඇතැමෙක් එමෙන් තුන් හතර ගුණයක් වියදම් කරති.
රාත්‍රී සමාජ ශාලාවල වැඩට සිටින යුවතියන් අතර විදේශික කාන්තාවෝද වෙති. තරුණියෝ ද තරුණයන් සමග හරි හරියට මදුවිත පානය කරති. ඇතැම් සමාජ ශාලාවල මධුවිත පානයෙන් පසු කෙරෙනුයේ සහායක තරුණිය සමග වෙනත් ක්‍රියා සඳහා පසෙකින් රහසිගතව ඇති කාමරවලට යෑමයි. තවත් සමහරු සමාජ ශාලාවේ යුවතියන් සමග වේග රිද්මයට නටති.
”නැටුම් කණ්ඩායම නටද්දී අපිත් කස්ටමර්ස්ලත් එක්ක ඩාන්ස් කරනවා. ගොඩක් වෙලාවට පාන්දර තුන විතර වෙනකම් ඉන්නවා. නිතරම එන අය එකම කෙල්ලෙක්ව තමයි තෝර ගන්නේ. යද්දී අපටත් පොඩි ටිප් එකකුත් දීලා යනවා. වයස් බේදයක් නෑ. තරුණ අයත් එනවා. අවුරුදු හතළිහ පනහ වගේ අයත් එනවා” යැයි එක් රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන තරුණියක් පැවසුවාය.
සමාජ ශාලාව ඇතුළට යන්නන් අඩ අඳුරේ තැනින් තැන නිවි නිවී දැල්වෙන විදුලි බුබුළු මධ්‍යයේ වෙනම ලෝකයකට පිවිසෙති. විවිධ තරාතිරම්වල විවිධ වයස් කාණ්ඩවල පිරිස් ඒ අතර සිටිති. මෙවැනි තැන් කොලොම්පුරයේ ඇත්දැයි දිවා කාලයේ කොළඹ යන්නන්ට නොසිතෙන පරිදිම දිවා හා රාත්‍රී සංස්කෘති දෙක වෙනස්ය.
අඳුර වැටෙද්දී කොළඹ කාර්ය බහුල වන්නේ රාත්‍රී සමාජ ශාලා පමණක්ම නොවේ. කාර්ය බහුල වන අනෙක් තැන් මොනවාද?
ලබන සතියේ රසවිතෙන්
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොල්ලූපිටියේ රූමතියන්ගේ ලෝකය රෑ කොළඹ
නදිර Sunday, 15 December 2013 04:48 PM
සල්ලි තියනවා නම් මොකක්ද්ද ඇති ප්රශ්නය.(නදී)
මාධවී Monday, 16 December 2013 06:21 AM
අනේ ඉතින් බටහිර රටක සමාජ ශාලාවක් කියන්නේ ඇත්තටම සමාජ ශාලාවක්. යාලුවෝ හමුවෙන්න,සෙල්ලම් කරන්න, කෑම ටිකක් කන්න, කැමති අයට පමණක් බොන්න,කැමති අයට පමණක් නටන්න සල්ලි ගෝනියක් අවශ්‍ය නොවන සුන්දර තැනක්. ඒකට ලංකාවේ සල්ලි කන සිල්පද සේරම කඩන තැනක් තමයි සමාජ ශාලාවක් කියන්නේ.(නදී)
කුමාර Monday, 16 December 2013 11:20 AM
ඉතාමත් වැදගත් ලිපියක්(දිල්)
ජෝයි Tuesday, 17 December 2013 12:47 AM
පිට රටක නයිට් ක්ලබ් කියන්නේ මොනවද කියල ලංකාවේ ව්‍යාපරිකයන් ටිකක් හොයල බැලුවොත් හොඳා (අ)
ශාකිතා Wednesday, 18 December 2013 10:26 AM
කැමතියි සතුටින් ඉන්න ටිකේ ජීවිතේ විද ගන්න. විදවන අය තමයි ඉරිසියා කරන්නේ. එහෙම මොනාටද අනේ කෙනෙකුගේ වැරදි දකින්නේ. කැමති විදියට ජීවතේ ගෙවා මැරිලා යමු. සියලු දෙනාටම ලස්සන විදීමක් පතමි.(නදී)
කමල් ජයසේකර Saturday, 21 December 2013 04:07 PM
හොද ලිපියක්..ශානිකා ....මිනිස්සු හිතන විදිය අපිට වෙනස් කරන්න කාටවත් බැහෙ. අපි හෙමෝම කැමති සතුටින් ඉන්න. නමුත් ඔබ ඔය යන තැනෙන් ..ජීවිතය සතුටින් විදිනවනම් එක ඔය හිතන විදියට විදවන එකක්..ඔය කියන අසම්මත තැන් වලට ඉරිසියා කරනවා කියල හිතෙනවානම්...ඔයාට හොදටම වැරදීලා. කැමති විදියට ජීවත් වෙලා නෙමෙයි.හෙමොටම යහපතක් රටට සමාජයට ජාතියට ආගමට සේවයක් කරලා මැරිල යමු....(අ)
චින්තක Sunday, 22 December 2013 03:03 PM
මොකක්ද මේකෙ අරුමය ? සමාජ ශාලාවක මේවා නැත්නම් ඒක පන්සලක් වෙන්න ඕන. (ත)