සංචාරකයන් පිනවීම සඳහා සියලූ සත්කාර සංචාරකයාගේ සමීපයට සපයා දෙනු ලබන සුපිරි සංචාරක හෝටල හඳුන්වනු ලබන්නේ බුටික් හොටෙල් නමිනි. මේවා කාමර විශාල සංඛ්‍යාවක් සතු හෝටල නොවේ. සීමිත කාමර සංඛ්‍යාවක් සහිත ඒවාය. ගෘහ නිර්මාණ සැලසුමේ සිට සියල්ල ඒවාටම ආවේනික ලෙස නිර්මාණය කර තිබේ. ආහාරපාන පවා පිළියෙළ කෙරෙන්නේ එලෙසින්මය. මෙවැනි අධි සුඛෝපභෝගී මන්දිර වෙන්ව ඇත්තේ බොහෝ විට මහා ධනවතුන්ට මෙන්ම ප‍්‍රභූන් හටය. මෙවර අප රටේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක උළෙලට සහභාගී වීමට පැමිණෙන චාල්ස් කුමරු හට වෙන්කර ඇත්තේද ඉහත කී අන්දමේ පහසුකම්වලින් සපිරි මන්දිරයකි. මෙම මන්දිරය වත්මනෙහි සුපිරි සංචාරක ස්ථානයක් වුවද, මීට පෙර ලෝ ප‍්‍රකට වූ ස්ථානයකි.
අද ටින්ටැවිල් ලෙස හැඳින්වෙන මෙතැන එදා ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් තිදෙනකු සහ කථානායකවරයකු බිහිකළ නිවසක් ලෙස සඳහන් කළ හැකිය. එය රොස්මිඞ් පෙදෙසේ පිහිටි බණ්ඩාරනායක වලව්වය. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටි සමයේ පදිංචිව සිටියේද, මැතිණිය පදිංචිව සිටියේද, විවාහයට පෙර චන්ද්‍රිකා මැතිණිය මෙන්ම සුනේත‍්‍රා සහ අනුර බණ්ඩාරනායක ඇතුළු දු-දරු පිරිස පදිංචිව සිටියේ මෙම රොස්මිඞ් වලව්වේය. මෙලෙසින් මෙතැන ලෝ ප‍්‍රකට වීමට ප‍්‍රධානම හේතුව ලොව ප‍්‍රථම අගමැතිණිය ඇතුළු අගමැතිවරු තිදෙනෙකු බිහිකළ නිවස වීමය. එවැනි තැනක් ලෝකයේ තවත් නැත.
එක් අතකට චාල්ස් කුමරු මෙතැන තෝරා ගන්නට ඇත්තේද මෙලෙසින් ඓතිහාසික වශයෙන් වූ ඒ වැදගත්කම නිසාද විය හැකිය. කෙසේ වෙතත්, චාල්ස් කුමරු මෙම ටින්ටැවිල්හි නවාතැන් ගන්නා සමයේදී වෙනත් කිසිදු පිටස්තර සංචාරකයකු හට මෙතැන වෙන්කරවා ගත නොහැකිය. රොස්මිඞ් වලව්වේ හැඩය සහ ගාම්භීරත්වය වෙනස් නොකොට අද නවීකරණය වී ඇති මේ මන්දිරය කාමර දහයකින් සමන්විතය. සුව පහසුව සඳහා මෙන්ම ආරක්‍ෂාව අතින් ප‍්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා සුදුසුම ස්ථානයක් වීම නිසා චාල්ස් කුමරු හට මෙතැන වෙන්කර දීමට එරට බලධාරීන් කටයුතු සම්පාදනය කරන්නට ඇත. මෙහි පිහිටීම අනුව සහ විශේෂයෙන්ම කාමර පිහිටීම අනුව පිටස්තර කිසිවකුට කිසිවක් ඇස නොගැටීම සඳහා විවර නොවී තිබීම විශේෂත්වයකි.
මෙවැනි ගෘහ නිර්මාණ සැළසුමක් ලොව තවත් කොතැනකදීවත් දැක ගැනීමට නොහැකි වීම මෙන්ම මෙහි ඇති ගෘහ භාණ්ඩ පවා ඓතිහාසික වශයෙන් වැදගත් වීමද, ඒවා මෙතැනටම ආවේනික වීමද තවත් විශේෂත්වයකි. ආහාර-පාන පවා මෙතැනටම ආවේනික විදියට පිළියෙළ කෙරුණද, චාල්ස් කුමරු සහ කැමිලා පාකර් හට භෝජන පිළියෙල කිරීම මෙහිදී කරනු ලබන්නේ රාජකීය පවුලේ ඉවුම්-පිහුම් කටයුතු කරනු ලබන කෝකියකු විසිනි.
මෙලෙසින් විස්තර සඳහන් වන එදා බණ්ඩාරනායකවරුන් සතු වූ අද ටින්ටැවිල් සුපිරි හෝටල මන්දිරයේ කටයුතු පවත්වාගෙන යන්නේ පැරඩයිස් රෝඞ් ව්‍යාපාරජාලය සතු උදේශාන්ත් ප‍්‍රනාන්දු ඇතුළු පවුලේ උදවියයි. චාල්ස් කුමරුගේ මේ ආ ගමනයෙන් පසුව ලෝකය ටින්ටැවිල් ගැන හෙට දින මීට වඩා තවත් බොහෝ දේ කතා කරන බැව් නම් විශ්වාසය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චාල්ස් කුමරා ලැගුම් ගන්නා කොළඹ හෝටලය
සංචිත Monday, 11 November 2013 07:06 PM
වෙනත් රටවල නම් මේවා විද්‍යා ස්මාරක ලෙස පවත්වාගෙන යනවා (නි)
ශ්‍රීලාල් Tuesday, 12 November 2013 02:20 AM
අපේ රටේ අය එංගලන්තේ ගියාමත් මේ වගේ අධි සත්කාර ලබේවි යැයි අපි හිතමු. අධිරාජ්‍ය බලය තවමත් හොල්මන් කරයි. (නි)
රවී Tuesday, 12 November 2013 06:31 AM
එදා අපේ දේ හුරාගෙන, අපේ මිනිස්සු වහල් කරගෙන හිටි ඔවුන් අද?? (නි)
මනෝ Tuesday, 12 November 2013 07:15 AM
අම්මෝ ලස්සන! (නි)
විමුක්ති Tuesday, 12 November 2013 08:08 AM
නියමයි (නි)
පුබුදු ජයසිංහ Tuesday, 12 November 2013 06:32 PM
ඇත්තටම ලස්සනයි. අපේම සල්ලි තමා ඕවා (නි)
ජයන්ත Wednesday, 13 November 2013 03:26 AM
ආත්මීය වශයෙන් කැපවූ පිනක මහිමය! (නි)
ලෙස්ලි ජයවර්දන Wednesday, 13 November 2013 06:33 AM
මේ නිවාසය කෞතුකාගාරයක් බවට පත්කරන්නට කිසිවෙකුටවත් හිතෙන්නේ නැද්ද? (නි)
සපුමල් බණ්ඩාර Thursday, 14 November 2013 04:01 AM
ඔහු ගේ නම සොලමන් වෙස්ටෙර් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. මෙහි සිංහල නම් කීයක් ද ඉංග්‍රීසි නම් කීයක් ද කියා බලන්න. ක්‍රිස්තු වර්ෂ 1800 ට පෙර ලංකාවේ බණ්ඩාරනායක නමක් නොවීය. (නායක බණ්ඩාර යන නම භාවිත විය) (දී)
සුනිල් Thursday, 14 November 2013 10:21 AM
සපුමල් කියන කතාව හරියටම හරි (දී)
සෙනෙරත් Thursday, 14 November 2013 10:24 AM
දුප්පත් මිනිහා හැමදාම දුකේ (දී)
සේරම් Thursday, 14 November 2013 01:25 PM
සපුමල් වගේ අය තාමත් ඉන්නවා එහෙනම්? (නි)
ලලිත් Thursday, 14 November 2013 05:30 PM
එතකොට දැන් මේකේ අයිතිය තියෙන්නේ කාටද? (නි)
නෙත්මල් රූබසිංහ Friday, 15 November 2013 08:36 AM
මෙම මන්දිරය ජාතික වස්තුවක් බව චන්ද්‍රිකාට වැටහුනේ නැද්ද? (ස)
මධුර Saturday, 16 November 2013 11:53 AM
ආගන්තුක සත්කාර කිරීම අපේ ගතියක් එත් තියන හොදම දේ දෙනවද?(දිල්)