X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ජනතාව බලවත් කෙරෙන ව්‍යවස්ථාවක අවශ්‍යතාව

ව්‍යවස්ථාව ගැන කතා නැවත වාරයක් ආරම්භ කර තිබේ. නිදහසට පසු ගත වූ ඉතිහාසය ව්‍යවස්ථා ගැන ආන්දෝලනවලින් බහුලය. බලයට පත්වන ආණ්ඩු ව්‍යවස්ථා නිර්මාණය කරති. ඒවායේ සාර්ථක හෝ අසාර්ථක භාවය වෙනම සාකච්ඡා කළ යුතුය. පොදු ජනතාවට ලැබි ඇති අවස්ථාව කුමක්ද?

යුක්තිගරුක පාලන ක්‍රමයක් සහතික කිරීමට ව්‍යවස්ථාව වැදගත්ය. ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ව්‍යවස්ථාව නිර්මාණය කළේය. ඩී. එස්. සේනානායක මහතා සමඟ සාකච්ඡා කරමින් එහි වගන්ති සකස් කරන ලද අතර පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබේ. පසුව 1972 වසරේ දී ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කරගනී. විධායක බලතල සහිත ජනාධිපතිවරයකු සහිත පාලනයක් ලැබෙනසේ ව්‍යවස්ථාව වෙනස් කළේ 1978 වසරේ දී ය. එතැන් සිට බලයට පත්වන ආණ්ඩු අලුත් ව්‍යවස්ථා යෝජනා කිරීම සාමාන්‍ය සිද්ධියකි. ක්‍රමය වෙනස් අරගලය අරඹන නමුත් රාමුව තුළ සංශෝධන හැර අලුත් යමක් නිර්මාණය කරගන්නට අසමත් ව සිටී.

රටට අලුත් ආරම්භයක් අවශ්‍යය. එය ගැන විවාදයක් නැත. දකුණේ ජනතාව පෙරැළියක් කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ. උතුර නැගෙනහිර ජනතාව සිය අභිමතාර්ථ ගැන සිතති. මෑතක සිදුවූ ත්‍රස්තවාදයට හේතු වූ පසුබිම අධ්‍යයනය කර පුරවැසියන්ට අවස්ථා සම්පාදනය කරන රටක් වෙනුවෙන් පියවරකට යා යුතුය.

ව්‍යවස්ථා හදන්නේ නීතිවේදීහුය. හැදෙන්නේ පාලකයන්ට රිසි පරිදිය. බලයේ සිටින කණ්ඩායමක බලය ආරක්ෂා වන පරිදි නීති හැදීම අසාර්ථක පිළිවෙළකි. ව්‍යවස්ථාව පාලකයන්ට බලය ලැබෙන ආයුධයක් නොවේ. ජන සම්මතවාදය ආරක්ෂා කරන  ජනතාව බලගන්වන එකකි. රටවැසියන්ගෙන් දුරස් වූ ව්‍යවස්ථාව ඔවුන් අතරට ගෙන යෑම වැදගත්ය. ඔවුන්ට දැනෙන,  ජනතාවට ස්පර්ශ කළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍යය. සමාජ නායකයන්ට අලුත් ව්‍යවස්ථාව ගැන වගකීමක් ඇත. සමාජයට අවශ්‍ය කරුණු ගැන අධ්‍යයනය කර නවෝත්පාදන අදහස් එයට ඇතුළත් කළ යුතුය. දේශපාලනඥයා බලවත් කිරීම වෙනුවට ජනතාව අතට අවස්ථා සම්පාදනය වන වගන්ති අවශ්‍යය.

ගෝලීය සමාජය තුළ ශ්‍රී ලංකාව එක කොටසකි. ලෝකයේ අනෙක් රටවල සිදුවන, ලෝකයේ අනෙක් තැනකින් ලබාගත හැකි අවස්ථා ගැන හොඳ අවබෝධයක් ඇති මානව සම්පතක් අපට ඇත. පැරණි යල්පැන ගිය අදහස්වලින් අභිලාශ අවුරා දැමීම නොකළ යුතුය. සිතැඟි පරිදි ජීවත්වන්නට ක්‍රමය සහ ගැති නොවී අවස්ථා හදාගන්නට පසුබිම රටට ගැළපෙන ව්‍යවස්ථාව තුළ තිබිය යුතුය. බලය එක පුද්ගලයකුට හෝ එක කණ්ඩායමකට ලැබෙන අලුත් රාමුවක් හැදීම පරණ වැඩමල්ලට අලුත් වචන එල්ලීමක් පමණකි. ලෝකයේ අනෙක් රටවල සිදුවී ඇත්තේ කුමක්ද? ජාති, ආගම්, ආගම් හෝ වෙනත් බේද තුරන් කරන ව්‍යුහයක් හැදුණේ කෙසේදැයි අප අතර සාකච්ඡාවක් තිබිය යුතුය. එම සාකච්ඡාවට පදනම් කරගෙන පාලන රාමුවක් හැදීම අලුත් ව්‍යවස්ථාව විය යුතු බව අවධාරණය කළ යුතුව තිබේ.

අරගල කරන මිනිසුන් මර්දනය කළ යුතු නැත. රටට අවශ්‍ය සමාජ විප්ලවයකට පෙළගැසෙන ජනී ජනයා මට්ටු කරන නීති වගන්ති නොවේ. කැළඹීමක් ඇතිකළ පිරිස ලෝකයේ රටවල් ඉදිරියට ගෙන ගොස් තිබේ. වෙනස් ආකාරයකට කල්පනා කළ පුද්ගලයන් රටවල් අනභිබවනීය තත්ත්වයට පත්ව කර ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය එවැනි යුගයකට ඉඩකඩ හදන පිළිවෙළකි. නීති හදා රට මට්ටු කිරීම වෙනුවට රාමුවක් තුළ හිත් මුදාහරින ක්‍රමයක් යෝජනා කළ යුතුය.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගැනීම අවශ්‍යය. පැවැත්ම වෙනුවෙන් පරම්පරා ගණනක් වන්දි ගෙවා තිබේ. ජීවගුණයෙකින් පිරි මිනිසුන් බිලි වූ රටකි. විජාතික පාලකයන්ට විරුද්ධ සටන තුළ පමණක් නොව නිදහසට පසු පාලකයන්ට ද විරුද්ධව හඬ නැගූ ජන කොටස තුළ මතයක් තිබේ. එකී මතවලට හිමි ස්ථානය කුමක්ද? ව්‍යවස්ථාව යනු එක කොටසකට, එක පැලැන්තියකට, එකට ගමන් කරන කණ්ඩායමකට පමණක් බලය දෙන සැකිල්ලක් නොවේ. මුළු මහත් සමාජයකට බලය ලැබෙන නෛතික ව්‍යුහයකි. සමාජයක් එකතු කරන සජීවී බලවේගයකි. එවැනි ව්‍යවස්ථාවක් හදාගැනීම සම්බන්ධයෙන් සිහින දකින සමාජය ගැන කල්පනා කිරීම ඉතාම වැදගත්ය.

(***)



අදහස් (1)

ජනතාව බලවත් කෙරෙන ව්‍යවස්ථාවක අවශ්‍යතාව

Samarasena Monday, 01 November 2021 01:59 PM

ජනතාවට බලය දෙන්න නම් ජනතාව දේශපාලන වශයෙන් බුද්ධිමත් වෙන්න ඕනෑ. ඒත් ලංකාවේ මිනිස්සු දේශපාලන වශයෙන් ගොන් හරක්... වැඩි දෙයක් ඕනෙ නෑ, අපේ එවුන් දන්නේ නෑ එක එක ජාතීන්ට වෙනස් නීති ලංකාවේ ක්‍රියාත්මක වෙන බවවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site