X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ජනශ්‍රැති පර්යේෂණ තුට්ටුවට දාලා

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වන නාලක ජයසේන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධිය ප්‍රථම පංති සාමර්ථ්‍යයක් සහිතව දිනාගන්නේ එම වසරේ සිංහල අධ්‍යයනාංශයේ විශිෂ්ටතම සිසුවාට හිමිවන ස්වර්ණ මුද්‍රිකා තුනක්ද සමගිනි. පසුව ඔහු එම විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කොට දැනට එහිම පශ්චාත් උපාධි පර් යේෂණ කටයුතු සිදු කරයි. සාහිත්‍ය, සංස්කෘතිය, ජනශ්‍රැතිය හා බෞද්ධ දර්ශනය වැනි විෂය පිළිබඳ පර්යේෂණාත්මක පත්‍රිකා 40කට ආසන්න සංඛ්‍යාවක් පළකර ඇති ඔහුගේ නවතම කෘතිය වන සිංහල අවුරුදු ජනවහරට මෙවර බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළේදී හොඳම ජනශ්‍රැති   පර් යේෂණ කෘතියට හිමි සම්මානය ලැබුණි. මෙම සංවාදය එම කෘතිය පිළිබඳව සහ පොදුවේ සාහිත්‍ය හා ජනශ්‍රැතිය ගැන ඔහුගේ අදහස් විමසීමටයි.

•මෙවර බෞද්ධ සාහිත්‍ය උලෙළේදී ප්‍රශස්තතම ජනශ්‍රැති පර් යේෂණ කෘතිය ලෙස සම්මාන ලැබූ සිංහල අවුරුදු ජනවහර රචනා කිරීමේදී ඔබේ පර් යේෂණ වෙහෙස සහ මේ මාතෘකාවට තේමා වූ පරිසරය ගැන මුලින්ම කථා කරමු.
    
මුලින්ම මා කියන්න කැමැතියි සිංහල අවුරුද්ද ගැන       පර් යේෂණයක් කරන්නට මා යොමු වුණේ ඇයි කියා. ඒ ගැන මා හට පළමුව අදහස ඇති වුණේ පාසල් වියේදී. එදිනෙදා දෛනික ක්‍රියාකාරකම්වලින් මිදිලා අප්‍රේල් මාසයේ පාසල් නිවාඩු කාලය කායිකව හා මානසිකව සුවිශේෂ එකක් වූ නිසා අවුරුද්ද ගැන පත පොත කියවන්නට හා ඒවා එකතු කරන්නට මම යොමු වුණා. අපේ මිත්තණියගේ ගමට නෑගම් යෑම, ගමේ අවුරුදු ක්‍රීඩා උත්සව ආදිය තුළ සුන්දරත්වයක් සේම ගාම්භීරත්වයකුත් මම දුටුවා. පසුව විශ්වවිද්‍යාලයට පැමිණ පර් යේෂණ ක්‍රමවේදය හදාරද්දී මා සිතුවා අර පෙර එකතු කළ අවුරුදු සාහිත්‍ය යම් ශාස්ත්‍රීය ආස්ථානයක පිහිටවිය යුතුයි කියා. ඒ අනුව මා අවුරුද්ද ගැන පර්යේෂණයක් මගේ මූලික උපාධියට සිදු කළා.
    
එහෙත් එය එතැනෙන් අවසන් කළේ නැහැ. මා දිගින් දිගටම ඒ ගැන විමසුවා. එවිට මා හට වැටහුණු කරුණක් තමයි අවුරුද්ද පිළිබඳ දත්ත, තොරතුරු ආදිය ගැන සෑම වසරකම බක් මාසයේදි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාව දැනුම්වත් වුණත් සිංහල අවුරුද්දේ හරය පිළිබඳ භාවමය තලය ඉක්මවා ගිය දැනුමක් අපේ අනාගත පරම්පරාවට දිය යුතුය යන්න.

•රටක ජනශ්‍රැති අධ්‍යයනය ඒ රටට සමාජ සංස්කෘතික වශයෙන් වැදගත් වන්නේ කොහොමද?
කාර්ල් මාක්ස් ඉදිරිපත් කරන තර්කයක් තමයි යම් සමාජයක ව්‍යුහ දෙකක් පවතිනවා. ඒ උපරි ව්‍යුහය හා අධෝ ව්‍යුහය වශයෙන්. ඔහු මූලික හෙවත් අධෝ ව්‍යුහය ලෙස දක්වන්නේ ආර්ථිකය. ඉහළ හෙවත් උපරි ව්‍යුහය ලෙස ඔහු සලකන්නේ සාහිත්‍යය සංස්කෘතිය යනාදී සංකල්පවේදී කාරණා. ඒත් මා හිතන්නේ එම සිද්ධාන්තය අපේ සමාජයට වලංගු නැහැ. මාක්ස්වාදය මෙරටට වලංගු නොවන්නත් එය හේතුවක්. මේ රටේ සමාජයේ පාදම ආර්ථිකය නෙවෙයි. එය සංස්කෘතියයි. සංස්කෘතියකට අයත් අංග තමයි ජනශ්‍රැතිය හා විශ්වාස පද්ධති ආදිය.
දැන් අවුරුද්ද ගත්තම එහි ළිප්ගල් තුනක් වගේ බලපාන කරුණු තුනක් තිබෙනවා. ඒ තමයි බුදුදහම, ජ්‍යොතිෂ්‍ය හා ආයුර්වේදය. එතකොට ජනශ්‍රැතිය ඒ සෑම විෂයකටම බැඳී පවතිනවා. ඇත්තටම ආයුර්වේදය වශයෙන් අපි පෙරදිග වෙදකම පොදුවේ නම් කළත් සිංහල වෙදකම වෙනම ස්වාධීන විෂයයක්. අපේ සිංහල වෙදකම පළාතෙන් පළාතට එදා වෙනස් වුණා. ඊට අදාළ ප්‍රතිකාර ක්‍රම පරපුරෙන් පරපුරට පැමිණියෙ ජනශ්‍රැතියෙන් හා පරම්පරාවෙන්. ඉතින් යම් රටක ජනශ්‍රැතිය සහ එම ජනශ්‍රැතියට අයත් සංස්කෘතිය අධ්‍යයනය මගින් තමයි ඒ රටේ හෝ සමාජයේ ස්වීයත්වය නැත්නම් ඊටම ආවේණික සහලක්ෂණ පද්ධතිය දැනගන්න පුළුවන්. එය සමාජ හා මානව විද්‍යාත්මකව සිදු කළ යුත්තක්.

•අපේ රටේ ජනශ්‍රැති අධ්‍යයනවල වැදගත්කම මුලින්ම පෙන්වා දුන්නේ විදේශිකයන්. ඇත්තටම ඇයි ඔවුන් ඒවා ඒ තරම් වැදගත්කොට සලකා එකතු කළේ?
ඔව් ඇත්තටම කෙනෙකුට කියන්නට පුළුවන් අප රටේ සුන්දරත්වය අපට වඩා හොඳින් දුටුවේ විදේශිකයන් කියා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මෙරට පැමිණි පරිපාලකයන් ආදී පිරිස් අපේ අතීතයෙන් බිඳක් හෝ වාර්තාකර තැබුවා. සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධව ගත්තම විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයේ අවුරුදු සැමරුම් ගැන සෙවීමේදී අපිට බ්‍රෝහියර්, ජෝන් ඩේව්, රොබට් නොක්ස් වැනි අයගෙ සටහන් සදය මූලාශ්‍රය වෙනවා.

ඒ වගේම තමයි පොතින් මතු නොව නෙතින් අදටත් දැකිය හැකි ඓතිහාසික සිංහල මිනිසාගේ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ ජන චින්තනය සීගිරි කැටබිත. එය සොයා ගියෙත් මේජර් ෆෝබ්ස්, එච්.සී.පී. බෙල් සහ ඔහුගේ පවුලේ උදවිය වැනි විදේශිකයන්. ඔවුන්ට එහි දැනුණු වැදගත්කම කුමක්දැයි සිතා බැලීම මනෝවිද්‍යාත්මක කරුණක්. අපට නැති අනුනට ඇති දේ සොයන්නට පුහුදුන් මිනිසා නිරතුරු පෙළඹෙනවා. මා හිතන්නේ මේ විදේශිකයන් ඔවුන්ට අලුත් හා අමුතු සුවිශේෂ සුන්දර පරිසරය දුටුවා. ඒ වගේම අපේ මිනිසුන්ගේ සාමූහිකත්වය හා ආගන්තුක සත්කාර ඔවුන් දකින්නට ඇති. මා සිතන්නේ මනෝමූලිකව අපේ සංස්කෘතිය තමයි ඔවුන්ව එවන් ගවේෂණ පිණිස යොමු කරන්නට ප්‍රධාන සාධකයක් වන්නට ඇත්තේ. ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම කියවාගෙන යද්දී වුවත් මේ ගැන සිතුවොත් ඔබට ඒ ගැන යමක් වැටහෙනවා ඇති.

•විදේශිකයන් වැදගත්කොට සැලකූ මෙරට ජනශ්‍රැති ගැන අපේ ලාංකිකයන් තුළ වර්තමානයේ ඇති අවධානය ප්‍රමාණවත්ද? ජනශ්‍රැති පර් යේෂණ තුට්ටුවට ඇද දමා තිබීමේ හේතුව කුමක්ද?
ඉතාම වැදගත් ප්‍රශ්නයක්. සරල පිළිතුර නැහැ යන්නයි. ජනශ්‍රැතිය යන්න එදා අපේ මිනිසුන්ගේ දැනුමේ අත්‍යවශ්‍ය අංගයක්. අද මේ කථා කරන මා ඇතුළු තරුණ පරම්පරාව මේ රටේ ජනශ්‍රැතිය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයකින් පසුවන්නේද යන්න ගැටලුවක්. මා ඒ ක්ෂේත්‍රය ගැන පර්යේෂණ කරන්නෙක් නිසා මට ඒ ගැන ගුණාත්මක අවබෝධයක් තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් අද තිබෙන තාක්ෂණික හා පරිභෝජනවාදී සමාජය තුළ අපේ අතීතය සහ එහි අභිමානය අපට මතක් වන්නේ පතපොත රචනාවලදි හා වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහන්වලදි. ඇත්තටම ජනශ්‍රැති අධ්‍යයන පුළුල් විෂයයක්. වර්තමාන ලෝකයේ අධ්‍යයනවල දිශානතිය තිබෙන්නේ අන්තර්ශික්ෂණීය හා බහුශික්ෂණීය පදනමින්. ඒ කියන්නේ එක් එක් විෂයය හුදෙකලාව අධ්‍යයනය කරන්න බැහැ. ජනශ්‍රැති අධ්‍යයනය පහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස මම දකින්නේ එය වෙනම හා තනිවම අධ්‍යයනය කරන්නට යෑම. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. එම විෂය තුට්ටුවට දාල සලකන්න බෑ.

•ජනශ්‍රැතිය ජන දිවියේ කැටපතක්. ඒ වටිනාකම දරුවන් වෙත රැගෙන යාමට පාසල් හා විශ්වවිද්‍යාලවල වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව කෙබඳුද?
මේ ජනශ්‍රැතිය අයිති වන්නේ අස්පර්ශනීය සංස්කරණ උරුම යටතට. අපිට පුළුවන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අස්පර්ශනීය සංස්කෘති උරුම පර් යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. එයින් නව රැකියා උත්පාදනය කරන්න පුළුවන්. උපාධිධාරීන්ට පමණක් නොවේ වෙනත් ඕනෑම අයකුට ඊට සම්බන්ධව පර් යේෂණ පමණක් නොවේ නිෂ්පාදන පවා කරන්න පුළුවන්. ඒ වගේමයි මම පෙර කිවුවා වගේ අන්තර්ශික්ෂණීය බහුශික්ෂණීය දැනුම් ක්‍රමවේද යොදාගෙන අපිට ජනශ්‍රැති එකතු කරන්න, ඒවා ගබඩා කරන්න ජංගම දුරකථන ඇප් එකක් නැත්නම් යෙදවුමක් නිර්මාණය කරන්න පුළුවන්. ඒවා විවිධ භාෂාවලට පරිවර්තනය කරලා ලෝකයටම මාර්ගගතව විවෘත කරන්න පුළුවන්. මේ මධ්‍යස්ථානවලට ක්‍රියාකාරිත්වයට ඒ ඒ ප්‍රදේශවල සිසු දරුවන් කුඩා කල සිට එක්කරගන්න පුළුවන්. ඒ දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ඒ ඔස්සේ ලබාගන්න පුළුවන්.
    
ඒ වගේම විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණයේදී පාඨමාලා භේදයකින් තොරව මේ අස්පර්ශනීය උරුම අධ්‍යයනය ගැන පාඩම් මාලා එකතු කරන්න පුළුවන්. ජාතික වශයෙන් ඒ සියලු ප්‍රාදේශීය ඒකක සම්බන්ධීකරණය කරන තරුණ සේවා සභාව වගේ මධ්‍යස්ථානයක් හදන්න පුළුවන්. ඉන්පසු විදේශ රටවල් සමග සම්බන්ධ වෙලා ජනශ්‍රැති හා සංස්කෘතික       පර් යේෂණ පිළිබඳ ජාත්‍යන්තර හුවමාරු වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්. පාසල් වියේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දක්වා විවිධ රටවල සංස්කෘතිය අධ්‍යයනයට කෙටි කාලයක් යොමු කරන්න පුළුවන්.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (1)

ජනශ්‍රැති පර්යේෂණ තුට්ටුවට දාලා

ප්‍රතිභා පතිරාජ Sunday, 21 March 2021 02:58 AM

විභූතිමත් අතිතයක පුනරාගමනය ගෙන ඒමට ඔබ දරන උත්තම උත්සාහයට අපගේ උත්තමාචාරය...මේ පිලිබඳව ඉගෙන ගැනීමට හැදැරිය යුතු අධයන පාඨමාලාව මොනවද?? කොහොමද ඒවැනි දේකට අලුත් කෙනෙක් සම්බන්ධ වෙන්න ඕන...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site