X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මහ මෝරා කොටුවෙයි?

01-Page-10-M-Head 

 

තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තරව රතු වරෙන්තුවක් නිකුත් වූවේය. ඔහු නමින් මොහමඞ් මුබාරක් මොහමඞ් මුජයිඞ්ය. ශ්‍රී ලංකාවේ මාවනැල්ල ප‍්‍රදේශය කේන්ද්‍රකරගෙන සිටි ඔහු මේ වනවිට පදිංචිව සිටින්නේ මලයාසියාවේය.

 


ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන මොහමඞ් මුජයිඞ් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත්වීම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හෙල්ලූම් කෑ සිදුවීමක් වූවේය.


ඒ මේ වන විට ශ්‍රී ලංකාව,  ඕස්ටේ‍්‍රලියාව, මැලේසියාව, තායිලන්තය, තුර්කිය හා තවත් යුරෝපීය රටවල් රැසකටම මත්ද්‍රව්‍ය සපයන ප‍්‍රධානතම පුද්ගලයෙක් බවට මොහමඞ් මුජයිඞ් නමැත්තා ප‍්‍රථම වරට තහවුරු කෙරුණු තොරතුරු මත හෙළිදරව් වීම නිසාය.

dfh
මොහමඞ් මුබාරක් මොහමඞ් මුජයිඞ් අපූරු චරිතයකි. ඔහු සිය මත්ද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තරව සිදු කළේ කාටත් නොදැනී ඉතාම සූක්ෂමවය. ඔහු ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක් ලෙස නිතරම පෙනී සිටියේය. ඔහු ලබාගෙන තිබූ ආචාර්ය උපාධිය ඔහුගේ කටයුතු රිසිසේ සිදුකර ගැනීමට පිටුවහලක් ද වූවේය.


මොහමඞ් මුජයිඞ් මීට වසර කීපයක පෙර ශ්‍රී ලංකාවටද නිතර ආවේය. ගියේය. විවිධ ප‍්‍රභූ පුද්ගලයින්ද මුණ ගැසුණේය. දේශපාලනඥයින්, කලාකරුවන්, රාජ්‍ය නිලධාරින් ද ඒ අතර විය. ඔහු මේ සෑම අවස්ථාවකදීම කි‍්‍රයා කළේ ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙකුගේ භූමිකාවය. ආචාර්ය උපාධියක් හිමි මෙම පි‍්‍රයමනාප ජාත්‍යන්තර ව්‍යාපාරිකයා දැන හඳුනාගැනීමටද කිසිවෙකුත් අකමැත්තක් දැක්වූයේද නැත.


මොහමඞ් මුජයිඞ් කලාවට ලැදි අයෙකි. ඔහු ඒ නිසාම තමන්ගේ මුදලින් කොටසක් ශ්‍රී ලංකාවේ චිත‍්‍රපට දෙකක නිෂ්පාදන කටයුතුවලට යෙදුවේය. ”පරාවර්තන” හා ”සෙල්වම්” එම චිත‍්‍රපට දෙකයි.


මුජයිට් ඉන් මෙරට පිළිගත් ව්‍යාපාරිකයකුගේ රැකවරණයද ලබාගත්තේය.


චිත‍්‍රපට දෙකට ආයෝජනය කළ ද ඉන් ලාභ ඉපයීම පිළිබඳව ඔහු එතරම් කතා බහ නොකළ බව ඔහු හා කටයුතු කළ වූවෝ පවසති. අදටත් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ගිණුමේ රුපියල් ලක්‍ෂ 55ක් පමණ ඔහු නමින් තැන්පත්ව පවතී. ඔහු එය යළි ලබාගැනීමට පැමිණියේද නැත.


”සෙල්වම්” චිත‍්‍රපටය සම්මාන කීපයකටද පාත‍්‍රවූ චිත‍්‍රපටයකි. මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පැවති චිත‍්‍රපට උළෙලේදී හොඳම ආසියානු චිත‍්‍රපටය ලෙස එය තේරීපත් වුණේය. මැලේසියාවේ ප‍්‍රකෝටිපතියෙකු මෙන්ම එහි පුරවැසියෙක්ද වන මොහමඞ් මුජයිඞ්ටද එය සුවිශේෂ කරුණක් වූවාට සැක නැත.


ශ්‍රී ලංකාවේද චිත‍්‍රපට කර්මාන්තය තුළද ”විදේශ සම්මාන” පොරයක් පවතින නිසා මෙම සම්මානය ලැබීමටද සුවිශේෂී ජයග‍්‍රහණයක් සේ සැලකීමට කටයුතු යෙදිණි. එහි එක් උත්සව අවස්ථාවකදී ප‍්‍රධාන අමුත්තා වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම මහත්මියයි. ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය, ලක්ෂ්මන් හුළුගල්ල ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු කීප දෙනෙකුම එම උත්සවයට සහභාගී වී සිටියහ.


මොහමඞ් මුජයිඞ්ද චිත‍්‍රපටයේ එක් සාඩම්බර නිෂ්පාදකයකු නිසා ඔහුටද එම උත්සවයේදී පිළිගැනීමක් ලැබිණි. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ අතට අතදී කතාබහ කිරීමටද ඔහුට අවස්ථාවක් ලැබිණි. මෙය ඔහුගේ පාර්ශ්වයෙන් ඔහුට ලද ”බෝනස් චාන්ස්” එකක් වූවාට සැක නැත. අදාළ සිදුවීමේ ඡුායාරූපද ඔහුට වැදගත් සිහිවටන වූ බවට සැක නැත.


මොහමඞ් මුජයිඞ්ද තමාගේ ව්‍යාපාර කටයුතු සුපුරුදු ලෙස සිදුකරමින් ගියේය. ශ්‍රී ලංකාව සමඟ සබඳතාද පවත්වාගෙන ගියේය. කාලය ක‍්‍රමයෙන් ගෙවී යෑමේදී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සිදු කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් යුද හමුදා බුද්ධි අංශයන් වෙත වෙනම හා එක්ව සිදුකළ පරීක්‍ෂණවලදී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ එතෙක් සැඟව තිබුණු තොරතුරු රැුසක් හෙළි වූයේය.


2003 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මොහමඞ් මුබාරක් මොහමඞ් මුජයිඞ් නමැත්තා හා මැලේසියානු ව්‍යාපාරිකයකු වූ මොහමඞ් මුබාරක් මොහමඞ් මුජයිඞ් නමැත්තා දෙදෙනෙක් නොව එකම පුද්ගලයෙක් බවට වූ තොරතුරු හෙළිදරව් වුණි. ”සෙල්වම්” චිත‍්‍රපටය වෙනුවෙන් නිෂ්පාදන කටයුතු කරනු ලැබූ පුද්ගලයා ඔහු බවට හඳුනා ගැනුණි.මෙම තොරතුරු එවකට ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් අතටද පත්වුණි. ආරක්‍ෂක බුද්ධි අංශ ඉතා සූක්ෂමව තිබෙන තොරතුරු වඩාත් විමර්ශනාත්මකව විශ්ලේෂණය කරමින් සාක්ෂි එකතු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි. හෝටලයේ මත්ද්‍රව්‍ය කාර්යාංශය එම පරීක්‍ෂණ කටයුතුවල මූලිකත්වය ගත් අතර යුද හමුදා බුද්ධි අංශයේද සහාය ඒ සඳහා ලැබිණි.


පරීක්‍ෂණ දිගින් දිගටම කි‍්‍රයාත්මක වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මහනුවර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අහමඞ් සබ්රි නජුමුදීන් නමැත්තා දිගන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි. ඔහු අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් කිලෝග‍්‍රෑම් 3ක් ඔහු සතුව තිබුණි. ඔහු දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධව මරණීය දණ්ඩනයට නියමව සිටින මොහමඞ් සියාම්ගේ ඥාති සහෝදරයා වේ.


පොලිස් අත්අඩංගුවට පත්වූ අහමඞ් සබ්රි නජුමුදීන් පිළිබඳව සිදුකළ තාක්‍ෂණික පරීක්‍ෂණ හා ඔහු හා කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඉතාම වැදගත් තොරතුරු රැුසක් හමුවිණි. ඔහු සතුව තිබූ බැංකු ගිණුම්, දුරකථන, පරිගණක සබඳතා ආදිය පිළිබඳව සිදුකළ පුළුල් විමර්ශනවලදි ඉතාම වැදගත් පුද්ගලයින් තිදෙනෙකුගේ තොරතුරු අනාවරණය විය.


ඒ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, මොහමඞ් සිද්ධික් හා මොහමඞ් මුබාරක් මොහමඞ් මුජයිඞ් පිළිබඳවය. මේ තිදෙනාගෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධවූ ප‍්‍රධානතම පුද්ගලයින් වූයේ වෙළේ සුදා හා මොහොමඞ් සිද්ධික්ය.


ආරක්‍ෂක අංශ ප‍්‍රථමව වෙලේසුදා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කළේය. යුද හමුදා බුද්ධි අංශ හා පොලිස් නාකොටික් බුද්ධි අංශයත් හා පාකිස්ථානු හමුදා හා පොලිස් බුද්ධි අංශ සමග ඒකාබද්ධ වෙමින් වෙලේ සුදා අත්අඩංගුවට ගත්තේය.


ඉන්පසු ඔහුගෙන් සිදුකළ දිර්ඝ ප‍්‍රශ්න කිරීම් හා පරීක්‍ෂා කිරීමේ ප‍්‍රතිඵලයක් මොහමඞ් සිද්ධික් නමැති පුද්ගලයාවද අත්අඩංගුවට ගැනුණි. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය බෙ¥    ප‍්‍රධානතම පුද්ගලයින් දෙදෙනා ලෙස තහවුරු කර ගැනුණි.


පොලිස් ප‍්‍රශ්න කිරීම් හා බුද්ධි නිරීක්‍ෂණ මගින් වෙලේ සුදා හා මොහමඞ් සිද්ධික් සමග මැලේසියානු ව්‍යාපාරිකයෙක් වූ මොහමඞ් මුබාරක් මොහමඞ් මුජයිඞ් ද සිටින බවට තොරතුරු තහවුරු කර ගත්තේය.


මෙහිදී හෙළිවූ ප‍්‍රධානතම කරුණ වනුයේ වෙළේ සුදා හා මොහමඞ් සිද්ධික් දෙදෙනා හාල්මැස්සන් නම් මොහමඞ් මුජයිඞ් හොඳ ”මෝරෙකු” බවය.


වෙලේසුදාට හා මොහමඞ් සිද්ධික්ටද මත්ද්‍රව්‍ය සැපයීම සිදුකරන ප‍්‍රධානියෙක් වූයේ මොහමඞ් මුජයිඞ් බවය. මේ වනවිට මෙම ප‍්‍රධාන ජාවාරම්කරුවන් විසින් 2009 වසරේ සිට 2014 ජුලි 22 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 7ක් ගෙන්වූ බවට තහවුරු කරගෙන තිබේ. එහෙත් පරීක්‍ෂණ කණ්ඩායම්වල තක්සේරුවට අනුව මෙම ප‍්‍රමාණය මීට වඩා තවත් වැඩිවිය හැකි බවය. 2012 දී පාකිස්ථානයෙන් ආනයනය කළ ලේත් මැෂින්වල සඟවා ගෙන්වූ කුඩු තොගයද මොවුන්ගේ සබඳතා මත ගෙන්වූ ඒවා බවට තහවුරු කරගෙන තිබේ.


කෙසේ වෙතත් ආරක්‍ෂක බුද්ධි මෙහෙයුම් මගින් වෙළේ සුදා හා මොහමඞ් සිද්ධික් අත්අඩංගුවට පත් වුවද මොහමඞ් මුජයිඞ් අත්අඩංගුවට ගැනීමට තරම් ප‍්‍රබල සාක්ෂි නොවුණි. එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි ආකාරයේ සාක්‍ෂි එකතු කිරීම දිගින් දිගටම සිදු කෙරිණි. වෙළේ සුදා හා මොහමඞ් සිද්ධික් පිළිබඳව සිදකරන දීර්ඝ පරීක්‍ෂණවල ප‍්‍රතිඵල ලෙස මොහමඞ් මුජයිඞ් අත්අඩංගුවට ගැනීමට හැකි තරම් සාක්ෂි එකතු කෙරිණි. ඒවා අවසානයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරී ඔහුට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ගැනීමට තරම් ප‍්‍රමාණවත් ඒවා බවට පත්විණි.


මෙහිදී ”සෙල්වම්” චිත‍්‍රපට ඇගයීමේ උළෙලින් පසු මොහමඞ් මුජයිඞ් ශ්‍රී ලංකාවට පැමිණීම හිටිහැටියේ නතර කළේය. ඒ ඔහු පිළිබඳව සැකයක් මතු වූ බවට ඔහුටද ආරංචි වීම නිසාය.


කෙසේ වෙතත් මේ වනවිට මොහමඞ් මුජයිඞ් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා සියලූ කටයුතු සූදානම්ව පවතී. ඒ සඳහා මැලේසියානු ආරක්‍ෂක අංශද සහාය පළකර තිබේ.


මොහමඞ් මුජයිඞ් පිළිබඳව සිදුකළ පරීක්‍ෂණවලදී ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ද ප‍්‍රධානතම පුද්ගලයින් කීපදෙනාගෙන් අයෙකු බවට හෙළිවී තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ඔහුගේ සහෝදරයෙක් ජීවත් වන අතර ඔහු  ඕස්ටේ‍්‍රලියානු මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධානියකු ලෙස හඳුනාගෙන තිබේ. එමෙන්ම පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය තුර්කිය,  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, තායිලන්තය, යුරෝපා රටවල් රැුසක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සබඳතා පැවැත්වූ පුද්ගලයා මොහමඞ් ජුනයිඞ් බවට හඳුනාගෙන තිබේ. මොහු සාමාන්‍යයෙන් වරකට හෙරොයින් කිලෝග‍්‍රෑම් 300-500 අතර තොග බෙදාහරින බවටද තොරතුරු පවතී.


තමාට ලැබුණු ආචාර්ය උපාධියත්, මැලේසියානු රජයෙන් ලද සම්මානත්, පුරවැසිභාවයත් නිසා මැලේසියාවේ ප‍්‍රකෝටිපති ප‍්‍රභූවරයෙක් ලෙස ජීවත් වූ මොහමඞ් මුජයිඞ් ඉතා පැහැදිලිව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සාක්‍ෂි සහිතව හඳුනා ගැනීම ශ්‍රී ලංකාවේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ විශිෂ්ඨ මෙහෙයුමක් බව මෙහිදී සඳහන් කළ යුතුය. ඒ සඳහා සහාය වූ යුදහමුදා බුද්ධි අංශයටත් ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතුය.


මතින් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමට නම් තරාතිරම නොබලා මෙවැනි ජාවාරම්කරුවන්ට දඬුවම් දිය යුතුය. ඔවුන්ගේ නම් ගම් හෙළි කිරීමට කටයුතු කළ යුතුය. එය ජාතික ආරක්‍ෂාවටද රටේ තරුණ පරපුර සුරැකීමටද ඉවහල් වනු නොඅනුමානය.

m



අදහස් (0)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මහ මෝරා කොටුවෙයි?

චන්න බුවනක Tuesday, 04 August 2015 03:32 PM

මේවා මේතරම් දුරට යනතුරු බලධාරීන් මොනවද කළේ? (නි)

:       0       0

රොෂාන් Wednesday, 05 August 2015 05:00 AM

බලදාරීන් මහාපරිමානයෙන් ජරාව කෑවේ සමාවෙන්න කොමිස් (නදී)

:       0       0

ඉරංගනී Friday, 07 August 2015 02:54 PM

නියමයි. අපේ පොලිසිය දක්ෂයි (නි)

:       0       0

ජයන්ත Sunday, 09 August 2015 02:49 PM

පසුගිය රජය මේ වැඩ වලට ඉඩ දුන්න යටින් මුදල් ගත්ත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site