ගොරවන තරමට වහින්නේ නැත. වැස්ස පෑව්වත් ගෙරවිල්ල වුව ද යම් තරමකට තිබෙනවා වාගේය. හෙට අනිද්දා වන විට සියල්ල නිහඬ වීමට හෝ අළු යට ගිනි පුපුරු ලෙස පැවතීමට හෝ ඉඩ තිබේ. කොහොම නමුත් අනුරාධපුර පැත්තේ දේශපාලන ගෙරවිල්ලට ඉඩ දුන්නානම් සමස්තයක් වශයෙන් ආණ්ඩුවට හොඳ නැත. දේශපාලනයේ තෙම්පරාදු චරිතයක් වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ වන විට සියල්ල කළමනාකරණය කර ගැනීමට සමත්ව සිටී. කාට කාටත් ඔහු සමග සෙල්ලම ලෙහෙසි වන්නේ නැත. ඊට ආසන්නම හේතුව මෙවර පළාත් සභා මැතිවරණ ජයග‍්‍රහණයේ යශෝරාවයක් වෙත්නම් එය ජනාධිපති මහින්දගේම වන නිසාය. අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 1,99,547 ක් ලබන විට සන්ධානයේ වැඩිම මනාප ගත් අපේක්‍ෂකයා ලබාගන්නේ මනාප 1,05,232 කි. දෙවැනියා 95,027 කි. ප‍්‍රතිශතයක් වශයෙන් පළමුවැන්නා සියයට 52% කි. දෙවැන්නා සියයට 47% කි. දෙවැන්නාට සන්ධානයට ඡන්දය දුන් අයගෙන් වුව ද සියයට 53% කගේ මනාපයක් නැත. පළමුවැන්නා වුව ද සළු වන්නේ යන්තමිනි. එසේ නම් කැමැත්ත ඇත්තේ ජනාධිපතිට හා පොදුවේ ආණ්ඩුවටය. අනුරාධපුර දිසාවේ ඡුන්දය දීමට සුදුසුකම් ලත් පිරිස 6,06,508 කි. මින් කාට කාටත් ඡුන්දය දීමට පැමිණ ඇත්තේ ම සියයට 64% කි. සියයට 36% ක් පැමිණ නැත. සමස්ත මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් ඍජුව ම වැඩි ම මනාප ගත් අපේක්ෂකයාට කැමැත්ත පළ කර ඇත්තේ සියයට 17% කි. පවතින මනාප ක‍්‍රමය ජනතාවගෙන් අතිශයින් ම බැහැර වූ විහිළු සහගත ක‍්‍රමයක් බව මින් පැහැදිලි වේ. පහු පහු වනවිට කොහු කොහු වීම ධර්මතාවකි. කිරි පැකට්ටුවකට වුව ද කල් ඉකුත්වීමේ දිනයක් තිබේ. එදිනට ප‍්‍රථම එය පාවිච්චි කළ යුතුය. මේ සාධකය දේශපාලනයට ද වලංගුය. කල්ඉකුත් වීමට පෙර ඉවත් විය යුතුය. එහෙත් දේශපාලනයේ නිරතව සිටින බොහෝ අය මේ සාධකය තේරුම් ගන්නේ නැත. ජනතා සේවයට වඩා බලය හා පදවිය වැදගත් වී තිබෙන බව පෙනේ. අවසානයේ අනෙක් අය ද අමාරුවේ දමා අකැමැත්තෙන් වුව ද යථාර්ථයට මුහුණ දීමට සිදු වෙන්නේය. එසේම බලය සදාකල් නොවන බවත් කිසියම් වූ මොහොතක ජනතාවගේ මැදිහත් වීමෙන් එය නොසිතූ ලෙස කඩාවැටීමට ඉඩ තිබෙන බවත් දේශපාලනය කරන අය දැන්වත් තේරුම්ගත යුතුය. බලය දරාගෙන සිටින විට සමහර අයට මෙය තේරෙන්නේ නැත. පසුගිය දා අනුරාධපුර පළාතේ ජනතාව කියාදුන් මෙම පාඩම දේශපාලනයේ නිරතව සිටින හැම අප්පුහාමිලාටම පොදුය. එකම දේශපාලන කණ්ඩායමක ප‍්‍රශ්නයක් මේ තරම් දුරදිග යෑමට මූලික වූ හේතුව මනාප පොරය බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් පක්ෂ අතර මරාගැනීම් නොමැත. එ් වෙනුවට පක්ෂයේ ම අය අතර මරාගැනීම් ඉස්මතු වෙලාය. ”දැන් අපට අම්මත් නෑ. තාත්තත් නෑ. අපි අනාථ වෙලා.” මෙහෙම කියන්නෝ රාජාංගන යාය 2 ප‍්‍රදේශයේ පදිංචි අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ හොඳ ශී‍්‍ර ලංකාකාරයකුව සිට මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මනාප පොරයට මැදිවී මියගිය එස්.එච්. අනුර කුමාරගේ දරුවෝය. අනුරට දරුවන් තිදෙනෙකි. බාල දියණියගේ වයස අවුරුදු 6කි. ඔහු වැඩ කළේ වත්මන් මහ ඇමැති එස්.එම්. රංජිත්ටය. මියගියේ ඒ නිසාම බව කියැවේ. එකම පක්ෂයක ආධාරකරුවන් කොතරම් දරුණු වී නයි මුගටි තත්වයට පත් වුණාද කිවහොත් පහර කෑමෙන් පසු බිම වැටුණු අනුර කුමාරට පපුවට ගල් ගෙඩියක් අතහැරීමට තරම් මේ අය සැහැසි වී තිබේ. මවගේ මිය යෑම නිසා අසරණ වූ මේ දරුවන්ට අවසානයේ ඉතිරි වූයේ පියා පමණි. ඒ පියා ද මනාප පොරයට බිලිවීමෙන් පසු මේ දරුවන්ට කවුරු මහ ඇමැති වුව ද පලක් වන්නේ නැත. හොරොව්පතාන ඉහළ දිවුල්වැව කපුගොල්ලෑව ශී‍්‍ර ජිනරතනාරාමයේ විහාරාධිපති හිමියන් තුවාල ලබා මේ වනවිට රෝහල්ගත වී සිටින්නේ හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායකට මනාපවීම නිසා යැයි කියවේ. මේ මනාප ඝාතන සංස්කෘතිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට පමණක් සීමා වී නොමැත. පසුගිය පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුව දෙවැනි මනාප බිල්ල වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙනි. පක්ෂයක් ලෙස මැතිවරණයෙන් පරාජය වුව ද මනාප පොරය එතැනට ද පොදු වී තිබේ. එප්පාවෙල කිරිඅමුණකොළේ නව ජයගඟ පාරේ පදිංචි සී.එම්. පි‍්‍රයන්ත දිසානායක මියගියේ ද එම පොදු සාධකය නිසාය. පළාත්බද දේශපාලන තලයේ මනාප පොරයේ ආසන්නම ලේ පැල්ලම් මෙසේ වාර්තා වුව ද මීට ඉහත ජාතික තලයේ දේශපාලනයක නිරතව සිටි භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හිටපු මන්තී‍්‍ර හා ජනාධිපති උපදේශකවරයාගේ මරණයටත් කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා තවමත් විදේශ රටක රෝහල් ගතවී සිටීමටත් හේතු වී තිබෙන්නේ ද මනාප කතාවමය. එතැන සිදුවූයේ කොලොන්නාව ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ගන්නේ භාරතගේ අපේක්‍ෂකයා ද? දුමින්දගේ අපේක්‍ෂකයා ද? යන කරුණ මුල්කරගෙන ඇති වූ ගැටුමකි. වැඩිම මනාපයට මන්තී‍්‍රන් තේරීම 1978 ව්‍යවස්ථාවේ අශිෂ්ටතම ප‍්‍රතිපාදනය සේ සැලකේ. මෙමගින් ජනතාවට වගකියන මන්තී‍්‍රවරයකු බිහිවන්නේ නැත. එසේම මිල මුදල් යහමින් වියදම් කිරීමට නොහැකි කෙනකුට මන්තී‍්‍රවරයකු වීමේ ඉඩකඩ ද ඇහිරේ. සාමාන්‍යයෙන් දැන් ප‍්‍රාදේශීය සභාවක මන්තී‍්‍ර ධුරයක් ලබාගැනීමට වුව ද මිලියන දෙක තුනක් වියදම් කිරීමට සිදුවේ. ජයගත්දා සිට ඔහු කල්පනා කරන්නේ ජනතාවට සේවය කිරීම පසෙක තබා කොන්ත‍්‍රාත් හෝ වෙනයම් උප්පරවැට්ටි හරහා ඡන්දයට වැය වූ මුදල සොයා ගැනීමටයි. ඊට අමතරව ඉදිරි මැතිවරණ සඳහා ද මුදල් සොයා ගැනීමටය. මේ නිසා වත්මන් මැතිවරණ කි‍්‍රයාවලිය කළු සල්ලි සුදු කරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. ජාතික මට්ටමේ සිට ප‍්‍රාදේශීය මට්ටම දක්වාම මෙම ව්‍යාපෘතිය කිසිදු හිරිකිතයකින් තොරව වර්තමානයේ මෙරට තුළ කි‍්‍රයාවට නැගේ. සාමාන්‍යයෙන් කළු සල්ලිකාරයන් හොරට උපයාගත් ධනය සුදු කරන එක් ව්‍යාපෘතියක් වන්නේ මැතිවරණයයි. සමහර දේශපාලනඥයන් ඒවායේ වන්දි ගෙවන්නේ ජාතික මට්ටමේ හා පළාත්බද රාජ්‍ය සම්පත් ඔවුන් වෙනුවෙන් පූජා කරමින් තමන් ද කොටසක් සාක්කුවේ දාගෙනය. මේ සම්ප‍්‍රදාය තුළ ජනතාවට වගකිවයුතු නැත. දේශපාලන පක්ෂවල සමහර ප‍්‍රාදේශීය කි‍්‍රයාකාරීන් ද සැදී පැහැදී සිටින්නේ ඡන්ද අපේක්‍ෂකයන්ගෙන් කුට්ටියක් කඩාගෙන කාර්යාලයක් අටවා මැතිවරණ සමයට කීයක් හෝ සොයා ගැනීමටය. මේ නිසා මැතිවරණ සමයක් යනු සමහරුන්ට පල්ලියක මංගල්‍යයක්, කෝවිලක පෙරහරක්, දේවාලයක ගිනි පෑගීමක් වෙනුවෙන් පාර දෙපස කුඩා කඩ අටවාගෙන කරගෙන යන සුළු වෙළහෙළඳාමක් වාගේය. මේ ක‍්‍රමය යටතේ රජය කෝටි ගණන් මුදල් වැයකර මැතිවරණ පැවැත්වුව ද ජනතාවට නිශ්චිතවම වගකියන මන්තී‍්‍රවරයකු බිහිවන්නේ නැත. එසේම වැදගත් කෙනකු දේශපාලනයට පැමිණීම ද අඩු වෙලාය. බහුතරය බිහිවන්නේ මගෝඩිස්තුමාලගේ මට්ටමින් බව පෙනේ. පසුගිය පළාත් සභා මැතිවරණය උදෙසා වැය වූ මුදල රු. කෝටි 60-65 පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම මුදල අදාළ පළාත්වල ප‍්‍රාථමික විද්‍යාල 600 ක් පමණ වැඩිදියුණු කිරීමට වැයවන මුදලට සමානය. අනෙක් පැත්තෙන් මෙතරම් මුදලක් වැයකර ජනතාවට නිශ්චිතවම වග කියන මන්තී‍්‍රවරයෙක් බිහි වන්නේ නැත. ”ආ ඔය ගමේ අය වැඩ කළේ අහවලාට, මට නෙවෙයිනෙ. ඕව එයාට කියල කරව ගන්න.” ”නෑ අපි ඡන්දය දුන්නේ ඔබතුමාට.” ”මොන පිස්සුද? රැස්වීමකටවත් එන්න කිව්වද?” ”එහෙම නම් ඔබතුමා දිනුවෙ කොහොමද?” ”මං දිනුවෙ සල්ලි වියදම් කරල” ජනතා ඡන්දයෙන් පත් වූ සමහරුන් ඇඟ බේරාගන්්නේ මේවාගේ කතා කියලාය. ඒ නිසා මේ ජරා ක‍්‍රමය වෙනස් කිරීමට ”මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම” ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇත. ”පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ අනුපාත ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට යෝජනා කරමි. සමාජයේ ධනවත් සුළු පිරිසකට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමේ තත්ත්වය ද, එම නිසාම, දුෂණය වංචාව, කුළු ගැන්වීමේ ප‍්‍රවණතාවක් ද අනුගත ඡන්ද ක‍්‍රමය නිසා ඇති වී තිබේ. ප‍්‍රාදේශීය නියෝජනය සහමුලින්ම අවුල් වී ඇත.” ”ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ එකක් හෝ වැඩි ගණනක් පදනම් කරගත් මැතිවරණ කොට්ඨාස ක‍්‍රමය යළි ස්ථාපිත කිරීමට යෝජනා කරමි.”
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජේ.ආර්.ට බැන්නා ඇති
සුමනා Friday, 28 September 2012 07:03 PM
ඔය වගේ කොතරම් දේවල් කියලා තියෙනවද? (නදී)
ෂර්ලි Saturday, 29 September 2012 02:50 PM
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
කහදූව Saturday, 29 September 2012 05:44 PM
මනාප ක්‍රමය වෙනස් කිරීම රටේ අනාගතය වෙනුවෙන් කරන සුභවාදී වෙනසකි.(නි)
ලක්ෂ්මන් Sunday, 30 September 2012 10:54 AM
කවුරු මොනවා කිවුවා කළත් මේක බෞද්ධයන්ගේ දේශය (නි)