X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


ට‍්‍රැෆික් පොලිසියටත් පොත පෙරළන ‘‘ඇම්ඩන්ලා’’

19-page-01-Rasa-1


ඇම්ඩන් යන නාමය සිංහල පාරිභාෂිත ශබ්ධකෝෂයේ නැතත් සාමාන්‍ය ජනවහරේ පවතින ප‍්‍රචලිත නමකි. ඇම්ඩන් නම් මනඃකල්පිත පුද්ගලයා යනු ඉතාමත් කපටි කෛරාටික කෙනෙකි. ඇම්ඩන්ගේ කථා ලෙස අන්තර්ජාලයේ සෙවූ කල දහස් ගණනින් කියවිය හැක. ඇම්ඩන් කියා ඇතැම්විට අපිද විවිධ මිනිසුන් අමතමු. එහි අර්ථය නම් ඔහු කපටි කෙනෙකු ලෙස හැඳින්වීමයි. එවැනි ඇම්ඩන්වරුන් විවිධ වේශයන්ගෙන් සිටින අතර ඔවුන්ගේ කෛරාටිකම්වලට රටේ කොයිවෙලේ කවුරු රැවටේදැයි නිශ්චය කළ නොහැක. එවැනි ඇම්ඩන්ලා විසින් රථ වාහන ධාවනය කිරීමේදී සිදුකරනු ලබන වැරදිවලින් ගැලවීමට විවිධාකාරයේ බොරුබේගල් ඇද බාමින් පොලිස් මහත්වරුන්ව නොමග යවන බව අප කාටත් නොරහසකි.

 


රථ වාහන පොලිසිය මහාමාර්ගවල නිවැරදිව රිය ධාවනය කිරීම නිරීක්ෂණය කරන නීතිමය බලලත් කොට්ඨාසයකි. ඔවුන් අව්ව, වැස්ස නොබල රාජකාරිය ඉටු කරති. බොහෝවිට කාකි ඇඳුම තුළ සැඟවුණු සංවේදී හදවතක් ඔවුන්ට තිබෙන අතර ඒ නිසා සමහර රියදුන් ඉන් අයුතු ප‍්‍රයෝජන ලබාගන්නේ දඩ කොළයෙන් ගැලවීමටය. කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ කිහිපයක දින කිහිපයක් මුළුල්ලේ ‘ට‍්‍රැෆික් රාජකාරි’ ඉටුකරන නිලධාරීන් අහල පහල අප ගැවසුනේ එවැනි ක‍්‍රියා කිහිපයක් අල්ලා ගැනීමටයි. මීගමුව ප‍්‍රධාන මාර්ගයත්, බේස්ලයින් හා ගාලූ පාර ආශ‍්‍රිතවත් සිටිමින් අපගේ උකුසු ඇස් යොමුකලේ පිරිසක් ග‍්‍රහණය කර ගැනීමටයි.


පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල මංසන්ධියේ විදුලි සංඥා සහිත ජනාකීර්ණ ස්ථානයකි. මීගමුව දෙසට ධාවනය කරන රථ වාහන විදුලි සංඥා නොතකා ඉදිරියට යන සැණින් අල්ලා ගැනීමට නිතරම පාහේ පොලිස් නිලධාරියෝ සිටිති. එක් දිනක සවස්වරුවේ අධික රථ වාහන තදබදයක් පවතින අවස්ථාවක කොළඹ දෙසින් කන්ටේනර් රථ මාර්ගයේ වම්පසින් ධාවනය කරනවිට එක්තරා කාරයක් වම්පස පදික වේදිකාව ඔස්සේ ගමන් කළේ කන්ටේනර් රථ ද නොතකමිනි. කොළ පැහැති විදුලි සංඥා වැටුණු විගස ඉදිරියට ගිය කාරය ක්ෂණිකව නතර කරනු ලැබුවේ එහි රාජකාරි කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙකු විසිනි. සුපුරුදු පරිදි අනෙක් වාහන ධාවනය කළ අතර ‘‘රූං ගා පියාඹන බයිසිකල්’’කරුවෝ මේ දෙස බලමින් ඉදිරියට ඇදුණහ. 


කාර්යාලීය ඇඳුමින් තරුණයකු බැසගත්තේ තමන් පැලැඳ සිටි අව් කණ්නාඩිද ගලවමිනි. පොලිස් නිලධාරියෙකු පැමිණ වාහනය වටේ බලා තරුණයාගේ රියදුරු බලපත‍්‍ර ඇතුළු ලියකියවිලි ඔහු භාරයට ගෙන කථිකා කරන්නට විය. අප ඒ අසළම පදිකයන් ලෙස සිටියේ මොවුන්ගේ කතාවට හොඳ හැටි ඇහුම්කන් දෙමිනි. කාරයේ ඉදිරිපස අසුනේ කාන්තාවක් සිටි අතර ඇය ද කාර්යාල ඇඳුමකින් සැරසී සිටියාය.


පොලිස් නිලධාරී මහතා මාර්ග නීති කඩකිරීමේ වරද පිළිබඳ එම තරුණයාට පහදා දෙමින් සිටි අතර ඔහු ද ඒවා අසන බවක් පෙන්නුම් කළේය. බොහෝ පෙරැුත්ත කරමින් දඩ කොළයක් නොගැනීමට තරුණයා උත්සාහ දරන අතර ඔහුගේ මුහුණේ ඉරියව්ද වෙනස් වෙමින් පැවතුණි. වේලාව සවස 5 පසු වී තිබුණු අතර එම තරුණයා ඉතාමත් බැගෑපත් වෙමින් කියා සිටියේ තමන්ගේ මාමා අසනීප වී සවස රෝහල්ගත කළ බවත්ය. ඔහු ඉතාමත් දුක්බර මුහුණකින් පොලිස් නිලධාරීන් සමඟ කථා කරමින් කියා සිටියේ රාගම රෝහල වෙත යන බවත්ය. කෙසේ හෝ සුළු වේලාවක් කතා කිරීමෙන් අනතුරුව ඔහුගේ බලපත‍්‍ර නැවත ඔහුට ලබා දෙන ලදී. එසැණින් ඔහු පොලිස් නිලධාරීන්ට ස්තූති කරමින් කාරයට නැගුණු අතර අපි ඔහු පසුපස යෑමට තීරණය කළෙමු. එතැන් සිට කි.මී 1ක් පමණ ගිය පසු ඔහු වාහනය අතුරු පාරකට හරවා නිවසක් වෙත ගියේය. ඔහු කී දේවල් අසත්‍ය බව වැටහුණේ ඔහු තමාගේ නිවසට පැමිණි විටයි.


මෙසේ අසුවන බොහෝ තරුණයෝ විවිධාකාර බොරු පවසමින් පොලිස් නිලධාරීන්ගේ අනුකම්පාව ලබා ගනිති. නමුත් ඒ කිසිවකට අසුනොවී අවම වශයෙන් රු. 500/-ක දඩයක් හෝ ලියන නිලධාරීන් ද නැතුවා නොවෙයි. බොරැුල්ල මංසන්ධියට ආසන්නව සවස 5 සිට 7 පමණ තෙක් දැඩි වාහන තදබදයක් පවතියි. බොරැුල්ල මංසන්ධියට කොටා පාර ඔස්සේ යන රථ වාහන එක සීරුවට මුළු පාරම වසාගෙන සිටියි. එම නිසා වම්පස පදික වේදිකාව බොහෝ යතුරුපැදිකරුවන්ගේ නිදහස් මාවතක් බවට පත්වී තිබේ. විටෙක පොලිස් නිලධාරීන් දුටුවද ඔවුන් එම තත්ත්වයේ ප‍්‍රායෝගික බව වටහා ගෙන ඊට ඉඩ දෙයි. නමුත් ඇතැම් ට‍්‍රැෆික් පොලිස් නිලධාරීහු දඩකොළ ලිවීමට පසුබට නෙවෙති. කාර්යාල ඇඳුමකින් සැරසුණු තරුණයකු තම යතුරුපැදිය පදික වේදිකාවට දමා මීටර් 50ක් විතර ගොස් නැවත ප‍්‍රධාන මාර්ගයට අවතීරණවීමේදී පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇසට හසුවිය. 


වහාම යතුරුපැදිය නවතා නිලධාරීහු ඔහු හා කථා කරන්නට වූහ. ඔහු මරදාන ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පොලිස් නිලධාරීන්ට අනුව මෙය උසාවි යෑමට සිදුවන වරදකි. එම නිසා එම තරුණයා බොහෝ බැගෑපත්වෙමින් වරදට සමාව ඉල්ලන්ට විය. හදිසියක් නිසා නිවෙසට යා යුතු බව බවසා ඔහුගේ රියදුරු බලපත‍්‍රය සහ දුරකථනය ගත් පොලිස් නිලධාරීහු ඔහුට යන්නට ඉඩ දුන්හ. පසුව එම නිලධාරීයකු එම තරුණයාට කථා කොට මරදාන ප‍්‍රදේශයට එන ලෙස දැන් වූ අතර එපරිදි එම තරුණයා ඔහු හමුවට ගියේය. දඩයක් ලිව්වද රු. 2000/-කට වැඩි වන බව මඳක් පැකිලෙමින් පවසන විට එම කාරණය වටහාගත් තරුණයා තම මුදල් පසුම්බිය දිගහැර එහි තිබෙන රු. 300/-ක මුදල පෙන්වීය. එම නිලධාරියා එම මුදල සහ අසල වූ වෙළඳසැලකින් බත් පාර්සල් 2ක් ලබාදෙන ලෙස පැවසුවද තරුණයා හොඳ හැටි මුසාබස් දොඩමින් ඔහුට රු. 200/-ක් පමණක් ලබාදී තම රියදුරු බලපත‍්‍රය ද රැුගෙන වේගයෙන් එතැනින් නික්මුණි. 


මෙය තවත් සිදුවීමකි. බම්බලපිටියේ සිට කොල්ලූපිටිය දක්වා ගාලූ පාර කොටසේ පදික මාරු විදුලි සංඥා 5කට වඩා පවතියි. බොහෝ අවස්ථාවල ඒ අසල පොලිසිය රැුඳී සිටියි. බොහෝ රියදුරන් පැමිණෙන වේගයෙන්ම රතු බල්බය නොදැකම ඉදිරියට යෑමත් එසේ යනවිට පොලිස් නිලධාරීන්ට හසුවීමත් තරමක සුලභ සිදුවීමකි. මෙලෙස හසුවුණු තවත් තරුණියක් අප නෙත ගැටුණි. ස්කූටරයකින් ගමන් ගත් ඇය විදුලි සංඥාව මාරු වනවිටම කහ ඉර පන්නා ගියාය.

එසැණින් අසලවූ ට‍්‍රැෆික් පොලිස් නිලධාරියකු ඇය නැවතීය. පෙනුමට ඇය සුරූපී වූවාය. හෙල්මටය ගලවා සීට් එක ඇර තම බලපත‍්‍ර සියල්ල අතට ගත් ඇය වූ වරදට පොලිස් නිලධාරීන්ගෙන් සමාව ඉල්ලූවාය. ඔවුහුද ඇයට එහි බරපතළකම පැහැදිලි කරන්නට වූහ. තමා කහ බල්බය රතු බල්බයට මාරු වනවිටම යතුරුපැදිය දැමුණු බවත්, මීට පෙර මෙවැනි වැරදි නොකළ බවත් පවසා සිටියාය. මේ වනවිට ඇයගේ දෙනෙතට කඳුළු එමින් පැවතුණි. කෙසේ හෝ ඇයගේ කථා විලාසයටත් දුක්බර මුහුණටත් රැුවටුණු පොලිස් නිලධාරීහු ඇයට දැඩිව අවවාද කොට පිටත්කර හැරියහ. පසුව නැවත සූදානම්ව යතුරුපැදියට නැග ගත් ඇයගේ මුහුණේ තිබූ සිනහව මහා තරගයකින් ජය ලැබුවා වැනිය. කෙසේ හෝ ඇය යතුරපැදියට නැගී තවත් මීටර් 500ක් යාමට පෙර හැරවීමේ බල්බ නොදල්වා යතුරුපැදිය හැරවීමට යාමේදී ඇය අනතුරකට ලක්වීමට ආසන්න විය. ඇයගේ ගමන් විලාසය අනුව ඇය වේගයෙන් යන නිසා මෙවැනි මාර්ග නීති කඩකරන්නියක් බව අපට සිතුණි.

පොලිස් නිලධාරියෝ යනු සංවේදී පුද්ගලයෝය. ඇතැම් පිරිසට අනුන්ගේ දුක, කරදරය වැටහෙති. නමුත් නළු නිළියන්ටත් වඩා හොඳින් රඟපෑමට අපගේ රියදුරන් සමත් නිසා ඔවුහු පොලිස් නිලධාරීන්ගේ ඇසට වැලි ගසති. දඩ කොළයකින් එම නිලධාරියාගේ වැටුපට 10%ක පමණ මුදලක් ලැබෙන අතර ට‍්‍රැෆික් බයිසිකල්වල යනෙන නිලධාරීන්ට එම ප‍්‍රතිශතය මදක් වැඩි බව අපට දැනගන්නට ලැබුණි. උදෑසන සහ හවස කාර්යාලයෙන් යනෙන වේලාව හෙයින් මාර්ගවල බොහෝ වාහන තදබදයක් පවතියි. එහිදී දුරස්ථ පාලකයකින් පාලනය කළ හැකි විදුලි සංඥා පුවරු (Remote Control Traffic
Lights)  තිබෙන නිසා ඔවුන් ක‍්‍රමානුකූලව වාහන හසුරුවයි. එම නිසා තද අව්ව හෝ මහ වැස්ස හෝ නොතකා එම රාජකාරිය ඉටු කිරීමට ඔවුන්ට හැකියාව ඇත. පසුගිය දවසක ගංවතුරක් මධ්‍යයේ පවා තම රාජකාරි ඉටුකරන පොලිස් මහතෙකුගේ ඡුායාරූපයක් අන්තර්ජාලය තුළ හුවමාරු වනු ඔබ දැක ඇති බවට සිතමු. එලෙස නොපිරිහෙලා තම නිල රාජකාරිය නිවැරදිව ඉටු කරන පොලිස් නිලධාරි මහතුන්ට අපගේ ප‍්‍රණාමය හිමි වෙයි.   


එලෙසම තවත් අපගේ හිතවතෙකුට යාපනය බලා යනවිට අපූරු දෙයක් සිදුවුණි. මිරිඟුව සමඟ ඍජුවම ඈතට දිවෙන ඒ9 ප‍්‍රධාන මාර්ගය කුඩා කඳු පල්ලම් ලෙස තිබෙයි. එක්තරා ස්ථානයකදී ඉදිරියෙන් ගිය වාහනය කන්දක් උඩදී ඉස්සරහ කරන්නට (Overtake) ගිය විගස පහළ සිටි පොලිස් මහතුන් විසින් ක්ෂණිකව නවත්වන ලදී. ඍජුවම මෙය මාර්ග නීති කඩකිරීමකි. නමුත් ප‍්‍රශ්නය නම් රියදුරු කොළඹ පදිංචිකරුවකු වීමයි. යාපනයට ආසන්නව ඉරිදා දිනයක පොලිසියට අසුවී දඩ කොළයක් ලැබුවහොත් නැවත බලපත‍්‍රය ගැනීමට එහි යනෙන කාර්යය විශාල වියදම් සහ මහන්සියකි. තම වරද පිළිගත් රියදුරු කෙසේ හෝ අයැදමින් රු.1000/-ක පමණ දඩ කොළයක් ලිවීමට එකඟ විය. නමුත් ප‍්‍රශ්නය නම් තැපැල්හලකට මුදල් ගෙවීමට නොහැකි වීමයි. එම නිසා ඔහු එම පොලිස් නිලධාරි මහතාගෙන් ඉල්ලා සිටිමින් මුදල් ගෙවීම ඔහුට බාර දුණි. පසුව බලපත‍්‍ර ලබාගත් ඔහු විනීත ලෙස පිටත්ව ගියේය. දඩ කොළයත්, දඩ මුදලත් ලබාගත් පොලිස් නිලධාරී මහතා මීළඟට ගන්නා පියවර කුමක් ද? එය එවැනි දුර මාර්ගවල ගමන් ගන්නා රියදුරෝ සක්සුදක් සේ දන්නෝය. 


තවත් දිනයක අප ගල්කිස්ස උසාවිය ආශ‍්‍රිත ප‍්‍රදේශයකදී මානබලමින් සිටියේ කවුරුන් හෝ ඇම්ඩන් කෙනෙකු සොයා ගැනීමටයි. සෙනසුරාදා දිනයක් වූ එදින ගල්කිස්ස උසාවිය ඉදිරිපිටින් කොළඹ දෙසට වැඩි වාහන ප‍්‍රමාණයක් ධාවනය වෙමින් නොතිබුණි. තවද එම ප‍්‍රදේශයේ මාර්ගය වෙන්කොට ඇත්තේ සුදු ඉරි යුගලයකිනි. එම නිසා එම ඉරි දෙක අතරින් සමහරු වාහනයේ රෝදය ධාවනය කරයි. ගොඩක් වාහන එලෙස යනවිට බාගෙට බාගයක් මාර්ගයෙත් අර සුදු ඉරි යුගලයත් අතර පිහිටයි. නමුත් යතුරුපැදි ධාවනය වනවිට මුළු යතුරුපැදියම එම ඉරි යුගලය මැදින් ධාවනය වේ. සමහර අවස්ථාවල ඉරි යුගලයම කැපී ධාවනය කරයි. එහිදී එම වරද සැණින් අල්ලා ගැනීමට මාන බලමින් පොලිස් මහත්වරු සිටිති. එලෙස නවීන පන්නයේ යතුරුපැදිකරුවෙකු ද්විත්ව ඉරි කැපූ අතර ඔහුව එම නිලධාරීන් විසින් නවතන ලදී.


සුපුරුදු ලෙස සියලූම බලපත‍්‍ර පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන ඒවා පරික්ෂා කරන ලදී. ඒ අතර අර තරුණයා ඉතා සුහද ලෙස බැගෑපත් වෙමින් තමා කළ වරදට සමාව දෙන ලෙස ඉල්ලීය. නමුත් ප‍්‍රධාන නිලධාරී තරුණයාට සමාවදීම එකහෙලා ප‍්‍රතික්ෂේප කළේය. එහෙත් ඉන් නොනැවතුණු තරුණයාගේ මුහුණේ ඉරියව් වෙනස් වන්නට පටන් ගත්තේය. තම පෙම්වතිය තමා සමඟ දැඩි ලෙස අමනාප වී ඇති බවත් ඇයව මුණ ගැසීමට අහවල් ස්ථානයට යන බවත් පැවසීය. තම පසුම්බිය දිගහැර එහි ඉතා සුළු මුදලක් තිබෙන බවද පැවසීය. කෙසේ හෝ තරුණයාගේ කථා විලාසය අනුව ඔහු කියන්නේ සත්‍ය ද අසත්‍ය ද කියා වටහා ගැනීමට අපට ද නොහැකි විය. 


මාර්ග නීති කඩකිරීමේ බරපතළ කමත් තම පුද්ගලික ගැටලූ සිහියේ තබාගෙන රථවාහන ධාවනය කිරීම ඉතා අනතුරුදායක බවත් පවසමින් අවවාද කරන්නට විය. තරුණයාගේ බලපත‍්‍ර නැවත ලබා දුන්නද ඔහුට දඩ කොළයක් ලබාදීමට නිලධාරීන් කටයුතු කළ නමුත් එය ඉතා සුළු/අවම මුදලක් බැව් ඔහුගේ මුහුණේ නැගුණු සිනාවෙන් අපට අවබෝධ විය.


කෙසේ හෝ මෙවැනි සිද්ධීන් සමාජය තුළ බොහෝමයක් පවතියි. එම සිද්ධීන් විටෙක අවංක වුවත් 80%කට වැඩි ප‍්‍රමාණයක් ගොතන ලද මුසා බස් පමණි. 


දුර බැහැර සිට ලී කොටන් කපා පටවා ගෙන එන ලොරි රථයකි. එය එම කාලය තුළ ධාවනය කිරීම නීති විරෝධී බවත් නියමිත බලපත‍්‍ර නොමැතිවීමත් මත පොලිස් නිලධාරීහු ඔහුට දඩ කොළයක් ලිවීමට සූදානම් වූහ. නමුත් රියදුරු වෙනත් ක‍්‍රමයකින් බේරීමට උත්සහ ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමන් විසින් ලැබිය යුතු සුළු ණය මුදලක් පාරෙන් අනෙක් පස තිබෙන වෙළඳසැලට ගෙවා යන ලෙස නිලධාරීහු පැවසූහ. එහිදී එම රියදුරු ඉතා සූක්‍ෂම ලෙස එම වෙළඳසැලට ගොස් අදාළ නිලධාරීයා වෙළඳසැල් හිමියාගෙන් රු. 500/-ක් ඉල්ලා ගන්නා ලෙස කියූ බවට පැවසීය. පසුව වෙළඳසැල් හිමිකරු ඉතා උස්හඩින් සංඥා භාෂාවෙන් පොලිස් නිලධාරියාගෙන් විමසූවිට ඔහු ‘ඔව්’ ලෙස පැවසීය. එම නිසා රියදුරු ඉතා කපටි ලෙස නීතියෙනුත් බේරී මුදලාලිගෙන් රු. 500/-ක් ඉල්ලාගෙන මිටින් හල කුරුල්ලකු සේ වේගයෙන් එතැනින් නික්මුණේය. පසුව රාජකාරි අවසන් කොට පොලිස් නිලධාරියා එම මුදලාලි ළඟට ගියවිට දැනගන්නට ලැබුණේ අදාළ ලොරි රියදුරු තමාට බලවත් වංචාවක් කොට ඇති බවයි. මෙය ප‍්‍රසිද්ධ සත්‍ය සිදුවීමක් වන අතර තවත් මෙවැනි දෑ සමාජය තුළ සිදුවෙයි.


සමහරවිට දුර බැහැර ප‍්‍රදේශවලදී පොලිස් නිලධාරීන්ට හසු වූ විට ඔවුන් විසින්ම දඩ මුදල තැපැල් කාර්යාලයට ගෙවනු ලබන බව පවසා මුදල්ගනී. ඇතැමුන් රියදුරු බලපත‍්‍ර ලබාගෙන දඩ මුදල් ගෙවා පොලිස් ස්ථානයෙන් නැවත බොරුවට ගොස් රියදුරු බලපත‍්‍ර ඉල්ලූ සමහරවිට දුර දිග ගිය අවස්ථා ද අපට අසන්නට දක්නට ලැබෙයි. 


කෙසේ හෝ නීති වෘත්තියට අදාළ කටයුතු මැනවින් ඉටුකරන පොලිස් නිලධාරීන්ට තුති මල් පුදන අතර මනුෂ්‍යාගේ දුකක දී, කරදරයක දී, සුදුසු ලිහිල් කිරීම් ලබාදීම තුළින් උතුම් මනුෂ්‍ය ගතිගුණාංග පෙන්වන පිරිස ද රටට සම්පතකි. නමුත් වැරදි ලෙස මුදල් මඟින් නීතියෙන් බේරී යාමට නිදහස ලබාදෙන නිලධාරීන් මෙවැනි ඇම්ඩන්ලාට රැවටෙන බැවින් සාධාරණ ලෙස මුදල් හම්බකිරීමත් තමන් සහ තම වෘත්තියේ ගෞරවය රැකෙන බව අපට පැහැදිලිය. එලෙසම හදවතින්ම මාර්ග නීති පිළිපදිමින් විනීත ලෙස රිය ධාවනය කරන රියදුරන් සමාජයට බරක් නොවන අතර දැන දැනම නීති කඩකරන රියදුරන් තම අවසානය තමාට නොදැනීම ළඟාකර ගන්නා බව නොකිවමනාය.

m



අදහස් (0)

ට‍්‍රැෆික් පොලිසියටත් පොත පෙරළන ‘‘ඇම්ඩන්ලා’’

රුපවතී සිල්වා Tuesday, 29 September 2015 10:31 AM

හරිම අගෙයි, හොර පොලිස් ගැනත් හොයල ලියන්න...(බ)

:       0       0

සමීර Monday, 02 November 2015 12:29 PM

පොලිසියට විවෙචන ගොඩයි අැත්තට පොලිසියක් නැතුව රටක් ගෙනියන්න බෑ. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 11 October 2015 09:10 PM

ආක් මහතාණෙනි,මගේ ඇම්ඩන් කතාන්තරයට ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුති කරමි (නි)

:       0       0

ජයනාත් Sunday, 04 October 2015 03:43 PM

කෙසේවෙතත් පොලිසියේ වැඩියෙන් ම අසීරු රාජකාරී , අවුවේ වැස්සේ දුම කාගෙන දිනපතා දුක් විඳින්නේ මෙම ට්‍රැෆික් නිලධාරීන්ය. (බ)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Friday, 02 October 2015 05:01 AM

රුපියල් 10 ක් රාළහාමිගේ සාක්කුවට දමලා මාරු වුණ දවස මට තවම මතකයි .(ම)

:       0       0

නීල Thursday, 01 October 2015 05:09 AM

නියමයි. (ස)

:       0       0

ආක් Wednesday, 30 September 2015 08:48 AM

ඇම්ඩන් කියන වචනයට අර්ථය තේරුම් කෙරුවාට චන්ද්‍ර වීරසිංහට මම ස්තුති කරමි, ඔය ඇම්ඩන් කියන නැව යුද්ධ කාලේ ලංකාවට ආව කියල මගේ පියා මට කියා ඇත, ඒවගේම එම්දෙන් කියල නගරයකුත් ජර්මනියේ වයඹ දිසාවේ(නොර්ත් වෙස්ට්) ඇත, ඊට නුදුරින් ඇත්තේ බ්රෙමෙන් කියන විශාල වරාය නගරයි. (ස)

:       0       0

විකී Tuesday, 29 September 2015 10:06 PM

මමත් කීප වාරයක් රාළහාමිලාට මුදල් දී තිබෙනවා දඩ මුදල ගෙවන්න කියලා. වෙලාවේ හැටියට ඒක ලොකු උදව්වක්. ඒගොල්ලෝ අපට බොරු කරන්නේ නැහැ. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 29 September 2015 08:08 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

සරත් Tuesday, 29 September 2015 08:09 PM

නිල ඇඳුම ඇන්දත් එයාලත් මිනිස්සුනේ (නි)

:       0       0

අජිත් Tuesday, 29 September 2015 01:16 PM

මමද අනුරුද්ධගේ කතාවට එකගයි. නිරපරාදේ දඩකොල දෙන එක ගැනත් ලියන්න. (බ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 29 September 2015 10:32 AM

ලංකාවේ රියදුරන් කියන්නේ අමු කපටියි කස්ටිය. මෙලෝ නීතියකට වාහන එලවන්න දන්නේ නැති අය 75% විතර ඉන්නවා. (බ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 26 September 2015 05:22 AM

ඇම්ඩන් නම ලංකාවට ආවේනික වුවත් එහි ඉතිහාසය බොහෝ දෙනෙක් නොදන්නවා ඇති! මෙයට අවුරුදු 100 කට පෙර පැවති පළමුවෙනි ලෝක යුද සමයේ (1914-1918) ඇම්ඩන් නමැති ජර්මන් යුද නැවක් ඉන්දීය සාගරයේ මිත්‍ර පාක්ෂික නැව් ගිල්වමින් විශාල භීතියක් අපේ රට තුල ඇති කළේය පුදුමය නම් ඒ රටවල ඇම්ඩන් නම ඔවුනට අමතක වී ඇතත් එය තවමත් ශ්‍රී ලාංකික ජන වහරේ පැවතීමයි . චන්ද්‍ර වීරසිංහ නව සීලන්තය (අ)

:       0       0

සරත් Tuesday, 29 September 2015 10:32 AM

මම නම් කිසිසේත්ම අනුමත කරන්නේ නැ, පගාව ගන්න එක. අපේ රටේ නීති හරි බොළඳයි, එ්කයි පොලිචිය පගාව ගන්නේ, එ්ත් මේ පගාවට වැඩ කරන එක නවත්වන්න ඕන අපි. (බ)

:       0       0

මහේෂ් Tuesday, 29 September 2015 08:38 AM

පොලිස් නිලධාරින්ට මෙලෙස පගාව දීමට ප්‍රධානම හේතුව නම් දඩ හා ගෙවීමේ ක්‍රමයේ ඇති දුර්වලතාය . උදාහරණ ලෙස සති අන්තයක ඔබ දුර ගමනක් ගොස් දඩ කොලයක් ලැබුනොත් කුමක් කරන්නද ?? ඔබ කොතරම් හොඳ කෙනෙකු වුවද ජරාව දී එම අවස්ථාවෙන් ගැලවීමට උත්සහ කරනු ඇත (බ)

:       0       0

පූජිත Monday, 28 September 2015 01:55 PM

රජකාලේ අන්දරේ = නූතන් ඇම්ඩන් (අ)

:       0       0

කමල් Monday, 28 September 2015 09:31 AM

ඔය විදියටම පොලිසියේ වැරදිත් ලියන්න මහත්තයාගේ (හේ)

:       0       0

අනුරුද්ද Monday, 28 September 2015 06:52 AM

මේ දවස් වල අශුචි නාගෙන ඉන්න පොලිසිය සුද්දකරන්න ජරාව ගත්ත නේද මහත්තයෝ ? (අ)

:       0       0

සුපුන් Sunday, 27 September 2015 09:23 PM

මෙයින් පෙනෙන්නේ ලංකාවේ මොනතරම් අවිනීත රියදුරෝ,කපටියෝ, වංචාකාරයෝ, අවනීතිය,විනයක් නොමැතිකම ආදිය රජව ඇති බව නොවේද? (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 September 2015 05:12 PM

ඔබට ස්තුතියි චන්ද්‍රා අප දැනුවත් කළාට ... (නි)

:       0       0

දිසානායක Sunday, 27 September 2015 02:56 PM

හ්ම්.... පොලීසියේත් මනුස්සකම දන්නා මිනිස්සු ඉන්නවා එහෙනම් (නි)

:       0       0

හර්ෂණ Sunday, 27 September 2015 01:25 PM

තම නිල රාජකාරිය නිවැරදිව ඉටුකරන පොලිස් නිලධාරි මහතුන්ට අපගේ ප‍්‍රණාමය. රියදුරන් ගොඩක්ම පොලිසිය අන්දනවා. (නි)

:       0       0

උදය පීරිස් Sunday, 27 September 2015 04:03 AM

කපටි කෛරාටිකයන් හැඳින්වීමට 'ඇම්ඩන්' නම භාවිතා වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site