X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


තමන්ට පඩිසන් දුන් අනුන්ට කළ විපාක

ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

05_PAGE_13_T 
ගම්පහ අඹගස්පිටියේ විල්ෆ්‍රඞ් බොනිපස් මැල්ලව මහතා ලියා එවූ කතාවකි.


ගව මොලයට කෑදර වූ අදිරියන්ගේ මොලය ලොරියේ හැපී පාර පුරා විසිරී ගිය හැටි


වයඹ පළාතට සම්බන්ධ ගම්මානයකි. ඔහු අදිරියන් මාමාය. ඔහුගේ ප්‍රධාන වෘත්තිය වූයේ පොල් ගෙඩි මිලදී ගෙන අලෙවි කිරීමය. පොල් ඇදීම සඳහා අද මෙන් එදා ලෑන්ඞ් මාස්ටර්, ට්‍රැක්ටර් නොවීය. ඒ වෙනුවට භාවිත කළේ හරකුන් බැඳි බර බාගේ කරත්තය. අදිරියන් මාමාටත් කින්නියා ගොන් නාම්බෙකු විය. කරත්තය බැඳීම සඳහා උපයෝගී කරගත්තේ එම හරකාය. අදිරියන් මාමා එකල සාමාන්‍ය පොල් ව්‍යාපාරිකයෙක් වශයෙන් ගම්මුන් අතර ජනප්‍රිය චරිතයක් විය. දිනකට පොල් ගෙඩි දහසක් පමණ එකතු කරගන්නා ඔහු අමතරව ලාභයක් සඳහා එළ හරක් ගෙන ඇති දැඩි කළේය. බොහෝ විට ඒ ගොන් නාම්බන් විය. කරත්තයට සුදුසු හරකුන් ඉතිරි කර ගෙන අනෙක් හරකුන් මස් පිණිස විකිණීම සාමාන්‍ය සිදුවීමක් විය. එසේ විකුණන හැම හරකෙකුගේම හිසේ මස් ගෙනවිත් ආහාරයට ගන්නා පුරුද්දක් විය.

19_PAGE_13_T
තමන්ට අවනත නොවන සෑම හරකෙකුටම අත් වූයේ මරණයයි. ඒ මස් පිණිසය. වෙළෙන්දන් අදිරියන් මාමාගේ අවශ්‍යතාවය සපුරාලීමට අමතක නොකළේය. ඔව්හු මස් කරන ලද හරකාගේ මොළය සුද්ධකර අදිරියන් මාමාට දීමට අමතක නොකළාහ. ඇතැම් විට නිවසේ දූ පුතුන් බිරිඳ ප්‍රතික්ෂේප කළ ද අදිරියන් කවදාවත් මළ හරකුන්ගේ මොලය මස් පිණිස අනුභව කිරීම අත්නොහලේය. සමහර විට මෙය ඔහුගේ එක්තරා මානසික විකෘති හැඟීමක් වූවාදැයි බොහෝ දෙනකු නොදනිති. එමෙන්ම ගම්වාසීන් බොහෝ දෙනකුගේ අපුලට ඔහුගේ ක්‍රියාව ලක් විය. අවවාද උපදෙස් දුන්නද ඔහුගේ ක්‍රියාව නොනැවැත්විය. පව් පිං ගැන එතරම් විශ්වාසයක් ඔහු ළඟ නොවීය. කුමන ආගමික ධර්ම අවවාදය දේශනා තඹ සතයකට ගනන් නොගත් අදිරියන් සියල්ල දත් අයෙකු ලෙස ජීවත්වීමට උත්සාහ කළේය.


එහෙත් කළ කම් පලදීම වැලැක්විය නොහැකි බව පසක් කරමින් පොල් පටවා ගෙන නිවසට එද්දී තවත් පොල් පටවාගත් ලොරියකට කරත්තය ගොනා සමග අදිරියන් මාමාද යට විය. ගැලබැඳි ගොන් නාම්බාට හෝ ගැලට කිසිදු ආපදාවක් නොවූවත් කරත්තයේ බෝල්ලීය මත වාඩිවී ගොනා දැක්කවූ අදිරියන් මාමාගේ හිස ලොරියේ පසුපස රෝදයට යටවී මොළ කෑලි පාර පුරා විසිරී තිබුණ ආකාරය හෙළි කළේ කළ කම් පළ දීමක් ලෙසය. අනතුර සිදු වූ ස්ථානයට ළඟාවී සිටි කපුටන් මොළයේ කැබලි රැගෙන පියෑඹු ආකාරය ලොව දහම කියා පාන්නක් විය.

 


මොරටුව එස්.සී. ජයවර්ධන මහතා ලියා එවූ කතාවකි.


වඳුරාට එල්ල කළ වෙඩිල්ල ගැස්සී වෙඩික්කරු පාතාලයේ ගල් වලේ දොයි


සිරිසේන වයස අවු. 30ක් පමණ වූ පුද්ගලයෙකි. හරිහැටි අධ්‍යාපනයක් නොලද ඔහු මත්පැනට, සූදුවට, හොරකමට හා දඩයම් කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකි.


මොහු ගමේ රාලහාමි නමැති රජයේ රැකියාවක් කරන යමක් කමක් ඇති දඩමස්වලට කැමති පුද්ගලයකු සමග සබඳකම් පවත්වයි. රාලහාමිට තුවක්කුවක් ඇත. සිරිසේනට දඩයම් කිරීමට හොඳ හැකියාවක් ඇත. රාලහාමි දඩමස්වලට ඇති ගිජුකම නිසා සිරිසේන සමග සබඳකම් පවත්වති. රාලහාමි, සිරිසේන සමග දඩයමේ යන විට ඔවුන්ට හවුල්කරුවන් කීප දෙනෙක් ද ඇත.


මධ්‍යම පළාතේ මායිම් වන රජයේ අක්කර සිය ගණනක් ඇති මහ කැලෑව මොවුන් පදිංචිවී සිටින ගමට හැතැක්ම පහක් පමණ ඈතින් පිහිටා ඇත. මොවුන් දඩයමට යොදා ගන්නේ මේ මහ කැලෑවය. ගෝන්නු, මුවන්, මීමින්නන්, වඳුරන් ආදි සතුන් ගහනය. මොවුන් මේ කැලෑවට මසකට දෙසරයක් තුන් සැරයක් ගොස් දඩයම් කරති. මේ කැලෑව කඳුහෙල්, පර්වත, ජලාශ වලින් යුක්තය. රාලහාමිට නිවාඩු දිනවල දඩයමට මේ අය සූදානම්ය. රාලහාමිගේ තුවක්කුව නිතරම වාගේ පාවිච්චි කරන්නේ මේ සිරිසේනය. රාලහාමි නොමැති දිනවලදී සිරිසේන දඩයම්කර මස් කොටස රාලහාමිට ගෙනත් දේ.


දවසක් සිරිසේන තනියම මේ කැලෑවට දඩයමට ගොස් ඇත.  මේ ගැන නොදත් රාලහාමි සහ ගෝල බාලයෝ සිරිසේන දින කීපයකින් නොදැක්ක නිසා ඔහු ගැන විපරම් කරන්නට විය. සිරිසේන සොරකම්වලට ද කප් ගසා ඇති නිසා තුවක්කුව සොරකම් කරන්නට ඇතැයි සිතා රාලහාමි ද කේන්තියෙන් පාරම් බාන්නට විය. දෙතුන් දවසකට පසු සිරිසේන දඩයමේ යාම සඳහා ඉහත කී කැලයට ගිය බව එය දැකපු ගැමියෙකුගෙන් දැනගන්නට ලැබිණි.


මේ ඔත්තුවෙන් පසු කලබල වූ රාලහාමි ඇතුළු පිරිස කැලය පීරා සිරිසේන සොයන්නට විය. කැලයේ ඇතුළට යන විට කුණුගඳක් හමන්නට විය. ඒ ඔස්සේ යන විට වඳුරෙකුගේ මළකුණක් ගසක අත්තක රැඳී තිබෙනු කට්ටියට දිස් විය. ඒ සමගම තිබුණේ ගල් වලින් ගහන ප්‍රපාතයකි. ප්‍රපාතයේ පහල බැලූ අයට දැගන්නට ලැබුණේ සිරිසේනගේ කුණුවී ගිය මළ සිරුරයි. මොහු මේ වඳුරාට වෙඩිතියන්නට පසුපසට ගොස් කුරුමානම් ඇල්ලීමේදී පය ලිස්සා ප්‍රපාතයට වැටී ඇති බව කාගේත් අදහස  විය. නීති කටයුතු වලින් පසු එහිම මිනිය වළ දැමිණ. කැලයේ සතුන් මැරූ පුද්ගලයා ඒ කැලයේම මිහිදන් විය. කළකම් පල දුනි.

 


පන්නල සෙක්කුවත්ත ජේ.එම්. තිලකරත්න මහතා ලියා එවූ කතාවකි.


ඉත්තෑවකු මරාගෙන කෑමට සූදානම් කිරීමේ විපාකය


මෙම ගම් ප්‍රදේශයේ අතුරු ගම් කීපයකි. මෙහි පිහිටි සමහර වතුවල උස්බිම්වල ඉත්තෑවන් බෙන වල ජීවත් වෙති. ඉත්තෑ මසට ලොල් වූ සමහර මිනිසුන් මේ සතුන් මරාගෙන කෑමට ප්‍රිය කරති.


මෙම පුද්ගලයා සෝමදාස යයි හඳුන්වමු. දඩයම් කර කුමන හෝ සතෙකු මරාගෙන සුපුරුදු තිප්පොලට ගොස් මත්පැන් පානය කරමින් දඩයම් කරගත් සතා පිහාගෙන බුක්ති විඳීම මොහුගේ දින චරියාවයි. 


දැනට මාස කීපයකට පෙර බෙනයකට රිංගන ඉත්තෑවකු මොහුට දකින්නට ලැබී ඇත. වහාම ගොස් දිග කැත්තක් ගෙනවිත් බෙනය තුළට කැති තලය දමා බොහෝ මහන්සිවී ඉත්තෑවා මරා කෑලි කෑලි බෙනයෙන් එළියට ගෙන මස් කෑලි ටික ගෙදර ගෙන ගොස් බිරිඳට එය ඉක්මනින් පිසීමට කියා සුපුරුදු තිප්පොලට පාපැදියෙන් ගොස් ඇත. මෙම අවස්ථාවේ පාරේ ගිය මෝටර් රථයක ගැටී විසි වූ සෝමදාසට යාමට සිදුවූයේ රෝහලටය. සති ගණනක් ප්‍රතිකාර ගත් ඔහුට තම බිරිඳ ද අහිමි විය. ඇය ඔහු හැර ගොස්ය. කැඩුණු කකුල් නිසා හැරමිටියෙන් යාන්තම් ඇවිද දැනට ගෙවල් ගානේ ගොස් සිඟා කමින් ජීවත් වෙයි. 


දන්නා අය කියා සිටිනුයේ සතුන්ගේ අත් පා කඩා බිඳ කරන ලද පාප කර්ම පලදී ඇති බවය.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් එවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

m7



අදහස් (0)

තමන්ට පඩිසන් දුන් අනුන්ට කළ විපාක

ඊෂාන් Tuesday, 22 March 2016 01:48 PM

සත්තු, මිනිස්සු කියන්නේ එකම ජීවීන් කොටසක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site