X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


තමාගේ දරුවා කරගන්න අනුන්ගේ දරුවකු පැහැර ගෙන ගිය ශාන්තිනී

  17-Page-01-Nim-3

 

දරුවන් පැහැර ගැනීම, දරුවන් කෙළෙසීම සේම දරුවන්ට විවිධ හිරිහැර කිරීම් රටපුරා විවිධ ස්ථානවලින් දිනපතා වාර්ථාවෙයි. නමුත් අනුන්ගේ දරුවකු පැහැර ගෙන ගොස් තම දරුවා බවට විදේශ රුකියාවක සේවයට ගොස් පැමිණි ඉන්දියානු ජාතික සැමියා රැවටීමට උත්සාහ කළ ශාන්තිනීගේ කථාව වෙනස් ආකාරයක කථාවකි. 


 ගෙවී ගිය සිකුරාදා පුත්තලම නගරය කඩි ගුලක් ඇවිස්සී ගිය ආකාරයට ඇවිලී ගියේ සිව් හැවිරිදි දරුවකු පැහැර ගැනීමක් පිළිබඳව කන වැකීමත් සමගය. දහවල් 11ට පමණ පුත්තලම නගරයේ වාන මාර්ගයේ පදිංචිව සිටි සිව් හැවිරිදි මොහොම්මදු පාහින් තම මව විසින් ගම්මිරිස් රැගෙන ඒමට ආසන්නයේ පිහිටි වෙළෙද සළට යවනු ලැබ තිබියදී කාන්තාවක් එම දරුවා වංචනික ලෙස රවටා පැහැරගෙන යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබිණි.  


පැහැරගෙන යාමත් සමග ඥාතීන් හා අසල්වාසීන් දරුවා සොයා යද්දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායම් හයකට ආසන්න ප්‍රමාණයක් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.


 මෙහිදී පළමුව සිද්ධියට සැක කරන යාචක කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබිණි. ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් හෝඩුවා කීපයක් ඔස්සේ දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කර තිබිණි. ඉන් පසුව දරුවා පැහැර ගත්තා යැයි සැක කරන කාන්තාව හා තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු වුවද පැහැදිලි තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. නමුත් පොලිස් නිලධාරීන් තම රාජකාරිය අවසන් නොකර දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කිරීම පැසසිය යුතුය. ඒ සඳහා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.බී. රත්නායක මහතා පුත්තලම සහකාර පොලිස් අධිකාරි එස්.බී.එස්.පී. සන්දනායක මහතාට මෙම මෙහෙයුම සිදුකරන ආකාරය දැනුම් දීමෙන් පසු පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා සමඟ පොලිස් පරීක්ෂකවරුන් වන චමින්ද පිංතු, මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු 20 වැඩි කණ්ඩායමක් යොදවා තිබිණි. ඒ සමඟම පුත්තලම පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.සී. බෝදරගම මහතා ඇතුළු නිලධාරීන් ද හෝඩුවා සොයා විශේෂ පරීක්ෂණ කටයුතුවලට එක්ව තිබිණි.

 

17-Page-01-Nim-2

 


 දරුවා පිළිබඳව සවස් වන තුරුම නිවැරැදි තොරතුරු නොලැබීමෙන් බරපතළ ප්‍රශ්න රුසකට මුහුණදී තිබිණි. ඒ නිසාම දරුවා පදිංචිව සිටි නිවස අවට විශාල ජනතාවක් රැස්වී තිබිණි. දරුවාගේ ඥාතීන්ද නිවසට පැමිණ කම්පාවී සිටින අයුරු දැක ගත හැකිවිණි. 


සියල්ල එසේ වෙද්දී සවස 6.30 පමණ වන විට කිසිවකුත් නොසිතන දෙයක් සිදුවෙමින් පැවැතිණි. ඒ පැහැර ගැනීමට ලක්වු දරුවා තවත් පුද්ගලයකු සමග කුලී ත්‍රීරෝද රථයක නැගී දරුවාගේ නිවසට පැමිණියේ කිසිඳු දෙයක් නොවුණ ආකාරයටය. දරුවා දැකීමෙන් ඉවසා ගත නොහැකි සතුටට පත්වු දරුවාගේ මව හා පියා දරුවා තුරුල් කර ගෙන හඬා වැටෙන්නට වූහ. නමුත් දරුවා රැගෙන ආවේ කවුද? සිදු වුයේ කුමක්ද? ඒ පිළිබඳව මේ පිරිස එතරම් උනන්දුවක් දක්වා නොතිබිණි.


එයින් කුපිත වු නිවස වටා රැස්ව සිටි පිරිස දරුවා රැගෙන ආ පුද්ගලයා හා ත්‍රීරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට දන්වනවාත් සමඟ දරුවා රැගෙන ආ පුද්ගලයා පැන යාමට උත්සාහ ගෙන තිබිණි. නමුත් පුත්තලම පොලිසියේ නිලධාරීන් පැමිණ මෙම පුද්ගලයා හා ත්‍රීරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබිණි.


ඉන් පසුව දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි කර ගත හැකි වූ දේ අදහා ගත නොහැකි විය. අත්අඩංගුවට ගත් පිරිස අතර දරුවා පැහැර ගැනීමට ප්‍රධාන මෙහෙයුම ක්‍රියාත්මක කළ පළමු විත්තිකාරිය ලෙස මේ වන විට නම් කර ඇති ගනේෂන් දෙවමනෝහරි, දෙවන විත්තිකාරිය වන ගනේෂන් ශාන්තිනී හා තුන්වන විත්තිකරු වන ඉන්දීය ජාතික අලමුදින් හුලාන් ද පැහැර ගත් දරුවා කුලී ත්‍රීරෝද රථයක රැගෙන ඒම සම්බන්ධව එහි රියැදුරා හතරවන විත්තිකරු ලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

 

17-Page-01-Nim-1

 


 අත්අඩංගුවට ගත් පිරිස ප්‍රශ්න කිරීමේදී දෙවන විත්තිකාරිය ලෙස පොලිසිය නම් කර ඇති ගනේෂන් ශාන්තිනී කළ පාපොච්චාරණය බරපතළ සේම දුක්මුසු වූ කරුණු රැසක් එක්කර තිබිණි. එහිදී ඇය පවසා තිබුණේ මේ කරුණුය. 


-අපේ තාත්තාට ස්ථිර රැකියාවක් තිබුණේ නෑ. කුරුණෑගල - තෙළියගොන්න කියන ගමේ අපි හිටියේ. පුත්තලමට ඇවිත් කුලි ගෙවල්වල වතුවල තාත්තා වැඩ කළා. එහෙම ඉද්දී තමා මම සවුදියේ ගෘහ සේවිකාවක විදිහට රස්සාවට ගියේ. එහිදී ඉන්දියාවේ ඉඳලා ඇවිත් රියැදුරෙකු ලෙස රැකියාව කරපු හුලාන් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. අපි තීරණය කළා සවුදියේදීම විවාහ වෙන්න. නමුත් සවුදි නීතිවලට අනුව වෙනත් ජාතීන් සවුදියේදී විවාහ වෙනවා නම් ස්ලාම් ආගමට යන්න ඕනෑ. ඒ නිසා අපි ස්ලාම් ආගමට ගිහින් විවාහ වුණා. ඒ 2011 දී. නැවත අපි 2012 ලංකාවට ආවා. ඒ ජනවාරි මාසයේ ලංකාවේ ඉඳලා ආයේ පෙබරවාරි මාසයේ ඉන්දියාවට ගියා. එහිදී හුලාන්ගේ ඉල්ලීමට හින්දු චාරිත්‍රවලට අනුව විවාහ වුණා. එහෙ විවාහ වෙලා අපි දෙන්නාම නැවත ලංකාවට  ආවා. මාව ලංකාවේ දාලා හුලාන් සවුදියේ රැකියාවට ගියා. ඒ යද්දී මට දරුවෙකු ලැබෙන්න හිටියා. හුලාන් දරුවන්ට හරිම ආදරෙයි. යද්දිත් මට කියලා ගියා මගේ කුසේ ඉන්න දරුවාව හොඳින් බලා ගන්න මම දරුවා බලන්න එනවා කියලා. නමුත් එයා රට ගිහින් ටික කාලයකින් මගේ කුසේ හිටිය දරුවා මිය ගියා. මම හොඳටම බය වුණා දරුවෙක් නැති නිසා හුලාන් මට ආදරය නැති වෙයි කියලා. ඒ නිසාම මම දරුවා මියගිය කතාව කිව්වේ නෑ. හුලාන් නිතරම දරුවාගේ වියදම් මගේ වියදම් සියල්ලම එව්වා. දරුවා ගැන අහද්දී වෙනත් ළමයිගේ හඬ එයාට ඇහෙන්න සැලැස්සුවා. එයා සතුටු වුණා නමුත් සැප්තැම්බර් 6 වෙනිදා හුලාන් ලංකාවට එන බව කියද්දී මම බය වුණා. කියපු බොරු සේරම අහුවෙන නිසා අක්කා සමඟ ගොස් අවුරුදු හතරක විතර දරුවකු සෙව්වා. පරිවාසයට ගියා. ගම්මාන ගානේ ගොස් දරුවෙකු හදා ගන්න විවිධ බොරු කියලා ඉල්ලුවා ලැබුණේ නෑ.


 අවසානයේ අක්කා කිව්වා ඒ වයසට හරියන හරිම සුරතල් දරුවෙක් පුත්තලම කොප්පරා පල්ලිය ළඟ ඉන්නවා කියලා. අක්කා ඒ දරුවාට නිතරම ටොපි චොකලට් අරන් දීලා යාළු කර ගෙන තිබුණා. නමුත් හුලාන් ලංකාවට ඇවිත් ගෙදරටම ආවා ඇවිත් දරුවා ගැන අහද්දී අක්කලාගේ ගෙදර ඉන්න බව කිව්වා දවස් දෙකක් එහෙම කළා. තුන් වන දවසේයි දරුවා අරන් ආවේ. දරුවා මරන්නවත් වෙන දෙයකටවත් නෙවෙයි අරන් ආවේ. මේ දරුවා හුලාන්ගේ බව කියන්නයි අරන් ආවේ. 


 දරුවා එයාගේ නිවස ළඟ කඬේට යද්දී තමා අක්කා අරන් ගෙදර ආවේ. දරුවා හරිම සුරතල් නිසා මම හිතුවා හුලාන් දරුවා ගැන සැක කරන්නේ නැති වෙයි කියලා. ඒ වුණාට දරුවාගෙන් හුලාන් එක එක දෙවල් ඇසුවා. තාත්තාගේ නම අහද්දී මුස්ලිම් නමක් කියුවා. අම්මාගේ නම අහද්දීත් ඒ වාගේමයි. ආයේ තවත් විස්තර ගොඩාක් ඇහුවා. දරුවා එහෙම කියද්දී හුලාන්ට සැක හිතුණා. මට බය හිතුණා මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව ගියා. දරුවයි හුලානුයි ගෙදර දාලා මම අක්කා හිටිය පුත්තලම ගෙදරට ගියා. ඒ වෙද්දී දරුවාගේ ගේ ළඟ සෙනඟ ගොඩාක් හිටියා. පස්සේ දරුවා එයාගේ ගේ තියෙන තැන කියපුවාම හුලාන් ත්‍රීරෝද රථයක් කුලියට අරන් පුත්තලම දරුවාගේ ගෙදරට ඇවිත් තිබුණේ මේ කිසි දෙයක් දන්නෙ නැතිව. අපි දරුවාට කිසිම දෙයක් දුන්නෙ නැහැ” යැයි හඬමින් පාපොච්චාරණය කර තිබිණි.  


 කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙය බරපතළම සිද්ධියක් බව මොවුන් නොසිතීම තවත් ප්‍රශ්නයකි. මේ වනවිට දණ්ඩ නීති සංග්‍රහයේ 356 යටතේ පැහැර ගැනීම චෝදනාව හා තවත් චෝදනා රැසක් යටතේ පුත්තලම මූලස්ථාන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ. 14 දින පුත්තලම අධිකරණයට නැවත ඉදිරිපත් කිරීමේදී මෙම සිද්ධියේ පළමු විත්තිකාරිය හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී මෙම සිද්ධියේ පළමු සාක්ෂිකාරිය විසින් මෙම සැකකාරිය හඳුනා ගනු ලැබ තිබිණි. ඒ සමඟම ඉන්දියන් ජාතිකයා හා අනෙක් සැකකාරිය ඇතුළු තිදෙනා මෙම මස 28 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු බන්දුල ගුණරත්න මහතා විසින් නියෝග කෙරී තිබිණි.


 දරුවන් සිටින දරුවන් නොසිටින මව්පියන්ට දෙවරක් සිතන්නට යමක් ඉතිරි කර තිබේ. අනෙක් කරුණ නම් නීතිය පිළිබඳව නොසිතා බොරුවක් වැසීමට තවත් දෙයක් කිරීමට පෙරද දෙවරක් සිතිය යුතුව තිබේ. අද ශාන්තිනීට සිදු වූ දෙය හෙට දවසේ තවත් ශාන්තිනීලා රැසකට සිදු නොවීමට නම් යථාර්ථයට මුහුණ දීමට සිදුවෙයි.

m



අදහස් (0)

තමාගේ දරුවා කරගන්න අනුන්ගේ දරුවකු පැහැර ගෙන ගිය ශාන්තිනී

අනිල් Monday, 19 September 2016 08:19 AM

කොහොමටත් අනුවේදනීය කතාවක්....(හේ)

:       0       0

රූපවතී Wednesday, 21 September 2016 07:09 AM

බොරුව තමයි ලෝකෙම වනසන්නේ කියන දේ තාමත් මේ මිනිසුන්ට තේරුම් ගන්න බැරි හැටි? වැස්සකටවත් පාසලකට ගියා නම් ඉදිරිය ගැන සිතීමේ ශක්තිය ලැබෙනු ඇත. ඔබේ සහකරුවාට හෝ සහකාරියට ඇත්ත කීමට කවදාවත් පැකිළෙන්න එපා. විශ්වාසය තුළින් තමයි ජීවිතේ හැමදේම ශක්තිමත් වෙන්නේ. විශ්වාසයක් නැති තැන කිසිම දෙයක් ඔබ සතු නොවෙයි ..!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site