X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ත්‍රෛනිකායික යෝජනා ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවක්

ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා 2000කගේ පමණ සහභාගිත්වයෙන් ජුනි 08වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මහා සඟ සමුළුවේදී සම්මත කරගෙන රජයට ඉදිරිපත් කළ යෝජනා මාලාව දෙස දැන් රටේ අවධානය යොමුවී තිබෙන බව විවිධ පැතිවලින් කියැවෙන කතාවලින් අනාවරණය වෙයි.

ඒ යෝජනා සම්බන්ධයෙන් වැඩියෙන්ම අවධානය යොමු වී තිබෙන්නේ මෙරට මුස්ලිම් ආගමික නායකයන්ගේ වීම විශේෂත්වයකි. ඊට හේතු වී තිබෙන්නේ මුස්ලිම් අන්තවාදීන් අප්‍රේල් 21 වැනිදාට යෙදුනු පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගියේ මෙරට සිංහල හා දෙමළ ජනතාව සේම විදේශිකයන් වුවත් ඒ ප්‍රහාරවලින් පසුව වැඩිම හානියක් වී තිබෙන්නේ මුස්ලිම් සමාජයට වීමය.

මුස්ලිම් ආගමික නායකයන් සහ ජනතා නියෝජිතයන් කියන හැටියට ඔවුන් අද මුහුණ දී සිටින බරපතළ කාරණය වන්නේ සිංහල මුස්ලිම් සහජීවනය කඩා වැටීමය.

අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන්ගේ ජනසංහාරයෙන් පසු සිංහල අන්තවාදීන් මැයි 13 වැනිදා රටේ ප්‍රදේශ කීපයක දියත් කළ මුස්ලිම් ජනයාට එරෙහි ත්‍රස්තවාදය ද ඒ සහජීවනයට එල්ල කළේ බරපතළ තර්ජනයකි. අන්තවාදයට සහාය දුන් නොදුන් සියලු මුස්ලිම් ජනතා නියෝජිතයන් තමන් දැරූ තනතුරුවලින් ඉවත්වීමට ගත් තීරණයට බලපෑ ප්‍රබල සාධකයක් වූයේ ඒ මැයි 13 වැනිදා දියත් වූ ත්‍රස්තවාදයයි.

මේ පසුබිම මත අන්තවාදයටත් ත්‍රස්තවාදයටත් එරෙහි එසේම ඒ සියල්ල පිළිකෙව් කරන සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් දැන් යළි වෙහෙසෙන්නේ තිබූ සහජීවනය යළි ගොඩනගා ගැනීමටය. ඒ සඳහා මුස්ලිම් සමාජයෙන් ද විවිධ යෝජනා ඉදිරිපත් වී තිබේ. පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ආකාරයේ ඇඳුම් පැළඳුම් තහනම් කළ යුතු බවට දැන් මුස්ලිම් සමාජයෙන්ම යෝජනා වෙයි. එසේම ආගමික පදනමින් අමාත්‍යාංශ හා පාසල් ගොඩනැගීම හා පවත්වාගෙන යාමට ද දැන් දැන් උගත් මුසල්මානුවන්ගෙන් එල්ලවන්නේ ප්‍රබල විරෝධයකි.

එසේම විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් දැනට පවතින මුස්ලිම් නීති පිළිබඳව මුස්ලිම් සමාජ ක්‍රියාකාරිනියන්ගෙන් එල්ල වන්නේ ද බරපතළ විවේචනයකි. පවතින නීති නිසා මුස්ලිම් දැරියන්ට වයස අවුරුදු 18 දක්වා පාසල් අධ්‍යාපනය ලැබීමට ද නොහැකිව තිබෙන බව ඒ සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මුස්ලිම් කාන්තාවන්ට අවාසි සහගත අයුරින් භාවිත කෙරෙන බවය. ඉස්ලාම් දහම අදහන බොහෝ රටවල් ඒ නීති සම්බන්ධයෙන් ඉතාම ප්‍රගතිශීලී පියවර ගෙන තිබෙන බව අනාවරණය කරන ඔවුහු ඒ රටවල ඒ නීති ලෝකයේ නව ප්‍රවණතා සමඟ කාලෝචිත ආකාරයෙන් සංශෝධනය වී තිබෙන බවද පෙන්වා දෙති. පවතින නීති වෙනස් කරගැනීමට අවුරුදු 30ක් තිස්සේ සටන් කළත් මුස්ලිම් කතුන්ට ඒ සම්බන්ධයෙන් තවමත්  යුක්තිය ඉටු වී නොමැති බව ඒ මුස්ලිම් සමාජ ක්‍රියාකාරීහු පවසති.

ත්‍රෛනිකායික මහාසඟ සමුළුවේ යෝජනා දෙස අප බැලිය යුත්තේ ඒ පසුබිම මත සිටිමිනි. ඒ සඟ සමුළුවේ පළමුවැනි යෝජනාව වන්නේ “දැනට වෙන්වෙන් වශයෙන් පවතින ආගමික අමාත්‍යාංශ එක්කර ආගමික කටයුතු අමාත්‍යාංශය නමින් එක් අමාත්‍යාංශයක් පිහිටුවා එය එක් ලේකම්වරයකුගේ නියාමනයට ලක් කළ යුතු” බවය. එය බෙහෙවින් කාලීන යෝජනාවකි. බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ලෙස ආගම් අනුව අමාත්‍යාංශ පවත්වාගෙන යාම බෙදාවෙන් කොට පාලනය කිරීමකි.  ජාතීන් බෙදා වෙන්කර පාලනය කිරීමේ ඒ ක්‍රමය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරටෙහි පවත්වාගෙන ගියේ ජාතීන් අතර සමගිය ඇතිවීම වැළැක්වීමටය. ජාතීන් භේද භින්න වී සිටීම ඔවුන්ගේ පාලනයට පහසු හෙයිනි. ඒ බව තේරුම් ගත් මෙරට අතීත නායකයන් ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා පවත්වාගෙන ගියේ එක අමාත්‍යාංශයකි. රට යළිත් යා යුත්තේ ඒ ක්‍රමයටය.

“දැනට හදිසි නීති මගින් තහනමට ලක්ව ඇති පුද්ගල අනන්‍යතාව තහවුරු නොවන ඇඳුම් ස්ථිර නීතියකින් තහනම් කළ යුතු” බව ඒ සඟ සමුළුවේදී සම්මත කරගත් දෙවැනි යෝජනාවයි. එය ද මුස්ලිම් සමාජයෙන්ම දැන් මෙරටට පැමිණ තිබෙන යෝජනාවකි. “ජාති, ආගම් හෝ පළාත් අනුව පවතින විවිධ විවාහ නීති හා ඉඩම් නීති” අහෝසි කර එක් රටක් තුළ සියලු ජනවර්ගයන්ට පොදු එක් නීතියක් සම්මත කළ යුතු බව ඒ සඟ සමුළුවේ තෙවැනි යෝජනාවයි. ඒ සම්බන්ධයෙන් ද දැන් රටේ පවතින්නේ පුළුල් ඉල්ලීමකි. ඒ ඉල්ලීම ඉටු කිරීම ජාතික, ආගමික හා ප්‍රාදේශීය වශයෙන් තිබෙන විවිධ භේද බින්නතා අකාමකා දැකීමක් ද වන්නේය. ඒ සඟ සමුළුවේ හතරවැනි යෝජනාව වන්නේ “දැනට මතබේදයට තුඩු දී තිබෙන මද්‍රසා පාසල් ජන අනුපාතයට සාපේක්ෂව සීමා කළ යුතු අතර ඒ පාසල් ද අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන නියාමනයට ලක් කළ යුතු” බවය. මද්‍රසා පාසල් සම්බන්ධයෙන් ද මුස්ලිම් සමාජයෙන්ම එල්ල වී තිබෙන්නේ බරපතළ විවේචනයකි.

ඒ මහා සඟ සමුළුවේදී සම්මත කරගෙන තිබෙන යෝජනා ගණන 12කි. ඒ සියල්ල 2019 ජුනි 13 වැනිදා ලංකාදීපයේ 21 වැනි පිටුව පුරා දැන්වීමක් ලෙස පළවිය. ඒ පිළිබඳ අවධානය යොමුකර ඒ යෝජනා නීති මගින් බලගන්වා ගැනීමට කටයුතු කිරීම සිවිල් සමාජයේ වගකීමකි. ඒ සියල්ල කළ යුත්තේ අදාළ පාර්ශ්ව සියල්ල සමඟ සාකච්ඡා කර සම්මතයකට එළඹීමෙන් අනතුරුවය. මක්නිසාද යත් නියම ලිච්ඡවී පිළිවෙත එයම වන බැවිනි.

 



අදහස් (0)

ත්‍රෛනිකායික යෝජනා ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site