X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


තෙවැනි ඇස අවදි කර ගැනීම

මනුෂ්‍ය ලොව ඇති ඇතැම් දේ මිනිසුන්ට ඉතා පහසුවෙන් දකින්නටත් අවබෝධ කරගැනීමටත් හැකි වෙයි. එනමුත් අපට නොපෙනෙන නොදැනෙන බොහෝ දේ ද අප අවට පරිසරයේ ඇත. උදාහරණයක් ලෙස විදුලිය අපට ඇසට නොපෙනෙයි. එහෙත් සිරුරට ස්පර්ශ වූ විට එය අපට දැනේ. සෑම මිනිසකුගේම සිතේ සිතුවිලි ඇතිවේ. සිතීමේ ශක්තිය මිනිසුන් සතු වූවකි. සාමාන්‍ය මිනිසුන්ට අන් අයගේ සිතුවිලි නොදැනේ, නොපෙනේ. එනමුත් සියල්ලෝම සිතති. එමෙන්ම ඇසට නොපෙනෙන ද්‍රව්‍ය ලොව පවතී. ඇසට හසුනොවන ජීවීහු ලොව ජීවත් වෙති.

ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි

භෞතිකවාදීව සිතන පිරිස ඇසට නොපෙනෙන නොදකින දේ ප‍්‍රතික්ෂේප කළත් ඇසට නොපෙනෙන හසුනොවන ද්‍රව්‍යාත්මක දේ සහ ජීවීන් මේ ලොව ජීවත්වන බව සත්‍යයක් ලෙස පිළිගන්නට සාධක සහ සාක්‍ෂි බොහොමයක් පවතී.

ඇස ඉක්මවා දැකීමේ හැකියාව මිනිසා සතු වුවත් ඒ ශක්තිය සියලූ මිනිසුන්ට ලෙහෙසියෙන් ලබාගත නොහැකි ශක්තියකි. එහෙත් මිනිස් ශරීරය වටා මෙන්ම ගහකොළ වටාද පවතින රශ්මිය ඉතා සියුම් කැමරා ඇසට හසුවේ. අප විශ්වාස කරන්නේ අපේ පියවි ඇසට පෙනෙන දෙය පමණක් නම්, අපි අපට පෙනෙන සීමාවෙන් ඔබ්බට දකින්නට නොවෙහෙසෙන්නෝ වෙමු.

ඇත්තටම මේ ලෝකය කියන්නේ අපට පෙනෙන අප අහන දකින ලෝකය විතරක් නෙවෙයි. අපට නොපෙනෙන තව හුඟාක් සියුම් දේ මේ ලෝකයේ තියෙනවා.

මේ විශ්වයේ සවිඥානික දේ වගේම අවිඥානික දේත් පවතිනවා. මේ විශ්වයේ පැවැත්ම තීරණය වන්නේ ඒ සියලූ අවිඥානික හා සවිඥානික දේ මතයි.
සාමාන්‍ය සවිඥානික බව කියන්නේ අවධි බවයි. එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගෙන යාමේදී අප තුළ පවතින අවධි බවයි. වඩා අවධි බව, සිහි ඇති බව භාවනා වඩන අය කෙරෙහි පවතිනවා. ඒ යෝගාවචරයන් අතර මැනවින් පවතින පිරිසුදු සිහියක් පවතිනවා. භාවනාවේ උපරිමය කරා යද්දී සියයට සියයක්ම සිහිය ඇතිවෙනවා. කරන කියන සියලූ දේ කරන්නේ ප‍්‍රකෘති සිහියකින්. ඒ සිහියේ මැනවින් පිහිටි සිත පුද්ගලයාගේ සාර්ථකත්වය පිණිස හේතු වෙනවා.
ඇස ඉක්මවා යමකුට දකින්නට හැකි වීම, කන ඉක්මවා කෙනකුට අසන්නට ලැබීම ආදී අතින්ද්‍රීය ක‍්‍රියා ලෙස ලෝකය හඳුනාගෙන ඇති බොහෝ දේ සවිඥානික බවේ ඉහළම ප‍්‍රතිලාභ ලෙස හඳුන්වන්නට පුළුවන්.

මිනිසාට සහ දෙවියන්ට ඇතැයි කියන දිව්‍ය කන, දිව්‍ය ඇස මිනිසාට ලබාගත හැකියි. ඒ දිව්‍ය කන, දිව්‍ය ඇස උත්සාහයෙන් යුතුව භාවනා කර ලබාගත යුතු දෙයක්.

දිව්‍ය ඇස පින නිසා  ඕපපාතිකව උප්පත්තිය ලබන දෙවියන්ට ඉබේම ලැබෙන දෙයක්. මිනිසාට ද මෙලොව ඉපදෙන විට දිව්‍ය ඇස උත්පත්තිය සමඟම ලැබෙනවා. එහෙත් එය බොහෝම උත්සාහ කර වැසුම් ඉවත් කර පාදාගත යුතු දෙයක්. අධිෂ්ඨානයෙන් උත්සාහයෙන් කැපවීමෙන් භාවනාව දියුණු කිරීම ඔස්සේ ඒ දිව්‍ය ඇස පාදාගත යුතුයි. මිනිස් ඇසින් දැකිය නොහැකි බොහෝ දේ මිනිසුන්ට දිව ඇසින් නොඑසේ නම් තෙවැනි ඇසින් දකින්නට හැකියි. මනුස්ස ලෝකෙත් මේ උත්කෘෂ්ට හැකියාව සහිත මිනිස්සු ඉන්නවා. මේ හැකියාව සහිත සෘෂිවරුන් බොහෝ දෙනෙක් පසුගිය ශතවර්ෂවලදී මේ ලොව ජීවත් වුණා. ඔවුන්ගේ අධ්‍යාත්මික විෂය පථයට අයත් අධිමානසික හැකියාවන්ගෙන් එකක් තමයි දිව්‍ය ඇස හෙවත් තෙවැනි ඇස අවධි කරවා ගැනීම.

දෙවියන්ට මෙන් ඇසීමේ, දැකීමේ හැකියාව තෙවැනි ඇස අවධි කරවාගත් පුද්ගලයාටද ලැබෙනවා. ශ්‍රී රාම මහේෂ් සෘෂිතුමා වරක් ගංඟා නම් නදී තීරයේදී පූරාණානන්ද් නම් සෘෂිතුමා අතින් මේ මහා අතින්ද්‍රිය ඥානය ලැබුවා. ඒ කාලයේ ශ්‍රී රාම මහේෂ් තුමා තරුණ යෝගියෙක්. එම අවස්ථාවේදී සිරුර පුරා ඇති සෑම නාඩි මධ්‍යස්ථානයක්ම අවධි වී, චක‍්‍ර හතම අවධි වී කුණ්ඩලීනී ශක්තිය අවධි වී තෙවැනි ඇස අවධි වී සමාධියකට ශ්‍රී රාම මහේෂ් යෝගි තුමා ඇතුළු වුණා.

එතුමාගේ ගුරු දේවයන්ගේ ස්පර්ශයෙන් සියලූ නාඩි අවධි වී කුණ්ඩලීනී ශක්තිය අවධිව ඒ මොහොතේම යා යුතු සමාධියකට එතුමා පත්වුණා. පැය නවයක් පුරා සමාධියෙන් පසුවූ ශ්‍රී රාම යෝගිතුමා අවධි වී බලද්දී ගුරු දේවයන් නික්ම ගොස් සිටියා. පස්වැනි දිව්‍ය ලෝකයක් තිබුණා නම් මා එහි සිටි බව මට දැනුණා කියලා ශ්‍රී රාම යෝගි තුමා ප‍්‍රකාශ කරලා තිබුණා.

තෙවැනි ඇස අවධි වීමේදී දෙවියන්ට සමාන බලයක් ශක්තියක් ලැබෙනවා. මිනිස් සිරුරේ ඇති ප‍්‍රධාන චක‍්‍ර මධ්‍යස්ථාන හතක් පිළිබඳව අප මීට පෙර පරිච්ෙඡ්දයකදී කතා කළා. දෙබැම මැද පිහිටා ඇති තෙවැනි ඇස ක‍්‍රියාත්මක කළ යුතු මළ ස්වභාවයක පවතිනවා. භාවනාකොට, ආසන හා ප‍්‍රාණයාම ප‍්‍රගුණ කර එහි අවසන් ප‍්‍රතිඵලය ලෙස තෙවැනි ඇස අවධි වීම සිදුවෙනවා. තෙවැනි ඇස පටල හතකින් වැසී තිබෙනවා. පටල හත ඉවත් වී ඒවා ඇසුරේ සිදුරක් ඇතිවී සුවිශාල වූ ආලෝක ධාරාවක් හිස මධ්‍යයේ සිට දෙබැම මැදින් ඉදිරිපසට ආලෝකයක් ගමන් කරයි. එම ආලෝක ධාරාව දස දිශාවට පැතිරෙමින් සිරුර හා බාහිර ලෝකයේ ඇති නොපෙනෙන පෙනෙන හැමදේම ගැන පෙනෙනවා.

මහා කඳු වැටි හරහා ආලෝකය ගලා යමින් හාත්පස දර්ශනය වී ඇසට නොපෙනෙන සියලූ දේ පේන්න ගන්නවා. සියල්ල විනිවිද දැකීමේ හැකියාවක් ලැබෙනවා. අන් අයගේ හැඟීම් සිතුවිලි තමන්ට දැනෙන්නට පටන් ගන්නවා. පෙර විසූ කඳත්, අතීතය, වර්තමානය, අනාගතය තම ඥානයෙන්ම දකින්න හැකියාව ලැබෙනවා. දිවැසිවරු, යෝගිවරු, සෘෂිවරු මේ ශක්තිය ලබාගත්තා.

තෙවැනි ඇස අවධි කර ගැනීම හා එයින් ලද හැකි ඵල ප‍්‍රයෝජන පිළිබඳව අර්ජුන වික‍්‍රමාරච්චි මහතා කළ විචාරයයි මේ. යෝග ශාස්ත‍්‍රයේ තවත් පියවරක් සමඟින් එළඹෙන සතියේදී හමුවෙමු.

 

 

සටහන සංජීවිකා සමරතුංග

 

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02

හිමාලයේ යෝගීන් ඇසුරේ - 03

හිමාලයේ යෝගීන් ඇසුරේ - 04

හිමාලයේ යෝගීන් ඇසුරේ - 05

හිමාලයේ යෝගීන් ඇසුරේ - 06

හිමාලයේ යෝගීන් ඇසුරේ - 07

හිමාලයේ යෝගීන් ඇසුරේ - 08

 



අදහස් (0)

තෙවැනි ඇස අවදි කර ගැනීම

සමිත Monday, 12 May 2014 02:02 PM

ඉතාම වැදගත් ලිපියක්. බොහෝම ස්තූතියි. (ස)

:       0       0

චරිත කෞශල්‍ය Sunday, 24 August 2014 08:25 AM

ඉතාම වැදගත් ලිපියක් (දිල්)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site