ඇල්පිටිය එන්. සී. කාරියවසම් මහතා ලියා එවූ කතාවක් මෙසේය.
මෙය දකුණු පළාතට නුදුරු ගමක සිදුවූ සත්‍ය සිදුවීමක්. හෙතෙම ග්‍රාම නිලධාරි වරයෙකි. අල්ලසට පගාවට හුරුවූ ඔහු නපුරු ගතිගුණ ඇති පුද්ගලයෙකි. ඔහු සතුව බලපත්‍ර තුවක්කුවක් මෙන්ම කොටන තුවක්කුවක්ද විය. බලපත්‍ර තුවක්කුව 88/89 භීෂණ සමයේ රජයෙන් ඔහුට ලැබුණු තුවක්කුවකි. දඩයමට දැඩිලෙස ලොල් වී සිටි මෙම ග්‍රාම නිලධාරියා තමන් සතු තුවක්කු දෙකෙන් ඌරන්, ඉත්තෑවුන් වැනි සතුන් මරයි. ඇතැම් දිනවල ඌරුමස් විකුණයි. ඔහු විසින් බඳින තුවක්කුවලට හසුවී ඌරන්, ඉත්තෑවුන් පමණක් නොව ඇතැම් විට බල්ලන්, බළලුන් වැනි සතුන්ද මියයති. මේ නිසා ඔහුට “දඩයම් රාළහාමි” යන නම පට බැඳුණි.
දිනක් මේ දඩයම් රාළහාමි ඌරකු දඩයම් කර බිරිය ලවා එය ලිපතබා නිවස පිටුපස තිබූ මුරුංගා ගසේ එතී තිබූ වැටකොලු වැලෙන් වැටකොලු කැඩීමට මුරුංගා ගසට නැංගේය. මුරුංගා ගසේ උඩටම ගිය දඩයම් රාළහාමි එක්වරම මුරුංගා අත්ත කඩා වැටී බිමට පතිතවිය. බිමට වැටෙන අවස්ථාවේ ඒ අසල තිබූ වැසිකිළියේ කොන්ක්‍රීට් වහලය මත ඔහුගේ හිස වැරෙන් පතිත විය. ඒ සමගම බිම තිබූ කළුගලක් මත යළි හිස පතිත විය. ඔහුගේ හිස දෙපළුවී ලේ ගංගාවක් ගලන්නට විය. රෝහල් ගතකරන අතර වාරයේදී ඔහු මිය ගියේය. දඩයම් රාළහාමිට සතුන් මැරූ විපාකය මේ ආත්මයේදීම පළදුන්නේ ඒ අයුරිනි.
ඇල්පිටිය, ධනංජන් ජයසේන ලියා එවූ කතාවක් මෙසේය.
මෙම සිදුවීම මීට වසර කිහිපයකට පෙර සිදුවූවකි.
දකුණේ නගරයකට නුදුරු ග්‍රාමයක “අබරන්” නමින් හැඳින්වෙන පුද්ගලයකු පදිංචිව සිටියේය. සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුගෙන් යුක්ත පවුලක සාමාජිකයෙකු වූ ඔහු විවාහකයකු වූවද බිරිඳ මිය යාම නිසා තනිකඩව කාලය ගත කළේය. ඔහුගේ සහෝදරයන් කිහිපදෙනා විවාහවී වෙනම පදිංචිව සිටි අතර එක් සහෝදරියක් ඇයගේ සැමියා වූ සේතන් සමග මහගෙදර පදිංචි වූවාය. අබරන් ද ඔවුන් දෙදෙනා සමග එක වහලක් යට ජීවත්වූවත් අබරන් තමන් සමග එකට ජීවත්වනවාට ඔහුගේ සොහොයුරිය හෝ සේතන් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. කල්යත්ම නොහොඳ නෝක්කාඩු හිත් අමනාපකම් බවට පෙරළුනු එම අකමැත්ත ටික දිනක් යනවිට අබරන්ගේ සොහොයුරිය හා ඇගේ සැමියා වූ සේතන් එක්ව අබරන්ට පහර දෙන තත්ත්වය දක්වා උග්‍ර විය.
වරෙක සේතන්ගෙන් ගුටි කෑ අබරන්ගේ කන් අඩි පුපුරා යාම නිසා කන්දෙකම නොඇසෙන තත්ත්වයට පත්වූ අතර ඔලුව පැලී බෙහෙත් දැමූ වාර අනන්තය. ඉතාමත් පාපකාරියෙකු වූ සේතන් අබරන්ගේ ඔලුවේ තුවාලවලට බෙහෙත් දමා තිබිය දී වුව ඔහුගේ ඔලුවට යළි යළිත් පහර දුන්නේය. මේ අයුරින් අබරන්ගේ හිසට කෲර ලෙස පහර එල්ලවීම නිසා ඔහු මානසික රෝගියෙකු බවට පත් වූවද ඒ මානසික රෝගියාගේ හිසටත් පහරදීමට තරම් අබරන්ගේ සොයුරියගේ සැමියා වූ සේතන් අකාරුණික වූයේය.
මෙසේ අධික ලෙස හිසට පහර එල්ලවීම හේතුවෙන් අබරන් දුක් විඳ මිය ගිය අතර ඔහුගේ නැගණිය හා සේතන් මළ සිරුරට කිසිදු ගෞරවයක් නොදක්වා බල්ලෙකු බළලෙකු මෙන් අබරන්ගේ භූමාදන කටයුතු සිදු කළහ.
දශක කිහිපයක් ගතවුණි. අබරන්ගේ සොහොයුරියට දරුවන් ලැබීමට හෝ වාසනාවක් නොවූ අතර සේතන්ද රා බොමින්, මාළු අල්ලාගෙන කමින් පාපකාරී ජීවිතයක් ගත කළේය. ඒ අතරේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ඔවුන් කළ පාපකර්මය ඔවුනට පෙරළා විපාකදීම ආරම්භ කළේය. සේතන් අමතර ආදායමක් ලැබීමේ අටියෙන් හරක් කිහිපදෙනෙක් ඇති කළ අතර ගවයන් අහළ පහළ උදවියගේ වතුපිටිවලට වැදී වගා පාළු කිරීම නිසාවෙන් ගමේ කිහිප දෙනෙක්ම පසු වූයේ සේතන් සමග ඇතිකරගත් වෛරයකිනි. එක් දිනක් කට ගොන්නක් බී නිවසට පැමිණෙමින් සිටි සේතන්ට අතර මගදී හරකුන් වගා පාළු කිරීම සම්බන්ධයෙන් තමා සමග නිතර පැටලෙන අයෙකු මූණටම මුලිච්චි වූයෙන් ඔහුගේ කෝපය ඇවිස්සුණේය. දෙදෙනා මහ මගම බහින් බස් වූ අතර බැණ අඬ ගැසීම දුරදිග යාම හේතුවෙන් සේතන් සමග වාදයට පැටලුණු අනෙක් තැනැත්තා වහා අසල වැටකට හිටවූ ඉන්නක් ගලවාගෙන දිගට හරහට සේතන්ගේ හිසට පහර පිට පහර එල්ල කළේය.
හිසට එල්ලවන පොලු පහර වැළැක්වීමට සේතන් කෙතරම් යත්න දැරුවද ඒ සියල්ල ව්‍යර්ථ කරමින් ඔහුගේ හිස කිහිප අතකට පැලී ගියේය. සේතන්ගේ බිරියගේ විලාපය හමුවේ ගම්මුන් එකතුව ඔහුව රෝහල වෙත රැගෙන ගියද මහ මගදීම අවසන් හුස්ම හෙළීමට තරම් සේතන් අවාසනාවන්ත වූයේ මීට දශක කිහිපයකට පෙර අබරන්ගේ හිසට පහරදී මරණයට පත් කිරීමේ පාපයට මෙලොව වශයෙන්ම විපාක දෙමිනි.
ගොඩගම දේශාන් තරුෂික ගමගේ ලියා එවූ කතාවක් මෙසේය.
රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ එක්තරා නිලධාරියෙකු සිටියේය. සිය දක්ෂතා නිසාම රජයේ ඉහළ තනතුරකට ගියද ඔහු ලත් වැටුපට සරිලන සේවයක් රජයට ලබා නොදුණි. තනතුරට අයත් පහසුකම් තම පුද්ගලික දේපළ ලෙස සිතීය. යම් යම් ව්‍යාපෘති සඳහා යැයි කියා නීත්‍යානුකූලව මුදල් වෙන්කර එම මුදල් තම පුද්ගලික පරිහරණය සඳහා භාවිත කළේය. රාජ්‍ය වාහන නිවසේ පරිහරණය සඳහා යොදා ගනු ලැබීය.
අහිංසක මිනිසුන්ට කළ අසාධාරණකම්, කියූ වචන මැවි මැවී මද කලකින් ඔහුට පෙනෙන්නට, ඇසෙන්නට විය. යකුන්, භූතයන් අවි ආයුධ දරාගෙන තමා හාත්පස සිටින බව පවසයි. ඇඳෙන් නැගිට දුවන්නට යයි. එහෙත් අත් පා පණ නැතිව බිම වැටී වේදනා විඳී.
දරුවන්ද පියාගෙන් ඈත් වූ අතර නිවසේ මෙහෙකරුද නිවසින් ගියේය. මහ රෑ කෑමොර දුන්නද අසලට පැමිණෙන්ට අයෙකු නොවීය. අවසානයේ බොහො දුක් විඳි හෙතෙම මරණයට ලක්වූයේ කළකම් මෙලොවදීම විපාක දෙමිනි.
මෙබදු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දඩයම් රාළහාමිට කළකම් පළදුන් හැටි
ගුණවර්ධන Monday, 02 May 2016 04:31 PM
මේවා දිගටම කියවන්න හිතෙනවා. මගේ ඇස් දෙකෙනුත් මේවා දැක තිබෙනවා. ලංකාදීපයට තුති! (නි)
ප්‍රියංකර Wednesday, 04 May 2016 08:35 AM
හොදම ආදර්ශමත් කතා ටිකක්.(හේ)