X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


දහ අට සන්නිය

මහා කෝළ සන්නි යකාගේ පිරිවර අවතාර දහ අටකි. ඒ අවතාර දහ අට සන්නිය ලෙස හැඳින්වේ. සන්නි යනු රෝග විශේෂයකි. දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයේ දැක්වෙන මූලික සන්නි රෝග රගපෑමෙන් මූර්තිමත් කිරීම සඳහා සන්නි යක්ෂයින්ගේ අවතාර යොදාගෙන ඇත. මේ සන්නි යකුන්ට එක් එක් සන්නි රෝගයේ දැක්වෙන රෝග ලක්ෂණ ආරෝපණය කැර තිබේ. කාලයක් පුරා නොයෙක් ඇදුරු පරපුරු වලින් දහ අට සන්නි යකුන් පවත්වාගෙන ඒමේදී ඒවායේ විවිධ වෙනස් කම් සිදුව ඇත. විවිධ ගුරු කුළ හා ප‍්‍රාදේශීය වශයෙන් නිරමාණය වූ දහ අට සන්නි එකිනෙක වෙනස් කම් වලින් යුක්ත වේ. පළාතෙන් පළාතට මේවායේ භාවිත නම් වල සුළු වෙනස් කම් දක්නට ඇත. එමෙන්ම එකම සන්නියට විවිධ නම් ලැබී තිබේ. ගිනි ජල් නමින් එන සන්නිය හා අග්නි සන්නිය යනු එකම සන්නියකි. එහෙත් ඇතැම් පළාත් වල මෙම නම් දෙකෙන් සන්නි නටනු දැක්නට ලැබේ. සන්නි යක්ෂයින් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදා ගත් අයුරු සන්නි උපතේදී දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

මළ කඳ ඇතුලෙන් ඉපදුන කුමරෙකි
උණද සෙලෙස්මා වෙන් එක ගොල්ලකි
වායු, පිතෙන් එහි හට ගත් සෙනගකි
අතුරු නහරයෙන් හටගත් සෙනගක
 
ඉසේ ලෙඩට පස් දෙනෙක් සද ගති
කඳේ ලෙඩට අට දෙනෙක් සදා ගති
සන්ධි වලට දහ අටට බෙදා ගති
දවසට දහසක් මිනී මරා ගති
සන්නි යකුන් ගෙන්වා ඔවුන්ට නියමිත දොළ පිදේනි ඇප කැප කර දීම දහ අට සන්නිය නැටීමෙන් අපෙක්ෂා කරන දෙයයි. එම සාර්ථකව ඉටුකළ විට දහ අටක් වූ සන්නි රෝග සුව වන බව ගැමියන්ගේ විශ්වාසය විය. සන්නි යකුන් රග මඩලට පැමිණි විට සංවාදයේ යෙදෙයි. ඔවුන් බොහෝ විට පැමිණේනනේ බියකරු ස්වභාවයක් මවා පෙන්වමිනි. මළ, හත්තිලව්වයි, ආදී වචන කියමින් කෑ ගසයි. ඉතා ග‍්‍රාමීය වූ භාෂාවකින් සන්නි යකු සහ ඇදුරන් අතර සංවාදය සිදුවෙයි. බොහෝ වට එය සෘජුව වදන් නොකියා පද පෙරැුළි ඇතිව පැවසීම තුළින් හාස්‍ය දනවන්නක් වෙයි. වැරදි වචන නිවැරදි කරමින් ගුරුන්නාන්සේ සංවාදය ඉදිරයට කරගෙන යයි. යක්ෂයාගේ කුරිරු නපුරු අදහස්ද මේ සංවාදයේ ගැබ්ව තිබේ. ඇතැම් විට ජුගුප්සා ජනක හැ`ගීම් ද මතු කරයි. මේ සංවාදයන් සන්නි දහ අටේදීම මූලික වශයෙන් එකම ආකාරයක් ගනී. අවසානයේ ආතුරයාටද සෙත් පතා යකා නික්ම යයි.

1 මරු සන්නි යකා

මහත් භයානක යක්ෂයකු වන මරු සන්නි යකා දැනට ඇතැම් ප‍්‍රදේශ වල සන්නි යකුමි ප‍්‍රථමයෙන් රග දක්වයි. මරු සන්නිය කාල වර්ණ පැහැ වෙයි. ඉසකේ සැඩපලූ ගෙතී ඇත. දිග රුදුරු දත් හා දළ වලින් යුතු මුවක් තිබේ. කොළ අතු වලින් යටිකය සරසා ගෙන දල්වන ලද දුනු පන්දමක් අතකින් ගෙන පැමිණේ. ඇතැම් පළාත්හි මෙම සන්නියට කළු වැදි සන්නිය යැයි ව්‍යවහාර කැරේ.
එන කල දුන්න ගෙන සුරතට දුන්න ලෙසින්
වන කල සන්නියකු හට අතු කඩා දෙමින්
වන කල සියළු ලෙඩ පිරිපත දුරැර හරින්
ගිනිමරු සන්නි යකු මෙපුදට විගස වරෙන්
මේ යකාට කවි ගායනා සඳහා ආරාධනා ලැබේ. යකුගේ උපත දැක්වෙන යාදින්න සමග වෙනත් කවි කියද්දී මේ යකා සබයට එන්නේ හූ හඩ තලමින් අති භයංකර ආකාරයෙනි.

2 අමුක්කු සන්නි යකා

අමුක්කු සන්නිය යනු මුහුණ කට ඇදවීමෙන් සෑදෙන රෝගයකි. කථාව ගොළු වී, දෙ ඇස් ඇඳිරිවී, කටින් කෙළ වැගිරෙන මෙම රෝගයේදී අංශ භාගය නම් වාත රෝගය වැළදෙන බව පැවැසේ. අමුක්කු සන්නි යකාගේ මුහුණ එම රෝගයේදී මෙන් එක පැත්තකට ඇදවී විරූපී වී තිබෙ. මුවේ දළ ඇත. දෙ ඇස් අඳුරු පැහැතිය. අතෙහි මුගුරක් වේ. යෝගාරත්නාකරය නැමැති වෙද කම් ගැන සඳහන් වන පුරාණ ග‍්‍රන්ථයෙහි අමුක්කු සන්නිය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.
බස්ගොළු ඇස් දෙක ඇඳිරි කරන්නේ
මුකයේ කෙළ කැටි ගලිටු කරන්නේ
සීනෙන් අගනන් තොස කර වන්නේ
අමුක්කු සන්නිය නමැයි කියන්නේ

3 වෙඩි සන්නි යකා

අතීතයේ මුගුරක් අතැතිව ආ වෙඩි සන්නි යකාගේ අතේ දැන් ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුවකි. එයට බෙහෙත් කොටන ආකාරය දක්වමින් හාස්‍ය උපදවන රංගනයක යෙදෙන වෙඩි සන්නි යකා ර`ග මඩලට ගෙන්වන්නේ මේ කවියෙනි.
තඩි අරගෙන තුන් මන්සල ඉන්නේ
උල්කර මුගුරක් සුරත දරන්නේ
ගඩු නංවා ඇග සලිත කරන්නේ
වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ
නපුරු ගතිය ඉස්මතු කරන ඇස් වලින් යුතු වෙඩි සන්නි යකාගේ මුහුණ කොළ පැහැතිය. මුව රැඳුණු දත් කිහිපයක් ද වෙයි
කණ යට ගෙඩි කර සැරවයි එන්නේ
මූණේ ගිනිජල් නිබඳ කරන්නේ
දෑතේ දෙපයේ දාඩිය එන්නේ
වෙඩි සන්නිය කළ ලෙඩ දැන ගන්නේ
වෙඩි සන්නියේ රෝග දැක්වෙන්වෙන්නේ ඒ ආකාරයෙනි.

4 කණ සන්නි යකා

සැරයටියක් අතින් ගෙන වේදිකාවට එන මේ යකාගේ දෑස් නොපෙනේ. අන්ධ සන්නිය ලෙස වෛද්‍ය ග‍්‍රන්ථවල දක්වා තිබෙන මෙම සන්නිය සඳහා පළඳවන වෙස් මුහුණ තරමක් පළල්ව සාදා ඇති අතර අන්ධ බව දැක්වීමට සුදු ඉංගිරියාව පුළුල්ව පෙන්වා තිබේ. පළල් මුඛයේ දත් රැසක් ද වේ. කන් දෙකද විශාලය. ඇස් අන්ධ වූ විට වඩා හොඳින් ඇසෙන බව පෙන්වීමට විශාල කන් යොදා ගන්නට ඇත. නාසයද විශාලව සාදා තිබේ.
වන පිළිකා ඉසරද කකියන් නේ
තැන, තැන, ගොස් බිම ඇද පෙරළෙන් නේ
අනුහසයෙන් සෝබිත මුනිඳුන් නේ
කණ සන්නිය පුද ඉල්ලා එන් නේ
වණ, තුවාල, ඉසරදය ආදිය කණ සන්නියෙන් සෑදෙන රෝග වල ලකුණු බව මෙම කවියෙන් පැහැදිලි වේ.

5 බිහිරි සන්නි යකා

මහත් වේගයකින් වේදිකාවට පැමිණෙන බිහිරි සන්නි යකා උණ, කථාව, අධිකව පැවැතීම , බිහිරි බව , උඩට හුස්ම ගැනීම, වෙව්ලීම, සීතල, හිතේ තැවීම, කම්මුලේ ගෙඩි මතුවීම ආදිය මේ සන්නි යකාගෙන් සෑදෙන රෝග ලෙස දේශීය වෙදකමේ සඳහන් වන්නේ මෙලෙසිනි
ජ්වරද හැමකල් බිණිම දෙකන් බිහිරි වන්නේ
ඌර්ද ස්වාසය වෙව්ලූම් සීතද කම්පා වන්නේ
කම්මුල සී ගඩුවක් මෙන් එලෙසම පෙණෙ මින්නේ
නපුරු කර්ණ සන්නිය නුවණැතියෙනි දැන ගන්නේ
බිහිරි සන්නියේ මුහුණේ බියකරු දත් නැත. මුහුණ පියවී ඇත. දෙ ඇස් මනාව විවෘතව ඇත. කන් දෙකට පහතින් ඇති රේඛා දෙකකින් බිහිරි බව පෙන්නුම් කරයි. කන බිහිරි නිසා සංවාදයේදී නැවත නැවතත් කීමට සිදුවීම හාස්‍ය උත්පාදක අවස්ථාවකි.

6 ගොළු සන්නි යකා

කළු පැහැයෙන් සැරසුණු යකෙකුට භිය වීමෙන් ආතුරයා ගොළු බවට පත්කැරෙන මේ ආබාධය හේතුවෙන් නිදිමත ගතිය ඇතිවේ. ශරීරයේ උෂ්ණාධික ගතිය හා ආමාශයේ අර්බුද ඇති වේ ගොළු සන්නියට පළඳින වෙස් මුහුණ දෙස බල විට එහි මුඛයේ ස්වරූපය වඩාත් කැපී පෙනෙන අයුරින් සකස් කොට ඇත. මුඛය වටා වූ රැළි වලින් ගොළු බව නිරූපනය වේ. දෙකන් විශාලය, නළල රැුළි තුනකින් යුතුය.
පෙර අකුසල් බලෙන් ගොළුව අතින් පයින් බස් අගවන
දිඩත සිත් නපුරු කමන් විසල් නුවර වැනසූ පොරණ
දුරුකර ජනපත සෙත්කර දිවකුරු මුනි අනුහ සයෙන
වර මෙරහට ඉසානයෙන් ගොළු සන්නිය දැක භෝජන
මේ ගොළු සන්නි යකා ර`ග මඩලට පැමිණි පසු සංවාදයේ යෙදෙන්නේ අතින් පයින් ආදී අභිනය විලාශයෙනි. එහෙත් දොළ පිදේනි කැප කළ පසු රෝගය දුරලන ගොළු සන්නි යකා අවසානයේ කථා කර විස්තර කියයි.

7 කොර සන්නි යකා

බෙල්ලෙන් උඩ කොර වීම, සන්ධිවල උෂ්ණාධික බව, රාතී‍්‍ර නිදිමත අධික බව, ඇතුළු ශරීරයේ අත පා කොරවීම, ආදී රෝග ඇති කරන කොර සන්නි යකා වේදිකාවට ගෙන්වීමේදී මෙම කවිය ගායනා කැරේ
දුර සිට බැල්මේ දිස්ටිය හෙලමින
කොරකොට අත්පා ඔත්පොල කරවන
වෙරකොට ආතුර මරම් සිතා ගෙන
කොර සන්නිය එයි පුද ඉල්ලා ගෙන
කොර සන්නි යකාගේ මුහුණ කොර ගතිය විදහා පාන ආකාරයෙන් සකසා තිබේ. ඒ මුහුණ එක් පැත්තකට ඇලවී ඇත. මුහුණ නපුරු ගතියකින් යුතු වේ. කොළ පැහැතිය. පළල් රතු දෙතොලකි. දකුණතේ යමගුරකි. වමතට අතු කැටියකි.

8 මුර්තු සන්නි යකා

පැණි රස කෑ මට විරුද්ධ වේයා
සෙම් පිත් නාඩිය පටලව තේයා
වාත නාඩි සීඝ‍්‍රව ගම නේයා
මුර්තු සන්නි කළ ලෙඩ අප තේයා
යන කවි ගායනය සමග මුර්තු සන්නි යකා වේදිකාවට පිවිසේ. මේ සන්නි යකාගෙන් ඇති වන්නේ මර්ජාව සමග වාතයෙන් හටගන්නා රෝගයකි. මෙම යකාගේ වෙස් මුහුණේ රෝගී භාවය නිරූපිතය. වෙනත් යක්ෂ මුහුණු වලට වඩා මේ මුහුණේ ඇස් වෙනස් කැර ඇත. ඒවා දිගටිය. මූඛය ද මද වශයෙන් දත් පෙනෙන ලෙස පියවී තිබේ.

9 ගුල්ම සන්නි යකා

ගුල්ම සන්නි යකාගෙන් වැළඳෙන මූලික රෝගය වන්නේ බඬේ අමාරුවයි. මෙය පණුවන්ට සම්බන්ධ රෝගයකි. වමනය, බඩරුජාව, කැවිලි නොකෑ, පිළිරස මිශ‍්‍ර පැණි රස කෑමට කැමැති වීම මෙහි රෝග ලක්ෂණ වේ.
බඩ හෝ ගාමින් වමනේ එන්නේ
රුජා ද ගනිමින් කැවිලි නොකන්නේ
පිළිමුසු පැණිරසමයි ඌ කන්නේ
ගුල්ම සන්නි ලෙඩ ඉන් දැන ගන්නෙ
මෙම සන්නි යකාගේ මුහුණ රවුම් හැඩයක් ගනී. ලා කහ වර්ණයෙන් යුක්ත එහි මුඛය කන් දෙක දෙසට දික්ව ඇත. මුව දෙපස දළ දෙකක්ද තිබේ. රෝගී ස්වභාවයක් පෙන්වන රවුම් ඇස් ද ඇත.

10 ජල සන්නි යකා

ජල සන්නිය යනු ප‍්‍රකට රෝගයකි. ඔක්කාරය, වමනය, ඇග පළු ගැන්වීම බඩපුරවා දමා යෑම යන රෝග ලක්ෂණ ඇති මෙම රෝග ලක්ෂණ ඇති කරන ජල සන්නි යකා රගමඩලට ගෙන්වන්නේ මෙය ගායනා කිරීමෙනි.
ඔක්කාරය සහ වමනය වන්නේ
තිස්පැය ඇගපළු නිබඳ ගැසෙන්නේ
උත්තිල බඩ ලෙඩයෙනි පණ යන්නේ
ජල සන්නිය ලෙඩ ඉන් දැන ගන්නේ
මෙම සන්නි යකාට ඇත්තේ එකිනෙක පූට්ටු වූ දත් දෙපළකි. මූණ දෙපසේ රැවුලකි. නළලේ නයි පෙනයකි.

11 අග්නි සන්නි යකා

ඇගපත වෙව්ලීම, කෑම බීම අරුචිය, කන් ලෙඩවීම, තද උණ ගැනීම ආදිය මෙම සන්නි රෝගයේ ලක්ෂණ වේ. මේ සන්නි යකු එන්නේ කොන්තායුධ ගනිමින් ගිනි සැර විහිදුවමිනි. අග්නි සන්නි යකා විකෘති ලක්ෂණ වලින් යුතුය. රවුම් දෙනෙත, ඉතා දිග දත්, පළලට අරුණු මුඛය එහි දක්නට ඇත. මුඛයේ දිග දත් ගිණි දළු විලසින් දැක්වේ.
ගිනි සැර කොන්තා යුද අර ගන්නේ
ඉසිවර දුන් කැද ගොටුදෙක දෙන්නේ
මක්කම සමනල අණ දැන ගන්නේ
අග්නි සන්නි කළ ලෙඩ හැර යන්නේ

12 පිස්සු සන්නි යකා

උම්මත්ක බව හෙවත් පිස්සු ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි. උණ, බිණීම, නුවන අහිමි වීම ඉන්ද්‍රිය පාලනයකින් තොරවීම, ඇ`ග පලූ නැගීම, ආදී රෝග ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි. පිස්සු සන්නි යකා වේදිකාවට පැමිණි විට තම පිස්සු ගතිය පෙන්වයි. විකට රසයෙන් යුතු සංවාදයේ යෙදේ. නපුරු ගතියක් පෙනෙන රවුම් ඇස් සහ තැන තැන කොට රැුවුල් ගස් ඇති මුහුණේ දළ රහිත රතු දත් පෙළකි. හිසකෙස් නොමැත.

13 වාත සන්නි යකා

වා, පිත්, සෙම් යන ති‍්‍රදෝෂයන් රෝගවලට හේතු වන්නේ වාත සන්නි යකුය. වෙස් මුහුණ කොළ පැහැ ගැන්වී ඇත. එය නොයිවසිලි ස්වභාවයක් ගනී.
ඉදිමි බඩ ලෙඩ ඉසරද ගන් නේ
වැදූ ගෙයක් මෙන් බලා සිටින් නේ
වෙව්ලූම් ඇගගති තොර නොකරන් නේ
වාත සන්නි ලෙඩ ඉන් දැන ගන් නේ

14 බූත සන්නි යකා

මේ යකු වාසය කරන්නේ ඈත ගුවන් තලයේය. රාතී‍්‍ර කාලයේ පෘථිවි තලයට බැස හොල්මන් කරයි. රෝගියාගේ මිනිස් ගති ගුණ වෙනත් අතකට හැරවීම මෙම රෝගයෙන් දැක්වෙන නිසා විකාර කිරීම යන අර්ථය ඇතිව බූත සන්නි යකා ලෙස නම් තබා තිබේ. ඉතා නපුරු ස්වභාවයක් ගන්නා වෙස් මුහුණකි. කොළ පැහැති වර්ණයෙන් යුතු වන අතර මුඛයේ එක් පැත්තකින් දිව මදක් එළියට පැමිණ ඇත. ඇස් දෙකට පහළින් රේඛා තුනක් දැක්වේ. සුදු පැහැති දත් දෙපළකි. නාසය විශාලය
පිත් නාඩිය හිරි වැටී සිටින් නේ
වාත නාඩි පෙරළි වැටෙමින් නේ
සෙම් නාඩිය සැංගි වැටෙමින් නේ
බූත සන්නි කළ ලෙඩ ඒ දන් නේ

15 පිත් සන්නි යකා

පිත අධික වීමෙන් හටගන්නා වූ බඩ ගිණි ගතිය ඇතිවීම, ?ට සිහිනෙන් භියවීම, ආදිය ඇතිවීම පිත් සන්නි යකා නිසා සිදුවේ. පිත කිපුණු කාලයේ ඔල්මාද ගතිය පවා ඇතිවේ.
තෙප් කොන්තය මෙන් කෙළ ඇවිදින් නේ
තිස්පැය සීනෙන් අනුවම එන් නේ
අග්නි මන්ද යන ලෙඩ කර වන් නේ
පිත් සන්නිය ලෙඩ ඉන් දැන ගන් නේ
මෙම මුහුණින් පෙනෙන්නේ මහත් වේදනාකාරී ස්වරූපයකි. රවුම් ඇස් සහ කළු කෙස් ඇත. මුහුණේ ඉදිමුණු ස්වරූපයකි. මුවේ උඩ දත් පේලිය පමණක් දැක්වේ.

16 අභූත සන්නි යකා

දෙකම්මුල් ඉදිමීම, ඇග සෙම් ගෙඩි හට ගැනීම, සන්ධිපත් රුජාව , ආදිය අභූත සන්නි යකාගෙන් සිදුවේ. දුටුවන් භිය පත් කරවන මේ සන්නි යකු ද ගුවනේ සිට බිමට බැස රෝග ඇති කරවයි.

17 දේව සන්නි යකා

ගම් රටවල් පාළු කරමින් ගම්වලට වැදී මිනිස් සිරුර ක්ෂය කර දමයි. ශරීර රුදා ඇති කරවයි. හත් දවසකින් මය යන රෝගයක් ඇති කරවයි. එය විසාල මහ නුවර ඇතිවූ අභිගාතක රෝගය යැයි විශ්වාස කැරේ. දගගෙට වදිමින් මිනී මරන්
ගමකට බැල්මෙහි පාළු කරන් නේ
නේ
ඒ ගම ඇර ගිය කෙනෙකි දිනන් නේ
දේව සන්නි ලෙඩ ඉන් දැන ගන් නේ
මෙම සන්නි යකාගේ වෙස් මුහුණ අනෙක් සියලූ සන්නි යකුන්ගේ මුහුණු වලට වඩා වෙනස් ස්වභායක් ගනී. එහි හිසට ඔටුන්නකි. මුහුණ රන් පැහැතිය. මුහුණේ විකාර රූපී ස්වභාය අඩුය. ඒ හේතුවන් දුටු විට ගරු සරු බියක් ඇති කරවා තිබේ. 18 කෝල සන්නි යකා සිහංල වෙදකමේ කෝළ දහ අටක් ගැන සඳහන් වේ. මේවා ඇතිකරන සන්නි යකා කෝල සන්නි යකා ලෙස හැඳින්වේ. උගුර දෙපැත්තේගෙඩි හට ගන්නා කථාව නැතිව රෝගී වන තත්ත්වයක් හටගනී. ආමාශගත අමාරුවව ද හටගනී. උල්වූ තළල්ලක්, රුදුරු දෙනෙතක්, යටි තාළ නොමැතිව උල් දත් කිහිපයක් ඇති මුඛයක් මෙම සන්නි යකාගේ ස්වරූපය වෙයි.
කෝළ වෙලා උඩබිම බලමන් නේ
ලීල නොකර බඩ ලෙඩ කරවන් නේ
දෑල උගුරේ ගෙඩි දෙක හට ගන් නේ
කෝළ සන්නි පුද ඉල්ලා එන් නේ
මේ සන්නි දහ අට අවසානයේ දහ අටක් වූ සන්නි යක්ෂයන්ගේ නායකයා වන මහා කෝළ සන්නි යක්ෂයා එයි. ඔහුගේ හිසේ ගොක් ගොක්කොළ වලින් සෑදූ ඔටුන්නකි. එහි නයි පෙන පහක් ද දැක්වේ. යටි කයට කළු සුදු මුසු සේලයක් ද කාල වර්ණ ලොම් වලින්යුතු හැට්යක් උඩු කයටද ද හැඳ ඉන වටා කෙසෙල් හා ගොක් පතින් සෑදූ හතරැස් තට්ටුවක් ද පළඳී. මෙම යකුට පැමිණීමට ආරාධනා කිරීමෙන් අනතුරුව සන්නි යකා පැමිණේ. යකා ආතුරයා දෙසට යන මග බාධාවකි. නාථ, සමන්, පත්තිනි දෙවි වරුනුගේ ආඥාව අනුව මුර සෙබළු මෝල් ගස් දෙකක් කතිර හැඩයට තබා අල්ලාගෙන යකාට යන්නට නොදෙති. සැර පරුෂ කර බලෙන් යාමට උත්සාහ ගන්නා යකා පසුව කෙසෙල් හා කැවිළි වර්ග දෙන බව කියා යාමට අවසර ඉල්ලයි. අවසානයේ මේ කඩවත බුදුරදුගේ කඩවතක් බව මුර සෙබළු පවසති. බුදු රදුන්ගේ සන්නසක් ගෙන ආවොත් යන්නට දෙන බව කියූ පසු යක්ෂයා තල්පතක් ගෙන කකුලේ ඇගිල්ල මත තබා එය දෙයි. එය පිළිගත නොහැකි බවත් ගරු සරු ඇතිව දිය යුතු බවත් මුර භටයෝ කියති. එවිට යකා දණහිස, උරහිස, නාසය මත තබා සන්නස භාර දී ඒ කිසි අයුරකට එකග නොවීම නිසා අවසානයේ හිස මත තබා භාර දෙයි. එවිට එහි ඇති දෙය කියවන ලෙස කියා සිටී. එවිට යක්ෂයා හඩන්නට පටන් ගනී. බුදුහිමි තමන්ට මිනිස් ලොවට යාමට අවසර දී ඇතත් නරබිලි ගැනීම තහනම් කැර ඇති බව යකා පවසයි. මනුලොව රෝගීන් වෙනුවෙන් දොළ පුදගෙන රෝග දුරු කිරීමට බුදුන් නියම කැර ඇතැයි ද කියයි. ඉන්පසු යක්ෂයාගේ නපුරු ස්වභාවය අඩුවේ. කඩදොරින් යන්නට දෙයි. ආතුරයා වෙත යන යක්ෂයා. තමාට කැප කර දෙන දෙල පිදේනි සියල්ල ඉන බැඳි තටුවට අසුරාගෙන කුකුළෙකුද බිලි පුදට දුන් විට එයද රැගෙන ආතුරයාට සෙත් පතා යකා නික්මයයි. එතැනින් දහ අට සන්නිය අවසන් වේ. දහ අට සන්නිය සමාරම්භය
මරු සන්නි යකා මරු සන්නි යකා
මරු සන්නි යකා
අමුක්කු සන්නි යකා අමුක්කු සන්නි යකා
වෙඩි සන්නි යකා වෙඩි සන්නි යකා
වෙඩි සන්නි යකා
කණ සන්නි යකා කණ සන්නි යකා
බිහිරි සන්නි යකා බිහිරි සන්නි යකා
බිහිරි සන්නි යකා
 ගොළු සන්නි යකා  ගොළු සන්නි යකා
 ගොළු සන්නි යකා
කොර සන්නි යකා කොර සන්නි යකා
කොර සන්නි යකා
මුර්තු සන්නි යකා මුර්තු සන්නි යකා
මුර්තු සන්නි යකා මුර්තු සන්නි යකා
මුර්තු සන්නි යකා
ගුල්ම සන්නි යකා
ජල සන්නි යකා
ජල සන්නි යකා
අග්නි සන්නි යකා අග්නි සන්නි යකා
අග්නි සන්නි යකා
පිස්සු සන්නි යකා පිස්සු සන්නි යකා
පිස්සු සන්නි යකා
වාත සන්නි යකා වාත සන්නි යකා
වාත සන්නි යකා
බූත සන්නි යකා බූත සන්නි යකා
පිත් සන්නි යකා පිත් සන්නි යකා
අභූත සන්නි යකා අභූත සන්නි යකා
දේව සන්නි යකා
කෝල සන්නි යකා
කෝල සන්නි යකා කෝල සන්නි යකා



අදහස් (11)

දහ අට සන්නිය

රෝහිනී Saturday, 19 November 2011 12:38 PM

මෙම විස්තරය ඉතා අගනේය. මා මෙන්ම දහඅට සන්නිය ගැන නොදන්න බොහෝ දෙනාගේ දැනගැනීම සදහා ඉතා ප්‍රයෝජනවත්ය. බොහොම ස්තුතියි.

:       0       9

අශේන් ප්‍රියදර්ශන Monday, 27 February 2012 07:39 PM

අපි වගේ සිංහල ඉතිහාසය පිළිබදව සොයන ළමයින්ට මේ වගේ විස්තර ගොඩක් වටිනවා. ස්තූතියි.

:       0       2

සුගන්ධිකා Saturday, 10 November 2012 04:46 PM

අතීතය,පැරණි සංස්කෘතිය,ජන කලාවන් ගැන තිබුණ අල්ප වූ දැනුම අළුත් කර ගැනීමට සාර්ථක ඒක් මාර්ගයක්. මේ වගේ විස්තර ගොඩක් වටිනවා. ස්තූතියි.(නු)

:       0       1

බන්දුල Saturday, 09 March 2013 07:45 AM

මේ අදහස් නූතන පරපුරට ඉතාම වටිනවා. ඉපැරැණි දේවල් අභාවයට යන නිසා මේ ලෙසින් ඉදිරිපත් කිරීම මම ඉතා අගය කරමි.(නදී)

:       0       2

ඩිල්ෂාන් Saturday, 11 July 2015 03:41 AM

මේ ලිපිය සැකසීමට උදව් උපකාර කළ සියළු දෙනාට පින්! ධර්ම ඥාණය ලැබේවා! (නදී)

:       0       1

සිතාරා Tuesday, 23 August 2016 05:05 AM

මෙම වටිනා විස්තර සැපයීමට ස්තූතියි (නි)

:       0       2

දිස්නා Monday, 10 July 2017 05:41 AM

මේ ලිපිය සැපයු ඔබට ස්තූතියි... අවශ්‍ය කරුණු රාශියක් අන්තර්ගත කොට ඇතී නිසා ශිෂ්‍ය පරපුරට මහගු අත්වැලක්... (දිලානි)

:       0       1

Manula Pamuditha Satharasinghe Thursday, 28 June 2018 11:05 AM

ස්තූතියි. මා හට පාසලේ දැනුම මිනුම සංගමයෙන් ලබා දුන් තොරතුරු ‍රැස් කිරීමට මෙය මහඟු අත් වැලක් විය.

:       1       1

නදිෂා Friday, 31 July 2020 05:14 AM

ඔබට ස්තුතියි..!!!

:       0       1

නිරාෂ් ලක්ෂිත වෙත්තසිංහ Friday, 20 August 2021 09:23 PM

දේශීය සාම්ප්‍රදායික, පාරම්පරික වෙස්මුහුණු කලා කර්මාන්තය මගින් උපදවන 18 සන්නි මුහුණු ගැන වටිනා විස්තර ඇතුළත් මෙම ලිපිය සියලු දෙනාහට කියැවීමට... දැනුම වර්ධනය කරගැනීමට අප වෙනුවෙන් සකස් කිරීම සම්බන්ධව ලංකාදීප ප්‍රධානීතුමා ඇතුලු කාර්යමණ්ඩලයේ සියලු මහත්වරුන් මහත්මියන් සැමට මාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමි.

:       0       0

හංසි දිව්‍යාංජලී හේරත් Thursday, 23 December 2021 10:45 AM

බොහොම ස්තූතියි මෙවන් ලිපි පළ කිරීම සම්බන්ධව.. නොදන්න බොහෝ කරුණු දැනගැනීමට මෙය අප වන් ඉගෙනගන්නා බොහෝ දෙනාට මහැඟි පිටුවහලකි..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site