X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


දිගින් දිගට ඇදෙන ගෑස් හිඟය සමග පිපිරීම් ශබ්දය

ගෑස් ළිප් පුපුරා යාමෙන් සිදුවන අනතුරු තවමත් නිම වී නැත. ලිට්රෝ ගෑස් සමාගම කෙතරම් සහතික දුන්නත් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළත් ගෑස් සම්බන්ධ හදිසි අනතුරු හමාර නොවීම බලවත් ප්‍රශ්නයකි. මේ නිසා නිවසක ගෑස් ළිප සමඟ කටයුතු කරන ගෘහණියන්ට බලවත් භීතියෙන් හා සැකයෙන් මුළුතැන්ගෙයි කටයුතු කරන්නට සිදුව තිබේ.

ගෑස් ලිප් පිපිරීම නිසා මරණ ද වාර්තා වූ අතර නිවාස, කඩවල්වල ගිනි ගැනීම් රැසක් ද සිදුව තිබේ. මෙවන් අනතුරුවලින් තුවාල ලැබූවෝ විශාල පිරිසකි. ගෑස් සම්බන්ධයෙන් දැනට මාස දෙක තුනක සිට හටගෙන තිබෙන මෙකී අනපේක්ෂිත තත්ත්වය තවමත් පාලනය කරගන්නට නොහැකිවීම නිසා ලිට්රෝ සමාගමටත් එය පාලනය කරන රජයටත් එල්ල වන චෝදනා බරපතළය. 

ගම් හා නගර දෙකෙහිම අද බහුලව භාවිත කෙරෙන බලශක්තිය බවට ගෑස් පත්ව තිබේ. මහබැංකු සංඛ්‍යාලේඛන අනුව වසරකට මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් හාරලක්ෂ විසිදහසක් (4,20,000) ක් අවශ්‍ය වන අතර මාසිකව නම් ගෑස් මෙට්‍රික් ටොන් තිස්දහසක් (30,000) ක් පමණ වුවමනා කෙරේ. මෙම ගෑස් මැදපෙරදිග, ඕමානය ඇතුළු රටවලින් ආනයනය කෙරෙන අතර ලංකාවේ ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් දෙක මෙහි අලෙවිකරුවෝය.

අතීතයේ කොළඹ ජල කර්මාන්ත සහ ගෑස් සමාගම කළ කාර්යය දැන් මෙකී සමාගම්වලට පැවරී ඇත. දැනට රට තුළ හටගෙන තිබෙන ගෑස් පිපිරීම් සමඟ ගෑස් හිඟයක් ද පවතී. තවමත් බොහෝ ප්‍රදේශවල ගෑස් සඳහා වන පෝලිම් දක්නට ඇත. වරු ගණන් පෝලිම්වල සිට ලබාගන්නා ගෑස් සිලින්ඩර නිවසේ ගෑස් ළිපට සවිකළ විට එය අනපේක්ෂිත ලෙස පුපුරා යන්නේ නම් ජනතාව මේ අවනඩුව කාට කියන්නේද යන්න ප්‍රශ්නයකි. 

ගෑස් සමාගම කුමක් ප්‍රකාශ කළද ගෑස්වල ප්‍රමිතියේ හෝ සිලින්ඩරය ආශ්‍රිත සෙසු උපාංගවල ප්‍රමිතියේ කුමක් හෝ දෝෂයක් නිසා මෙකී අනතුරුදායක තත්ත්වය හටගෙන තිබෙන බව නොරහසකි. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ මූලික නිර්දේශයක් වූයේ ගෑස් සංයුතියේ ප්‍රමිතිය මෙන්ම උපාංගවල ප්‍රමිතිය ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කර නිර්දේශ කළ පසු අදාළ අලෙවි කටයුතු කළ යුතු බවයි. අවශ්‍ය කටයුතු නිසි ලෙස සිදු කර ගෑස් සිලින්ඩරයේ විශේෂ රතු මුද්‍රාවක් තබා ප්‍රමිතිගත ගෑස් අලෙවි කරන ලෙස ද එම කමිටුව නිර්දේශ කර තිබුණි. 

අනතුරුව ගෑස් සමාගම ප්‍රකාශ කළේ ගෑස් සංයුතියේ කළ වෙනස්කම් නිවැරදි කළ බවත් ගෑස් අලෙවියට පෙර කළ යුතු ජල පරීක්ෂණය ඇතුළු පූර්ව පරීක්ෂණ සියල්ල වඩාත් විධිමත් ලෙස සිදු කරන බවත්ය. එලෙස දෝෂ නිවැරදි කර වෙළෙඳපොළට රතු මුද්‍රාව තබා නිකුත් කළ ගෑස් සිලින්ඩර භාවිත කරන්නට පටන්ගත් විට ඒවා නිසා ද ගෑස් ළිප් පුපුරා යන්නට පටන් ගත්තේය. මෙය හතරබීරි කතාවක් බවට පත්වන්නේ එතැන් සිටය. මේ නිසා අසරණ වී සිටින පාරිභෝගිකයන් මේ පැමිණිල්ල ගැන කියන්නට කෙනකු නොමැතිව කරන්නේ ආණ්ඩුවට පස්පඩංගුවේ බැණ වැදීමයි. ගෑස් හිඟය හා ගෑස් ළිප් පුපුරා යාම, විදුලිය කප්පාදුව ආදී බලශක්ති ක්ෂේත්‍රයේ හටගෙන තිබෙන අර්බුද නිමක් නැත.

ගෑස් ප්‍රශ්නය ගත් කල මෙයට අදාළව ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන ගණනාවකි. ගෑස් සමාගම්, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මහජන උපයෝගීතා කොමිසම, විෂය භාර අමාත්‍යාංශය මෙකී වගකිව යුතු ආයතන අතර ප්‍රධානය. මෙතරම් රාජ්‍ය ආයතන ව්‍යුහයක් තිබුණ ද මාස ගණනක් තිස්සේ ගෑස් අනතුරු පාලනය කර ගන්නට බැරිවීම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට බලවත් අනතුරක් සිදුකර ඇත. ජනාධිපතිවරයා පසුගියදා කෙළවරපිටිය ගෑස් අංගනය පරීක්ෂා කළේය. එදාම ලිට්රෝ ගෑස් සභාපතිවරයා වහාම සේවයන් පහ කළේය. ඉන් පැයකට පසු ඔහුම ඊට පත් කළේය. මේ සියල්ල අපට තේරුම්ගත නොහැකි අපභ්‍රංස සිදුවීම්ය. කෙසේ හෝ ගෑස් අනතුරුවලින් විපතට පත්වූවන්ට රජයේ නියමය අනුව වන්දි ගෙවන බව ගෑස් සමාගම පවසයි. 

දැනට ලංකාවේ ගෑස් අලෙවි කරන ප්‍රධාන අලෙවි නියෝජිත ආයතන 42ක් සහ සිල්ලර වෙළෙඳ නියෝජිතයන් 12,000ක් රට පුරා ක්‍රියාත්මකය. මාසිකව නෞකා හතක් මෙරටට ආනයනය කරන ගෑස්වලින් නිපදවන සිලින්ඩර 80,000ක් පමණ මේ දිනවල දෛනිකව අලෙවි කරන බවද ලිට්රෝ සමාගම පවසයි. මෙය විශාල අලෙවි ජාලයකි. නිෂ්පාදන ක්‍රියාවලිය ද ඉතාමත් සංකීර්ණ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එම සංකීර්ණ තත්ත්වය තුළ ද ආරක්ෂිත ප්‍රමිතිගත ගෑස් ජනතාවට ලබාදීමට සමාගම සමත් විය යුතුය. ‘‘පුපුරන්නේ ගෑස් ළිප පමණයි. මෙය වෑල් එකේ දෝෂයක්. නැත්නම් ගෑස් බටයේ වරදක්’’ ආදී ජනතාව කේන්ති ගස්සන සුරංගනා කතා නොකියා අනතුරුදායක නොවන ගෑස් සිලින්ඩර ජනතාවට ලැබෙන තෙක් මෙම අර්බුදය එලෙසම පවතිනු ඇත.

අපට පෙනෙන්නට තිබෙන ආකාරයට අදාළ සමාගම ගෑස් පිපිරීම් ගැන කවර උත්තර ලබා දුන්නද තවමත් ඊට බලපාන සැබෑ හේතුව හඳුනාගෙන නැත්ද යන සැකය හටගනී. එය යාන්ත්‍රික හෝ තාක්ෂණික හේතුවක් නොවේ නම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන්නට ද පුළුවන. මේ කුමක් වුවත් ගෑස් අර්බුදයට අවශ්‍ය වන්නේ විධිමත් විසඳුමකි. විසඳුම පමාවන තාක් කල් ජනතාව ආවේගශීලීව බැණ වදින්නේ රජයටය. රජයෙන් ද මීට නිසි විසඳුමක් නොලැබේ නම් ජනතාවට මේ අවනඩුව කියන්නට සිදුවන්නේ දෙවියන්ට පමණි.



අදහස් (0)

දිගින් දිගට ඇදෙන ගෑස් හිඟය සමග පිපිරීම් ශබ්දය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site