X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


දින දින වැඩිවන අලි ප‍්‍රශ්නය

 

 

 

අලි අද මිනිස් ජීවිතයට  තර්ජනයක් වී ඇත. 2008 සිට 2012 දක්වා අලි ප‍්‍රහාර හේතුවෙන් මියගිය මිනිස් සංඛ්‍යාව 341කි. ඒ අනුරාධපුර, මහවැලි කලාපය, යාල, බුන්දල හා මධ්‍යම, නැගෙනහිර, මහවැලි, වයඹ, දකුණ හා ඌව පළාත් වලිනි. මෙයින් වැඩි පිරිසක් මිය ගොස් සිටියේ වයඹ පළාතෙනි. වර්ෂ 2008 සිට 2012 දක්වා මෙසේ අලි ප‍්‍රහාර වලින් මිය ගිය අය අතර වැඩිහිටි පිරිමි 278 කි. වැඩිහිටි ගැහැණු 59කි. ළමයි සංඛ්‍යාව 4කි. මේ කාලය තුළ අලින්ගෙන් සිදු වූ දේපල හානි සිද්ධීන් සංඛ්‍යාව 7,916කි. මේ වසර වන විට මිනිස් මරණ සංඛ්‍යාව හා දේපල හානිය තවත් වැඩි වී ඇත.


 

 

අලිxමිනිස් සුහදතාවය පිළිබඳව අසන්නට ලැබුණේ අපේ පැරණි රජවරුන්ගේ  කාලයේ සිටය. රට බේරා ගැනීමට රජවරු සමඟ පෙරට ගිය හමුදා අතර ඇත් හමුදාව ප‍්‍රධාන ස්ථානයක් ගත් බවට ඉතිහාස පොත්පත් සාක්ෂි දරයි.

එසේ ඉතා කීකරු, නුවණැති හොඳ මතක ශක්තියක් ඇති සත්වයෙක් ලෙසින් ද අලියා හැඳින්වේ. ඒ සඳහා හොඳ උදාහරණයක් පෙන්විය හැකිය. තමන් බලා කියා ගන්නා ඇත් ගොව්වා බීමතින් පාර මැද වැටී සිටි අවස්ථාවක අලියා ඔහු අතහැර ගියේ නැත. පාර මැද වැටී සිටින සිය ස්වාමියාට අනතුරක් වීම වැළැක්වීම සඳහා ඔහු මැදිකර ගෙන පාර මැද අලියා සිට ගෙන සිටි පුවතක් වාර්තා විය.තවත් සිද්ධියක් නම් අලියකුට කෑමට කෙසෙල් ගෙඩියක් දිගුකර එය නොදී ආපසු ගත් කාන්තාවක් ඊට වසර කීපයකට පසු හමුවූ අවස්ථාවක හොඬවැලෙන් උඩට ඔසවා යළි බිම තැබූ පුවතක් පිළිබඳව ද වාර්තා වේ.

ඒ අලි පිළිබඳ සුන්දර කතාය. නමුත් අලි අද මිනිස් ජීවිතයට  තර්ජනයක් වී ඇත. 2008 සිට 2012 දක්වා අලි ප‍්‍රහාර හේතුවෙන් මියගිය මිනිස් සංඛ්‍යාව 341කි. ඒ අනුරාධපුර, මහවැලි කලාපය, යාල, බුන්දල හා මධ්‍යම, නැගෙනහිර, මහවැලි, වයඹ, දකුණ හා ඌව පළාත් වලිනි. මෙයින් වැඩි පිරිසක් මිය ගොස් සිටියේ වයඹ පළාතෙනි.

වර්ෂ 2008 සිට 2012 දක්වා මෙසේ අලි ප‍්‍රහාර වලින් මිය ගිය අය අතර වැඩිහිටි පිරිමි 278 කි. වැඩිහිටි ගැහැණු 59කි. ළමයි සංඛ්‍යාව 4කි. මේ කාලය තුළ අලින්ගෙන් සිදු වූ දේපල හානි සිද්ධීන් සංඛ්‍යාව 7,916කි. මේ වසර වන විට මිනිස් මරණ සංඛ්‍යාව හා දේපල හානිය තවත් වැඩි වී ඇත.

මේ කාලය තුළ අලි මරණ සංඛ්‍යාව 250ක් බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මිනිස් ජීවිතවලට අලින්ගෙන් සිදුවන හානියත් දේපල විනාශයත් නිසා මේ මොහොත වන විට අලියා මිනිසාගේ දරුණු සතුරෙක් බවට පත් වී ඇත. මේ හතුරුකමේ අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ නීති විරෝධී ලෙස අලි මරා දැමීමය. ගිනි අවි, විදුලිය වැදීම්, වසදීම්, හක්කපටස්, දුම්රිය අනතුරු යනාදී හේතුන් වලින් අලි මරණ සංඛ්‍යාව ද දිනෙන් දිනම ඉහළ යමින් පවතී.

අලිගෙන් සිදුවන මිනිස් ඝාතනවලදි බොහොමයක් ප‍්‍රදේශවල ජනතාව උද්ඝෝෂණය කිරීමටත්, සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා කෑ කෝ ගැසීමටත් පුරුදු වී සිිටිති.

මෙය අද ඉතාම බරපතළ ප‍්‍රශ්නය වී ඇත. පිළියම වී ඇත්තේ අලින්ට ගම් ප‍්‍රදේශවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීමයි.

ශ්‍රී ලංකාව තුළ වනජීවි රක්ෂිත ප‍්‍රදේශ ජාලයක් ස්ථාපිත කර, කළමනාකරණය කිරීමේ නීතිමය වගකීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇත. එසේ  ස්ථාපිත රක්ෂිත භුමි ප‍්‍රමාණයේ මුළු එකතුව වර්ග කිලෝ මීටර් 8,500 ඉක්මවා ඇත. එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් සියයට 13කි. එහෙත් අද වන විට කැලෑව බෙහෙවින් අඩු වී ඇත.

සංවර්ධන ක‍්‍රියාවලිය, කැලෑ එළපෙහෙළි කිරීම හා අලි ගමන් ගන්නා මාර්ග ඇහිරීයාම නිසා අද වන විට ශ්‍රී ලංකාවේ අලිගහනය බලවත් තර්ජනයකට  ලක් වී සිටිති. මේ වන විට අලි සංඛ්‍යාව 4,500 දක්වා අඩු වී ඇත.

තමන්ට හිමි භුමිය අහිමි වීමෙන් ගම් වදින අලින්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාතික වන අලි සංරක්ෂණ ප‍්‍රතිපත්තිය මගින් නිර්දේශ කර ඇති විවිධ උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීම මූලික වශයෙන් සිදු කෙරේ. මෙහිදී ප‍්‍රධාන ක‍්‍රියාමාර්ගය වී ඇත්තේ විදුලි වැට ඉදිකිරීමයි. මීට අමතරව වන අලි මෙහෙයුම, අලි වෙඩි බෙදා දීම, වෙනත් ප‍්‍රදේශවලට ඵලවා දැමීම, වන අලින්ගේ වාසස්ථාන අතර සම්බන්ධතාවය ස්ථාපිත කිරීම මෙම යෝජනා අතර වෙති.

අලිx මිනිස් ගැටුමෙන් පීඩාවට පත් වන දිස්ත‍්‍රික්ක 18ක් තුළ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 58 ක් තුළ වනxඅලි මිනිස් ගැටුම මැඩලීමට සිදු වී ඇත.
විදුලි වැට ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම ආරම්භ වූයේ 1966 සිටය. අද වන විට අලිxමිනිස් ගැටුම මැඩලීමට යොදා ගන්නා ප‍්‍රධානම මෙවලම වී ඇත්තේ විදුලි වැට ඉදිකිරීමයි.වර්ෂ 2012 දී කිලෝමීටර් 377.6ක දුරකට විදුලි වැට ඉදි කර තිබෙන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  2012 වර්ෂයේදී ඉදි කරන ලද විදුලි වැටවල් මෙසේය.ඉහකුළුවැව, කටුකැලියාව, මනම්පිටිය, කටුවන්විල, දිය කැපිල්ල ගමවටා, එරියාව ගම්මානය වටා, කහල්ල කරවිලගල, වැලිගත්ත, පියංගල උන්නච්චි, උඩවලව (ද්විත්ව), පුල්ලූමලේ කෝපාවේලි, තෙරිපැහැ, වික්ටෝරියා, කලාවැව, කොහොඹදිගාන, දෙමටපැලැස්ස, හුංගමල ඔය, සීගිරිය, මිනිපේ, බුලත්වැල්කඳුර, හුණුවිලගම.

වර්ෂ 2012 දී විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් දශලක්ෂ 100ක වියදමක් දරා ඇත. එහෙත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට විදුලි වැට ඉදිකිරීමේ කටයුතු කියන තරම් කඩිනමින් හා සුන්දරව සිදු නොවන බව වාර්තා වේ.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ අලිxමිනිස් ගැටුම් පිළිබඳ කළ විමසීමකදී වනජීවි සංරක්ෂණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා නම් ප‍්‍රකාශ කළේ අලිxමිනිස් ප‍්‍රශ්න රටපුරාම පවතින බවත්, සැලැස්මක් අනුව ඒ සඳහා ක‍්‍රියා කරන බවත්ය.

ඇමතිවරයාගේ ඒ සැලැස්ම සාකච්ඡාවට පමණක් සීමා වී තිබෙන බව නම් සඳහන් කළ යුතුව ඇත. විදුලි වැට ඉදිකිරීම කටින් බතල කොළ සිටුවන තත්ත්වයට පත්ව ඇත. වචනයෙන් පමණක් ප‍්‍රශ්න විසඳන තත්ත්වයට දේශපාලනඥයන් හා නිලධාරීන් පත් වී සිටින බවක් සඳහන් කළ හැකිය.


මුදල් හිඟය විදුලි වැට ඉදිකිරීමට බාධාවක් වී ඇති බව දැනගන්නට ඇත. ඇතැම් ආයතනවල වංචාවට දුෂණයට වැය කරන අති විශාල මුදල මේ මිනිස් ජීවිත රැකගැනීමටත් වැය කළ යුතුව ඇත. තාවකාලික පියවරක් වුවත් මේ රටේ ජනතාවට සැකයෙන් - බියෙන් තොරව ජීවත් වීමට විදුලි වැට ඉදිකිරීම කඩිනම් කළ යුතුව ඇත.

 

 

 

පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර

 

අලි - මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා විදුලි වැට ඉදි කිරීම තාවකාලික විසඳුමක් වශයෙන් හැඳින්විය හැකිය. මේ ගැටුම්වලට මූලිකම හේතුව වූයේ සංවර්ධන කටයුතුවලින් අලි වාසස්ථාන අහිමිවීමයි. අක‍්‍රමවත් සංවර්ධන කටයුතු නිසා තම භූමිය අලින්ට අහිමි විය.
විධිමත්ව, සංවර්ධනය කිරීමත්  වනජීවි වාසස්ථාන එකිනෙකට සම්බන්ධවීමත් හරියාකාරව සිදු වූවා නම් මිනිස්xඅලි ප‍්‍රශ්නය මේ තරම් දුරදිග යන්නේ ද නැත.

මේ සඳහා කදිම උදාහරණයක් ඉදිරිපත් කළ හැකිය. බෝගහපට්ටිය හා යාල වනාන්තරයත්, දහයියාගල අභය භූමිය, උඩවලව, වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය, ලූණුගම්වෙහෙර, යාල මෙම ස්වභාවික ප‍්‍රදේශ එකම ජාලයක් ලෙසින් ව්‍යාප්තව පවතී. මෙම ප‍්‍රදේශ ජාලය තුළ ජීවත් වන ජිවීන් කිසියම් ප‍්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි තත්ත්වයක් පවතී.

අලිxමිනිස් ගැටුම් අවම කිරීමට තාවකාලික විසඳුමක් ලෙසට විදුලි වැට උපාකාරී වී ඇත. මෙම විදුලි වැට ඉදිකිරීමේ කටයුතු විධිමත් නොවීමට හේතු කීපයක් බලපා ඇත.

ප‍්‍රධාන හේතුවක් නම් අලි වාසය කරන ප‍්‍රදේශ රාජ්‍ය ආයතන කීපයකට අයත් වීමයි. වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම, මහවැලිය ආදී වශයෙන් අංශ කීපයකට මෙම භූමි අයත්ව පැවතීම නිසා අලි වැට ඉදිකිරීමේ කටයුතු වලට යම් යම් බාධා සිදු වන බව සඳහන් කළ යුතුයි.

මෙම ආයතන අතර විධිමත් සම්බන්ධතාවයක් නොවීම අලි වැට විධිමත් ලෙස සැකසීමට බාධා ඇති වී ඇත. පොදුවේ ප‍්‍රශ්නයට විසදුම් ලබාදීමට මේ සියලූ ආයතන ඒකරාශී වීම වෙනුවට තමන්ගේ සීමාවෙන් ඔබ්බට යෑමක් සිදු නොවේ. තමන්ගේ මායිමට පමණක් සීමා වීම සිදු වී ඇත. එකිනෙකා අතර සම්බන්ධතාවක් නොමැත.

සංවර්ධනය, වාසස්ථාන අහිමිවීම ආයතන ඒකාබද්ධව පියවර නොගැනීම යනාදී හේතු නිසා අලිxමිනිස් ගැටුම උග‍්‍ර වී ඇත. තමන්ට නිදහසේ ජීවත් වීමට තිබූ වාසස්ථාන අහිමි වන විට ගම් වැදීම සිදු වෙති. මෑත කාලයේදී මේ තත්ත්වය වර්ධනය වී ඇත.
අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන දකින විසඳුම වී ඇත්තේ විදුලි වැට ඉදි කිිරීමයි. මේ විදුලි වැට තාවකාලික විසඳුමක් වූවත්, එහි නඩත්තුව අවශ්‍යය. තවද විදුලි වැට ඉදිකිරීම නිසි ලෙස අලි වාසස්ථාන ආවරණය වන පරිදි සිදු නොවීම තවත් ප‍්‍රශ්නයකි.

අලි වාසස්ථාන ඛණ්ඩනය වන ලෙස අලි විදුලි වැට ඉදිකිරීම මගින් සිදුවන්නේ අලි වෙනත් මාර්ගවලට යොමු වීමයි.

 

 

 

 

වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්  එච්.ඞී. රත්නායක

 
මෙලෙස වෙන්නේ ඇයි? අප වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක විමසීමු.
අලි - මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රමාණවත් තරම් මානව සම්පත් නොමැති නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය ඇතිව විදුලි වැට ඉදිකිරීම සිදු වෙයි.

විදුලි වැට ඉදි කිරීම සැළසුම් සහගතව සිදු වන අතර, කිලෝමීටර් 3500ක පමණ භූමියක විදුලි වැට පිහිටුවීමට නියමිතය.
කිලෝ මීටර් 500ක ප‍්‍රමාණයක් දැනට ඉදි කරමින් යන අතර කිලෝ මීටරයක් දුරට විදුලි වැට පිහිටුවීම සඳහා වැය වන මුදල රුපියල් ලක්‍ෂ 5කි.

ප‍්‍රශ්නය: විදුලි-වැට ඉදි කිරීම ප‍්‍රමාද වන්නේ මුදල් ප‍්‍රශ්නයක් නිසාද?
පිළිතුර: නැහැ මුදල් ප‍්‍රශ්නයක් නැහැ. සැලැස්මක් මත එම කටයුතු සිදු වෙමින් පවතිනවා. විදුලි වැට ඉදි කිරීමට සමගාමීව වසර 3ක කාලයක් නඩත්තු කිරීම සැලැස්මක් මත සිදුවෙනවා. ඉන්පසුව අලිxවැට නඩත්තුව වෙනත් අංශයකට බාර දීමට පියවර ගනු ලබනවා.
ගොවි සංවිධාන, ප‍්‍රාදේශීය ලේකම්, ගම්වාසීන් විදුලි වැට ඉදිකිරීම සඳහා බොහොමයක් ප‍්‍රදේශවල සහායට ඉදිරිපත් වී සිටිනවා.

 

 

 

 

 

අනුරාධපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පී. හැරිසන්

 

අපේ ප‍්‍රදේශවල අලිxමිනිස් ගැටුම බොහොම බලවත් ලෙසින් සිදු වෙනවා. මිනිස් ජීවිත මෙන්ම අලි විනාශ වීමත් ඉතාම බහුලව සිදු වෙනවා.

මේ වසරේ පමණක් අපේ ප‍්‍රදේශයේ මිනිස් ජීවිත 100ක් පමණක් අලි 50ක පමණ ගණනකුත් විනාශයට පත් වුණා. මේ අලිxමිනිස් ගැටුම් වැළැක්වීමට රජයට විධිමත් වැඩ පිළිවෙළක් නැහැ. වනජීවි ඇමති විජිතමුණි සොයිසා ඇමතිවරයාට මේ අලිxමිනිස් ගැටුම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට තරම් ශක්තියක්xදැනුමක් නැහැ. ඒ වගේම ඔහුට මුදල් නැහැ. කතා කරන කොට නම් සැලැස්මක් ඇතිව මේ අලි විදුලි වැට ඉදි කිරීම් කරනවා කියනවා. ඒ කියන විදියට වැඩ කෙරෙනවා නම් මිනිස්සුන්ගෙත් අලින්ගෙත් ජීවිත ආරක්ෂා වෙන්න  ඕනෑ.

අපේ පළාත්වල බොහොමයක් ප‍්‍රදේශවල විදුලි වැට නැහැ. විදුලි වැට තිබෙන ස්ථාන වල නිසි නඩත්තුවක් නොමැති කමින් වැට විනාශ වෙලා. වල් බිහි වෙලා.

අලි ප‍්‍රහාරයකින් මිනිස් ජිවිතයක් විනාශ වූ විට ඒ ප‍්‍රදේශවල ජනතාව උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පවත්වනවා. එවැනි අවස්ථාවල විදුලි වැට ගහනවා කියනවා. සමහර අවස්ථාවල ඒ මරණයෙන් පසු වැට කොටසක් හදනවා. එහෙම නැති නම් ඒ උණුසුම අවසන් වූ පසු සියල්ල අමතක කරනවා.

රජයට විධිමත් සැලැස්මක් නොමැති නිසා අලි - මිනිස් ගැටුම් එන්න එන්නම දරුණු වෙනවා.

 

 

 

 


 



අදහස් (0)

දින දින වැඩිවන අලි ප‍්‍රශ්නය

ගමගේ Sunday, 10 November 2013 11:53 PM

වැට ගහනවද? කට ගහනවද? (අ)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 11 November 2013 04:56 AM

අනේ දෙවියනේ! මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. කාට කියන්නද මේ දුක, ඔබ හැර ! (නි)

:       0       0

එරා ජෝර්දාන් Monday, 11 November 2013 12:42 PM

විදුලි වැටේ විදුලිය තියෙන බව අලින් දැන ගන්නේ කොහොමද? මේ ගැන දන්නා කෙනෙක් විස්තරයක් ලියන්න. ඒත් එක්කම මේ අලි ප්‍රශ්නයට විසදුමක් හැටියට දිය අඟලක් වගේ බැම්මක් හදල නවත්වන්න බැරිද? අලින් කටු සහිත ශාක වලට ( හන,අන්දර) ළඟා වෙන්නේ ඒවා වවන්න ගම්මුන්ට උපදෙස් දෙන්නත් පුළුවන් නේද? කොහොම හරි අලින්ටත් මිනිසුන්ටත් මේ ලංකාවේ ජීවත්වෙන්න ඕනේ. (ස)

:       0       0

අජන්ත Monday, 11 November 2013 08:40 PM

අසරණ අලි (දී)

:       0       0

මාර Monday, 11 November 2013 11:26 PM

විදුලි වැට හැහුවට කඩනවනේ මහත්තයෝ අලියෙක් නවත්වන කිලෝ මීටරය ලක්ෂ 5ක් වියදම් කරන්න ඕනෙද.(දිල්)

:       0       0

රොෂාන් Tuesday, 12 November 2013 02:05 AM

වල් අලි රැකගත යුතුයි. ඇයි මිනිස්සු වල්අලි ඉන්න පැති වල පදිංචියට යන්නේ? (නි)

:       0       0

දුමින්ද Tuesday, 12 November 2013 08:00 AM

පරිසර සංරක්ෂණ භාරය අපේ රටේ ඉතා ලොකු කාර්ය හාරයක් ඉටුකරනවා.කලිනුත් කිහිප දෙනෙක්ම ස්වාභාවික ආරක්ෂාව ගැන කියලා තිබුනා,එහෙත් එය ක්‍රියාත්මක කිරීමෙන් නිලධාරින්ට කොමිස් ලැබෙන්නේ නැහැ.ලංකාදීපයට ස්තුතියි (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 12 November 2013 07:31 PM

රොෂාන්, ඔයා ඉන්නේ කුරුදුවත්තේද?එතකොට මෙතෙක් කාලයක් මිනිස්සු මැරුනේ අලි ළගට මිනිස්සු ගිහිල්ලද? ඔයා අහලවත් නැද්ද ගම් වලට අලින්ගෙන් කරදර තියනවා කියලා. එහෙම නම් අද ඉදලවත් ප්‍රවෘත්ති ටිකක් බලන්න හොදද? (නි)

:       0       0

කුමාර Wednesday, 13 November 2013 12:52 PM

අලි ගැන කතා කරන කොට අපේ ගම් පැත්තේ අලි වැට මතක් වෙන්නේ. තව ටික දවසක් යනකොට මිනිස්සු වනයට ගහින්, ගම අලින්ට බාරදෙන එක හොඳයි.ඒ ගම තමයි මහියංගණේ බෙලිගල්ල වසම.හවස් වෙනකොට අලි, වැට අයිනට එනවා. එනකොට වනජීවී එකෙන් අලි ඈතට එළවනවා නම් ගමට අලි එන්නේ නෑනේ.එහෙම නැති නම් අලි වැට හදනවා වගේම ඒක හරියට නඩත්තු කරන්නත් ඕනී. දෙකෙන් එකක්වත් හරියට වෙන්නේ නෑනෙ.. (ස)

:       0       0

රේණුකා Thursday, 14 November 2013 09:54 AM

රොෂාන් ඔබ හරි.අලි ඉන්න කැලේ ගෙවල් හදා ගෙන අලි යන්නේ කොහෙද?ගෙවල් වල අගු පිලක ඉන්න පුළුවන් සතෙක් නම් ඉදි.උගේ හැටිය ඒකත් බැහැ නේ.පව් (ස) #

:       0       0

නිලන්ති Thursday, 14 November 2013 06:37 PM

අනේ මන්දා ,දුප්පත් මිනිස්සු ගොවිතැනක් කරගෙන ජීවත් වෙන්න කැලේට යනවා. පව් අසරණකමට, කවුරු වගකියන්නද මේවට ?? (නි)

:       0       0

රොෂාන් Sunday, 17 November 2013 02:00 AM

ලක්ෂ්මන්, මේක තේරුම් ගන්න. වල් අලි ගමට එන එකට වග කියන්න ඕනෑ මිනිස්සු.වල් අලින්ගේ ප්‍රදේශ අද වැඩි වෙනවා.උන් කොහෙද ඉන්නේ? ප්‍රදේශ එලිපෙහෙළි කරනවා.රට සංවර්ධනය වෙනකොට සහ ජනගහණය වැඩි වෙනකොට මිනිස්සු කැළෑවල් කපනවා. මහියංගනය වුණත් අද ජන‍ාකිර්ණයි. ඕක අපේ රටේ සංචාරක කර්මාන්තයත් බෙහෙවින්ම බලපානවා (නි)

:       0       0

රොෂාන් Sunday, 17 November 2013 02:14 AM

ඔයාලා හරියට බැලුවොත් තෙරෙනේ ඕනෑ, ප්‍රතිශතය මිනිස්සු ගාණටම අලිත් මැරිලා. රටේ ඒ ඒ තැන් වල ස්ංචාරය කරලා බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site