X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


දියවැඩියා රෝගීන්ට කොරෝනා බලපෑම

වයිරසය ශරීරගතවීම දියවැඩියාව ඇති රෝගියකුට හා ආනෙක් අයටද එක ලෙස අවදානමක් ඇති අතර දියවැඩියා රෝගියකුට කොවිඩ් - 19 ආසාදයන වුවහොත් එමගින් අතුරු ආබාධ මෙන්ම සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. ඒ දියවැඩියාව හොඳින් පාලනය නොවූ පුද්ගලයන්ටය.

මේ නිසා දියවැඩියාව වැළඳුනු පුද්ගලයන් කොවිඩ් - 19 රෝගය ආසාදනයවීම වැළැක්වීමට පහත පිළිවෙත් අනුගමනය කිරීම වැදගත්ය.

● සාමාජයට පිවිසෙන විට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට සෑම විටකම පාහේ අඩි 6ක දුරස්ථභාවය පවත්වාගැනීම වැදගත් වේ.
● නියමිත සෞඛ්‍යරාක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අවශ්‍යයැයි හැඟෙන සෑම අවස්ථාවකදීම දෙඅත් සබන් ගා තත්පර 20ක් වත් හොඳින් සෝදා ගැනීම අවශ්‍ය  අතර ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණයක් පැළඳීම අත්‍යාවශ්‍ය වේ.
● ඔබට දියවැඩියාව ඇත්නම් රුධිර සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමින් පාලනය කර ගැනීමද ඉතා වැදගත් වේ.


දියවැඩියාව හා කොරෝනා වයිරස් රෝගය අතර ඇති සම්බන්ධය.
රෝගය ව්‍යාප්ත වූ මුල් කාලයේ සිදුකරන ලද අධ්‍යයනවලට අනුව දරුණු ලෙස කොවිඩ් - 19 ආසාධනය වී රෝහල් ගත කර රෝගීන්ගෙන් සියයට 25 කට පමණ දියවැඩියාව වැළඳී තිබූ රෝගීන් බව හඳුනාගෙන තිබේ.

මීට අමරතව දියවැඩියාව ඇති රෝගීන්ට කොවිඩ් - 19 ආසාදනය වීමෙන් දරුණු සංකූලතා හා අතුරු ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. ඊට අමරතව මෙම රෝගයෙන් මියයාමට  ඇති අවදානමද වැඩිය. මෙයට හේතුවක් ලෙස සොයා ගෙන ඇත්තේ රුධිරයේ අධික ලෙස ග්ලුකෝස් මට්ටම ඉහළ යාමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය හීණ වන බවත් එමගින් ආසාදනයක් ඇතිවූ විට ඒවා හා තරඟ කර වයිසරය විනාශ කිරීමට ඇති හැකියාව අඩු බවයි.

මීට අමරතව කොරෝනා වයිරසයේ බලපෑම තවදුරටත් වැඩි වීමට ඔබට පෙනහලු ආශ්‍රීතව රෝග හෘද රෝග ඇත්නම් එයද බලපානු ඇත.

ඔබට දියවැඩියාව වැළඳී ඇත්නම් කොරෝනා ආසාදනය වුවහොත් දියවැඩියාවේ දරුණු සංකූලතාවක් වන දියවැඩියා කීටොඇසිඩෝසිස් (Diabetes Ketoacidosis) තත්ත්වය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිවේ. මෙහිදී සිදුවන්නේ සිරුරේ රුධිර ග්ලූකොස් මට්ටම ඉහළ යාමේදී රුධිරයේ කීටෝන (Ketones) නම් අම්ලයේ මට්ටම ඉහළ යාමයි. මෙය ඉතා දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය.

ඒ හැරුණු විට දියවැඩියාව රෝගීන්ට මෙම කොවිඩ් - 19 වයිරසය ශරීර ගතවීමේදී ශරීරය එම වයිරසයට ප්‍රතිචාර දැක්වීමේදී වයිරසය රුධිරයට ඇතුලු වී සෙප්සිස් (Sepsis) නම් තත්ත්වය ඇතිවිය හැක. මෙම සෙප්සිස් නම් තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී ශරීරයේ තරල (Body Fluids) හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය (Electrolytes) මට්ටම සමතුලිත වන ලෙස කළමනාකරණය කළ යුතු වේ.

එහෙත් දියවැඩියාවේදී ඇතිවන දියවැඩියා කීටොඇසිඩෝසිස් (Diabetes Ketoacidosis) තත්තවයේදී රුධිරයේ ඇති අංශු මාත්‍ර මූලද්‍රව්‍ය (Electrolytes) මට්ටම පහළ යන නිසා සෙප්සිස් (Sepsis) තත්ත්වයට පත්වුවහොත් ප්‍රතිකාර කිරීම අසීරු වේ.

දියවැඩියා රෝගියකු කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂා වීමට කළ යුත්තේ කුමක් ද?
මේ සඳහා හොඳම උපක්‍රමය වන්නේ සමාජයට නිරාවරණය නොවී නිවසේ රැදී සිටීමයි. ඇතැම් රටවල (ඇමරිකාවේ වැනි) දියවැඩියාව වැළඳුනු රෝගීන්ට සේවා ස්ථානයේ අනෙක් සගයන්ගෙන් වෙන්වී වැඩි ඉඩකඩක් සහිත ස්ථාන වෙන්කර ඇති අතර නිවසේ සිට රාජකාරී කිරීමට මෙන්ම අවශ්‍ය අවස්ථාවල ලෙඩ නිවාඩු වාර්තා කිරීමට ද අයිතිය ඇත.

අත්‍යවශ්‍ය කරුණකදී බාහිර සමාජයට යාමට අවශ්‍ය වුවහොත් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය වේ. මීට අමරතව ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණයක් පැළඳීම මෙන්ම උපදෙස් දී ඇති පරිදි හොඳින් සබන් ගා අත්සේදීම අත් සේදුම් දියරයක් පාවිච්චිය කිරීමද වැදගත් වේ.

එයට අමතරව ද ඉන්සියුලින් (Insulin) නම් හෝමෝනය නික්ෂේපනය කරන රෝගීන් නම් එය නික්ෂේපනය කරන සෑම අවස්ථාවකදීම හොඳින් අත් සෝදා ගැනීම මෙන්ම නික්ෂේපනය කරන ස්ථානයද හොඳින් මද්‍යසාර සහිත ද්‍රාවණයකින් සෝදා පිරිසුදු කළ යුතුය.

මීට අමරතව දියවැඩියා රෝගියකු සිටන නිවසක අනෙක් අයද නිතර දෙඅත් සෝදා පිරිසුදු කර ගත යුතු අතර ආහාර පිළියෙළ කිරීමේදී ද එය වැදගත් වේ. ගෙදර භාවිතා කරන පිඟන් කෝප්ප හා ඇඳුම් පැළඳුම් තනි තනිව වෙන වෙනම පාවිච්චි කිරීමටද වැදගත් වේ.

එසේම නිවසේ යම් පුද්ගලයකු රෝගාතුර වූ අවස්ථාවකදී රෝගියා වෙනම කාමරයක සිටීම වැදගත්වන අතර දියවැඩියාව වැළඳුනු අයකු සිටීනම් මුඛ ආවරණයක් පැළඳීමද වැදගත් වේ.

කොවිඩ් - 19 ආරක්ෂා වීමට දියවැඩියා රෝගීන් ගතයුතු ක්‍රියාමාර්ග.
සමාජ දුරස්ථභාවය හා නිවසේ සිටීම පමණක් කොවිඩ් - 19 හා සටන් කිරීමට ප්‍රමාණවත් නොවේ.
පුද්ගල සංචරණය අවම කිරීමට ඇඳිරි නීතිය වැනි සීමා පැනවීමේදී රෝගියෙකුට සුදුසු ආහාර වර්ග ඖෂධ හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත දේවල්වල හිඟයක් මෙන්ම සීමාවක් ඇතිවන නිසා සති 2-3 ක කාලයකට සරිලන ආහාර ඖෂධ ලබාගෙන එකතු කර ගැනීමද වැදගත් වේ.

මීට අමරතව ප්‍රමාණවත් පරිදි ආහාර ද්‍රව්‍ය එක්රැස් කරගත යුතු අතර දියවැඩියා රෝගීන්ට යෝග්‍ය සම්පූර්ණ තිරිඟු (Whole Wheat) හෝ සම්පූර්ණ ධාන්‍ය (Whole Grain) වලින් සැකසූ ආහාර වර්ග මෙන්ම එළවළු නූඩ්ල්ස් හා රසකාරක හා සීනි නොයෙදූ  ආහාර රැස්කර ගැනීමද යෝග්‍ය වේ.
එසේම රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස අඩුවන අවස්ථාවලදී ආහාරයට ගත හැකි, මී පැණි, සීනි අඩංගු සෝඩා, පලතුරු යුෂ හා සූකිරි වැනි සීනි අඩංගු ආහාරද රැස්කරගැනීමද යෝග්‍ය වේ.

ඉන්සියුලින් ලබාගන්නා රෝගීන් නම් මසකට හෝ සරිලන ලෙස ඉන්සියුලින් රැස් කරගත යුතු අතර ගිලින පෙති මගින් සීනි පාලනය කරගන්න රෝගීන් ඒ ඖෂධ මසකට හෝ දෙකකට සරිලන ලෙස රැස්කර ගත යුතුය.

හදිසි අවස්ථාවකදී උපදෙස් ගත හැකි රෝහලේ හෝ පෞද්ගලික පවුලේ වෛද්‍යවරයාගේ දුරකථන අංක සටහන් කරගත යුතුය.
වෛද්‍යවරයා හමුවීමට යාම අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී වීඩියෝ ඇමතුමකින් හෝ අමතා රුධිරයේ සීනි මට්ටම මැනිය යුතු වාර ගණන රෝගී අවස්ථාවකදී ඉන්සියුලින් හෝ ඖෂධ මාත්‍රාව වෙනස් කළ යුත්තේ කෙසේද හා සරල සෙම්ප්‍රතිශ්‍යාවකදී හෝ උණ තත්ත්වයකදී ගතයුතු ඖෂධ පිළිබඳ උපදෙස් ලබාගැනීම කළ යුතුය.

ඔබ යම් හෙයකින් රෝගාතුර වුවහොත් කළ යුත්තේ කුමක්ද?
ඔබට රෝගී බවක් හැඟෙන්නේ නම් මුලින්ම කළ යුත්තේ නිවසේ රැදී සිටීමයි. රුධිරයේ සීනි මට්ටම වෙනදාට වඩා වැඩි වාර ගණනක් පරීක්ෂා කිරීම කළ යුතුය.

ඔබට කොවිඩ් - 19 ආසාධනය වුවහොත් ආහාර රුචිය අඩුවිය හැකි අතර එමගින් ඔබ ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩුවේ. එසේම වෙනදාට වඩා පිපාසය අඩුවිය හැකි රෝගාතුර වූ විට වෙනදාට වඩා දියර පානය කිරීම අත්‍යවශ්‍ය වන අතර ආසන්නයේ දියර හා පාන වර්ගයක් තබාගත යුතු ඒවා නිතරම පානය කළ යුතුය.

එසේම සාමාන්‍ය උණ, සෙම්ප්‍රතශ්‍යාව හෝ කැස්ස ඇති වූ විට පාවිච්චි කරන ඇතැම් ඖෂධ මගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම විචල්‍ය විය හැකිය. අධි මාත්‍රාවෙන් ගන්නා ඇස්පිරින් හෝ ඉබිප්‍රෝෆෙන් වැනි ඖෂධ මගින් රුධිරයේ සීනි මට්ටම අඩුවිය හැකිය. මෙයාකාරයෙන් පැරසිටමෝල් නම් ඖෂධය මගින්ද රුධිරයේ සීනි මට්ටම අක්‍රමවත් ලෙස වෙනස්විය හැකිය. මීට අමරතව කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාවට පානය කරන ඇතැම් සිරප් වර්ගවල අධික සීනි මට්ටම තිබිය හැකි අතර එමගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකිය. මේ නිසා මෙවැනි ඖෂධ ලබාගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ.

මීට අමරතව ඔබට කොරෝනා රෝග ලක්ෂණ වන වියළි කැස්ස උණ හුස්ම ගැනීමේ අපහසුතාව හා රස සුවඳ දැනීමේ වෙනස් කම් ඇතිවන්නේ නම් වහාම වෛද්‍යවරයා අමතා ඒ බව දැන්විය යුතුය.

 

*** කොළඹ ජාතික අක්ෂි රෝහලේ
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රොෂාන්ත හේවාමද්දුම



අදහස් (1)

දියවැඩියා රෝගීන්ට කොරෝනා බලපෑම

vidya Tuesday, 09 June 2020 02:19 AM

හේවාමද්දුම වෛද්‍යතුමනි , ඔබාතුමාගේ මෙම ලිපියෙන් විශාල දැනුමක් ලැබුවෙමි. මේ තොරතුරු රූපවාහිනී මාර්ගයෙන් සාමාන්‍ය ජනතාවට ලැබීමට සලස්වන්නට පුලුවන්ද? ඔබතුමාට බොහොම ස්තුතියි.

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site