දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම බිම් ගෙවල් ගණනාවක් ඇති රට ශ්‍රී ලංකාවයි. එසේම, එම දුම්රිය බිම් ගෙවල් පිහිටා ඇත්තේ බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අතරයි. ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා ඇති දුර කිලෝමීටර් 8.5කි. මෙම දුර ප‍්‍රමාණය අතර දුම්රිය බිම් ගෙවල් 14ක් පිහිටා ඇත.
මෙම දුම්රිය බිම් ගෙවල් 14ම එක්දහස් අටසිය ගණන්වල දී සාදා ඇති අතර ඒවාට වර්ෂ සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇත. මෙම බිම් ගෙවල් සියල්ලම ප‍්‍රාථමික තාක්ෂණික ක‍්‍රමවේද උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. ඒ සඳහා මිනිස් ශ‍්‍රමය විශාල වශයෙන් භාවිතයට ගන්නට ඇත. එසේම බිම් ගෙවල් නිර්මාණයේ දී භාවිතයට ගැණුනු වෙඩි බෙහෙත් ගබඩා කිරීම පිණිස භාවිත කරන ලද වෙඩි බෙහෙත් ගබඩාවක් ද ඔහිය දුම්රිය ස්ථානයට මදක් දුරින් පිහිටා ඇත. එම වෙඩි බෙහෙත් ගබඩාව සවි ශක්තියෙන් යුතුව වක‍්‍රාකාර කොන්ක‍්‍රීට් වහලයක් සහිතව ඉදි වූවකි.
මෙම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිම් ගෙවල් 14ට අමතරව කුඩා ප‍්‍රමාණයේ පාලම් 4ක් ද දක්නට ලැබේ. මෙම දුම්රිය බිම් ගෙවල් මුහුණත් එකිනෙකට වෙනස්ය. එකිනෙකට ඉදිරිපස හැඩතල ද වෙනස්ය. බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 22 සිට අංක 35 දක්වා මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇති බිම් ගෙවල්වල අංක වෙයි.
අංක 26 දරන බිම් ගෙය මෙම ප‍්‍රදේශයේ හමුවන දිගින් අඩුම දුම්රිය බිම් ගෙය වන අතර උසින් අඩුම දුම්රිය බිම් ගෙයද මෙයම වේ. මෙහි දිග මීටර් 20.12කි. මෙය වට්ටක්කා බිම් ගෙය ලෙස ද හඳුන්වන අතර, මෙය ඉදිරියෙන් පාලමක් ද දක්නට ලැබේ. අංක 29 දරන දුම්රිය බිම් ගෙය මෙම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා ඇත. එහි දිග මීටර් 181.09කි.
අංක 23 දරන බිම් ගෙයෙහි දිග මීටර් 140.85කි. අංක 22 දරන බිම් ගෙය දිග මීටර් 124.39කි. අංක 34 දරන බිම් ගෙය දිග මීටර් 120.73කි. අංක 28හි දිග මීටර් 100.6කි. අංක 25, 30, 32 සහ 35 දරන බිම් ගෙවල්හි දිග මීටර් 80.48කි. අංක 27, 31 සහ 33හි දිග මීටර් 60.36කි. අංක 24රේ දිග මීටර් 40.24 වන අතර අංක 22 දරන බිම් ගෙයි දිග මීටර් 20.12කි. සෑම බිං ගෙයකම අංකයත්, කොළඹ සිට ආරම්භ වන ස්ථානයට ඇති දුර සැතපුම්වලිනුත් සඳහන් කර ඇත.
ඔහිය දුම්රිය ස්ථානය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය දෙපස ඇත්තේ රජයේ වනාන්තර වන අතර, දුම්රිය මාර්ගය හැර වෙන කිසිදු ආකාරයක ප‍්‍රවාහන පහසුකම් නොමැත. කිසිම ආකාරයක මිනිස් වාසස්ථාන ද නැත. මේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පා ගමන ඉතාම ත‍්‍රාසජනක අත්දැකීමකි.
මෙම ලිපිය සම්පාදනය කිරීම සඳහා මා පසුගියදා ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය දිගේ පා ගමනින් පැමිණි අතර, මෙම දුම්රිය පා ගමන සඳහා චතුරංග, තුෂාර සහ මධුසංක යන අය මා සමග සහභාගි වූහ.
![]() |
අංක 32 දරණ දුම්රිය බිංගෙය |
![]() |
අංක 24 දරණ දුම්රිය බිංගෙය |
![]() |
අංක 29 දරණ දුම්රිය බිංගෙය |
![]() |
අංක 26 දරණ දුම්රිය බිංගෙය (වට්ටක්කා බිංගෙය) |
![]() |
අංක 22 දරණ දුම්රිය බිංගෙය |
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුම්රිය ස්ථාන දෙකක් අතර දිගම බිංගෙය
ගාමිණී Friday, 29 March 2013 08:45 PM
අංක 22,24 බිංගෙවල් දෙක හරිම කලාත්මකයි.(නදී)
දිසා Tuesday, 26 March 2013 10:33 PM
ඇත්තෙන්ම ඉතාමත් රසවත් ලිපියක්. (නි)
නෂ්රුදීන් නිෂාම්ඩීන් Wednesday, 27 March 2013 02:12 AM
හරිම ලස්සනයි. මම කවදහරි මෙම ස්ථානය බලන්න යනවා.(නදී)
නිශාන්ත විජේසුරිය Wednesday, 27 March 2013 11:47 AM
මගේ රට ලස්සනයි. ස්තුතියි ඔබට.(නදී)
ප්‍රදීප් Wednesday, 27 March 2013 02:16 PM
කාලෙකින් කියවපු ඉතා වටිනා ලිපියක්. ඒ වගේම ලස්සන පින්තූර ටික. ලබන සැරේ ලංකාවට ආවහම අනිවාර්යෙන්ම බලන්න යනවා. ලංකාදීපයට ස්තුතියි. (ස)
රොද්‍රගු Wednesday, 27 March 2013 02:40 PM
ඉතා වැදගත් , මමත් අද දැනගත්තේ. ස්තූතියි ලංකාදීප (ස)
සම්පත් Wednesday, 27 March 2013 04:57 PM
මෙතරම් දිග උමං ලංකාවේ තියෙනවාද (දී)
දිමුතු මධුෂාන් Thursday, 28 March 2013 07:34 AM
නියම ලිපියක්.(නදී)
දේශානි Thursday, 28 March 2013 09:19 AM
වැදගත් ලිපියක්.ස්තූතියි.(නදී)
අනුර Thursday, 28 March 2013 11:41 AM
මේ වගේ දේවල් බලන්නත් පිනක් ඕනේ (දී)
ස්වින් Thursday, 28 March 2013 12:05 PM
සුන්දරත්වයෙන් අංක 1 ලංකාව (දී)
රංජිත් Friday, 29 March 2013 05:35 AM
මාධ්‍යවේදී මහතාගේ උත්සාහය ඉතාමත් අගෙයි. (නි)
තිළිණි Tuesday, 26 March 2013 09:02 PM
හොඳ වැඩක්, ඔබගේ ලිපියට බොහොමත්ම ස්තූතියි (ස)
ආනන්ද Saturday, 30 March 2013 01:55 AM
සුද්දටම හොද කියන්න එපා. මොකද ඕවා එදා සුද්දා හැදුවේ නැත්නම් අපි බදුල්ලට නොගිහින් ඉන්නවද? (නි)
ප්‍රසන්න Saturday, 30 March 2013 08:10 AM
මේවා සුද්දෝ හදාපුවානේ. (නි)
රාජිත Saturday, 30 March 2013 08:50 PM
පාසල් ළමයින්ට ඉතා වටිනා පුවතක් (දී)
වීරසිංහ-අරාබිය Sunday, 31 March 2013 06:35 AM
ඇත්තටම ලස්සනයි. බලන්න ඕන දේවල් තමයි. නියම වැඩසටහනක් හොදට කරලා තියෙනවා.(නදී)
පෝලෝ Friday, 05 April 2013 01:24 PM
ගොඩක් වටිනා ලිපියක්. අපිත් කැම්පස් එකේදී පර්යේෂණයකට ඹය බිං ගෙවල් ඔක්කොගෙම ගියා. ඇත්තටම හරිම අපූරු අත්දැකීමක් වුණා. (නි)
සුනිල් ආනන්ද Thursday, 11 April 2013 06:10 PM
ඉන්දික , ලිපිය නියමයි. මට ඔබගේ ඇගිළි තුඩු ඉඹින්න හිතුණා. (නි)
චමූ Tuesday, 16 April 2013 11:08 AM
ඒක නියම ලිපියක්.(නදී)
සිතිර Saturday, 04 May 2013 10:29 PM
මේ ඔක්කොම සුද්දගේ වැඩෙන ඉතින්. (නි)
ඉෂාර Wednesday, 15 May 2013 07:45 AM
මම නම් ඔය ගමන ගියා. නියම ගමන, හැබැයි තහනම් ඔහොම යන එක.(නදී)
චරිත් මදුසන්ක Wednesday, 15 May 2013 07:40 PM
අපි නම් ගියා. කියලා වැඩක් නැහැ.මරේ මරු.... (නි)
චින්තක Tuesday, 26 March 2013 01:13 PM
ඉතා හොද ලිපියක්. ඒ වගේම ඡායාරූපත් ලස්සනයි. (නි)
සුසන්ත - ඉතාලිය Monday, 25 March 2013 03:16 AM
වටිනා විස්තරයක්. ඡායාරූප ටික අගෙයි.(නදී)
ටානියා Monday, 25 March 2013 10:18 AM
ඉතාමත් සුන්දර දසුනක් (දී)
ලක්මුතු Monday, 25 March 2013 12:00 PM
ස්තූතියි ඉන්දික. මේ ලිපිය ඉතා රසවත්. (නි)
අමිල Monday, 25 March 2013 01:08 PM
ස්තූතියි.අපූරු ලිපියක්.. (ස)
ධනුෂ්ක Monday, 25 March 2013 04:11 PM
ගොඩක් හොඳයි (ස)
ප්‍රසංග Monday, 25 March 2013 04:50 PM
ලාංකිකයෙක් විදියට ලෝකේ කොහේ හිටියත් හදවතිනුයි ඇස් වලිනුයි රසවිඳින්න පුළුවන් එකම රට. (නි)
ඉන්දක Monday, 25 March 2013 08:55 PM
ලංකාවේ සුන්දරත්වය (දී)
පුබුදු Monday, 25 March 2013 11:41 PM
මම මේ ගැන උනන්දුයි. ස්තූතියි. www.panoramio.com/user/pubudu (නි)
නසාර් Tuesday, 26 March 2013 09:14 AM
අපි අපේම කියාගන්න මොනවද තැනුවේ කියන්නකෝ. (නි)
සිල්වා Tuesday, 26 March 2013 11:49 AM
අද අපේ තරුණ පරපුරට අපේ උරුමයේ වැදගත්කම ගැන කියාදෙන්න බොහොම වැදගත් ලිපියක්. (නි)
ප්‍රේමදාස Monday, 25 March 2013 12:20 AM
මම මේ ලිපියට හරි කැමතියි. බොහොම ස්තූතියි ලංකාදීප! (නි)
සිරි Tuesday, 26 March 2013 01:33 PM
ඇත්තෙන්ම රසවත් ලිපියක්. (නි)
චමින්ද Tuesday, 26 March 2013 03:23 PM
ලංකාවේ මේ වගේ ලස්සන තැන තියෙනවාද (දී)
ශානක Tuesday, 26 March 2013 04:15 PM
ස්තූතියි සහෝදරයා! (නි)
අරක්ෂා Tuesday, 26 March 2013 05:13 PM
නසාර් අපි අපේම කියලා හදපුවා මොනවද කියලා අනුරාධපුරයට හෝ පොලොන්නරුවට ගිහින් බලන්න.(නදී)
තිස්ස Tuesday, 26 March 2013 05:56 PM
ලංකාදීප, ඔබට තුති මල්! (නි)
හෆීල් Tuesday, 26 March 2013 06:24 PM
පුදුමාාකර ලිපියක්. ස්තූතියි ලංකාදිප. (නි)
බොතේජු Tuesday, 26 March 2013 06:55 PM
වටිනා ලිපියක් සහ දකින්න නොලැබෙන ඡායාරූප පෙළකි. (නි)
බොතේජු Tuesday, 26 March 2013 06:55 PM
ඉන්දිකට සහ ලංකාදීපයට ස්තූතියි! (නි)
කසුන් Tuesday, 26 March 2013 07:10 PM
ඔක්කොම බින් ගෙවල් ගැන සම්පුර්ණ විස්තරයක් ඉදිරි සතියකදී කරන්න (දී)
ටෙශාන් Tuesday, 26 March 2013 07:25 PM
අතිශය ලස්සනයි, ලෝකෙන් උතුම්ම ලස්සනම රට ලංකාවයි (දී)