ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි. කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ලෙන් සෙල් ලිපි සොයද්දී ඔහුට කියවන්නට ලැබුණු සෙල් ලිපිවලින් ඇතැම් ඒවා දෙමළ ය. තවත් ඒවා සිංහල ය. මේ හැම සෙල් ලිපියකින් ම වෙල්ගම් වෙහෙර යන වචන දෙක කියවන්නට ඔහුට හැකි වූයෙන් මේ නාථනාර කෝවිල යනු වෙල්ගම් වෙහෙර බව හඳුනාගත හැකි විය. ඒ වන විට රූස්ස ගස් කොළන්වලින් යට වී තිබූ බිම් කොටස් අතරෙහි ඉපැරැුණි නටබුන් රැසක් සැඟව තිබිණි. පරණවිතානයන් ආපසු කොළඹ ගියේ වෙල්ගම් වෙහෙරේ නටබුන් පොළොව යටම තිබෙද්දීය. එහෙත් ඒවා මතුකර ගැනීමේ අභිලාෂයක් ඔහු තුළ විය. දෙවැනි මහා සංග්‍රාමය ඇරඹීම නිසා සියලූ කටයුතු නතර වී තිබිණි. එහෙත් ත්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයනට වෙල්ගම් වෙහෙර පිළිබඳව අසන්නට ලැබිණි. ඔවුහු එක්ව වෙල්ගම් වෙහෙර සංවර්ධන සමිතියක් පිහිටුවාගත් අතර මාදුවේ රතනවංශ හිමියන්ට වෙල්ගම් වෙහෙරට වැඩමවන්නැයි ඇරියුම් ද ලැබිණි. වෙල්ගම් වෙහෙරේ වන මැද තැනූ කුඩා පැල්පතක් ස්වකීය ආවාසගෙය කරගත් හිමියෝ එහි සිට වෙල්ගම් වෙහෙරේ අතීතය ගොඩගන්නට කැපවී ක්‍රියා කළෝය. පුරාවිද්‍යා කැණීම් ඇරඹිණි. හෙමින් සීරුවේ ගොඩගැනුණු අතීතයට අනුව වෙල්ගම් වෙහෙරෙහි නිර්මාතෘ දෙවනපෑතිස් රජු ය. දෙතිස්ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරමින් ආරම්භ කළ වෙල්ගම් වෙහෙර බෞද්ධ ජනතාවගේ මුල්ම පුද බිමක්ම විය. මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ලංකාවට වැඩම කරන්නටත් පෙර පැවති ත්‍රිකුණාමලය හෙවත් සිරි ගෝණමල පෙදෙස බෞද්ධයන්ගේ නිජබිමක්ව තිබී ඇත. මේ අනුව වෙල්ගම් වෙහෙරේ ආරම්භය ක්‍රි.ව. පළමු වැනි සියවස බව විශ්වාස කළ හැකිය. එතැන් පටන් සියවස් දහයක් තිස්සේ යුගයෙන් යුගයට විරාජමාන වූ වෙල්ගම් වෙහෙර චෝල අධිරාජයාගේ ආක්‍රමණයකට ගොදුරු විය. මේ වන විට ලංකාවේ රජ වූ පස් වැනි මිහිඳු කිරුළ හැරපියා නගරයෙන් පලාගොස් තිබිණි. චෝල රජු පැමිණ අනුරපුරය අල්ලාගත් අතර දොළොස් වැනි සියවසේ දී පමණ මේ පෙදෙසේ සිටි ජනතාව තම ගම් බිම් හැරදා යන්නට පටන් ගත්හ. ඒ සමගම කැලයට ගිය සිරිගෝණ පුරය ගිරිහඩුසෑය වෙල්ගම් වෙහෙර සේරුවාවිල වැනි පුදබිම් වන අරණේ සඟවාගත්තේය. එවක් පටන් අවුරුදු අටසීයක් තිස්සේ ගණ වනයට වෙල්ගම් වෙහෙර යටවී ගියේය. පුරාවිද්‍යා කැණීම්වලින් මතු වූ වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක් බුදු පිළිම, දාගැබ්, මුරගල්, විවිධ කැටයම් ආදිය ද විය. වෙල්ගම් වෙහෙරේ මහා පිළිම ගෙය දෙමළ විහාරයක් බව පෙන්නුම් කරයි. එසේ වීමට හේතුව චෝල අධිරාජයාගේ වෙල්ගම් වෙහෙර කඳවුරේ සේවය කළේ දෙමළ බොද්ධයන් වීමය. ඔවුහු මේ විහාරය ඔවුනගේ ඌරුවට අනුව පිළිසකර කර ගත්තා පමණක් නොව පුද පූජා ද පැවැත්වූහ. මෙහි චෛත්‍ය තුනක නටබුන් හමුවී තිබේ. ඉන් විශාලතම දාගැබ චතුරස්රයේත් අනෙක් දෙක කඳු වැටිය මතත් පිහිටා ඇත. මේ කඳු වැටියේ තිබෙන දාගැබ් දෙක ඉතාමත් පැරැුණිය. මහ පිළිම ගෙය දෙපස ඇති කුටි දෙකකම බුදු පිළිම තැන්පත් කර තිබිණි. මින් ඇතැම් ඒවා තනා තිබුණේ හුණු ගලිනි. එබැවින් ඒ පිළිම අයත් වන්නේ පස්වැනි සියවසට බව විශ්වාස කෙරේ. ශෛලමය තාප්පයකින් වටකර ඇති මේ නටබුන් පෙදෙස පුරා සංචාරය කරනවිට හැෙඟන්නේ අප ජීවත්වන්නේ බොහෝ අතීතයක බවය. ඒ අතීතයේ සැරිසැරූ අපි ඉනික්බිති බෝධි වෘක්ෂය දෙසට ඇවිද ගියෙමු. අනෙකුත් බෝධි වෘක්ෂවලට වඩා කුඩා පත්‍ර සහිත මේ බෝධිය අපේ හිත්වල ජනිත කරන්නේ අමුත්තකි. මේ පන්සලේ තිබුණු මුල් බෝධිය 1964 සුළිසුළඟට ඇද වැටුණා. මේ තියෙන්නේ ඊට පස්සෙ රෝපණය කළ බෝගසක්. වත්මන් විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමියෝ කියති. වෙල්ගම් වෙහෙර කාලයක් අපට තහනම් ප්රදේශයක්ව තිබිණි. ඒ කොටි සංවිධානය විසින් ස්වකීය පාලනයට මේ පෙදෙස නතුකර ගෙන සිටීම නිසාය වත්මන් නායක හිමියනට පවා ජීවිත තර්ජන එල්ල කළ ඔවුහු පන්සලට මෝටාර් ද ගැසූහ. එවැනි විටෙක පන්සල රකින්නට පැමිණි සෙබළ මුලක්ම ඝාතනය කරනු ලැබිණි. ඒ අතීතයේ සටහන් ඡායාරූප හා පුවත්පත් වාර්තා රැසක් අපට දැකබලා ගනු පිණිස බිත්තියක එල්ලා තිබේ. ඒ ඛේදවාචකය සිදුවූයේ 2000 ජුනි 30 වැනිදාය. ඒ සිද්ධිය එදා "ලංකාදීප”ය වාර්තා කළේ මේ අයුරිනි. -විල්ගම් වෙහෙර ගමට කොටි මෝටාර් ගසති. පන්සල් වත්තට වැටුණු බෝම්බයෙන් විහාරාධිපති හිමිට බරපතල තුවාල ගම්වැසියෝ හතරක් නසිති” මේ තියෙන්නේ ඒ තුවාල තමා වෙල්ගම් වෙහෙර නායක හාමුදුරුවෝ එදා සිදුවූ බරපතළ තුවාලවල සුව වූ කැළැල් අපට පෙන්වති. එහෙත් මේ කොටි තර්ජනවලට බියපත්ව වෙල්ගම් වෙහෙර හැරදා යන්නට නායක හිමියන් සිතුවේවත් නැත. හමුදාවේ රණවිරුවන්ගේ ඇල්ම බැල්ම මැද ඒ හිමියෝ වෙල්ගම් වෙහෙරෙම රැඳී සිටිමින් අපේ නැගෙනහිර බෞද්ධ උරුමය රැක බලා ගත්තෝය. දැන් යළිත් වතාවක් වෙල්ගම් වෙහෙරේ බෞද්ධ පුබුදුවක් සිදු වෙමින් පවතී. දැන් සමාධි බුදුරුවක් ද ඉදිවෙමින් තිබේ. මේ ප්රබෝධය සිත් පහන් කරලන බව ද කිව යුතුමය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර
කෝසල Wednesday, 04 July 2012 10:59 AM
ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
ජානක Tuesday, 19 June 2012 04:53 PM
රටේ ඉතිහාසය හා මහාවංශය විකෘති කිරීම වහා නතරකල යුතුය.
නිසාන් Tuesday, 19 June 2012 05:35 PM
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්නවෙනවා ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
මිහිරංග Friday, 22 June 2012 12:12 PM
අපේ පැරණි ශ්‍රී විභූතිය මතු පරපුරට දැකගන්න, ආරක්ෂා කරදීම බලධාරීන්ගේ වගකීමයි.
වසන්ති Friday, 22 June 2012 12:31 PM
අපේ සිංහල බෞද්ධ උරුමයන් දැන ගන්න පිරිත් පොත බලල පුඑවන් (පරිසර වර්නනාව)
ලොකුගේ Saturday, 23 June 2012 02:13 AM
ඔහොම කෙනෙක් කියන දේ දැන ගැනීම වැදගත්..
සමිර Monday, 25 June 2012 12:44 PM
ඉතා වැදගත් පාසැල් දරුවනට
ජී.ජී Thursday, 28 June 2012 09:14 AM
වෙල්ගම් වෙහෙරට යන පාර ලොකු කර පිළිසකර කරන්න....
මනොරි Thursday, 28 June 2012 10:46 AM
පොළොන්නරුව රාජධානිය සමයේ ඇදපු චිත්‍ර බලන්න. අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
කුමුදුමලී Monday, 02 July 2012 10:26 AM
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
රුවන් Monday, 02 July 2012 12:19 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා. මේ ප්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් .
හිමාලි Tuesday, 03 July 2012 12:10 PM
චුලවංශය කියන්නේ දීතුන් නිකායේම පැවති වටිනා දාගැබි සිදළමින් අගනා රන් පභිම අදිය ගෙන ගිය සෝළිහු යකුන් මෙන ලංකාවෙ තැන තැන පිහිටි වෙහෙර විහාර සාහසික ලෙස විනාශ කරමින් ලක්දිව සාරය උරා බීවු බවයි ඉතින් ඉතිහාසේ කියන්නේ ති‍්‍රකුනාමලය ආසන්නයේ පැවති නාථනාර් කෝවිල් බිමෙ පිහිටා තිබු වෙල් ගමි විහාරය ප්‍රතිසංස්කරණය කොට රාජරාජපෙරුමිපල්ලි යන නමින් නමි කල බවයි. දෙමළ බෞද්ධයෝ කියලා කෙනෙක් හිටියේ නැහැ නැහැ. මෙවා ඉගෙන ගන්න අයත් බලනවානේ ඉතින් ඇත්ත කියනවානමි ගොඩක් හොදයි.
කුමාරි Tuesday, 19 June 2012 05:31 PM
අපිට අපේ දේවල් අගේ නැහැ. ඒක තමයි වැරදුණ තැන
එස් ජේ .සුනිල් Friday, 06 July 2012 11:21 PM
අපේ පැරණි උරුමයන් ගැන කියනකොට ඒවාට යන මාර්ග සිතියමක් දෙන්න
samanmal Saturday, 07 July 2012 02:04 PM
අපගේ පුරා වස්තු බුදු දහම අනුව කටයුතු කරන ජනතාව වැදුම් පිදුම් කරන පූජනීය වස්තූන්ද වේ. මේ නිසා පුරා වස්තු වලට ආගමික ස්වරූපයක්ද ආදි කාලයේ සිටම පැවතිණි. අපේ මුතුන් මිත්තන් ගස්, ගල් වලට වැන්දයි කියන්නේ ජය සිරි මහා බෝධියට හා බුදු සිරි පතුල් (ගලින් නෙළන ලද) වැදීමම වේ
කුමාර Saturday, 28 July 2012 08:28 PM
ඔබලා හොදින් පොත පත කියනවන්න.. ලෝකෙ ඕනතරම් සිංහල නොවන බෟද්ධයෝ ඉදල තියෙනවා.. දන්නෙ නැත්නම් අපේ පන්සලකට ගිහිං අහගන්න...(නු)
ඉමල් Wednesday, 22 August 2012 01:50 AM
නිධන් හොරුන්හෙන් පරිස්සම් කරන්න වෙනවා.(දී)
උපුල් Wednesday, 22 August 2012 02:14 AM
නියම වැඩක් (දී)
සුබෝධා Wednesday, 22 August 2012 02:22 AM
දෙමළ සෙල්ලිපිය කුමන කාල වකවානුවකට අයත් එකක්ද?(නු)
ජූඩ් Tuesday, 11 September 2012 06:56 PM
කෙනත්ට තව දුරටත් පැහැදිලි කීරිමක් අවශ්‍යයි වගේ (නි)
ශ්‍රීමාල් Monday, 17 September 2012 03:29 PM
බුදු දහම ජීවමානයි (දී)
ච. ගන්ගොඩ Monday, 05 August 2013 11:28 PM
ලංකාද්වීපයට බුදු දහම පැමිණි දා සිටම අපේ සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා, බුදු දහම මිත්‍යා දෘෂ්ටික ආගම්වාදීන්ගෙන් රැක ගැනීමට මොන තරම් කැපවීමක් කරනවාද යන බව දන්නේ ටික දෙනෙකි. (නි)
පෙටෙර් රාජරත්නම් Monday, 24 February 2014 08:38 PM
කෙනත් ඔබ වැරදි දෙමල බාෂාවේ බෞද්ද සාහිත්‍ය තිබෙනවා. දෙමල මාධ්‍යයේ සාමාන්‍ය පෙළ පොතක් අරන් කියව්වොත් දැන ගන්න පුළුවන්. "කුන්දලකෙසි" "මනිමෙකලි" වැනි සාහිත්‍ය දෙමල බෞද්ද ජනයා මත පදනම් වී ලියවෙනි. නමුත් පසු කාලීනව චෝල පාලකයින් නිසා බුද්දාගම දෙමල ජනයාගෙන් ඈත් උනා.(අ)
මේරි Thursday, 07 June 2012 09:13 AM
කූරගලටයි,දළදා මාළිගාවටයි වැඩේ දීලා දැන් දඹූල්ලට වැඩක් දෙන්න හැමදේම කරනවා
Kenath Friday, 13 April 2012 10:26 PM
දෙමල බෞද්ධයා යන්න ඉතා මෑතකදී ඇතිවෙමින් පවතින මතයකි. එයට තම පුරාවිද්‍යාත්මක පදනමක් නැත. මෙම මතය නිසා අද උතුරු නැගෙනහිර පවතින ඉපැරණි නටබුන් මේ දෙමල බෞද්ධයා ගොඩනගපු ඒවා බවට දෙවැනි මතයකුත් එයි. එම මතය සමග එම ප්‍රදේශවල ඇති සිංහල බෞද්ධ නිජබිම් යථාර්තය යටවී දෙමල නිජබිම් බවට පිළිගැනීමක් සිංහලයා විසින්ම ඇතිකර ගැනීමට සිදු වේ. මෙය ඊලමට බෞද්ධ පදනමක් දෙන අපේ සිංහල බෞද්ධ පදනම පාවාදෙන මතයකි. යථාර්තය නම්, දෙමල බෞද්ධයකු සිටියේ නැත. මේවා අපේ මුතුන් මිත්තන් ගොඩනගපු පුරාණ පුදබිම්ය. දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා වල් වැදී විනාශ විය, දෙමළ ආක්‍රමණිකයන් ඒවා විනාශ කළේය. ඒවා මත ඔවුන්ගේ කෝවිල් ඉදිකළහ. කලාතුරකින් හමුවෙන දෙමල සෙල් ලිපියක් නිසා නිජබිම් ඔප්පු ලිවිය යුතු නැත. වැඩ වටින්නේ දෙමල සෙල් ලිපියක් හමුවීම නොවේ. එහි ලියා ඇත්තේ කුමක්ද හා එහි කාල වකවනුයි. බොහෝ දෙමල සෙල් ලිපි සිංහල පාලකයන් විසින් එම ප්රෙදේශ වල සිටි දෙමල අයට කියවීමට ලියපු දේවල් මිසක් දෙමල අය බෞද්ධ කමට ලියපු දේවල් නොවේ. දෙමල බෞද්ධයං සිටියානම් අද කෝ දෙමල අයට බෞද්ධ පදනමක්. දෙමල අය සියල්ලෝම හින්දු හෝ කතෝලිකය. සිංහල ප්‍රෙද්ශවල ශතවර්ෂ ගණනක් සිටියද දෙමල අය බෞද්ධයං වී නොමැත. එහෙව් එකේ දෙමල බහුතර පැති වල දෙමල අය විශාල වශයෙන් බෞද්ධ උනායයි කීම විහිළුවක්. දෙමල සංස්කෘතිය හින්දු ඇදහිලි වලට ගහට පොත්ත මෙන් ඇලී ඇත. හින්දු බවින් මෙපිට දමල සංස්කෘතිමය පැවැත්මක් අදත් නැත එදත් නැත. හරියට බෞද්ධ කම ගිලිහුන තැන සිංහල කම නැති වෙනවා වගේ. දෙමල අයට බෞද්ධ ලේබලය ගැහුවම අපේ ප්‍රශ්නේ විසදෙනවායැයි සිතීම විහිළුවක් වෙනවා විතරක් නොව පුරණ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයට පහර ගැසීමකි. මහාවංශයෙවත් නැති ඒවා තමයි දැන් මිනිස්සු හොයා ගන්නේ!
එස්.ගනේගොඩ Tuesday, 24 April 2012 04:39 PM
මහා සම්මත රජුගේ කාලයේ පටන් පැවත එන අපේ උරුමය අපි රැක ගත යුතුයි.
එස්.එස්. Wednesday, 25 April 2012 12:15 PM
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි
Palitha Tuesday, 01 May 2012 12:04 AM
සත්‍ය පැවසු Kenath හට තෙරුවන් සරණයි
පුෂ්පා Thursday, 03 May 2012 12:24 PM
මසුරන් වටින සටහනක් කෙනත් ගෙන්...
පුෂ්පකුමාර Saturday, 05 May 2012 01:50 PM
අපේ උරුමය රැකීම ගැන ස්තූතියි....
අජිත් රුක්මන් ද සිල්වා Wednesday, 09 May 2012 05:38 AM
මෙය ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිමක්ම වේ.
උපාලි Tuesday, 15 May 2012 11:04 AM
වෙල්ගම් වෙහෙරේ අපේ හාමුදුරුවෝ සැබෑ වීරයෙකි.බුදු සරණයි
නලින් Monday, 28 May 2012 09:03 PM
LTTE එකෙන් කීයක් හරි දීලද මන්දා
කුමුදු Saturday, 02 June 2012 04:30 PM
වෙල්ගම් වෙහෙරේ අපේ හාමුදුරුවෝ සැබෑ වීරයෙකි. ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා .
විමුක්ති Sunday, 08 April 2012 06:17 PM
හරිම වටින ලිපියක්
ෂෙරීෆ් Friday, 08 June 2012 03:30 AM
බුදුහාමුදුරුවොයි, දෙමළ ජනයායි ලංකාවට පැමිණියේ ඉන්දියාවේ ඉදලා.බුදුන්ගේ කාලෙත් දෙමළ බුදුහාමුදුරුවරු ඉන්න ඇති
චාමා Friday, 08 June 2012 04:34 PM
කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි.
මායා Monday, 11 June 2012 11:24 AM
මහාවංශයෙවත් නැති ඒවා තමයි ෂෙරීෆ් හොයා ගන්නේ!
Sujatha Monday, 11 June 2012 12:10 PM
ෂෙරීෆ් දන්න දෙවල් අපි දන්න නැ
amila Monday, 11 June 2012 12:14 PM
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි Balangoda කූරගල අපි රැක ගත යුතුයි.
හිමමල Monday, 11 June 2012 01:05 PM
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි.
කීසාගොතමි Monday, 11 June 2012 12:36 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න...
ගමේ කොල්ලා Saturday, 16 June 2012 03:19 AM
කෙනෙත් ඔබේ කොමෙන්ටුව ඉතා අගෙයි. එලෙසම ඔබ පවසන දෙය පැහැදිලි සත්‍යයකි. දෙමළ බෞද්ධයන් යනුවෙන් බෞද්ධ කොට්ටාශයක් නැත (සිංහල කතෝලිකයන් හා දෙමළ කතෝලිකයන් සේ). සිංහල කම හා බෞද්ධ කම එකට බද්ධ වී ඇතිමුත් දෙමළ කම හා බෞද්ධකම එකට බද්ධ වී නැත. රටේ ඉතිහාසය හා මහාවංශය විකෘති කිරීම වහා නතරකල යුතුය. ඔබ කියූ පරිදිම මෙම ව්‍යාජ මතය හීන් නුලෙන් ත්රස්තවාදීන්ට උතුරු නැගෙනහිර තම නිජ භුමිය ප්‍රකාශ කිරීමට සාධක සපයයි.
සමන් Tuesday, 19 June 2012 04:45 PM
සිරී ලංකාව බුදුන්ගේ දේශයයි
හිරැණි Tuesday, 19 June 2012 05:30 PM
පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීම යුතුයි.. අම්පාර- මහියංගන පාරෙ තියනෙ රජගල තැන්න නම් ස්ථානය පිළිබදව තොරතුරැ පළකරන්න..