X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


දෙවිවරු වැනි වෛද්‍යවරු ගර්භාෂ දෙකේ දරුවන් අරන් දුන් හැටි

නිවුන් දරු උපත් පිළිබඳව අප  ඕනෑ තරම් අසා දැක ඇත්තෙමු. මව්වරුන් දන්නේද තමන්ගේ කුසේ ගර්භාෂයක් පිහිටා ඇති බවය. එහෙත් එක් මව් කුසක ගර්භාෂ දෙකක් පිහිටා එහි දරුවන් දෙදෙනකු එකවර වැඩෙනවායැයි කිවහොත් බොහෝ දෙනා මවිතවනු ඇත.

ලෝකයේ ඉතාම විරලව මෙවැනි දෑ සිදුවී ඇති බව වෛද්‍යවරු කියති.

එවැනි ගර්භාෂ දෙකක් පිහිටා දරුවන් දෙදෙනෙකු බිහිකළ මවක් පිළිබඳව පසුගියදා දඹුල්ල මූලික රෝහලෙන් වාර්තා විය. රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයටද මෙය අලූත්ම අත්දැකීමක් විය.

මව සහ පියා

මෙවැනි සිද්ධියක් පිළිබඳව ඇසූ දුටු පිරිස්ද එවැන්නක් සිදුවූයේ කෙසේ දැයි කාට එසේ උනේ දැයි සොයා බැලීමට උත්සාහ කරති. ඒ නිසාම අපි දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් ගේ අවසරය මත මෙම මව පියා සහ දරුවන් දෙදෙනා සොයා රෝහලට ගියෙමු.

අංක 05 වාට්ටුවේ ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ මෙම මව තම දරු දෙදෙනා සමගම වෛද්‍යවරුන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද ස්තුති කරමින් නිවස බලා යන්නට සූදානමින් සිටියාහුය.

දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල පදිංචි එම්.ජී. දිලීකා පි‍්‍රයදර්ශනී (20) මහත්මිය තම කුළුඳුල් දරු ප‍්‍රසූතියේදී මෙම ලොව විරල දරු ප‍්‍රසූතිය සිදුකළාය.
ඇයගේ ආදරණීය සැමියා වූයේ සමන් කුමාර මහතායි. ඔහු කුලී වැඩක් කුඩා ගොවිතැනක් සිදුකැරගෙන ජීවත්වූ ගමේ තරුණයෙකි. සමන්ටද මෙම දරු උපත පිළිබඳව එතරම් දැනුමක් නොමැතිව සිටි අතර වෛද්‍යවරුන් ඔහු දැනුවත් කරන අයුරු අපි දුටුවෙමු.

දඹුල්ල රෝහලේ ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය මහතා මෙම දුර්ලභ තත්ත්වය පිළිබඳවත් මෙම මව දරුවා බිහි කරවාගත් ආකාරයත් අප සමග මෙසේ පැවැසීය.

‘‘මීට දින කීපයකට කලින් බොහොම විරල ගණයේ දරු ප‍්‍රසූතියක් අත් විඳින්්න පුළුවන් වුණා අපට දඹුල්ල රෝහලේදී. කාන්තාවකට සාමාන්‍යයෙන් ගර්භාෂයන් එකයි තියෙන්නේ. මේ අම්මට බොහොම විරලව පිහිටන ගර්භාෂා දෙකක් ඇති බව අපිට සොයා ගන්න පුළුවන් වුණා.

අනිත් විශේෂ කරුණ තමයි මෙවැනි ගර්භාෂ දෙකක් තිබුණම දරු ඵල අඩුවෙනවා. ඒත් මේ අම්මගේ වාසනාවකට දරු පැටවුන් දෙදෙනාම නිරෝගීව ජීවත් කැරවීමට හැකිවුණා. මේ දෙන්නම ගෑණු දරුවන් වීමත් විශේෂත්වයක්.

මේක ඉතාම විරලයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් විරල ගණයේ අවස්ථාවක්.

සාමාන්‍යයෙන් මෙවැනි මවක් හමුවුණාම මාස ගාන එන්නට කලින් දරු ප‍්‍රසූතිය සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ සංකූලතා ඇති වෙනවා. හැබැයි වාසනාවකට එවැනි දෙයක් වුණේ නෑ.

මාස ගණන සම්පූර්ණ වී තිබුණ නිසා අපි පරීක්ෂා කරලා බලනකොට ගර්භාෂයේ අසාමාන්‍යතාවයක් අපි දුටුවා. පස්සේ අපි තීරණය කළා සිසේරියන් සැත්කමකින් දරුවන් ලබාගන්න.

ඒ අනුව අපි සැත්කම සිදුකළා. සාමාන්‍ය සිසේරියන් සැත්කමක් සිදු කිරීමේදී උදරය විවෘත කිරීමේදී ගර්භාෂය තියෙනවා. එය විවෘත කරලා දරුවා හෝ නිවුන් දරුවන් එළියට බිහි කරනවා.’’ නමුත් මේ අවස්ථාවේ උදරය විවෘත කළ ගමන් පැහැදිලිවම දැක්කා ගර්භාෂ දෙකක් පිහිටා තිබෙනවා. ඒ වගේම ගර්භාෂ දෙකේම දරුවන් දෙන්නෙක් සිටින බව හඳුනා ගත්තා. අපි ඒ අනුව ගොඩක් මහන්සි වෙලා දරුවන් දෙන්නා එළියට ගත්තා. අම්මත් දරුවනුත් ඉතා හොඳ සුවසේ හිටියා.

මේ අම්මාගේ වෙන වෙන අවයවවල වෙනස්වීම් සිදුවෙනවාද කියලත් අපි නිරන්තර අවධානයෙන් හිටියා. හැබැයි ඉතාම හොඳින් ඒ සියල්ල කි‍්‍රයාත්මක වුණා.
මෙම සැත්කම සිදුකළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා මෙසේ කීවේය.

 

වෛද්‍ය කණ්ඩායම

 

‘‘ඇත්තටම මෙවැනි සැත්කමක් මම මීට පෙර සිදුකරලා තිබුණේ නැහැ. මම බලාපොරොත්තු වුණෙත් නෑ මෙවැනි සැත්කමක් ගැන. සාමාන්‍ය සැත්කමක් කරන විදිහට තමයි සූදානම් වුණේ. පසුව තමයි උදර කුහරය විවෘත කරනකොට මේ අසාමාන්‍ය දේ දැක්කේ. පසුව අපි වෛද්‍යවරුන් කණ්ඩායමක් කාර්ය මණ්ඩලයත් වැඩි අවධානයක් යොමු කරලා මෙම සැත්කම කළා. ජීවිත තුනම ගොඩ දැම්මා. දැන් ඒ අය ඉතා නිරෝගීව ඉන්නවා. අපිත් සතුටුවුණා මෙවැනි දෙයක් සිදුකිරීම පිළිබඳව.’’ මෙම අසාමාන්‍ය මෙන්ම විරලවූ දෙයකට මුහුණ පෑ මව අප සමග මෙසේ පැවැසුවාය.

‘‘මම දැනගෙන හිටියේ නැහැ. එහෙම දෙයක්. වෛද්‍යවරු සායනවලදී පරීක්ෂා කරලා කිව්වා දරුවන් දෙදෙනෙක් ඉන්න බව. ඒ නිසා මමත් අවධානයෙන් හිටියේ. මම කලින් ඇවිල්ලා රෝහලේ නැවතුනා. ඇත්තටම දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු මේ දේ හඳුනාගෙන අපිව ජීවත් කරවලා. මට දරුවන් දෙන්නා ලබා දුන්නා.

අපි කුලී වැඩ කරලා ගොවිතැන් කරලා ජීවත්වන අය. කොහොම හරි කරලා මේ දුවලා දෙන්නා හදා ගන්නවා” දරුවන් දෙදෙනාගේ පියාවන සමන් කුමාර මහතාද කියා සිටියේ තමන් දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලය නිසා අද සතුටු වන බවයි.

තමන් කුලියක් ගොවිතැනක් කරලා තම කුළුඳුල් දියණියන් දෙදෙනා හදා ගන්නා බවත් පැවසීය.

දඹුල්ල මූලික රෝහල් ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වන සෙල්ව තුෂාන්, ඉන්දික සේනාරත්න, ජේ.කේ. පී. බටගල්ල, ඉන්දික වෙදගෙදර මහත්වරු, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විහාරා දසනායක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරීත් ජයවර්ධන යන මහත්වරුන් මෙන්ම අංක 05 වාට්ටුවේ හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එක්ව මෙම විරල දරු ප‍්‍රසූතිය සිදු කරන්නට ඇයට උදව් කළහ.
මෙම අයට යම්කිසි උදව්වක් කරන්නේ නම් එම්. පී.ජී. සරත් කුමාර නො. 21, ගොවි ගම්මානය, කුඹුක්කඳන්වල, ලේනව, කිඹිස්ස, දඹුල්ල යන ලිපිනය ඔවුන්ගේය.

 

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස

 



අදහස් (0)

දෙවිවරු වැනි වෛද්‍යවරු ගර්භාෂ දෙකේ දරුවන් අරන් දුන් හැටි

අසෝක Sunday, 29 September 2013 02:33 PM

මඩ වතු රේ උනත් පුදින නෙලුම් මල සුවදින් අඩු නැතිව ඉහලට ගෙන ඔලුව, පිපෙනා හැටි අපූරුද ඒ මඩ නැතිව , මිනිසුන් අතර බෝසත් වරු සිටින බව ඔබලා නොවේද පහද දෙන්නේ ලොවට!(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 30 September 2013 01:08 PM

මේ විදිහට ලිපිනය දැම්මට මම විදේශ ගතවෙලා ඉන්න නිසා උපකාරයක් කිරීමට අපහසුයි. මමත් නිවුන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්. මං දන්නවා දෙදෙනෙක් හදා ගැනීමට ඇති අපහසුව. කරුණාකර ගිණුම් අංකයක් පල කලොත් මම වගේම විදෙස් ගත, උපකාර කිරීමට කැමති අයට එය ප්‍රයෝජනවත් වේවි.. (ස)

:       0       0

සිංහ Tuesday, 01 October 2013 02:41 AM

සිංහල බොදු, ධනවත් හැම කෙනෙක්ම උදව් කරමු. මේ අපේ අහිංසක මිනිස්සු. ගිණුම් අංකය දෙන්න. (නි)

:       0       0

හිරා Wednesday, 02 October 2013 03:50 PM

මේ සිද්ධිය ක්‍රිස්තියානි පවුලක වුනා නම්, වෛද්‍යවරු දෙවිවරු වන්නේ ළමයි දෙන්නා හම්බ වෙනකන් විතරයි . හම්බ වුනාට පස්සේ ඔක්කොම කරලා තියෙන්නේ සර්වබලදාරි දෙවියන්. (ස)

:       0       0

මාගලී Wednesday, 02 October 2013 08:07 PM

දෙවියන්ට වඩා මිහිපිට මනුස්සයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ ඒකේ ප්‍රතිපලයක්.අනික මෙතනට දෙවියෝ ගාවාගන්න එපා.අපි සේරම මනුස්සයෝ නිසා.දෙවියන් වැනි මිනිස්සු කියන්නේ කව්රු හරි දෙවියන් සමග ආශ්‍රය කරලා තියෙනවද? අනික දොස්තරවරු ඉන්නේ ඕවට තමා. තමන් ඉගෙන ගත්තේ ඕවට තමා. (නි)

:       0       0

අසෝක Saturday, 05 October 2013 12:20 AM

සිංහ, මමත් සිංහල බෞද්ධ තමයි, නමුත් කෙනෙකුට පිහිට වෙන්න ජාති කුල,මල, ආගම් අවශ්‍ය නැහැ, අපි හැමෝම මනුෂ්‍යයෝ කියලා හිතුවම වාද බේද නැහැ. අනික උදව්කරන්න වැඩියෙන්ම ඉදිරියට එන්නේ සාමාන්‍යය අය. ධනවත් පැලැන්තිය මේ ගොඩට එන්නේ කලාතුරකින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site