බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවා අවසන්ය. ඒ නිසාවෙන්ම මේ පළාත් සභා දෙක සඳහා මැතිවරණයක් ළඟදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ ඒ පක්ෂ විසින් මේ දිනවල මෙම පළාත් සභා සඳහා තරග කිරීමට අපේක්ෂකයන් තෝරාගැනීම ලහි ලහියේ සිදුකෙරේ. සම්මුඛ පරීක්ෂණ මේ දිනවල තම තමන්ගේ පක්ෂ මූලස්ථානවල පැවැත්වේ. මෙවර පළාත් සභා දෙක සඳහා මැති ඇමැතිවරුන්ගේ දු පුතුන් වගේම ජනප‍්‍රිය සිනමා තාරකාවන්, ගායිකාවන් හා රූ රැජිනියන් අපේක්ෂකත්වය ඉල්ලා සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වෙති. බොහෝදෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේ මේ තාරකාවන් දෙසය. ඒ නිසාවෙන්ම ඔවුන් මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්නේ ඇයිද? යන්න දැන ගැනීමට අපි ඔවුන් හමුවීමු.
|
|
|
මම ප‍්‍රසංග වේදිකාවේ සිටින ගායිකාවක්. එතැනත් තිබෙනවා වෙනසක්. මම අවුරුදු 12ක් ප‍්‍රසංග වේදිකාවේ ගී ගයනවා. මම මිනිසුන් එක්ක හරිම සමීපව ගැවසෙන කෙනෙක්. සරල භාෂාවෙන් මා කතා කරන්නේ. මම ප‍්‍රසංග වේදිකාවට නැගලා යමක් කරලා තමයි එතනින් යන්නේ. මම ඒ පිරිසට දැනෙන්න යමක් කරලයි යන්නේ. මම පළමු ෂෝ එක කළ විදිහටමයි, 4 වැනි ෂෝ එක කරන්නෙත්. ඒක මම ජනතාවට දැනෙන්න ඉඩ තියන්නේ නෑ. මේ මගේ 4 වැනි ෂෝ එක කියලා. පළමු ෂෝ එකේ ජවයෙන්මයි මා කරන්නේ. මට තමයි ලොකුම අභියෝගය තිබෙන්නේ. නළු නිළියන් කැමරාව ඉදිරිපිට ඉන්න අය. මම ඡුන්දෙ ඉල්ලලා දිනුවත් ආපහු යන්නේ ප‍්‍රසංග වේදිකාවට. මාව මිනිස්සු නිතරම දකිනවා. නළු නිළියන් පස්සේ යන්නේ කැමරාවක් ඉදිරියටයි. ලොකුම අභියෝගය මටයි. මම සයුරක් වගේ ජනතාවට මා සමග ඕනෑම වෙලාවකට ඇවිත් කතා කරන්න පුළුවන්. බස්නාහිර පළාතේ ප‍්‍රසංගවලට මම ඕනෑතරම් යනවා. මට බොරු කරන්න බැහැ. ඒක මට ලොකු අභියෝගයක්. නමුත් මට පුළුවන් හින්දා තමයි මම මේක භාරගත්තේ. මම බය නෑ. මම මිනිස්සු සතුටු කරනවා. ඇයි ඒක නැති කරගන්නේ?
|
|
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේශපාලන අඹරට පායන තරු
ශීලා Friday, 31 January 2014 03:15 PM
මේ පාර නිළි රැල්ල.... ඊළගට මොන රැල්ලද....(අ)
භානු Wednesday, 29 January 2014 02:53 PM
පුළුවන් තරම් ඉක්මනට තම තමන් ගේ ළමා ලපටි අරගෙන වෙන රටකට වත් යන්න වෙනවා. එක අපේක්ෂිකාවක් කියල තියනවා නිරුවතින් රංග පෑවේ මුළු රටේම අම්මලා වෙනුවෙන්ලු. (නදී)
රසිකා Wednesday, 29 January 2014 03:06 PM
සේරම ටික ඇවිත්. තව කවුද ආය එන්න ඉන්නේ ? (නදී)
කිත්සිරි Wednesday, 29 January 2014 05:01 PM
ලෝකයේ ජෝක් දේශපාලනය කරන එකම රට ලංකාව මේ රටට අවංකව හදවතට එකගව වැඩ කරන්නද මේ එන්නේ. මම කියන්නේ මේ රටේ ජනතාවට අනේ මේ රට විනාශ කරන්න දෙන්න එපා. මේ රට බලයට දනයට රජ වෙන්න ඉඩදෙන්න එපා. දැන් වත් අපි අපේ රට ගැන හිතමු.(නදී)
අනිල් Wednesday, 29 January 2014 05:09 PM
දේශපාලන දැක්මක් නැති මෙවැනි අය දේශපාලනයට ඒම රටට නම් හොද දෙයක් නෙමෙයි.(නදී)
අල්විස් Wednesday, 29 January 2014 07:02 PM
කලබල වෙන්ට එපා. බස්නාහිර සහ දකුණ කියන්නේ බබ්බු නලවන පළාත් නොවෙයි. මේ ගොල්ලෝ ගැන දැනටමත් මහජනයා දන්නවා. හරියකට රඟපාන්ටවත් බැරි කස්ටිය කියලා. මෙයාලම තේරුම් ගනීවි ප්‍රතිපල දැක්කම. (නදී)
බුද්ධීක සඳරුවන් සේනානායක Thursday, 30 January 2014 11:47 AM
බොහොම සතුටුයි අනාගතේ රාජ්‍ය බොහොම අලංකාර පාර්ලිමේන්තුවක් හදයි. මිනිස්සු නම් බුද්ධිමත්, ප්‍රශ්නය නම් ජනතා මතයම ඉටු වෙනවද කියන එකයි. (දිල්)
ruchira Thursday, 30 January 2014 06:39 PM
මේ කට්ටියගේ අ.පො.ස. සා/පෙ ප්‍රතිපල දැනගන්න පුලුවන්ද? (අ)
ගාමිණී - සිරි Thursday, 30 January 2014 07:16 PM
පිරිමි කමක් නැති පක්ෂ වලට වඩා හැඩ රුව ඇති කාන්තාවන් ඉදිරිපත් කර හෝ බලමුකෝ... (අ)
නිශ්ශංඛ Friday, 31 January 2014 02:53 AM
ඡන්ද ගන්න විදින දුක? (ත)
සිශ්ශංඛ Friday, 31 January 2014 02:56 AM
2014 පාර්ලිමන්ට් ජෝර්ක් (ත)
සනා Friday, 31 January 2014 08:00 AM
මේ වගේ අයට ඡන්දෙ දෙන්න තරම් මේ රටේ මෝඩයින් ඉන්නවද? (නදී)
ජයේ Friday, 31 January 2014 02:02 PM
ස්තුතියි සනා. ඔයා මට ඉස්සර උනා. (නදී)
බුද්ධි Wednesday, 29 January 2014 02:22 PM
මේ නිළියන්ට නාම යෝජනා දෙන අයට අන්තිම මොහොතේවත් මොලේ පෑදුනොත් හොඳයි . (අ)
චතුරංග Friday, 31 January 2014 04:36 PM
ලංකාවට මොකද වෙන්නේ යන්නේ කියල දෙයියෝ තමයි දන්නේ (දිල්)
මංජු Friday, 31 January 2014 08:13 PM
පිස්සු ලෝකයක් (අ)
තත්සරනි Saturday, 01 February 2014 03:17 AM
දේශපාලන රඟ මඩල දිදුලන්නයි යන්නේ (දී)
රෝහිත් Saturday, 01 February 2014 09:57 PM
දේශපාලනයත් කලාවක් වෙන්නද යන්නේ? (නි)
රනී Saturday, 01 February 2014 10:15 PM
සමහරු ගමකට බැහැලා දත් ටික විරිත්තපු ගමන් අපේ බුද්ධිමත් මහජනයාට සියල්ල අමතක වී ඡන්දය දෙනවා කියලා කවුදෝ කියනවා මටත් ඇහුනා (නි)
ධම්මික Sunday, 02 February 2014 12:13 AM
මේවා බලන්න අපි මොනතරම් පින් කරලා තිබෙනවාද? (නි)
මීනු Sunday, 02 February 2014 02:06 AM
ආශ්චර්යය කියන්නේ මේවටද? (නි)
වසන්ත Sunday, 02 February 2014 05:51 PM
ඇත්තටම මේ අයට පිස්සු අපේ රටේ උගත් අයට මොනාද වෙන්නේ .රටක් පාලනය කරන්න පුලුවන්ද මේ අයට .මේ අය දන්නේ රගපාන්න .අපේ දරුවනට රටක් නැති වන්න යන්නේ ..මෙය දේ රගපානව වගේ ලැසි නෑ(අ)
සංජු Tuesday, 04 February 2014 09:26 AM
රට ජාතියට සේවාවක් කරන්න ඕනෙ නම් දේශපාලනයට එන්නම ඕනෙද ? (නදී)
කමල් Tuesday, 04 February 2014 10:01 AM
රුවන්ති අක්කේ අපි ඔයාට කැමතියි රංගන ශිල්පිනියක් හින්දා. නමුත් ඔයාව දේශපාලනයට ගැලපෙන්නේ නැහැ. ඇයි මඩ ගාගන්න ආවේ.(නදී)
සංජු Tuesday, 04 February 2014 10:59 AM
කාට හරි රට ජාතියට සේවාවක් කරන්න ඕනෙනම් දේශපාලනයට එන්නම ඕනෙද ? (දී)
රංග බංඩාර Tuesday, 28 January 2014 07:46 AM
අරුම පුදුම ඡන්ද දායකයෝ ඉන්න රටක මේවා පුදුම දේවල් නෙමෙයි.(නදී)
ධම්ම Monday, 27 January 2014 04:06 PM
මේ කිසිම කෙනෙකුට දේශපාලන දැක්මක් නැහැ. ජනප්‍රියතාවය මත මනාප ලැබේ යැයි විශ්වාසය මත තරඟයට ඉදිරිපත් වෙනවා. අවංකවම මෙයාලගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් කියාවි සත්‍ය කතාව. මොවුන් දේශපාලනයට එන්නේ තමාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියභාවය නඩත්තු කරන්න ජනතාවගේ ගිණුමෙන් රාජ්‍ය ආරක්ෂාව ලබාගන්නයි. (නදී)
ජනක Monday, 27 January 2014 04:07 PM
උප්පත්තියේ සිට වසර විසි අටක් ලංකාවේ ජිවත් උන කාලේදී ලංකාවේ විවිද රැලි හටගන ඇත. දැන් අළුත්ම රැල්ල නළු නිලි දේශපාලනේ.(නදී)
රොන් Monday, 27 January 2014 06:33 PM
දේශපාලන අඹරට පායන (දවල්) තරු. අපේ රටට දෙවියන්ගේම පිහිටයි. (අ)
බෝධි Monday, 27 January 2014 07:29 PM
බත් කන හරක් මේ රටේ ජීවත්ව ඉන්නා තාක් මේ ක්‍රමය වෙනස් කල නොහැක.(අ)
අසෝකා Monday, 27 January 2014 08:58 PM
මිනිසුනේ ඔබලාට ලැබුණු මොලයෙන් පිහිටක් ලබා ගනිල්ලා! රටේ පාසල් වැහෙන කොට මේ වගේ මෝස්තරවලට තැනක් ලැබීම අරුමයක්ද? ජනතාවට සේවය කරන්න දේශපාලනයට එන්නම අවශ්‍යද? සුරංගනා කතා තවත් නොකියනු මැන.(නදී)
සමන් Monday, 27 January 2014 09:48 PM
දේශපාලනය හසරක් නොදන්නා මෙවැනි තාරු සදහා අපේක්ෂකත්වය ලබා දෙන අයටයි ගහන්න ඕනේ.(නදී)
සනත් Monday, 27 January 2014 10:03 PM
මේ වගේ ජනපති කෙනෙක් රටට ලැබුණු එකගැන ආඩම්බරයි. ඒත් මන්ත්‍රීවරු ගැන බලද්දි බාගෙට බාගයක් වැඩක් නහැ. මේ අයත් එකතු වෙන්නේ ඩක් නැති ගොඩටම තම යි. මොකද දේශපාලනය ගැන නොදන්නා මිනීසූන් මන්ත්‍රීලා උනහම රටට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
සඳරුවන් Monday, 27 January 2014 11:24 PM
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. (නදී)
ශීලා Tuesday, 28 January 2014 02:46 AM
මේක කොමඩියි. නෑ නෑ මගඩි ගොඩයි.(නදී)
ඒකනායක Tuesday, 28 January 2014 02:47 AM
ජයලාල් රෝහණ මහත්තයෝ "රටකට ගිය කලක්" නේද (දී)
සමන්ති Tuesday, 28 January 2014 06:19 AM
වයසක නිලියටනම් බොහොම දේශපාලන දැනුමක් නිතරම ලබනවා . අනිත් අය ගැන නම් දන්නේ නැහැ (දී)
සුකිරි Monday, 27 January 2014 04:03 PM
දෙයියන්ගේ හාල් කැවිලද.... මන් දකින්නේ මේ සිහිනයක්ද.... නැති නම් සුනිල් පෙරේරාගේ, දීපාල් සිල්වාගේ හෝ නන්දා මාලනිගේ ගියක පදවල්ද.එසේත් නැති නම් තවත් මෙගා නාටකයක්ද.... එසේත් නැති නම් වසර දෙදහස් පන්සියේ සදාචාරේ ගැන සින්දුව කියන ලංකාවේ මිනිසුන්ගේ මනෝ බාවයද...(නදී)
අනිල් සමරවීර Tuesday, 28 January 2014 08:10 AM
දෙනවක හාමිනේ අම්මා සිටියා නම් තරු වලට තරු විසි වෙන්න කතා කියයි.(නදී)
අමිල Tuesday, 28 January 2014 08:29 AM
මේ අයට ඔබේ වටිනා ඡන්දය දෙන්න කලින් දස දහස් වාරයක් හිතන්න. දේශපාලනයක් ගැන මොලෝ හසරක් නොදන්නා අය දේශපාලනයට අරන් අවොත් අපේ රට නැත්තටම නැති වන බවනම් හොදටම විස්වාසය. මුලින්ම මේ අයගේ බාහිරය බලන්න. (නදී)
සනී Tuesday, 28 January 2014 11:07 AM
ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතන්න කරුණාකරලා. මේ අය ඔක්කොම හොඳ රුපවාහිනියට. අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි.(නදී)
දයානන්ද කුවෛට් Tuesday, 28 January 2014 12:40 PM
ඔහොම යනකොට පාරලිමේන්තුවත් ටවර් රඟහල බවට පත්වේවිද.? (දිල්)
සුමිත් Tuesday, 28 January 2014 02:16 PM
මේ කිසිම කෙනෙකුට දේශපාලන දැක්මක් නැහැ. ජනප්‍රියතාවය මත මනාප ලැබේ යැයි විශ්වාසය මත තරඟයට ඉදිරිපත් වෙනවා. අවංකවම මෙයාලගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් කියාවි සත්‍ය කතාව. මොවුන් දේශපාලනයට එන්නේ තමාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියභාවය නඩත්තු කරන්න ජනතාවගේ ගිණුමෙන් රාජ්‍ය ආරක්ෂාව ලබාගන්නයි.(නදී)
අරුණ-හුංගම Tuesday, 28 January 2014 02:34 PM
අනේ මගේ රටට වෙන්න යන දෙයක්. කව්ද අපේ දරුවන්ගේ අනාගතයය බාරගන්නේ. මේ අය ජනතා නියෝජිතයින් උනොත් දෙවියන්ගේ පිහිට ඉල්ලන්න වෙන්නේ මගේ රටට. (නදී)
පිරිස් Tuesday, 28 January 2014 09:14 PM
මේ හැමෝටම දේශපාලන ලොක්කන්ගේ පිහිට කරුණාව ලැබෙනවා මේවා කියවන අපිටත් පිස්සුවගේ පෙනේනේ
ප්‍රියන්ත Tuesday, 28 January 2014 09:16 PM
මේවා දකින්න අහන්න ලැබීමත් දුකක් (අ)
වාසල Tuesday, 28 January 2014 10:17 PM
දකුණෙයි, බස්නාහිරයි කොච්චර අනුවන ම්නිස්සු ප්‍රමාණයක් ඉන්නවද කියලා මෙයාලගෙ ප්‍රථිපල වලින් බලාගන්න පුලුවන්. ඊට පස්සෙ ඒමිනිස්සු අරමුණු කරල මොකක් හරි නිෂ්පාදනයක් මාර්කට් කරන්න පුලුවන්.. (දී)
සරණී Wednesday, 29 January 2014 03:20 AM
"පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටිය අලුත් මුහුණුවරකින් නිෂ්පාදනය කරන්න කාට හරි බාර දෙමු ...... කට්ටිය හොඳට කරාවි. (නදී)
අමිල සිංග Wednesday, 29 January 2014 01:27 PM
මෙයලවත්, මෙයාලව දේශපාලනයට ගන්න උදව් කරන දේශපාලකයෝ ගැනත්, ජනතාව ඡන්දෙදි තීරණය ගත යුතුය.(අ)