X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


දේශපාලන හයියෙන් වැනසෙන විල්පත්තුව

d

 

විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ පුවත් මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රචාරය වෙමින් තිබේ. විල්පත්තුව මෙතරම්ම අවධානයට යොමු වූයේ ඇයි? එසේ අවධානයට යොමු වීමට පාදක වූයේ කුමන කරුණක්ද? ඒ සදහා බලධාරීන් දැක්වූ අවධානය කෙබඳුද? එය මාධ්‍යට නිරතුරු සොයා බැලීමට  අවධානයෙන් සිටින්නට වු කරුණු කාරණා විය.

 


විල්පත්තුව උතුරු අභය භූමිය ආක‍්‍රමණය කරන්නට පුත්තලමේ අවතැන් වූවන් පසු ගිය 2014 වසරේ පෙබරවාරි අවසානයේ කටයුතු කර තිබුණි. එම ආක‍්‍රමණය පිළිබඳව ඉරිදා ලංකාදීපය නිරතුරුව අවධානය යොමුකරමින් සියලූ තොරතුරු හෙළි කළේය.


ඒ සමගම උතුරු අභය භූමියට යාබදව පිහිටි වන රක්ෂිත කලාප බරපතළ 1ලෙස වනසා දමමින් සිදු කෙරුණු නැවත පදිංචි කිරීමද, හෙළි කිරීමටද ඉරිදා ලංකාදීපය නොබියව කටයුතු කෙරුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2014 වසරේදීද මේ පිළිබඳව බරපතළ අවදානමකට යොමු වූ කාරණාවක් විය.


නමුත් එහි දී මතු වූ ප‍්‍රධාන ගැටලූව වූයේ එකල පැවැති රජයේ අමාත්‍ය ධුරයක් දැරූ ප‍්‍රබලයෙකු මෙම වන සංහාරයට උඩ ගෙඩි දෙමින් ඔහුගේ නීති රීතිවලට අනුව නිලධාරීන්ට උපදෙස් දෙමින් කටයුතු කිරීමය. එහිදී මන්නාරම් දිස්ත‍්‍රික්කයේ ඇතැම් රාජ්‍ය ආයතන නිලධාරීන් මෙම ප‍්‍රබල ඇමතිවරයාගේ කීමට අවනතව සුවච කීකරු යටහත් සේවකයින් සේ ”හා සර්, යර්ස් සර්” චවන වලට සීමා වී සිදු කළ විනාශය සුළු පටු නැත. ඔවුන් කිසිදු අණ පනතක් සොයා නොබලා ප‍්‍රබල ඇමතිවරයාගේ උවමනාව ඉටුකළා මිස සිදු වන විනාශය තුට්ටුවකටවත් මායිම් කළේ නැත. එසේම මේ විනාශ වෙන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ හදවත  බව ඔවුන්ට තේරුම් නොයාමද කරුමයකි.


එවැනි නිලධාරීන් නමවත් එම පුටුවල මන්නාරම් දිස්ත‍්‍රික්කයේ රැුඳී සිටින්නේ තම පුටුව තම නිලය රැක ගැනීම නිසා මිස රටක දායාදයක් වන් පරිසර සම්පත රැුකීමට නොවන බව හෙළිවී හමාරය.


යුද සමයේ ඛේදජනක අත්දැකීම්වලට මුහුණ දුන් විල්පත්තුවට 2010 වසරේ පෙබරවාරි 27 වන දින නැවත සංචාරකයින්ගේ සිත් සතන් පිනවීම සඳහා වන කොමළිය මහ ජනයාට විවෘත වන්නට කටයුතු කිරීමට බලධාරීන්ට හැකිව තිබුණේ පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පාලන සමයේ දී ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය වූ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානය මුළුමනින්ම තුරන් කිරීමට කටයුතු කිරීම විල්පත්තුවටද සතුටු දනවන කරුණක් වන්නට විය.
මෙවන් බිහිසුණු අත්දැකීම් රැුසකට මුහුණ දුන් විල්පත්තුව ඉතිහාසයේ තවත් දරුණුතම ඛේදනීය ඉරණමකට ලක්ව හඬා වැටෙමින් සිටින දුක් මුසු කතාව සැබැවින්ම රටට කියා පාන්නට අපට සිදුව තිබේ.


ලෙයින් දහදියෙන් තෙත්ව ගිය විල්පත්තු වනෝද්‍යානය ආරක්ෂාවට තිබූ වන රක්ෂිත රැුසක විශාල භූමි ප‍්‍රදේශයක් මේ වන විට අවතැන් වූවන් සඳහා  යැයි පවසමින්   වනසා දමන්නේ පසුගිය රජයේ සේම මෙම රජයේද අමාත්‍ය ධුරයක් හොබවන අසූව දශකය අවසානයේ එල්.ටී.ටී.ඊ ක‍්‍රියා හේතුවෙන් පුත්තලමට පැමිණ ජීවත් වූ මුස්ලිම් සරණාගතයින් දහස් ගණනක් සමග සිටි රිෂාඞ් බදුර්දීන් මහතාගේ මැදිහත් වීම බරපතළ කරුණක්ව තිබේ.

 

djg


මුස්ලිම් සරණාගතයින් සඳහා පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැුසක ස්ථීර නිවාස ඇතුළු සියලූ යටිතල පහසුකම් නොඅඩුව තිබිය දී. විල්පත්තුව ආශ‍්‍රිත රක්ෂිත ප‍්‍රදේශ අවතැන් වූවන්ගේ ගම්මාන ලෙස විනාශ කිරීම කොතරම් නම් සුදුසු කාර්යක් දැයි සිතා බැලිය යුතුමය.


2004 වසරේ ආරම්භ වූ විල්පත්තුව ආශ‍්‍රිත වන සංහාරය මේවන විට බරපතළව විසිරී යමින් තිබේ. එය අපි පසු ගිය ඉරිදා ලංකාදීපය හෙළි කළෙමු. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාවට වැට කොටු බඳිමින් පවුරක් සේ සැදී තිබූ කල්ආරු ඇතුළු අනෙකුත් වන රක්ෂිත ඩෝසර් යන්ත‍්‍ර යොදා ගනිමින් වනසා දමා ඇත්තේ වසර සිය ගණනක පැරණි පලූ, බුරුත, වීර, කළුවර ඇතුළු වටිනා ගස් කොළන් බිම හෙළා එයද ජාවාරමක් ලෙස යොදා ගනිමිනි.


සියල්ල එසේ වෙද්දී කල්ආරු රක්ෂිතය තුළ මේ වන විට ඉදිව ඇති තාවකාලික තහඩු කූඩාරම් ප‍්‍රමාණය දහසකට ආසන්නය. එම කූඩාරම් ඉදිකිරීම සඳහා ඇමති රිෂාඞ් බදුර්දීන් මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙන බව එම ඉදිකිරීම් වල යෙදී සිටි මුස්ලිම් ජාතිකයින් අපට කළ ප‍්‍රකාශවල සඳහන් වෙයි.


කල්ආරු ආශ‍්‍රිතව ඉදිවන අලූත් ගම්මානය හේතුවෙන් ඉදිරියේ දී උග‍්‍ර අලි-මිනිස් ගැටුමක් හට ගැනීමේ වට පිටාව මේ වන විට නිර්මාණය වී අවසන්ය. මේ සියල්ල මෙසේ වෙද්දී විල්පත්තුවට සිදු වන හානිය සොයා බලන්නට රටේ බොහෝ  දේශපාලන පක්ෂ කටයුතු කිරීම පිළිබඳව අපි ඔවුන්ට ස්තුතිවන්ත වන්නෙමු. එසේම පරිසරයට ඇලූම්කරන්නෝ මේ වන විට විල්පත්තුවට සිදුවන විනාශය පිළිබඳව දැඩි ලෙස හෙළා දකිමින් සිටිති. ඔවුන්ගේ හඬද මේ වන විට මතුවෙමින් තිබෙන තත්ත්වය සතුටු දායකය.

 

udjm


එසේම පරිසර සංවිධාන රැුසක් දක්වන අවධානයද ඉතා වැදගත්ය. සියල්ල එසේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඇස මෙම වන සංහාරය හෙළා දැකීමට ඉදිරිපත් වීම    පිළිබඳ අපි ඔවුන්ට  ස්තුතිය පළකරන්නෙමු.


පසුගිය 9 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා හා උතුරු මැද පළාත නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන වසන්ත සමරසිංහ මහතාත් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතාත් අදාළ වන සංහාරය සිදුවන ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබුණි. එහිදී ඔවුන් අදාළ ප‍්‍රදේශ දැඩි උවමනාවෙන් අවධානයට යොමු කිරීම ඉතා වැදගත් විය. මෙහිදී පරිසර වේදියකු වන පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා මෙම ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින්ට දැඩි විග‍්‍රහයක් කරමින් සිදුව ඇති වනසංහාරය පිළිබඳව කරුණු ගෙන හැර දක්වමින් පැහැදිලි කරන්නට විය.


එසේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටිය දී අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් පැමිණීම විශේෂ සිද්ධියක් විය. තම නිල රථයෙන් බැස සිනා මුසු මුහුණින් පැමිණි ඇමතිවරයා සුහදශීලී ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වැළඳ ගනිමින් කතා බහක නිරත වන්නට විය.


නමුත් ඇමති රිෂාඞ් බදුර්දීන් පැමිණ සිටියේ තනිව නොවීම අනෙක් කරුණය. ඔහු පැමිණ සිටියේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරියා ලෙස සැලකෙන මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් එම්.වයි.එස්. දේශප‍්‍රිය මහතා හා පරිසර රාජ්‍ය අමාත්‍යාශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා හා මුසලි ප‍්‍රාදේශීය ලේකම්වරයාද කැටුවය.


එම නිලධාරීන් සියල්ලම ඇමති රිෂාඞ්ගේ ලෙන්ගතු සමීපමතයන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එය තහවුරු කරමින් මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයා හැසුරුණු ආකාරය පුදුමය දනවන්නක්ව තිබේ. මෙම වන විනාශය සුළු කොට තකමින් ඒ පිළිබඳව කිසිදු ලජ්ජාවක් නොමැතිව දිස්ත‍්‍රික් ලේකම්වරයා හැසිරීම මාධ්‍යවේදීන්ගේ විශේෂ අවධානයට යොමු වූ කරුණක් විය.


මෙහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න වැලක් අසන්නට විය. එහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයා ඇතැම් ප‍්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකිව සිටිය දී ඇමති රිෂාඞ් බදුර්දීන් ඒ සඳහා සහය වීමද මිත‍්‍රත්වයේ අපූර්වත්වය මැනවින් පෙන්නුම් කරන්නට විය. මෙහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඇසූ ප‍්‍රශ්න අතර විශේෂතම ප‍්‍රශ්නය වූයේ, මෙම විල්පත්තුව ආශ‍්‍රිතව පිහිටි කල්ලාරු ඇතුළු වන රක්ෂිත නිදහස් කිරීම සඳහා ගත් නීතිමය පසුබිම කුමක්ද යන්නය. එහිදී ඔහු පවසා සිටියේ,


”මේ ඉඩම් නිදහස් කරලා දැන් සෑහෙන කාලයක්. ඒ සඳහා විල්පත්තුවට අයිති ඉඩම් ලබා ගෙන නෑ. ලබා ගෙන තියෙන්නෙ මේ කල්ආරු වන රක්ෂිත ප‍්‍රදේශ. ඒ ප‍්‍රදේශ යුද්ධයට කලින් මේ මුස්ලිම් ජනතාව පදිංචි වෙලා හිටියා කියලා තොරතුරු තියෙනවා. ඒ නිසා මෙම ඉඩම් නිදහස් කරන්න ලොකු ගැටලූ ගොඩක් මතු වුණේ නෑ.”

zsdbdc


මේ ඉඩම් නිදහස් කරන්න අරන් තියෙන නීතිමය තත්ත්වය කුමක්ද? මාධ්‍යවේදීන් විමසන්නට විය.


එහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසා සිටියේ ”ඒකනෙ මම කිව්වෙ. නැවත පදිංචි කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡුාවක් තියලා. එහිදී කිසි කෙනෙකුගෙන් බාධා එල්ල වුණේ නෑ. ඒ අනුව තමා මේ ඉඩම් නිදහස් කරලා අවතැන් මුස්ලිම්වරුන් සඳහා ලබා දුන්නෙ.”


”නෑ. ඔබ තුමා මේ ප‍්‍රශ්නෙන් මග හරිනවා. අපිට පැහැදිලිව කියන්න මේ ඉඩම් නිදහස් කිරීමේ දී පැහැදිලි වශයෙන් ගැසට් කිරීමක් සිද්ධ වුණාද? එසේ පරිසර ඇගයිම් වාර්තාවක් සිදු වූවාද? යන්න පැහැදිලි වශයෙන් කියන්න.” මාධ්‍යවේදීන් නැවත තර්ක කරන්නට විය.


”නෑ... ඔය....කියන හ්ම් කාරණා නම් සිද්ධ වෙලා නෑ.... ගැසට් කිරීමක් සිදු වෙලා නෑ.....පරිසර ඇගයීම් වාර්තාවක් සිදු වෙල....ත් නෑ.... නමුත් මේ අවශ්‍යතාවය තිබුණ නිසා ඉඩම් නිදහස් කර ගැනීම සිද්ධ වුණා.”


එසේ නම් ගැසට් කිරීමකුත් නොමැතිව පරිසර ඇගයීම් වාර්තාවකුත් නොගෙන මේ ඉඩම් ලබා දෙන්න ඔබ තුමාට හැකියාවක් තියෙනවද? ඔබ තුමා කාගෙ හරි බලපෑමකට යටත් වෙලා මේ දේ කෙරුවද?


”නෑ..නෑ..නෑ.. කිසිම කෙනෙකුගෙ බලපෑම මට තිබුණෙ නෑ. මගෙ රාජකාරිය මම ඉටුකළා.”


”මෙම කල්ආරු රක්ෂිතයේ වන ජීවි අධ්‍යක්ෂකගෙ නමින් පුවරු සවිකරලා තියෙනවා ඒ ප‍්‍රදේශ වන සතුන් ගැවසෙන ප‍්‍රදේශ කියලා. ඒ ප‍්‍රදේශවල කිසිදු ආකාරයෙන් ඉදිකිරීම් කරන්න බෑ. සතුන් දඩයම් කරන්න බෑ. වැලි ගොඩ දාන්න බෑ. කැලෑ එළිපෙහෙලි කිරීම, ගිනි තැබීම, අනවසරෙන් පදිංචි වීම සම්පූර්ණයෙන් තහනම් කියලා. නමුත් ඔය කියන සියල්ලම ඒ පුවරු ආසන්නයේ මීටර් දහයකටත් අඩු දුරකින් සිද්ධ වෙනවා. මේක බරපතළ තත්ත්වයක් නේද?” මාධ්‍යවේදීහු දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් විමසන්නට වූහ.


”නෑ..නෑ ඔය කියන පුවරු අපි සවි කෙරුවෙ මිනිස්සු ඔය ප‍්‍රදේශයේ පදිංචි වෙයි කියලා මිනිස්සු රවට්ටන්න හිතලා අපි නිකං බෝඞ් සවි කෙරුවා.”
”රජයේ වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔබ තුමා ඔය කරන ප‍්‍රකාශය නිකං ජොලියට කරන එකක් වගේ අපිට පේන්නෙ. ඔය කරන ප‍්‍රකාශයෙන් රජයට බරපතළ ප‍්‍රශ්නයක් මතු වෙලා. ඔබ තුමා කටයුතු කරන ආකාරය අපිට බරපතළ ප‍්‍රශ්නයක්.” කියමින් නැවත මාධ්‍යවේදීහු තර්ක කරන්නට විය.
මාධ්‍යවේදීන් අසන ප‍්‍රශ්නවලින් දිස්ත‍්‍රික් ලේකම්වරයා පත්ව ඇති අපහසුතාවය පිළිබඳ තේරුම් ගත් ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඞී. ලාල් කාන්ත මන්ත‍්‍රීවරයා මැදට පනින්ට විය. ”මේ හැම කෙනෙක්ම දැන ගන්න  ඕනෑ. මේ කාටද කතා කරන්නෙ කියලා. මේ මන්නාරම දිසාපති” යනුවෙන් ඔහු පවසන්නට විය.


මෙහිදී මෙම ස්ථානයේ සිටි පරිසර රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් වජිර නාරම්පනාව මහතාට මාධ්‍යවේදීහු ප‍්‍රශ්න වැලක් එල්ල කළහ.


”ඔබ තුමා පරිසර රාජ්‍ය අමාත්‍යශයේ ලේකම්වරයා හැටියට මේ වන විට අරන් තියෙන ක‍්‍රියා මාර්ග මොනවාද?”


”අපි මේ පිළිබඳව සොයා බලන්නට තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.”


”දැන්ද? ඔබ තුමාලාට මේ වන විනාශය පේන්නෙ. කලින් ඇයි සොයා බැලූවෙ නැත්තෙ?” මාධ්‍යවේදීහු නැවත ප‍්‍රශ්න කරන්නට වූහ.


”අපි දැන ගත්තා. දැන ගෙන අපි දැන් මේ පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නෙ.”


ඉන් අනතුරුව ඇමති රිෂාඞ් බදුර්දීන් මහතා මාධ්‍යවේදීන් හමුවේ කතා කළේය. සියලූම කැමරා ඔහු දෙසට එල්ල කරන්නට විය. කතාව ආරම්භ කළේ රූපවාහිනි නාලිකාවකට දැඩි චෝදනාවක් එල්ල කරමිනි. එසේ එල්ල කිරීමට හේතුව තිබුණේ එම රූපවාහිනිය මගින් දිගින් දිගටම විල්පත්තු හා මන්නාරම වන සංහාරය නොකඩවා රටට හෙළි කිරීම හේතුවෙනි.


”ඇත්තටම මම එකක් කියන්න කැමතියි. 1990වේ මේ බලන්න මෙතන මරිච්චිකට්ටිය පල්ලියක් තියෙනවා. අවුරුදු 100ටත් වැඩි ඒ වගේම මේ ජනතාව ජීවත් වෙච්ච ප‍්‍රදේශයක් මේක. මරිච්චිකට්ටි, පාලකුලි, කරඩිකුලි, මුල්ලිකුලම් ගම්මානවල කතෝලික දෙමළ ජනතාව වගේම මුස්ලිම් මිනිස්සු ජීවත් වෙච්ච ප‍්‍රදේශ. ලොකු නාවික හමුදා කඳවුරක් හදලා ඒ ඉඩම් ටික ඔක්කොම අල්ල ගත්තා. ඒ මිනිස්සුන්ට අපි අලූත් ගම්මානයක් මෙතන හදලා දීලා තියෙනවා. ඊට අමතරව තවත් සිංහල පවුල් 80ක් විතර පදිංචි කරලා තියෙනවා. මේ ඔක්කොම මේ පළාතේ ජීවත් වෙච්ච සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු. එක්කෙනෙක්වත් පිටින් ඇවිල්ලා පදිංචි වෙලා නෑ. ඒ විතරක් නෙමෙයි මේ මිනිස්සු මේ කැලෑ කපලා තාවකාලිකව හෝ ස්ථීරව නිවාස හදලා තියෙන්නෙ තමන්ට අයිති ඉඩම්වල ඔප්පුව ළඟ තියාගෙන.


ලක්ෂ තුනක් දෙමළ සහෝදරයො අනාථ වෙලා සිටියා මැනික් ෆාම්වල. ඒ ඔක්කොම පිළිවෙලක් අනුව අපි කෙරුවා. මම තමයි ඒ කාලේ නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා. පිළිවෙළක් කෙරුවා. බිම් බෝම්බ ඉවත් කෙරුවා. තාවකාලික නිවාස දුන්නා. පාර හදලා දුන්නා. පාසල් දුන්නා සෞඛ්‍ය ශාලා දුන්නා. විදුලිය දුන්නා. ආරම්භයේ දී රුපියල් 25,000ක් දුන්නා. තව 25,000ක් වෙනම දුන්නා. ඒ වගේම ජීවන උපායටත් මම උදව් කළා.


නමුත් මේ ලක්ෂයක් මුස්ලිම් ජනතාවට ඉඩමක් විතරයි දීලා තියෙන්නෙ. සමහර අයට ඒකත් නෑ. තාවකාලික නිවසක් මේ ළඟදි දුන්නා හැර වෙන එකක්වත් දීලා නෑ. මට කියන්න පුළුවන්  ඕනැනම් ඔප්පු කරන්නත් පුළුවන්. ඒ වගේම මේ දිසාපතිතුමා කියපු ආකාරයට ලඟදි පවුල් 1050කට මේ දෙසැම්බර් මාසයේ තාවකාලික නිවාස දුන්නා. ඒ ජනතාව මෙහි පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම සිංහල ජනතාවත් හිටියා එක එක තැන් වල හිටියා. එයාලට තාම පිළිවෙළක් නෑ.


මේ පදිංචි කිරීමට ඒ ගැන ගිය ආණ්ඩුව එක්කත් අපි කතා කෙරුවා. එයාලට ඒක කරන්න බැරි වුණා. අනෙක තමා ඔබ තුමාලා කියනවා. මෙතන ලොකු ප‍්‍රශ්නයක් වුණා කියලා. මෙතන එහෙම ප‍්‍රශ්නයක් වෙලා නෑ. මොකද? තමුන්ගෙ ඉඩම එල්.ටී.ටී.ඊයෙන් අල්ලල එයාලව එළවලා. අත් පත් කරගෙන තිබුණු ඉඩම් රටට සාමය උදාවුනාට පස්සෙ මෙයාල එව්වගෙ පදිංචි වෙලා ඉන්නවා.”


ආණ්ඩුව, දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් එහෙම නැත්නම් ඉඩම් කොමසාරිස්තුමා ඔක්කොම එකතු වෙලා ඉඩම් කච්චේරියෙ තියලා එයාලට ඉඩමක් දුන්නට පස්සෙ අවුරුදු දෙක තුනක් ගිහින් එයාලට ආදායමක් ඇවිල්ලා ආධාරයක් කරලා ගෙයක් හදනඑක ලොකු ප‍්‍රශ්නයක් නෙමෙයි.


මම සන්තෝසෙන් කියනවා. මේ එක මාධ්‍යක් මොකක්ද හරි යට ලොකු ෆිල්ම් වාගේ පෙන්නනවා. දිගටම පෙන්නනවා. එයාලා ඒකෙන් කරන්නෙ ජාතිවාදී ප‍්‍රශ්නයක් ඇති කරන්න. මේ වගේ ප‍්‍රශ්න උඩ තමා හිටපු ජනාධිපති තුමා පැරදුණෙ. ජාතිවාද ප‍්‍රශ්න තමා එතුමාටත් වුණේ. දැන් මේ කියන ටීවී එක මම සන්තෝසෙන් බලාගෙන හිටියා. ඒකෙන් හොඳටම දිගම දිග ෆිල්ම් එකක් පෙන්නනවා. මේක එක දවසක් දෙකක් කරන එකක් නෙමෙයි සතියෙ දවස් හතේම පෙන්නනවා. අහනවා මේ කොහෙ ඉඳලද ආවේ කියලා, පුත්තලමෙන් කියනවා. ඉතිං පුත්තලමේ ඉඳලා තමයි එන්න  ඕනැ. මොකද එයාලා අවුරුදු 25ක් පුත්තලමෙනෙ අවතැන් වෙලා හිටියෙ. එනිසා මගෙනුත් ඇහැව්වා මේ මිනිස්සු කොහෙද කියලා. මම කීවා මේ මිනිස්සු මේ පළාතෙ ජීවත් වෙච්ච මිනිස්සු කියලා.


එතකොට කරන්නෙ ඒ මිනිසුන්ගෙ කට උත්තරත් අරගෙන මේ ෆිල්ම් එක පෙන්නනවා. මම එකක් කියන්න කැමතියි. මම මුස්ලිම් වුණාට මේ රට බෙදන වැඬේට මම ඒ වැඬේට ඉඩ දීපු මිනිහෙක් නෙමෙයි. ජාතිවාදය අපේ හිතේ නෑ. මම කියන්නෙ උතුරු පළාත දෙමළ ජනතාවට  විතරක් අයිති නෑ. ප‍්‍රභාකරන් හිතුවෙ මේ දෙමළ ජනතාව විතරයි ජීවත් වෙන්න  ඕනෑ කියලා. නමුත් අපිට මේ සාමයක් ලැබුණෙ මේ ජීවත් වෙච්ච දෙමළ මිනිස්සුත්, සිංහල මිනිස්සුත්, මුස්ලිම් මිනිස්සුත් එකට එකතු වෙලා ජීවත් වෙන්න  ඕනෑ කියන මතය මම ගාව තියෙනවා. මම මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයටයි, අගමැතිතුමාටයි ලියුමක් ඇරියා මේක සොයා බලන්න. මේක සොයා බලලා කව්රු හරි වැරැුද්දක් කරලා තියෙනවනම් ඒකට දඬුවමක් දෙන්න. මේ අපේ සමාජය පාවා දෙන වැඩ අපිට කරන්න එපා.” යනුවෙන් ඇමති පවසා සිටියේ දැඩි ආවේගයෙනි.


ඇමතිවරයා මතුකළ ගැටලූ අතර එක් කරුණක් විශේෂ විය. ඒ ඇමතිවරයා පවසන ආකාරයට මුස්ලිම්වරුන් පදිංචිව සිටි ප‍්‍රදේශයක් වන මුල්ලිකුලම් ප‍්‍රදේශයේ අක්කර 1,500ට වැඩි ප‍්‍රමාණයක් නාවික හමුදාව විසින් අත් පත් කර ගෙන තිබීම බරපතළ කරුණකි. එම ඉඩම් ලබා දීම සිදු වූයේ නම් මෙම වන රක්ෂිත මේ ආකාරයට විනාශ වීමට ඉඩකඩ ඇහිරෙණු ඇත. නාවික හමුදාවේ අවශ්‍යතාවට යැයි පවසමින් මේසා විශාල භූමි ප‍්‍රදේශයක් අත් පත් කර ගැනීම බරපතළ ප‍්‍රශ්න රැුසකට තුඩු දෙන කාරණයක් බවට පත්ව තිබේ.


මේ අතරතුර මෙම වන විනාශය සොයා බැලීමට පැමිණි      කේ.ඞී. ලාල් කාන්ත මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විල්පත්තු කල්ආරු ප‍්‍රදේශයේ රැුඳී සිටිය දී ලාල් කාන්ත මහතා මාධ්‍යට පවසා සිටියේ. ”අපේ අනුර කුමාර සහෝදරයා අද ජනාධිපති තුමා එක්ක සාකච්ඡුාවක යෙදිලා තියෙනවා. විල්පත්තුව සම්බන්ධව. එහි දී ජනාධිපති තුමා පොරොන්දු වෙලා තියෙනවා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. ඒ එක්කම නැවත අලූතෙන් පදිංචි වන පිරිස නවත්වන්නත් සිදු වන වන විනාශය වළක්වන්නත්, කටයුතු කරනවා කියලා. ඉතිං මේක ලොකු ජයග‍්‍රහණයක් යැයි ඔහු පැවසුවේය.

 

m



අදහස් (0)

දේශපාලන හයියෙන් වැනසෙන විල්පත්තුව

නුවන් Monday, 18 May 2015 09:40 AM

මුස්ලිම් ජනයා සොබා සෞන්දර්ය,ගහකොළ සතා සිව්පාවට සලකන ආකාරය මොනවගේද කියල ලෝකේ වටේ බැලුවම හොදටම පේනවා ඉතින් මේකත් කජ්ජක්ද?? (බ)

:       0       0

සමන් Monday, 18 May 2015 09:41 AM

ඔය ඇමතියට සහ අනෙකුත් ඕකට අනුබල දෙන කට්ටියට හෙනම ගහන්න ඕන!! (බ)

:       0       0

ලාල් Monday, 18 May 2015 11:52 AM

ජනාධිපතිතුමෙනි,මේ වන විනාශය සුලුවෙන් හිතන්න පුලුවන් කරුනක් නොවේ.මෙය ඉතාමත්ම බරපතල විනාශයක්.මේවා දීර්ඝ කාලීන සැලසුම් බව අමුතුවෙන් කියන්න අනවශ්‍යයි.නියපොත්තෙන්ම වැඩේ ඉවරයක් කරාවි කියා සිතමු. (බ)

:       0       0

මංජුල Monday, 18 May 2015 12:28 PM

ජනාදිපති තුමා කිවුවා නේද එතුමාගේ විදායක බලතල පාවිච්චි කරන්නේ වන විනාසය නවත්තන්න කියලා.? එතකොට මේක තවම එතුමාට පෙනිලා නැද්ද.? (ර)

:       0       0

සෙසත් Tuesday, 19 May 2015 05:49 AM

මේවායේ විපාක විඳින්න වෙන්නේ අනාගත පරම්පරාවට (නි)

:       0       0

උක්කුන් පුතා Tuesday, 19 May 2015 12:52 PM

රටේ දුෂණ වංචා කළා කියලා බොරුවට නඩු පටලවාගන දඟලන්නේ නැතුව යහ ඇස් පනාපිට තිබෙන මෙවැනි වැරදි ගැන සොයා බැලීම වටිනවා. (ර)

:       0       0

හේවාවිතාරණ Tuesday, 19 May 2015 06:28 PM

මේ විදියට ගියොත් ලංකාවට වෙන්නේ මීට දශක කීපයකට පෙර තනිකරම බුද්ධාගම් රටක් වූ ඉන්දුනීසියාවට වූ දේමයි (නි)

:       0       0

ශලනි Wednesday, 20 May 2015 03:42 AM

ඔය දේශපාලකයන්ට සහ අනෙකුත් ඕකට අනුබල දෙන කට්ටියට හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

සමන් Wednesday, 20 May 2015 06:42 PM

මේ වගේ දේවල් නවත්වන්න ඕනෑ.ජාතික සම්පත් විනාශ කරන්න ඉඩදෙන්න එපා. මොවුන්ට මේ වගේ දේවල් කරන්න හරි මේ වගේ දේවල් හිතන්න හරි පුළුවන් වුණේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site