X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ධීවර දැල්වලට පැටලෙන කිඹුල්ලු

 

 

සමුද්‍රයට වැසි ජලය රැගෙන එන ගල්ඔය ගංඟාව එම ජලාශයට සම්බන්ධ වන ස්ථානය "මකරය” (Makare) නමින් හැඳින්වේ. බිබිල බුලූපිටියේ (xBulupitiya) සිට නිල්ගලට (දුර කි.මී. 09) ජීප් රථයකින් පැමිණ එතැන් සිට පා ගමනින් හෝ ජීප් රථයකින් මකරයට (කි.මී. 06) ගොස් එම දර්ශනීය ස්ථානයේ වියළි සමයේ හොඳින් සඳඑළිය පවතින රාත‍්‍රී දෙකක් එනම් දින තුනක් කූඩාරම් ඉදිකරගෙන ලැගුම් ගතහොත්, එම ඉමිහිරි අත්දැකීම ජීවිතයේ කිසිදිනක අමතක නොවනු ඇත. ඒ සඳහා ඉඟිණියාගල උද්‍යාන කාර්යාලයෙන් අවසර ලබා ගත හැකිය.

ජාතික උද්‍යාන සීමාවෙන් පිටත පිහිටියත් ඓතිහාසික අරළු, බුළු, නෙල්ලි කැලය ගැන සඳහන් නොකිරීම අඩුවක් වනු ඇත. බිබිලxමොණරාගල මාර්ගයෙන් හැරී පිටකුඹුර ගම්මානය සහ බුලූපිටිය හන්දිය පසුකොට නිල්ගලට යන ගමනේදී දැකුම්කළු අරළු, බුළු, නෙල්ලි කැලය නොහොත් -නිල්ගල තලාව” මග දෙපස දක්නට ලැබේ. ඉතා දුර්ලභ ගණයේ ඖෂධ ගසක් වන ගම්මාලූ පවතින මෙම වනාන්තරය දුටුගැමුණු රජුගේ ඖෂධ වනය ලෙස සැලකෙන අතර මෙය උඩවලවට උතුරින් පිහිටි කල්තොට දක්වා පැතිර පවතී.

පුරාණයේ සිට "නිල්ගල තලාව” යනුවෙන් හැදින්වූයේ මෙම අරලූ-බුලූ-නෙල්ලි වනාන්තරයයි.

 


වනසත්ව සහ ශාක ප‍්‍රජාව:-
ජාතික උද්‍යානයේ ශාක ප‍්‍රජාව විවිධත්වයෙන් යුක්තය. 45% උසැති උඩු වියන සහිත වනාන්තරය, සැවනාශාක ප‍්‍රජාව 33%, තණබිම් 9% සහ ඉතිරි 13% ජලාශ වේ. වටිනා දැවමය ගස් වන කළුවර, බුරුත, ඇටඹ, හැලඹ, කැටකෑල බහුලව පවතින අතර දැව සොරුන්ගෙන් ඒවා ආරක්‍ෂාකර ගැනීම දැනට ද ගැටලූවක්ව පවතී.

මීට අමතරව වසර 07 හතකට වරක් මල් පල හටගන්නා ‘‘මොර’’ ගස්වල ගෙඩි පැසෙන කාලයට කුඩා ළමයින්ගෙන් පමණක් නොව වැඩි හිටියන්ගෙන් ද එම ගස් ආරක්‍ෂාකර ගැනීම මට එකල ගැටලූවක් විය. එහෙත් වසර 07 ට වරක් ගෙඩි හටගන්නා මොරගස්වල පල ඔවුනට අහිමි කිරීමට තරම් මම අකාරුණික නොවූයෙමි. වනජීවී සේවකයන් පවා ගස් උඩට නැග මොරගස්වල අතුකපා තම දරුවන්ට පැසුනු ගෙඩි මලූ පිටින් නිවෙස් කරා හොර රහසේ ගෙන යන බව මම දැන සිටියෙමි. වනජීවි නිළධාරීන් ජාතික උද්‍යාන මායිම් යාබදව වෙසෙන ජනතාවගේ දෛනික අවශ්‍යතා කෙරෙහි නීතිය ක‍්‍රියාත්මක කරනවාට වඩා සානුකම්පිතව ක‍්‍රියා කළයුතු බව මම විශ්වාස කරමි. අනුපාලිත පරිහරණයෙන් කිසිම ශාක හෝ සත්ව විශේෂයක් වඳවී නොයන බව ලොවම පිළිගත් සිද්ධාන්තයකි.

 


වනසතුන්:-
ගල්ඔය ජාතික උද්‍යානය තුළදී සත්ව විශේෂ තිස් දෙකක් හඳුනා ගෙන තිබේ. ගල්ඔය මිටියාවත සංවර්ධනයේදී වනාන්තර විශාල ලෙස එළිපෙහෙළි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් විය. සංක‍්‍රමණික නොවන වන සතුන් විශාල සංඛ්‍යාවක් එයින් මියැදෙන්නට විය. කෙසේ වෙතත් අලි ඇතුන් සංක‍්‍රමණික ජීවන රටාවකට හුරුපුරුදුව ඇති හේතුවෙන් ඔවුන් ගල්ඔය ජාතික වනෝද්‍යානයට මෙන්ම මෙම බහු කාර්ය වාරි ව්‍යාපෘතියට යටතේ 1950 වසරේ සිට ඉදි වූ නාමල්වැව, ගොන්ඩුවටුවාන, හිමිදුරාවවැව, පල්ලන් ඔය වැව, අම්පාර වැව, එක්ගල්ඔය වැව, නව කිරිආරු වැව ආදී වාරි ජලාශ වැව් රක්‍ෂිත වනාන්තරවලට සංක‍්‍රමණය වූහ. ඒවායේ වෙසෙන අලි එකී ප‍්‍රදේශ අතර සංක‍්‍රමණ ජීවන රටාවකට හුරුපුරුදුව සිටිත්

(මීට අමතරව දිවියා, කුළු හරකා, ගෝනා, මුවා, වල්ඌරා, දඬුලේනා, රිළවා මෙම උද්‍යානය වාසභූමි කර ගෙන සිටිති.

උද්‍යානයේ විසූ දිවියන් කීපදෙනකු රාත‍්‍රි කාලයේ ඉගිනියාගල නගරයට විත් එළුවන් සහ බල්ලන් ඩැහැගෙන යාමට පුරුදුව සිටි බැවින් ඔවුන්ගෙන් දෙදෙනකු අල්ලා දෙහිවල සත්වෝද්‍යානයට බාර දුනිමි. 1980 වසරේ දිනක උදය වරුවේ 8.30 පමණ මා ජීප් රථයෙන් ඉගිණියාගල මගේ නිවසින් පිටවී යාර 100 පමණ ගිය තැන ගුණපාල නමැති මගේ අසල්වැසියකු ඔහුගේ සුරතල් සුනඛයා දම්වැලකින් බැඳගෙන මලපහ කරවීමට නිවස අසල ගස් පඳුරකට ගෙනයනවා මම දුටිමි. මොහොතින් ඔහු එළියට පැමිණියේ හිස් දම්වැල අතැතිව බියෙන් වෙව්ලමිනි. ජීප් රථය නතර කළ මා ‘‘මොකද වුණේ?’’යයි ඔහුගෙන් විමසුවෙමි. ‘‘ අර පඳුර ඇතුලේ හිටිය දිවියෙක් මගේ බල්ලා ඇදගෙනගියානේ හොඳ ජාතියේ බල්ලෙක්’’ යයි ඔහු කී විට මට සිනහව නතර කරගත නොහැකි විය.
”දැන් ඉතින් වල්බලූ පැටියෙක් වත් හදාගන්න’’ මම ඔහුට විහිළුවක් කරමින් එතැනින් පිටත්ව ගියත් පසු දිනම දිවියා ඇල්ලීමට ‘‘උගුල් කූඩුව’’ මගේ මිත‍්‍රයාගේ නිවස අසල තැබුවෙමි. කූඩුව තුළ රැුඳවූයේ දිවියාගේ ගොදුර හැටියට පණ ඇති සුනඛයෙකි. දින ගණනාවක් ගතවුවත් දිවියා පැමිණියේ නැත. සුනඛයා රාත‍්‍රි කාලයේ කෑගැසීම නිසා නිදාගැනීමට අපහසු බව පවසමින් ගුණපාල මහතා ‘‘අනේ විල්සන් මහත්තයෝ මේ කූඩුව අරන් යන්න මගේ බල්ලො ‘‘කොටියා’’ කෑවට කමක් නැහැ. මට විතරක් නොවෙයි දරුවන්ටත් නිදාගන්න නැහැ’’ යයි කීය. එදිනම උගුල් කූඩුව ඉවත් කළෙමි.

ජාතික උද්‍යාන යාබද ගම්මානවලට අලින්, දිවියන්ගෙන් පමණක් නොව ඇතැම් අවස්ථාවලදී කුළු මීහරකුන්, රිළවුන්ගෙන්ද හිරිහැර සිදුවන අවස්ථා තිබේ. එවැනි වන සතකුගෙන් වහා උද්ගත වන මරණ බියකදී හැරෙන්ට එම සතාට වෙඩිතබා මැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එසේම ඒ පිළිබඳව නොපමාව ක‍්‍රියාකිරීම වනජීවි නිළධාරීන්ගේ වගකීමකි. වාරි ජලාශයේ බැම්ම පිරවීමට ඊට නුදුරින් පස් ලබාගත් ස්ථානය එකල හැදින්වුයේ ඊමරරදඅචසඑ නමිනි. පසුකාලයේදී ගම්වාසීහු එය ‘‘බරවාපිටිය” නමින් හැඳින් වූහ. එකල බරවාපිටියට නුදුරින් ගවගාල් කීපයක් තිබුණු අතර එළකිරි සහ මීකිරි ඉතා අඩු මිලකට ගම්වාසීන්ට සැපයීය.

රාත‍්‍රි කාලයේදී එම ගවගාල්වලට පැන එළහරකුන් මරා ඩැහැගෙනයාමට පුරුදු වූ දිවියකු ගාල් හිමියන් විසින් වෙඩිතබා මරණ ලදැයි මා වෙත ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන්ගේ වාඩි පරීක්‍ෂාකිරීමේදී හොඳින් වැඩුණු එහෙත් ශරීරයේ වෙඩි වැදුණු තුවාල සහිත දිවියකුගේ මළ සිරුරක් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට අපට හැකිවිය.

එහෙත් ඛේදවාචකය නම් ඔවුන් කල් මුණේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නියම වූ දඬුවම රුපියල් තුන්සියයක (රු 300/=) දඩ මුදලකි. වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂක ආඥපණත පසුකාලීනව සංශෝධනය කිරීමේදි ඊට අදාළ කමිටුවේ ක‍්‍රියාකාරී සාමාජිකයකු හැටියට මම ක‍්‍රියා කළෙමි. ඒ අනුව දඩ මුදල රු 30,000/= සිට රු 100,000/= දක්වා ද සිර දඬුවම වසර 2 සිට 5 පහ දක්වා ද වැඩිකරලීමට හැකිවීම ගැන අද මම සතුටුවෙමි.

 


පක්‍ෂීන් සහ උරගයින් සහ මත්ස්‍යයින්:-
ගල්ඔය වනෝද්‍යානය තුළ පක්‍ෂි විශේෂ 150 ක් වෙසෙන අතර ඔවුන්ගෙන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවේ පමණක් වෙසෙන දේශීය පක්‍ෂින්ය. ශ්‍රී ලංකා හබන් කුකුළා, වළි කුකුළා, අළු කෑදැත්තා ඒ අතර වෙති. උකුස්සන්ට සහ රාජාලීන්ට සමුද්‍ර ජලාශය පාරාදීසයකි. කුස ඇලි රාජාලියා  (White Bellied Sea Eagle) බ‍්‍රහ්මණ උකුස්සා (Brahminy Kite) ලූල් මාරලා (Grey Headed Fish Eagle)ඉහළ ආකාශයේ ද දියකාවුන් ක්‍දපපදඩර්බඑ අභිකාවුන් ෂබාස්බ ෘ්රඑැර දිය මතුපිට ද සිත් සේ සැරිසරති.

ගල්ඔය ගංගාව ජලාශයට සම්බන්ධ වන ස්ථානය මකරය අසලදී දැවැන්ත හැල කිඹුලන් මා දැක තිබේ.

ජලාශයේ වෙසෙන මත්ස්‍යයින් වන තිලාපියා හෙවත් කොරලි ප‍්‍රදේශවාසීන්ගේ ජනප‍්‍රිය ආහාරයකි. මීට අමතරව දැවැන්ත ගුරාමි මාළු, හිරිකනයා, මල් කොරලියා නොවැම්බර්, දෙසැම්බර් මහ වැසි සමයේදී ධීවරයන්ට බහුලව අල්ලාගත හැකිය. මේ අනුව ධීවර කර්මාන්තය කරගෙන යාම සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අවට පදිංචිකරුවන්ට බලපත‍්‍ර ලබාදෙනු ලැබේ.

මේ අතර සමුද්‍ර ජලාශයේ ධීවරයන් එළන දැල්වල කිඹුලන් පැටලී මියයන අවස්ථා තිබේ.

මීගමුවට ආසන්න ප‍්‍රදේශයක පදිංචි ධීවරයෝ පිරිසක් බලපත‍්‍ර ලබාගෙන සමුද්‍රයේ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී මියගිය එවැනි කිඹුලකු කපා වියලා කිඹුල් කරවල තම නිවෙස් කරා ප‍්‍රවාහනය කිරීමට සූදානමින් සිටියදී අප අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළෙමු.

 


උද්‍යානයේ වාර්ෂික ගිනි ගැනීම්:-
වසරේ අගෝස්තු නියං සමයේදී රාත‍්‍රි කාලයේ ඉගිණියාගල ජලාශ බැම්ම මත සිටිනා විට බොහෝ අවස්ථාවලදී අපට ඈත කඳුවළල්ලම ගිනිගන්නා අකාරය දැකිය හැකිය. හෝටන්තැන්නේ මෙන්ම එම ගිණිගැනීම්වලට හේතුව මිනිසාය.

නිල්ගල තලාවේ අරළු, බුළු, නෙල්ලි කැලයේ සිට සමුද්‍රය වටා පිහිටි කඳු මුදුන් දක්වාම තැනින් තැන ස්වභාවයෙන් වැවෙන ‘‘කඩුම්බේරිය’’ හෙවත් බීඩි කොල පැලෑටිවල කොළ කඩා එකතු කිරීම අනාදිමක් කාලයක සිට ගම් වැසියන් කරනු ලබන ක‍්‍රියාවකි. දුම්බීම සඳහා පාවිච්චි කරන බීඩි එතීමට වියළි කඩුම්බේරිය කොළ යොදාගනු ලැබේ. එම කොළ කඩාගත් පසු සමහර ගම්වැසියන් වනාන්තරයේ තණකොළවලට ගිනි තබන අතර එම ගින්න කඳු වළල්ටම පැතිර යන්නේය. ගින්නට දැවී යන කඩුම්බේරිය පැළෑටි මිය නොයන අතර, ඊළඟ වැසිසමයේදී හොඳින් දළු ලා වැඩෙයි. දැවී යන තණබිමද එලෙසම වැසි සමයේදී දලූලා වැඩෙන බැවින් ශාක භක්‍ෂ සතුන්ට එයින් යහපතක් සිදුවන බව මගේ පෞද්ගලික අදහසයි.

අප‍්‍රිකානු සහ ඉන්දියානු වනජීවි රක්‍ෂිතවල නම් වනජීවි කාර්ය මණ්ඩලය හිතා මතාම වියළි සමයේදී තණ බිම්වලට ගිණිතබයි. ඉන් ලැබෙන ප‍්‍රධාන ප‍්‍රතිඵල දෙකකි. ගින්නෙන් දැවීගිය තණ පිට්ටනි මහ වැසිවලට අනතුරුව ඉතා හොඳින් දළුලා වැඩෙයි. අනික් ප‍්‍රතිඵලය නම් තණ පිට්ටනි ආක‍්‍රමණය කරමින් කටු පඳුරු වැවෙන ස්වභාවික ක‍්‍රියාවලිය  නතර කරලීමටය. එමගින් තණ පිට්ටනි සාදාකාලිකව එම තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකි වන අතර තණ බුදින අලි, ඇතුන්, මුවන්, කුළුහරකුන් ආදි සතුන් ආහාර සොයා උද්‍යානයෙන් පිටතට සංක‍්‍රමණය වීම අවම කරගත හැකි වන්නේය.

 


වෙනත් වැදගත් තොරතුරු
ගල්ඔය කුඩා ජාතික වනෝද්‍යානයකි ඒ හේතුවෙන් යාල විල්පත්තු මෙන් වාහනයකින් සංචාරය කිරීමට විශාල මාර්ග පද්ධතියක් නොමැත තවද මෙම රක්‍ෂිත භූමියේ ස්වභාවය අනුව මාර්ග තැනීම මෙන්ම නඩත්තු කිරීම ද දුෂ්කරය. එබැවින් නුදුරින් පිහිටා ඇති වෙනත් වැදගත් ස්ථාන නැරඹීමට ඔබට යා හැකිය.
එක්ගල් ඔය බංගලාවේ හෝ වෙනත් ස්ථානයක ලැගුම් ගන්නා අයට ‘‘සියඹලාණ්ඩුවට’’ පැමිණ පොතුවිල් මාර්ගයේ ගොස් ලාහුගල වනෝද්‍යානය නරඹා ‘‘අරුගම්බේ’’ මුහුදු කරය නරඹාගෙන යාල නැගෙනහිර වනෝද්‍යානය සහ කුමන කුරුළු පාරාදිසයට යා හැකිය. නැතහොත් අම්පාර සිට කි.මී. 30 දුරින් පිහිටා ඇති බුදුන් වැඩි දීඝවාපි චෛත්‍ය හා පුදබිම සහ අම්පාර සිට කි.මී. අටක් 8 දුරින් පිහිටා ඇති බුද්ධංගල විහාරය සහ පුරාණ නටබුන් නැරඹීමට යා හැකිය.

 


අවසානය
අවසාන වශයෙන් නිරන්තරයෙන් යාල, විල්පත්තු, උඩවලව උද්‍යාන පමණක් සංචාරය කරන වන ජීවි ලෝලීන්ට මේ ලිපිය කියවීමෙන් ගල්ඔය වනෝද්‍යානය නැරඹීමට යාමට සිත් පහළ වේවායි මම ප‍්‍රාර්ථනය කරමි.

මෙම ලිපිය සැකසීමේදී අම්පාර වනජීවි සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ වනජීවි නිළධාරි ඞී.පී. සියාසිංහ සහ ඉඟිණියාගල ගල්ඔය ජාතික වනෝද්‍යානයේ භාරකරු මනෝජ් විද්‍යාරත්න මහත්වරුන් වනෝද්‍යානය සහ අවට ප‍්‍රදේශයේ වත්මන් තොරතුරු ලබාදීමෙන් මා වෙත දක්වන ලද සහයෝගය ස්තූති පූර්වකව සිහිපත් කරමි.

 



අදහස් (0)

ධීවර දැල්වලට පැටලෙන කිඹුල්ලු

තුසිත Monday, 22 April 2013 04:01 PM

මගේ රට, මගේ ගම ගැන ඔබතුමා ගෙන ආ විස්තරය ඉතා වැදගත් ලිපියකි. මා දැන් විදේශගතව සිටියත් මගේ රට මට වටි. මගේ රටට,මගේ ගමට ගල්ඔය දායාද කරපු ඩී.ඇස්.සේනානායක මැතිතුමාට නමස්කාර කරමි. (නි)

:       0       0

අචිනි Monday, 22 April 2013 04:12 PM

ඉතාමත් හොඳ විස්තරයක් ලංකාදීපයට සහ විල්සන් මහතාට ස්තුති.(ස)

:       0       0

ඛාන් Friday, 26 April 2013 04:11 PM

මම මිට පෙර මේ ඉගිනියාගල ගැන දැන සිටියේ නැහැ. මට දැන් හරි ආසාවක් ඇති වුණා මේ ප්‍රදේශය බලන්න. ගොඩක් ස්තූතියි මේ විස්තර ලබා දීම ගැන. (නි)

:       0       0

දිනේෂ් Saturday, 27 April 2013 01:21 PM

හොඳ ලිපියක්. ඉතා රසවත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site