X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


නපුරු සිතුවිලිවලින් පිරුණු අඟනුන් මෙලොව උපදින්නේ ඇයි?

28_PAGE_20_T   

 

කෙනෙක් තමන්ගේ කටින් වචනයක් කීමේ දී කටින් වචන පිටවීමට කලින් සිය මනසින් ද එය කියනු ලබයි. මනසින් උච්චාරණය වූ දෙය කටින් ප‍්‍රකාශවෙන්නේ ඉන් අනතුරුවය. වාචසික ක‍්‍රියාවක් සඳහා මානසික බලපෑම එන්නේ එපරිදිය. කායික කි‍්‍රයාවක් ද එපරිදිය. කයින් කිසියම් ක‍්‍රියාවක් කිරීමට පළමුව මනසින් එය කරනු ලබයි. මනසින් කළ ක‍්‍රියාව කායික ක‍්‍රියාවක් බවට පත්වනු ලබන්නේ ඉන් අනතුරුවය. ඇතැම් මානසික ක‍්‍රියා කායික ක‍්‍රියාවක් බවට පත්වීමට පළමුව වාචසික ක‍්‍රියාවක් බවට ද පත්වෙයි.

 

SLTK - 08.qxd
සමාජයක ජීවත්වෙන පුද්ගලයෝ විවිධය.


ඇතැම්හු සිතින් සිත සිතා ඉන්නට කැමැත්තෝය.


ඇතැම්හු සිතින් සිතා ඒවා කතාකර කර ඉන්නට කැමැත්තේය.


ඇතැම්හු සිතින් සිතා ඒවා කරන්නට කැමැත්තෝය.


ඇතැම්හු අලූත් යමක් සිතන්නේ නැතිව ඔහේ ඉන්නෝය.


සිත, කය, වචනය යන තුන්දොරින් සමාජයට දෙන දෙය පෙරළා ආපිට තමාට ලැබෙන බව උගන්වන බුදුදහම තමා ලැබීමට කැමැති දෙය සමාජයට පරිත්‍යාග කරන ලෙස මිනිසාට උගන්වයි. තමා යහපත් දෙය සමාජයට දිය යුත්තේ එම දෙය පෙරළා තමාට ලැබෙන නිසාය. තමා අයහපත් දෙය සමාජයට නොදිය යුත්තේ පෙරළා එය තමාට ලැබෙන නිසාය. බුදු දහමේ කියන කාරණය ඉතා පැහැදිලිය. පුද්ගලයා සමාජයට ද සමාජය පුද්ගලයාට ද අන්‍යොන්‍ය වශයෙන් කරගනු ලබන බලපෑම ප‍්‍රබලය. එය මැනවින් අවබෝධ කරගෙන සමාජය තුළ ජීවත්විය යුතු අන්දම බුදු සමය පැහැදිලි කරනු ලබයි. එකී යථාර්ථය මැනවින් පසක් කර නොගෙන ජීවත් වුවහොත් මිනිසා අතින් වැඩිපුර වරද සහිත දෙයම සිදුවෙයි.

66
යටගිය දවස බරණැස්නුවර බඹදත් නම් මහ නිරිඳෙක් රජකම් කරනු ලැබීය. එම කාලයේ එම රජතුමාගේ අන්තඃපුරයේ සිටි අගබිසවුන් වහන්සේ රජතුමාට හොර රහසින් පරදාර සේවනයේ යෙදෙන්නීය. රජතුමාට ද මේ බව ආරංචිවන්නට විය. රජතුමා මේ ආරංචිය බිසවුන් වහන්සේගෙන් ඇසීය. ඇය ඒ හැම අවස්ථාවකම කීවේ ‘‘ඉරිසියාවට එක එකා කියන කතා ඇසීමෙන් රජතුමා මිදෙන්න’’ කියාය. නමුත් කලක් යාමේ දී සිදුවූ සිද්ධි නිසා රජතුමා සිය අගබිසොවුන් වහන්සේගෙන් කාරණය නැවතත් විමසා සිටියේය. එම අවස්ථාවේ තමාගේ නිවැරැුදි බව පෙන්වීම පිණිස ඇය මෙසේ කියයි.


දේවයන් වහන්ස, මම සිල්වත් වෙමි. එම නිසා කිසිම දිනයක අනාචාරයේ හැසිරීම තියා එබඳු සිතුවිල්ලක් පවා පහළකර ගත්තේ නැත. යම් කෙනෙක් මා එසේ හැසිරුණයි කියද්ද සත්‍ය වශයෙන්ම මා එසේ අනාචාරයේ හැසිරුණා නම් මතු උපදින උපදින හැම භවයකම අශ්ව මුහුණක් ඇති යකින්නක්ව උපත ලබාවා යනුවෙන් ඈ දිවුරුවාය. ඈ එම අවස්ථාවේ රජතුමා ඉදිරියේ දිව්රනු ලැබුවේ තම හෘද සාක්ෂියට එකඟව නොවේ. තමා එම වරද කරමින්ම සමාජයට එය නොකරන බව ඇඟවීම සඳහාය. දිව්රීම වරදක් හැටියට දක්වනු නොලැබුවත් බොරුවට දිව්රීම බරපතළ අයහපත් ප‍්‍රතිඵල ලබාදෙන අකුසලයක් ලෙස බුදු සමයේ උගන්වයි. ඒ අනුව කාලයාගේ ඇවෑමෙන් මිය පරලොව ගිය අගබිසව තමා බොරුවට දිවුරලා සේම අශ්ව මුහුණක් ඇති යකින්නක්ව උපත ලැබුවාය. රාජ අගබිසවකවීමට පින් තිබුණත් එම භවයේ දී සිදුකරනු ලැබූ අකුසල් නිසා ඊළඟ භවය උත්පත්තිය ලැබුවේ යක්‍ෂණියක වෙලාය. ඒත් විරූපී මුහුණක් සහිතවය.


දවසක් මල්ලිකා දේවි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාය. කාන්තාවන්ගේ විවිධත්වය ඇයට ප‍්‍රශ්නයක්ව තිබුණේය. ඒ විවිධත්වය මෙසේය. ඇතැම් කාන්තාවක් මනා වූ පැහැයෙන් හා රුවින් ආඩ්‍යව උපත ලබයි. ඇතැම් කාන්තාවක් එසේ නැත. දුර්වර්ණ පැහැයෙන් ද අවලස්සන බවින් ද යුතු වෙයි. ඇතැම් කාන්තාවන් ධන ධාන්‍ය හා භවභෝග සැප සම්පත්වලින් පිරිපුන්ය. ඇතැම් කාන්තාවන් එසේ නොවේ. දුප්පත්ය. මේ සඳහා කිසිදු තැනකින් හරිහමන් පිළිතුරක් නොලද නිසා ඇය අවසානයේ බුදුරජාණන් වහන්සේගෙන් විමසීමට තීරණය කළාය. ඇය තමන්ගේ ගැටලූ ප‍්‍රශ්න සතරකට ගොනුකර ගත්තාය. පළමු ප‍්‍රශ්නය මෙයයි.


බුදුහාමුදුරුවනේ මේ ලෝකයේ සමහර ස්ත‍්‍රීන් ශරීරය දුර්වර්ණයි. හරිම නපුරු ස්වරූප පවතියි. දකින්නට පවා ප‍්‍රිය නූපදවයි. හරිම දුප්පත්ය. ආර්ථික වශයෙන් අගහිඟ ද පවතී. පිරිවර ද අඩුය. හුදකලාය. මෙබඳු කාන්තාවන් දක්නට ලැබේ. එසේ දුර්වර්ණව සහ දුප්පත්ව උපත ලැබීමට යම්කිසි හේතුවක් තිබේද?


මල්ලිකාට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ පළමුව පැහැදිලි කරනු ලබන්නේ දුර්වර්ණ වී උපත ලැබීමට බලපාන ප‍්‍රධාන හේතුවයි. යම් ස්ති‍්‍රයක් නිතර නිතර ක්‍රෝධසහගත සිතුවිලිවලින් පසුවෙයි ද ක්‍රෝධ බහුල කෙනෙක් වන්නී ද පුංචි පුංචි දෙයට පවා කිපෙයි ද නියම ස්වභාව අත්හරී ද තද බවට පැමිණේ ද කෝපයෙන්, ද්වේෂයෙන් නොසතුටම ප‍්‍රකාශ කරනු ලබයි ද එබඳු තැනැත්තිය එම අකුසලයේ ප‍්‍රතිවිපාක වශයෙන් දුර්වර්ණ වී උපත ලබයි. කිසියම් කාන්තාවක තුළ ආගම දහම කෙරෙහි භක්තියක් ශ‍්‍රද්ධාවක් නැති ද ඒවායේ නොයෙදේ ද දන් පහන් නොදේ ද මල්, ....?.. , විලවුන් නොදේ ද ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිත් ඇත්තී ද නිතර නිතර අමනාප වේද ඒ ආත්ම භාවයෙන් චුතව නැවත උත්පත්තිය ලබන විට ක්‍රෝධ පහළ කළ නිසා දුර්වර්ණ වන්නීය. දානාදී පින්කම් නොකළ නිසා දිළිඳු වන්නීය. උපභෝග පරිභෝග සම්පත් නොලබන්නීය.

 


ඊළඟ ප‍්‍රශ්නය:
ස්වාමිනී, මේ ලෝකයේ යම් ස්ත‍්‍රියක් දුර්වර්ණයි, නපුරු ස්වරූප පවතියි, දකින්නට අප‍්‍රියයි. නමුත් මහත් ධනය තිබේ. උපභෝග පරිභෝග වස්තුව තිබේ. මහත් පිරිස ද ඇත්තීය. මේ වගේ තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු කාරණා පවතින්නේද?


මේ ලෝකයේ යම් ස්ත‍්‍රියක් ක්‍රෝධ සිත ඇතිව වෙසෙයි. නිතර නිතර ක්‍රෝධ කරයි. පුංචි දෙයටත් කිපෙයි. තම නියම ස්වභාවය අත්හරියි. තද බවට පැමිණෙයි. කෝපය නොසතුට පළකරයි. නමුත් දානමාන මහ පින්කම් නිතර නිතර කරයි. ඊර්ෂ්‍යාවෙන් යුක්ත සිතිවිලි නැත. අනුන්ගේ ලාභ සත්කාර වැඳීම් පිදීම් පූජාවන්හි ඊර්ෂ්‍යා නොකරයි. ද්වේෂ නොකරයි.  ඕ ඉන් චුතව මෙලොව යම් තැනක උපත ලබයි ද ක්‍රෝධ පහළ කළ නිසා දුර්වර්ණ වී නපුරු ස්වරූප ඇත්තී වන්නීය. දකින්නට ප‍්‍රිය නොවෙයි. 


නමුත් ද්වේෂයෙන් තොර සිතින් දානාදී පින්කම් කළ නිසා වස්තුවෙන් ආඩ්‍ය වී උපභෝග පරිභෝග වස්තු සහ මහත් පිරිවර ඇතිවෙයි යනුයි.

 

m6



අදහස් (0)

නපුරු සිතුවිලිවලින් පිරුණු අඟනුන් මෙලොව උපදින්නේ ඇයි?

විමලරතන හිමි Monday, 07 December 2015 10:00 PM

ලද මිනිස් දිවියේ වටිනාකම තේරුම් නොගෙන කරන පව්කම් වල විපාක විඳිනකොට ප්‍රමාද වැඩියි. දේශපාලන බලය සහ තනතුරු බලයෙන් උන්මාද වී කළ සහ කරන වැරදිම තමයි ලංකාවේ අසන්නට තියෙන්නේ. (නි)

:       0       0

භද්‍රානි Sunday, 17 January 2016 06:13 PM

අපි නම් බාහිර ස්වරූපයෙන් මිනිසුන් මනින්නේ නැහැ. ඔය කාගේ කාගේත් කටවල් ඇරියහම අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ලීලාන්නද Friday, 15 January 2016 03:32 AM

ඉතාම හොඳ ලිපියක්. (ම)

:       0       0

තිලාන් Saturday, 02 January 2016 01:05 AM

සමාජයට දෙන්න ඔන්න හොඳ ආදර්ශවත් ලිපියක්. තෙරුවන් සරණයි! (නි)

:       0       0

හේවා Friday, 01 January 2016 02:30 AM

ඇන්ජලෝ කියන දෙය සත්‍යයයි (නි)

:       0       0

කස්තුරිආරච්චි Friday, 01 January 2016 02:33 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 31 December 2015 10:01 AM

මෙහෙම ගැහැණුන් උපදින්නේ පිරිමි අපගේ අවාසනාවට , මෙහෙම ගැහැණු ලබන පිරිමින් පෙර ආත්මයේ පව් කරලා තියෙන්න පුළුවන්. (ර)

:       0       0

නුවන් Tuesday, 29 December 2015 01:58 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

තාරක Tuesday, 22 December 2015 10:16 AM

ඇන්ජලෝ, ඔබ කියන දේ අනෙක් අයට තේරෙන්නේ නෑ. (ර)

:       0       0

ගයාන් Friday, 18 December 2015 11:50 PM

ඇන්ජලෝ, සියලු සිදුවීම් වලට හේතුව කර්මය විතරක් නෙමෙයි. නියාම ධර්මයන් 5ක් අතුරෙන් 1ක් තමයි කර්මය. ඒ වගේම අප්‍රිකාව වගේ දුෂ්කර රට වල ඉපදෙන්නෙත් අකුසල කර්ම නිසාමයි. කොහේ ඉපදුනත් චර්මයේ අඩංගු මෙලනින් මට්ටම අඩු වැඩිවෙන්න පුලුවන් ප්‍රවේණිය අනුව. ඒකට කියන්නේ බීජ නියාමය කියලයි. වැඩිදුර දැනුම සඳහා මේ ලිපිය කියවන්න. http://www.lakehouse.lk/budusarana/2009/05/08/tmp.asp?ID=vision04 (නි)

:       0       0

විජේ Monday, 07 December 2015 10:05 PM

ලෝකයට අවශ්‍ය කරුණාව මෛත්‍රිය තිබෙන උතුම් මිනිසුන්ය (නි)

:       0       0

සුජිව Wednesday, 02 December 2015 10:18 AM

නරක කරන්නෝ නරකම් ලබති. හොද කරන්නෝ හොදම ලබති. (ම)

:       0       0

සදහම් Saturday, 05 December 2015 07:00 PM

හොඳ ලිපියක්. කර්මය සහ කර්මඵල පිළිබඳ සැක ඇති අය තම තමන්ගේ මේ භවයේ ජීවිතය දෙස අවදිවූ සිතකින් බලා සිටින්න පුරුදුවුණොත් ඒ අයට දිට්ඨ ධම්ම කර්ම ක්‍රියාත්මකවන අයුරු සජීවී ලෙසම දකින්න බොහෝ අවස්ථා ලැබෙනවා. උපාදානයත් කර්මයත් ඉතාමත් බලවත් ධර්මතාවයන්. ඒත් මේවා ප්‍රතිෂේප කරන අය මේ දෙස අවධි සිහියෙන් බලන්න බොහෝවිට අකමැතියි. ඒ නිසා ඒ අයට ඒවා පෙනුනත් තේරුම් ගන්නේ නැහැ. (නි)

:       0       0

වරුණි Saturday, 05 December 2015 09:24 AM

හොඳ ලිපියක්. (ස)

:       0       0

දනීෂා Friday, 04 December 2015 04:16 AM

සම කළුවුණාට ඇතැම් අය දකින්න ප්‍රියයි, ප්‍රසන්නයි. නමුත් ඇතැම් පැහැපත් සමක් තිබෙන අයගේ මුහුණ දකින්න කිසි පිරියක් නැහැ. (නි)

:       0       0

දනීෂා Friday, 04 December 2015 03:16 AM

ධර්මයේ ගොඩක් දේවල් තිබෙනවා. ලෝකයේ නියාම ධර්ම 5ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුවත් වෙනස්කම් ලෝකේ ඇතිවෙනවා (නි)

:       0       0

නදීකා Thursday, 03 December 2015 11:02 PM

වැදගත් ලිපියක් (නි)

:       0       0

කාශ්‍යප Thursday, 03 December 2015 02:38 PM

ඇන්ජලෝ, ඉන්ටෙර්නෙට් එකේ ගොඩක් බන තියෙනවා, ඔයා ඒවාට ඇහුම්කන් දෙන්න.ඒ වගේම, රාජගිරියේ අරියඥාන හාමුදුරුවන්ගේ බණත් අහන්න, ඉන්ටෙර්නෙට් එකේ තියෙනවා. එතකොට ඔබේ පැනයට පිළිතුරු ලැබේවි. ඒ වගේම පටිච්ච සමුප්පදයත් ඉගෙන ගන්න. කර්මයෙන් පමණක් සත්වයන්ගේ උපත තීරණය නොවන බව ඔබට වැටහේවි. (අ)

:       0       0

විකුම් Thursday, 03 December 2015 08:10 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 03 December 2015 06:16 AM

මම මුලින් හිතුවේ ජාන හෝ මෙලනින් ප්‍රමාණය අනුව සිදුවන දෙයක් කියලා , එතකොට අප්‍රිකා වල ඉන්න ඔක්කොම ගිය ආත්මේ මේ පවු කරලද ? (ම)

:       0       0

ලෝහිත Thursday, 03 December 2015 04:45 AM

මම මේ වගේ දේවල් කියවන්න කැමති. අපේ නොදැන කරන වැරදි වලින් මිදෙන්න නැවත නැවතත් මෙවැනි ලිපි පලකරන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site