X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


නව වසරේ ලෝකයේ අභියෝග

පසුගිය වසර දේශපාලන බල පෙරළි, දේශගුණික විපර්යාස, විරෝධතා ආදියෙන් ගහණ කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කරද්දී, ලොව පුරා බිලියන ගණනක ජනතාව 2020 නව වසර ප්‍රීතියෙන් සැමරූහ.

අලුත් අවුරුද්ද උදාවෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ටයිම්ස් චත්‍රරශ්‍රය ජනතාවගෙන් පිරී පැවති අතර ටයිම්ස් චත්‍රරශ්‍රයේ කාලය දැක්වෙන ගෝලයට මෙවර වෙනසක් එක් කර තිබිණි. කාලය දැක්වෙන පළිඟු ගල්වා තිබෙන සාම්ප්‍රදායික කාල බෝලය මෙවර නාද වීමට සලස්වා තිබීමයි.

පසුගිය වසරේදී ලොව පුරා ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර රැල්ල මේ වනවිට ප්‍රංශයටත් ළඟා වී තිබේ. ප්‍රංශයට නව වසර උදාවෙද්දි එරට බොහෝ නගරවල ආරම්භ වූ වර්ජන තවදුරටත් ක්‍රියාත්මක විය. එසේ වුවත් පැරිස් අගනුවර ගිනිකෙළිවලින් වර්ණවත් විය. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය කෙරුණු ලන්ඩන් නුවර ඓතිහාසික ‘බිග්බෙන්’ ඔරලෝසුවද අද(1 ) නාද විය.

“මේ වසර ගැන අනාගතය ගැන මම එතරම් සර්වශුභවාදී නැහැ” යැයි අලුත් අවුරුදු උදාවත් සමඟ නිව්යෝක් නුවර උත්සව පැවැත්වෙද්දි 29 හැවිරිදි නටාලි රේන්හාට් ප්‍රංශ පුවත් සේවයට කීවාය.

“ලෝකය හොඳ තැනක් බවට පත්වේවි කියලා කවුරුහරි හිතනවා කියලා මම හිතන්නේ නැහැ. ඒක මේ දශකය අර්ථ දක්වන දෙයක් කියලා මම හිතනවා” යැයි නිව්යෝක් නුවර පදිංචි ඇය සඳහන් කළාය.

“හැංඟිච්ච දුකක් හැමතැනම වගේ තියෙනවා. අපේ පොප් සිංදු පවා හරි දුක්බරයි” ඇය කීවාය.

ටයිම් චතුරශ්‍ර පරිශ්‍රයේ සංගීත සංදර්ශනයක් ද පැවැත්වුණු අතර ප්‍රකට ගායක ගායිකාවෝද ඊට එක්ව සිටියහ.

අනාගතය සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ අඳුරු දොම්නසින් පිරි සිතුවිල්ලක් යැයි ප්‍රංශ පුවත් සේවයට අදහස් දැක්වූ නිව්යෝක්හි ගාබ්‍රියෙල් රොද්‍රිගාස් පැවැසීය.

නව අවුරුද්ද උදාවෙද්දී ද චිලී රාජ්‍යයේ ද උද්ඝෝෂණ පැවැත්විණි. අවුරුද්ද උදා වන අවස්ථාවේදීද ආණ්ඩු විරෝධී විරෝධතාකරුවෝ සන්තියාගෝ නුවර ‘ප්ලාසා ඉටලියා’ හි රැස්ව සිටියහ. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරා මහතාට විරුද්ධව විරෝධතා පැවැත්වෙන අතර නව වසර අභිමානයෙන් සැමරිය යුතු නිසා අගනුවරට රැස්වූයේ යැයි විරෝධතාකරුවෝ පැවසූහ.
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර නව වසරේ විශාලතම සැමරුම්වලින් එකක් පැවැත්විණි. රියෝ ද ජැනයිරෝ නුවරට මිලියන තුනකට වැඩි පිරිසක් එක්ව සිටි බව වාර්තා විය.

ඔවුන්ගෙන් වැඩිදෙනා සුදු පැහැති ඇඳුම්වලින් සැරසී සිටි අතර සංගීත සංදර්ශනවලට ද එක්වූහ. රියෝ ද ජැනයිරෝ නුවර කොපකබානා වෙරළ තීරයේදී සාම්ප්‍රදායික අයුරින් මල්වෙඩි සංදර්ශන පැවැත්විණි.

සති කිහිපයක් මුළුල්ලේ පැවැත්වෙන ප්‍රවාහන වර්ජන මධ්‍යයේ වුවද පැරිස් අගනුවර ෂොම්ප් එලීසේ වෙත දස දහස් ගණනක් රැස්ව සිටියහ. සති කිහිපයක සිට එහි පැවැත්වෙන වර්ජන හේතුවෙන් මඟීහු ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

බොහෝ දෙනා අගනුවර පැමිණියේ පාගමනින්, පාපැදිවලින් හා කුලී රථවලිනි. සුළු පිරිසක් මෙට්‍රෝ ප්‍රවාහන සේවය භාවිත කළහ. පැරිස් නුවර සුප්‍රකට ස්මාරකය ‘ආර්ක් ද ත්‍රියෝම්ප්ෆ්’ නව අයුරකින් විදුලි ආලෝකයෙන් අලංකාර විය.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ද දහස් ගණනක් රැස්ව සිටි අතර බොහෝ දෙනා තේම්ස් නදිය අසබඩ සිට මල්වෙඩි සංදර්ශන නැරඹූහ. ඔවුහු එහි සිට ‘ලන්ඩන් අයි’ වෙතින් දැල්වුණු මල්වෙඩි නැරැඹූහ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්මීට පෙර සමරනු ලබන පළමු නව වසර මෙයයි.

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පසුගිය වසරේ අවස්ථා ගණනාවකදී නිහඬව තිබූ ‘බිග් බෙන් ඔරලෝසුව’ නව අවුරුදු උදාවත් සමඟ 12 වරක් නාද විය.

පසුගිය වසර බ්‍රිතාන්‍යයට ද දේශපාලන බල පෙරළිවලින් පිරි වසරක් විය. තෙරේසා මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ අතර බොරිස් ජොන්සන් එම ධුරයට පත්විය. දෙසැම්බර් මාසයේදී පැවති මහ මැතිවරණයෙන් කන්සවටිව් පක්ෂය ජයග්‍රහණය කළේය. බ්‍රිතාන්‍ය ජනවාරි 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් කරගන්නා බවට ද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පොරොන්දු වූ අතර පාර්ලිමේන්තුවේදී ඒ සඳහා යෝජනාවක් ද සම්මතකර ගත්තේය.  

ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුද නැවත වරක් උග්‍ර අතට හැරෙද්දි මැද පෙරදිග කලාපය නැවත වරක් උණුසුම් වී තිබේ. එවැනි මොහොතක ලොව උසම කුලුන වන ඩුබායිහි බර්ජ් කලීෆා ආසන්නයේ මල්වෙඩි සංදර්ශන පැවැත්විණි.

අයිවරි කොස්ට්හි, අබිජාන්හි ‘එබ්‍රි’ කලපුවේ ජලය මත ගිනිකෙළි දැල්විණි.

ඕස්ට්‍රේලියාවේ නගර රැසක් තවමත් ලැව්ගිනිවල දුමාරයෙන් වැසී තිබෙන අතර එසේ තිබියදී සිඩ්නි නුවරද දැවැන්ත ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්විණි. රට පුරා පැතිර යන ළැව්ගිනි හේතුවෙන් සැමැරුම් නවත්වන්නැයි ද බොහෝ පාර්ශව ඉල්ලා තිබිණි. සති ගණනාවක් සිඩ්නි නුවරද විස දුමාරයෙන් පවතින අතර ලැව්ගිනිවලින් පීඩාවට පත්වූවන්ට ගෞරව කිරීමක් ලෙස සැමරුම් උත්සව නවත්වන්නැයි පෙත්සමක් ද ඉදිරිපත් වී තිබූ අතර ඊට අත්සන් 280,000ක් ලැබි තිබිණි.

එසේ වුවත් මල්වෙඩි 100,000කට අධික ප්‍රමාණයක් රාත්‍රී අහස දැල්වුණු අතර දහස් ගණනක් සිඩ්නි නුවරට රැස්ව සිටියහ.

හොංකො නුවරට නව වසර උදාවූයේ මාස හයක් මුළුල්ලේ දිනපතා පවතින විරෝධතා මධ්‍යයේය. විරෝධතාවලට නිරන්තරයෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල විය. ප්‍රජාතන්ත්‍ර හිතවාදී විරෝධතාකරුවෝ නව අවුරුදු උදාවන අවස්ථාවේදී ද විරෝධතාවල නිරත වූ අතර බදාදා දැවැන්ත පාගමනක් පැවැත්වීමට ද සංවිධානය වී සිටිති.

විරෝධතාකරුවෝ මධ්‍යම රාත්‍රිය උදා වීමට පෙර මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන හොංකොං වෙත මෙන්ම එහි ‘වික්ටෝරියා’ වරාය පෙදෙස මෙන්ම රාත්‍රී කාලයේදී වඩාත් ජනාකීර්ණ සහ කාර්යබහුලක් පෙදෙසක් වන ‘ලන් ක්වායි ෆොන්’ වෙත ද රැස්ව සිටියහ.

නව අවුරුද්ද උදාවෙද්දි විරෝධතාකරුවෝ “දහය ! නවය ! හොංකොං නිදහස් කරගමු, විප්ලවය දැන්” යනුවෙන් කෑගැසූහ. ඔවුහු එම අවස්ථාවේදී ඔවුන්ගේ ජංගම දුරකතනවල එළි ද දල්වාගෙන සිටියහ.


මොන්ග් කොක් වෙත ද සුළු පිරිසක් එක්රැස්වී සිටි අතර ඔවුහු බාධකවලට ගිනි තැබූහ. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර එය මේ වසරේ පළමු කඳුළු ගෑස් ප්‍රහාරය ලෙස එය වාර්තා විය.

ලෝකයෙන් හුදෙකලා වූ රටක් ලෙස සැලකෙන උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් වෙතද විශාල පිරිසක් රැස්ව සිටියහ. ඔරලෝසුවේ මැදියම් රැය උදා වෙද්දීම ඔවුහු ප්‍රීතිඝෝෂා නැගූහ. මල්වෙඩි සංදර්ශන ද පැවැත්විණි.

දේශසීමාවෙන් එහා සිටින දකුණු කොරියාවේ වැසියෝද සාම්ප්‍රදායික පිළිවෙත් අනුගමනය කරමින් අලුත් අවුරුදු උදාව සැමරූහ. සෝල් අගනුවර ද විශාල පිරිසක් එක්ව සිටි අතර කොරියාවේ පොප් තරුවල සහභාගීත්වයෙන් සංගීත සංදර්ශන ද පැවැත්විණි.

මොස්කව් නුවරදී ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සිය වාර්ෂිකව නව අවුරුදු කතාව ඉදිරිපත් කළේ හෙතෙම බලයට පත්ව 20 වසරක් සනිටුහන් කළ මොහොතකය. බොහෝ දෙනා පුදුමයට පත් කරමින් 1999 වසර අවසානයේදී බොරිස් යෙල්ට්සින් මහතා  ඉල්ලා අස්වීමත් සමඟ පුටින් බලයට පත්විය.  

රුසියාව කාල කලාප කිහිපයකට අයත් වන බැවින් එකම රට තුළ වුවත් එරට වැසියන් නව අවුරුදු උදාව පිළිගත්තේ එකිනෙකට වෙනස් අවස්ථාවලදීය. අගනුවරට ක්‍රෙම්ලීනයට ඉහළින් ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.


හර්ෂණ තුෂාර සිල්වා 

(ඒ.එෆ්.පී. ඇසුරිනි)


 
 



අදහස් (0)

නව වසරේ ලෝකයේ අභියෝග

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site