මෙම සටහන තබන මොහොත වනවිට රට තුළ විදුලිය කැපිල්ල දිනකට පැය තුනකි. වැඩිකළ විදුලිය බිලෙන් කරන්ට් වැදී ආතක් පාතක් නොමැතිව සිටින ජනතාවට පැය තුනක් කළුවරේ ඉන්නට සිදුවීම දේව දඬුවමක්දැයි අපි නොදනිමු. ඉකුත් සමයේ ආතක් පාතක් නොමැතිව නිරිත දිග මෝසම සක්‍රීය වී ඇළ වේලි ගංගා දෙගොඩතලා ගිය විට විවර කළ වාන් දොරටුවලින් ගලා ගිය මහ ජල කඳ දෙස බැලූවිට මේ සම්මත්ජාතියේ නැවත විදුලිය කපන්නට සිදු නොවනු ඇතැයි සිතූ මෙරට සාතිශය බහුතරයක් ජනතාව සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ බරපතළ සංවේගයකි. එයට හේතුවකි.
මෙවර දිනකට පැය තුනක් විදුලිය කැපීමට සිදුවී තිබෙන්නේ නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විදුලිය ජනන යන්ත්‍රයක් බිඳ වැටීමේ හේතුවෙනි. විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සමාන්‍යාධිකාරි ආචාර්ය ඩී.සී.ආර්. අබේසේකර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ලක් විජය විදුලි බලාගාරයේ මෙගාවෝට් 270ක ධාරිතාවෙන් යුත් දෙවැනි බලාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ක්‍රියාත්මක නොවීමෙන් එහි සම්පූර්ණ ධාරිතාවද අහිමිව ඇති බවත් පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් මෙගාවෝට් 270ක් අහිමිවීමෙන් මේ වනවිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 540ක විදුලිය ධාරිතාවක් අහිමි වී ඇති බවත්ය. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 540ක විදුලිය ධාරිතාවක් අහිමි වීම හේතුවෙන් විදුලි කප්පාදුව වැඩි කිරීමට හැකි බවත් පවසන ඒ මහතා පළමු විදුලිය ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් සති දෙකක්වත් ගතවනු ඇතැයි පවසා තිබිණි.
‘‘නොරොච්චෝලේ යැයි කියනවිට ඊට සමගාමීව කරච්චලේ යන වචනය යෙදෙන තරමට නොරොච්චෝලේ ප්රශ්නය බරපතළය. ගෙදරක වුවත් නිතරම ප්‍රයෝජනයට ගන්නා යමක් සැරින් සැරේ කැෙඩන්නේ නම් එයට ස්ථීර විසඳුමක් සොයා ගනී. අලුත්වැඩියා කිරීමෙන් පලක් නොවන්නේ යැයි පෙනෙන්නේ නම් ඒ හුචක්කුව පැත්තකට දමා අලුත් එකක් බැරි මරගාතේ හෝ ගෙන ඒමට උත්සාහ දරයි. එහෙත් නොරොච්චෝලෙට එම විසඳුම ආදේශ නොවේ. මෙම පරිසරය තුළ කොයි මොහොතේ විදුලිය විසන්ධි වීමක් සිදුවන්නේදැයි සිතා ගත නොහැකිව පැය 24 පුරාම දින 365ක් අඩ්ඩඩ්ඩාවෙන් දෙගිඩියාවෙන් කල්ගත කිරීමට ජනතාවට සිදුවී තිබේ.
රටේ සාමාන්‍ය පොදු පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක් බවට විදුලිය පත්ව තිබේ. විදුලිය නොමැති ගමක ජීවත්වන මිනිසකුට වුවද තමන්ගේ අවශ්‍යතාවලින් වැඩි හරියක් සපුරා ගත යුත්තේ විදුලියෙනි. කර්මාන්ත ශාලා මෙන්ම වෙළඳ ව්‍යාපාරවලට විදුලිය නැතුවම බැරිය. ආපන ශාලාවක ශීතකරණයේ තබා ඇති ආහාර ද්‍රව්‍ය ආරක්ෂා කිරීමට විදුලිය අත්‍යවශ්‍ය වේ. විදුලිය නොමැතිවීමෙන් සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට කවරාකාරයේ බලපෑමක් එල්ල කරන්නේද යන්න සිතා ගැනීම අසීරු නැත.
නිදහස ලබා හැත්තෑ හතර වසරක් ගත වුවද අපට ජාතික ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ගැනීමට නොහැකි වී තිබේ. රටට අඛණ්ඩව විදුලිය සැපයීමේ ක්‍රමවේදයක් නොමැති තරමට රටක් බංකොලොත් වූයේ කෙසේද යන්න විමසිය යුතුය. මෙරට බලගතුම වෘත්තිය සමිති ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ විදුලි බල ක්ෂේත්රයේය. මෙම වෘත්තිය සමිති ව්‍යාපාරයේ නායකයන් විදුලි බල කේන්ද්‍රයේ උන්නතියට අවශ්‍ය යෝජනා සැලසුම් ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමේ මෙහෙයුමක් කරන්නේද නැත්නම් ව්‍යාපාර කරමින් සිටින්නේද යන්න මග හැර යා නොහැකි ප්රශ්නයකි.
විඳිය යුතු නැති තරමේ අත්දැකීම් කන්දරාවක් අපි විඳිමින් සිටිමු. මෙයටත් වඩා විඳීමට අත්දැකීම් නැත. ප්රශ්නය වන්නේ නිරා දුක් රැගෙන එන මෙම අත්දැකීම් වලින් මිදී ජීවිතය සම්බන්ධ අලුත් බලාපොරොත්තු දලුලන අත්දැකීම් විඳිය හැකි දිනයක් කාලයක් ගැන සිතා ගැනීමටත් නොහැකි වීමය. මෙය සමාජයේ ආතතිය උත්සන්න කරන්නකි. මෙම ආතතියද පුපුරා යන්නේ ඉතා ආවේගාත්මකවය. උන්නත් එකයි මළත් එකයි මානසිකත්වය ගොඩනැගෙන්නේ මෙබඳු පරිසරයන් හිදීය.
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විදුලිය ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් පසු දිනකට විදුලිය කපන පැය ගණන වැඩි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. විසඳුම් ලෙස ආදේශ වන්නේ ඒවාය. ඒවා විසඳුම් ලෙස බාර ගැනීමට ජනතාව පෙළ ගැසී සිටිය යුතුය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිමක් නොපෙනෙන විදුලිය කැපිල්ල
S.H. Liyanage Friday, 26 August 2022 10:03 AM
විදුලි බලාගාර හදන්න විදුලි ඉන්ජිනේරුවරයන් 2005 සිට නොයෙකුත් උත්සහයන්වල යෙදුණත් ඔවුන්ට අවසර සහ මුදල් ලැබුණේ එක ගල් අගුරු බලාගාරයකට පමණයි. යමක් ගැන භාගෙට දන්න හෝ නොදන්න අය තීරණ ගන්නා විට මේක තමයි ප්‍රතිඵලය.
ganegoda Monday, 29 August 2022 11:29 AM
අපේ රටේ පාලකයෝ දේශපාලනය කරන්නේ රටේ සුබසිද්ධිය පතා නෙවෙයි...!
ganegoda Saturday, 27 August 2022 04:56 PM
ඒත් දැන් සියලු රථවාහන දුවන්නේ විදුලියෙන්ලු... කියලා ජනාධිපති කිව්වා.